ලෝ සසුන් වැඩ වැඩූ
හික්කඩුවේ සිරි සුමඟුල් මා හිමියෝ
ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයාධිපති,
ආගම චක්‍රවර්තී, සාහිත්‍යසූරී, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,
උපාධ්‍යාය, ධුරන්දර, කොළඹ හලාවත දෙදිසාවේ
ප්‍රධාන සංඝ නායක
කිරිවත්තුඩුවේ
ශ්‍රී ප්රඥාසාර නා හිමියන් විසිනි
උන්වහන්සේ කුළුණු ගුණයෙන් මුළු රට ම පි‍්‍රය කළහ.
ප්‍රතාප ගුණයෙන් ගිහි පැවිදි ශිෂ්ටාචාරය දියුණු කළහ.
ශ්‍රද්ධාශීලි බහුශ්‍රැතත්වාදියෙන් බුදුසසුන බැබළවූහ.
සුපුෂ්පිත පද්මයක් මෙන් චිත්තාහ්ලාද කරවූහ.
ලක්දිව ධර්මශාස්ත්‍ර දෙකෙන් ම නොදියුණු සමයෙක පැතුම් බලයෙන් මෙන් දකුණු
සිරිලක හික්කඩුවේ උපන් බෝසත් ගුණයෙන් යුත් ශ්‍රී සුමංගල නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1873 දී මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන
පිහිටුවා ධර්මශාස්ත්‍රාලෝකයෙන් සිරිලක බැබැළවූහ. මෙය පිහිට වූ මුල්
අවධිය බෞද්ධ සංස්කෘතිය බෞද්ධ ශිෂ්ටාචාරය බෞද්ධ සභ්‍යත්වය යන මේ
සියල්ලක්ම පිරිහි ගොස් බෞද්ධයන්ගේ සිතුම් පැතුම් මතු නො ව ‘’මම
බෞද්ධයෙක්මි’’ යි නොපැකිලි කියාගත නොහැකි වූ තරම් බිහිසුණු අඳුරු
කාලපරිච්ඡේදයක් විය.
උන්වහන්සේ කුළුණු ගුණයෙන් මුළු රට ම පි‍්‍රය කළහ. ප්‍රතාප ගුණයෙන් ගිහි
පැවිදි ශිෂ්ටාචාරය දියුණු කළහ. ශ්‍රද්ධාශීලි බහුශ්‍රැතත්වාදියෙන්
බුදුසසුන බැබළවූහ. සුපුෂ්පිත පද්මයක් මෙන් චිත්තාහ්ලාද කරවූහ. මෙසේ
අහස්හි තරු පිරිවැරූ පුන්සඳ මඬල මෙන් දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍යගණයා
පිරිවරා වැඩ හුන් හික්කඩුවේ සිරි සුමඟුල් නාහිමි නමැති චන්ද්‍ර තෙමේ
1911 අපේ‍්‍රල් මස 29 වෙනි සෙනසුරාදා අස්තගත විය.
ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ |
හික්කඩුවේ නායක මාහිමියන් වහන්සේ අපවත් වූ සේකැයි දැනගත් ශ්‍රී
ධර්මාරාම මාහිමියෝ බලවත් සංවේගයට පැමිණ කඳුලු පිරුණු නෙත් ඇති ව ශිෂ්‍ය
සමූහයක් පිරිවරා එහි වැඩමවා ආදාහන පූජෝත්සවය ඉතා උදාර අන්දමින් ගරු ලෙස
කළ යුතු බව දායක සභාවට ප්‍රකාශ කළහ. මටද එදින ඒ සමඟ නවක භික්ෂුවක්
වශයෙන් යන්නට අවස්ථාව ලැබුණේ ය.
එම ආදාහනය එතෙක් ලක්දිව සිද්ධ නොවූ තරම් විශාල වූ ද, ගරු වූ ද, උදාර වූ
ද පූජෝත්සයක් විය. දහසකට අධික භික්ෂූන්ගෙන් හා දසදහසකට අධික
මහාජනකායෙන් ද කොළඹ මහා සොහොන් බිම පිරී ඉතිරී ගියේය. එම සොහොන් බිමෙහි
හැදී වැඩී තිබුණු මහ ගස්වලට නැගුණු ජනතාවගෙන් ගස් වැසී ගොස් අහසෙහිදු
හිඳ මහජනයා පූජෝපහාර කරන්නා සේ දෘශ්‍යමාන විය.
මෙපරිදි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදාහන
පූජෝත්සවයේදී පළමුකොට සියම් මහා නිකාය වෙනුවෙන් ධර්මානුශාසනාවක් කර
වදාළ විද්වජ්ජනශෙඛරායමාන විද්‍යාලංකාර පරිවෙණාධිපති ශ්‍රී ධර්මාරාම
නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තරප්පු පෙළකින් නැගී ගොස් කථා කරන්නට තනා
තිබුණු ඉතා උස් වූ වේදිකාවෙහි සිට ගෙන උන්වහන්සේ පාණ්ඩිත්‍යය වර්‍ණනා
කරමින් තමන් වහන්සේගේ් කථාව මෙසේ ආරම්භ කළහ.
