ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ උපසම්පදා විනය කර්මය
ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ.
නියෝජ්‍ය ලේඛකාධිකාරි,
හෝමාගම ශාසනාරක්ෂක
බලමණ්ඩලයේ,
ප්‍රධාන ලේඛකාධිකාරී,ශාස්ත්‍රපති
රත්මලානේ සුජාත නා හිමි
එක්සත් අමරපුර මහ සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ
වාර්ෂික උපසම්පදා විනය කර්මය 2011 ජුනි මස 03 වෙනි දින කඳුබොඩ ශ්‍රී
සුමතිපාල ආරණ්‍ය සේනාසනයේදී මහා කම්මට්ඨානාචාර්ය විනයාවරිය ඉඟුරුවත්තේ
පියනන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ එම සේනාසනාධිපති
ප්‍රධාන කම්මට්ඨානාචාර්ය ගම්පහ පේමසිරි නාහිමියන්ගේත් තත් දායක සභාවේත්
ශාසනික අනුග්‍රහයෙන් සිදු කිරීමට කාරක සංඝ සභාව තීරණය කර තිබේ. ඒ සඳහා
අවශ්‍ය මූලික කටයුතු නිකායේ මහා ලේඛකාධිකාරි කිරිඹරුවේ ධම්මානන්ද
නාහිමියෝ සංවිධානය කරති. එම නිකාය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද්දේ 1906
ජනවාරි මස 08 වෙනි දින හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී බුරුම
ජාතික අතිගරු යු. විනයාලංකාර මහ තෙරුන්වහන්සේගේ මූලිකත්වයෙනි. එබැවින්
ශ්‍රී ලංකාවේ ස්වේජින් මහ නිකාය වසර 105 ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම්
කියයි. එදා සිට මේ දක්වා එම නිකාය අභිධම්මික අරංගල සිරිධම්ම, උඩුවේ
විමලරංසි, ආචාර්ය දෙවිනුවර ඤාණාවාස, මහාචාර්ය රේරුකාණේ චන්දවිමල,
හේනේගම කළ්‍යාණසිරි යන සුපේශල ශික්ෂාකාමී විනයධර මහානායක මහ තෙරුන්
වහන්සේලාගේ නොමද කැපවීම මත සුරක්ෂිතව පෝෂණය වෙමින් ලක් දෙරණ තුළ
ව්‍යාප්තව පවතින බව සිහිපත් කරන බවද නොයෙක් පළාත්වල ලක්දිව ග්‍රාමවාසී
සහ ආරණ්‍යවාසී වශයෙන් මෙම නිකායට අයත් උගත් ධර්මධර ශාසන මාමක භික්ෂූන්
විශාල පිරිසක් වැඩවසති.
|