මෙත් සිසිලේ සැනසුම
එස්.ඩී.රසිකා පි‍්‍රයදර්ශනී
මෛත්‍රිය වැඩිම තුළින් තම සිත දියුණු කරන පුද්ගලයාට මෙලොව සැප සේ
දිවිය පවත්වාගෙන යා හැකි බව පෙනේ. පාපයන්ගෙන් වැළකී කටයුතු කිරීමේ
හැකියාව
පුද්ගලයාට ලැබෙන්නේ මෙත් වැඩීමෙනි. තමාට මෛත්‍රි වැඩිමෙන් පසුව මෛත්‍රි
සිතිවිලි සමස්ත ලෝක සත්වයා කෙරෙහි පතුරුවා හැරීම සමස්ත සමාජයක් සුවපත්
කරයි.
ලොව කිසිකලකත් වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ යනුවෙන්
බෞද්ධ දර්ශනය තුළ අවධාරණය කරන්නේ මෛත්‍රිය නැතහොත් මිතුරු බවේ අගය බව
පෙනේ. වෛරයෙන් ජීවත්වන්නෝ කිසිකලෙක සැනසීමක් ළඟා කරගන්නෝ නොවෙති.
බුදුරදුන් බුද්ධ රාජ්‍යයට පත්වූයේ වෛරය අවෛරය තුළින් ජය ගැනීම
ක්‍රියාවට නංවමිනි. උන්වහන්සේ තුළ පැවැති මෛත්‍රිය අපමණය. එය පුහුදුන්
පුද්ගලයා තුළ පවතින මෛත්‍රියට කිසිසේත් සමකළ නොහැකිය. දීපංකර පාද
මූලයේදී සුමේධ තාපසයාව සිටිය දී තම අතට පත් නිවන් සැපත අතහැර දමමින්
නැවත සංසාර ගමනට අවතීර්ණය වූයේ තමන් වහන්සේ ධර්මාවබෝධය ලබා සෙසු
සත්ත්වයන්ට ද ධර්මාවබෝධය ලබාදෙනු පිණිසය. බුදුරදුන් සමස්ත ලෝක සත්වයන්ට
අපමණ මෛත්‍රියක් පැතිර වූ බව ඉන් පැහැදිලි කැරේ. පුද්ගලයාට ජීවිතය ජයගත
හැක්කේ වෛර කිරීමෙන් නොව මෙත් වැඩීම තුළින් බව බුදුරදුන් ආදර්ශයෙන්ම
ලොවට හෙළිකළහ. වෛරය නිසා පළිගැනීම පෙරටු කරගෙන ජීවත්වන පුද්ගලයාට
සැනසීමක් නොමැත. වෛරයෙන් දැවෙන සිතට මෛත්‍රිය නමැති දිය පොද එක් වූ කළ
දැනෙන්නේ මහත් අස්වැසිල්ලකි. දේවදත්ත තෙර තමන් වහන්සේට කොතරම්
විරුද්ධවාදීකම් කළත් බුදුරදුන් උන්වහන්සේට වෛර නොකළේ මෛත්‍රියේ වටිනාකම
දත් නිසායි.
ක්ලේශ මූල, සිඳ දැමූ බුද්ධ ප්‍රමුඛ මහරහතන් උතුමෝ මෛත්‍රියේ මුර
දේවතාවන්ය. උන්වහන්සේලාගේ ජීවිත තුළින් පුහුදුන් පුද්ගලයාට ලබාගත හැකි
ආදර්ශ බොහෝය. සුනාපරන්ත දේශයට වැඩම කළ මන්නානිපුත්ත පුණ්ණ හිමියන් ගේ
කථා පුවත තුළින් සත්ත්ව ප්‍රජාව පිළිබඳ උන්වහන්සේ තුළ පැවැති අප්‍රමාණ
මෛත්‍රිය පැහැදිලි වෙයි.
