බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය 
						පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර 
						ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ඉකුත් දා (3) උදෑසන 
						අලුත් සහල් මංගල්‍යය පැවැත්විණි. එම අවස්ථාවට කතානායක චමල් 
						රාජපක්‍ෂ මහතා ප්‍රධාන මහින්ද යාපා අබේවර්ධන, එස්.එම්. 
						චන්ද්‍රසේන යන ඇමැතිවරුද උතුරු මැද පළාත් ආණ්ඩුකාර 
						කරුණාරත්න දිවුල්ගනේ, උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි 
						ප්‍රේමලාල් දිසානායක, නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී.ඒකනායක 
						පළාත් සභා මන්ත්‍රී එස්.එම්. රංජිත් මහත්වරුන් ඇතුළු 
						බැතිමතුන් නන්දෙසින් ගෙන ආ සහලින් පාත්‍රය පිරවූ අයුරු. 
						ඡායාරූපය – කිත්සිරි වනසිංහ  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ 
						මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව 
						විසින් කුරුණෑගල ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති – 
						ඉපලෝගම රතනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත, “සද්ධර්ම 
						කීර්ති ශ්‍රී රතනජෝති” යන ගෞරව නාමය සහිතව වන්නි 
						හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ 
						ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම මල්වතු පාර්ශ්වයේ අනුනායක 
						දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් විසින් මල්වතු මහා විහාර 
						උපෝෂථාගාරයේ දී සිදු කළ අවස්ථාව. ඡායාරූපය – උදේනි 
						රාජපක්‍ෂ  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ 
						පිහිටි බුරුම විහාරයේ අභිනව තෙමහල් මන්දිරය විහාරාධිපති 
						බුරුමයේ අචේන හිමියන්ගේ අනුශාසනා පරිදි නවම් පුරපසළොස්වක් 
						පොහොය දින විවෘත කැරිණි. එම අවස්ථාවට ශ්‍යාමෝපාලි වංශික 
						මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ධර්මකීර්ති 
						ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නාහිමි, සියම් මහා නිකායේ 
						ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ 
						කුලපති සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත 
						ත්‍රිපිටකාවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි 
						රාහුල මහා නාහිමි, ශ්‍රී ලංකා අරමපුර මහා සංඝ සභාවේ සභාපති 
						අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, ශ්‍රී ලංකා 
						රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක අග්ග මහා පණ්ඩිත රාජකීය 
						පණ්ඩිත ත්‍රිපිටකවිශාරද නාපාන පේමසිරි නාහිමි හා මහනුවර 
						හන්තාන ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාලයාධිපති යටිරාවන 
						සීලානන්ද යන නාහිමිවරු ද සහභාගි වූහ. ජලසම්පාදන හා ජලාපවහන 
						අමාත්‍ය ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන, 
						ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම පළාත් 
						ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන 
						නිළමේ ප්‍රදීප් නිළංග දෑල යන මහත්වරුද ශ්‍රී ලංකාවේ 
						මියන්මාර් තානාපතිතුමා, ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි 
						විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම පින්කම සිදු කැරිණි.   | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					බක් පුර පසළොස්වක පෝය 
					
					බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා 
					අපර භාග 12.02 ට ලබයි. 
					18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය. 
					 
					මීළඟ පෝය  
					අපේ‍්‍රල් 25 වනදා  
					සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |