බුදුසරණ අන්තර්ජාල කලාපය
පැවිදි නම –
අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ අනුනායක ශාසනාවංසාලංකාර මංගල
ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණක පුවක්වැටියේ ශ්‍රී සුගුණවංශ
තිස්සාභිධාන නා හිමි.
වැඩ වසන පන්සල –
කඩවත පුවක්වැටියේ ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරය.
උපන් දිනය –
1930 මාර්තු මස 13 වන දා.
සහෝදර සහෝදරියන් -
සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියන්
දෙදෙනෙක් පමණි.
ගිහි නම –
ආර්.ඩී. තේමිස්
මූලික අධ්‍යාපනය –
කඩවත රෝමාණු කතෝලික පාසල
කඩවත මහා විද්‍යාලය.
උසස් අධ්‍යාපනය –
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන
1952 ප්‍රාචීන හා ප්‍රාරම්භය සමත් වීම.
පැවිදි වීම –
1946 නොවැම්බර් මස 05 වන දින
උපාධ්‍යයන් වහන්සේ -
ගිරිපොල ධම්මජෝති නා හිමි.
ආචාර්යයන් වහන්සේ -
හුන්දිරාපොල ශාසන වංශ තිස්ස නා හිමි.
උපසම්පදා දිනය –
1953 ජූලි මස 17 වන දින පෑලියගොඩ කල්‍යාණි නදී
උදකුක්ඛෙප සීමා මාලකයේ දී
පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
1946 කඩවත පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම
මූල මහා විහාරයේ විහාරාධිපති වීම.
සම්මාන –
2000 දී අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ “ශාසනාවංසාලංකාර
මංගල ධර්ම කීර්තී ශ්‍රී
විචිත්‍ර භාණක” නාමයෙන් පිදුම් ලැබීම.
විදේශ ධර්ම දූත සේවය –
තායිලන්තය, ඉන්දියාව
තනතුරු -
2009 දී අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ අනුනායක පදවිය
ලැබීම.
පාලනය කරන විහාරස්ථාන –
ගම්පහ මුදුන්ගොඩ ජය සුමනාරාම මහා විහාරය.
වැලිවේරිය ඇටිකෙහෙල්ගල්ල දක්‍ඛිණ පබ්බතාරාම විහාරය.
දහම් පාසල් - ශාසනවංශ දහම් පාසල ආරම්භ කිරීම හා ප්‍රධානාචාර්ය
ලෙස කටයුතු කිරීම.
වෙනත් –
ග්‍රාම සේවා අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක, සුවරිත වර්ධන
අන්‍යෝන්‍යාධාර සමිතියේ අනුශාසක, ශ්‍රී සුනේත්‍රා කුලඟන සමිතියේ
අනුශාසක, කාන්තා අන්‍යෝන්‍යාධාර සමිතියේ අනූශාසක, ඉහළ බියන්විල උතුර
සණස සමිතියේ අනුශාසක.සටහන - හේමමාලා රන්දුනු
|
|
|
බක් අව අටවක පෝය
බක්
අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|