ලෝකය පුරා පුද්ගලයින් අතර සමඟිය සමාදානය, සහජීවනය, සහයෝගය, මිත්‍රත්වය,
සහෝදරත්වය ගොඩනැෙගන්නේත්, රැඳී පවතින්නේත් මෛත්‍රි සිතිවිලි නිසායි.
පුද්ගලයා තුළ වෛරී සිතිවිලි රෝපණය වූ විට සමඟිය, සමාදානය, සහජීවනය,
සහෝදරත්වය යන සෑම බැඳීමක්ම බිඳී යනු ඇත. පුද්ගලයාට ලෞකික ජීවිතය සාර්ථක
අයුරින් පවත්වාගෙන යමින් පරලොව ජීවිතය සැපවත් කර ගනිමින් දෙලොවම සුවපත්
කර ගැනීමට මෛත්‍රිය හෙවත් මිතුරුකම මනා පිටුවහලක් ලබාදෙයි.
ඇතැම් පුද්ගල සිත් තුළ හටගන්නේ මිතුරුකම් යටපත් වන කිලිටි පාපී
සිතිවිලි බව පෙනේ. දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් බැලූ විට එදිනෙදා
සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ වෛරය නිසා පුද්ගලයා විසින් සිදුකරන
අපරාධයන් ය. පුද්ගලයාගේ නොහික්මුණු සිතිවිලි සමස්ත සමාජයටම මහත්
විනාශයක් සිදුකරයි. තවත් අයෙකු අමානුෂික වධ බන්ධනයන්ට පත්කරමින්
පුද්ගලයා ලබන සුවය කුමක්දැයි මොහොතක් මෙනෙහි කළ යුතුය. අපරාධයකින් ලබන
තාවකාලික සැනසීම පුද්ගලයාගේ දෙලොවම පරිහානිය උදා කරයි. වෛරී චේතනා
මුදුන් පමුණුවා ගන්නා පුද්ගලයා භයංකාර සංසාරය තුළ අනේක දුක් පීඩාවන්ට
ගොදුරු වෙයි. අපරාධයක් සිදුකළ පුද්ගලයාට තාවකාලික නිදහසක් ලැබුණද,
ස්වකීය හෘද සාක්ෂියෙන් නිදහසක් ලැබෙන්නේ් නැත.
‘කරන කලකට පව් මිහිරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
යන්න ජනවහරට එක්වූයේ අර්ථයක් නැතිව නොවන බව පෙනේ. දුරදිග නොබලා
ප්‍රකෝපකාරී හැඟීමෙන් කටයුතු කරන පුද්ගලයා තම ජීවිතය අපායක් බවට පත්කර
ගනී.
සමාජයේ පුද්ගලයා මිනිසත්කමින් ප්‍රපාතයට ඇදවැටෙන්නේ මෛති‍්‍ර
සිතිවිලිවලින් තොරව කටයුතු කරන නිසා බව පෙනේ. ‘සබ්බේ සං ජීවිතං
පියං....’ යනුවෙන් බෞද්ධ දර්ශනයේ දක්වන්නේ හැම දෙනාටම ජීවිතය පි‍්‍රයවන
බවයි. එසේ තමා පි‍්‍රයකරන ජීවිතය වෛරී සිතිවිල්ලෙන් විනාශකර නොගත
යුතුය. සමාජ විරෝධී ක්‍රියා බහුතරයක් සිදුවෙන්නේ මෛත්‍රිය නැතහොත්
මිතුරුකම පුද්ගලයා තුළින් අතුරුදන් වීමෙනි. පුද්ගලයා ස්වකීය ජීවිතය
පිළිබඳව නුවණින් විමසා බැලිය යුතුය. වෛරය නිසා තමා හට ගෙනෙන දුක්ඛ
විපාකයන්
සිහිපත් කළ යුතුය. තමාට ආදරය කරන පුද්ගලයා තවත් අයෙකු නැසීමට ක්‍රියා
කරන්නේ නැත. ‘’අත්ථානං උපමා කත්වා තමා උපමාවට ගෙන අනුන් හිංසාවට ලක්
නොකරන ලෙස සඳහන් වන බෞද්ධ දර්ශනය තුළදී තමාට මෛත්‍රි වැඩීමෙන් අනතුරුව
සමස්ත ලෝක ප්‍රජාවටම මෛත්‍රිය වැඩිය යුතු ආකාරය පෙන්වා දෙයි. කරණීය
මෙත්ත සුත්‍රය, තුළින් පෙන්වා දෙන්නේ මෛත්‍රිය සියලු සත්වයින්ට
පැතිරවිය යුතු ආකාරයයි.
