|
|
2600 සම්බුද්ධත්ව
ජයන්තියට උපහාර පිණිස මෙම වසරේ රටට සුබ පල
අපේක්‍ෂාවෙන් හා ඓතිහාසික පඬුවස්නුවර
රාජමහා විහාරස්ථානය මූලික කරගෙන ආරම්භ කරන
ලද සහස්‍ර මහා පින්කම් මාලාවේ සත්වන වරටත්
මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට බුද්ධ
පූජා මුතුකුඩ පිරිකර, මුරුතැන් දානය, සහ
මහා සංඝරත්නය හැටපස් නමක් විෂයෙහි දවල්
දානය, ඖෂධ ඇතුළු සෙසු පිරිකර පූජා භාණ්ඩ
එහිදී පූජා කරන ලදී. පඬුවස්නුවර රාජ මහා
විහාරාධිපති, දේවමැදි හත්පත්තුවේ උප
ප්‍රධාන සංඝනායක හන්ගොඩ රතනසාර
නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වෛද්‍ය
දේශබන්දු තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ
මහතා සැගෑලෙන රජ මහා විහාරාධිපති, වයඹ
පළාත් උප ප්‍රධාන අධිකරණ සංඝ නායක
තිඹිරිවැවේ සෝභිත හිමියන් සහ ජ්‍යෙෂ්ඨ
කාරක සංඝ සභික අග්ග මහා පණ්ඩිත අලුත්වැව
ධම්මානන්ද නාහිමියන් අතපැන් වත්කර එම
පුණ්‍ය කර්මය සිදු කළ අවස්ථාව ඡායාරූපයෙන්
දැක්වේ. |
|
|
සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
ලංකා බැංකුවෙන් පින්කම්
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලංකා බැංකු ප්‍රධාන
කාර්යාලයේ උපදෙස් පරිදි රට පුරා පිහිටා ඇති එම ලංකා බැංකු ශාඛා කාර්යාල
මගින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි
ප්‍රධාන පරමාර්ථය වනුයේ ලක්වැසි ජනතාවගේ අධ්‍යාත්මික ප්‍රවර්ධනය
වැඩිදියුණු කරලීමයි.
ඉතිරිය»
|
|
බක් අව අටවක පෝය
බක්
අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|