මෛත්‍රිය පුරුදු කරන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්ය. අවේවේකීව ජීවිතය
පවත්වා ගෙනයන වර්තමාන පුද්ගලයින්ට එදිනෙදා කරන කියන ක්‍රියාකාරකම් වලදී
පවා මෛති‍්‍රය වැඩිය හැකිය. මෛත්‍රියේ වටිනාකම පුද්ගලයා හරිහැටි අවබෝධ
කරගත යුතුය. මෛත්‍රිය ප්‍රගුණ කිරීමට උත්සාහ ගන්නා පුද්ගලයා ධර්ම මාවත
අනුව ගමන් අරඹයි. ධර්මය පිළිපදිමින් මෙත් වඩන්නා ආරක්ෂා සහිත
පුද්ගලයෙක් වෙයි. ධර්මය පිළිපදින්නාට ධර්මයම ආරක්ෂකයෙක් වන බව සඳහන්
වේ. මෛති‍්‍රයේ ආනිශංස බෞද්ධ සාහිත්‍යයේ බොහෝ කථා පුවත් තුළින්
පැහැදිලි කැරේ. මෙත්තානිසංස සූත්‍රයේදී මෛත්‍රීය වඩන පුද්ගලයාට ලැබෙන
ආනිසංස එකළොහක් සඳහන් වෙයි එනම්,
සුවසේ නිදයි, සුවසේ අවදිවෙයි, නරක සිහින නොදකී, මිනිසුන්ට පි‍්‍රයවෙයි,
අමනුෂ්‍යයින්ට පි‍්‍රය වෙයි, දෙවියෝ ආරක්ෂා කරයි, ගින්නෙන් වස විසෙන්
ආයුධ වලින් කරදර සිදු නොවෙයි, ඉක්මනින් සිත එකඟ වෙයි, මුහුණේ පැහැය
ප්‍රසන්න වෙයි, මුලානොවී මරණයට පත්වෙයි, මරණයෙන් මතු බඹලොව උපදී
මෛත්‍රිය වැඩිම තුළින් තම සිත දියුණු කරන පුද්ගලයාට මෙලොව සැප සේ දිවිය
පවත්වාගෙන යා හැකි බව පෙනේ. පාපයන්ගෙන් වැළකී කටයුතු කිරීමේ හැකියාව
පුද්ගලයාට ලැබෙන්නේ මෙත් වැඩීමෙනි. තමාට මෛත්‍රි වැඩිමෙන් පසුව මෛත්‍රි
සිතිවිලි සමස්ත ලෝක සත්වයා කෙරෙහි පතුරුවා හැරීම සමස්ත සමාජයක් සුවපත්
කරයි. මෛත්‍රියේ ආනිශංස අවබෝධ කර නොගෙන වෛරී චේතනාවෙන් හැසිරෙන
පුද්ගලයා තම ජීවිතය අඳුරු කරගනී. එබැවින් නිරතුරු මෛත්‍රි සිතිවිල්ලේ
පසුවෙමින් තමාටත් අනුන්ටත් යහපත් ක්‍රියාවන්ගේ නිරතවීම පුද්ගලයාගේ
සාර්ථකත්වය උදෙසා හේතුවනු ඇත. |