පින්වත්නි
අද ලංකා භූමියෙහි සිටින පඬිවරු අතරෙන් පළමුවෙනි පඬිවරයා කවරෙක්දැයි
පාඨශාලාවකට යන තුන්වෙනි පන්තියේ ළමයෙකුගෙන් ඇසුවොත් හික්කඩුවේ නායක
හාමුදුරුවෝ යයි නො පැකිළ කියනු ඒකාන්තය. මුන් වහන්සේ එතරම්
පාණ්ඩිත්‍යයෙන් අස්සක් මුල්ලක් නෑර මුලු ලංකාවෙහි ද ලංකාවත් ඉක්මවා
දේශාන්තරයන් හි ද පිළිගත් අග්‍රපඬිවරයා වශයෙන් ව්‍යාප්ත වූ කීර්ති
කදම්බයක් ඇති පඬිතුමෙකැ යි අවංකව නො මසුරු ව ප්‍රකාශ කළහ. ලෝකයෙහි ඇති
සෑම සාගරයක් ම රළ නැගෙන්නාක් මෙන් මුන් වහන්සේගේ කීර්ති තරංගය ද එබඳු
ම විය.
එසේ ම ‘ආ කුමාර යසෝ කච්චායනස්ස’ යනුවෙන් මහාවෛයාකරණ
කාත්‍යායනාචාර්යවරයාගේ කීර්තිය ළදරු අවස්ථාවෙහි පටන් ම පතළ ව ගිය බව
ප්‍රකාශ වූ අයුරෙන් ම මුන්වහන්සේගේ් ප්‍රඥාපාටවයෙන් පැන නැඟුණු කීර්තිය
ද සාමණේර අවස්ථාවෙහි පටන් ම දියුණු වන්නට පටන්ගත්තේ යැයි යනාදි ගුණ
ප්‍රබන්ධයන් ප්‍රකාශ කෙරෙමින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයත් දේශනා කළ
සේක.
එකල ශබ්දවාහිනී යන්ත්‍රයක ආධාරයක් නැතත් මෙ අවස්ථාවෙහි පෑලියගොඩ නායක
හාමුදුරුවෝ කුමක් ප්‍රකාශ කෙරෙත්දැයි හැමදෙනා ම අසන්නට බලාපොරොත්තුව
සිටී ම මහජනයාගේ් නිශ්ශබ්දතාවයට හේතු විය. එහෙයින් කථාව ද මහජනතාවට
ඇසෙන්නට ඇතැයි සිතමි. මා ද ඒ වේලෙහි චිතකයට සමීප ව සිටිය හෙයින් ඒ කථාව
හොඳින් ඇසිය හැකි විය. එය මහාපඬිවරයකු ගැන තවත් මහාපඩිවරයකු විසින් කළ
කථාවක් හෙයින් මා සිත්හි ද එය තදින්ම කා වැදුණේය.
සසරත් මහණදම් පිරීමේ පුරුද්දෙන් දෝ බාලකාලයෙහි ම පැවිද්දට අභිරුචිය
දැක් වූ මුන්වහන්සේ දස හැවිරිදි වියෙහි තොටගමුවේ විජයබා පිරුවන්
විහාරයෙහි උපොසථාගාරයේ දී පැවිදි වූ බව අප විසින් අසන ලද්දේ ය.
තොටගමුවේ ෂඩ්භාෂාපරමේශ්වර ශ්‍රී රාහුල සංඝරාජයන් වහන්සේ වැඩ සිටි
තොටගමු විහාරයෙහි පැවිද්ද ලැබීම ශ්‍රී රාහුල සංඝරාජයන් දැරූ
කීර්තිකදම්බයට නො දෙවෙනි කීර්තියක් ලබන භාෂා ශබ්දශාස්ත්‍රයන් හි විශාරද
බුද්ධි මහිමයක් ඇති උතුමකු වීමේ පූර්ව මංගල ලක්ෂණයකි.
පාලි ව්‍යාකරණ සහිත වූ බුද්ධ ධර්මය කුඩා අවධියේදී ම හොඳින් ඉගෙන ගත්
මුන්වහන්සේ එයින් පසු දිසාපාමොක් ආචාර්යවරයකු වශයෙන් සුප්‍රකට
කීර්තියක් දැරූ ආරෝහපරිණාහ දේහශ්‍රීයෙන් හා උදාර චරිතයෙන් උපසොහිත
මහාපණ්ඩිත රත්නයක් වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථාභිධාන මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ වෙතට එළඹ තවදුරටත් ධර්ම විනය දෙකෙහි හා සෙසු භාෂා ශාස්ත්‍ර
විෂයෙහිත් පටුතරභාවය ඇතිකර ගන්නා අතර ම නිතර පොතපත බැලීමෙහි ආශක්ත ව
දැනීම දියුණු කරගත්හ.
ඒ අවස්ථාවෙහි තමන් වහන්සේගේ ඉගෙනීම සඳහා උපකාර වූ ස්ථාන තමන් සමග එකට
ඉගෙනීම කළ ශ්‍රී ධර්මාලෝක මහාස්වාමීන්ද්‍රයන් වැඩ විසූ පුරාණ විහාරය බව
උන්වහන්සේ කළ ප්‍රකාශයකින් මෙසේ සඳහන් කළ හැකිය. ශ්‍රී ධර්මාරාම නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රත්මලානේ පුරාණ විහාරයෙහි
දායක සභාව විසින් 1904 දී එවකට ගැළපෙන සැලැස්මකින් මනෝහර ධර්ම ශාලාවක්
කරවා එහි ධර්ම දේශනාවක් සඳහා ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
වැඩම වූහ. චතුරාර්ය සත්‍යය මාතෘකා කොටගත් ධර්ම දේශනා පන්තියෙහි තෙවෙනි
නිරොධසත්‍ය දේශනාව උන්වහන්සේගේ දේශනාවාරය විය. හික්කඩුවේ නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාවන් සඳහා වැඩම වන සිරිතක් නැතත්
ශ්‍රී ධර්මාරාම නායක ස්වාමින්ද්‍රයන් ගේ බලවත් ඕනෑකම නිසා ආරාධනාව
පිළිගත්හ. උන්වහන්සේ නියමිත දිනයෙහි විද්‍යොදය පිරිවෙන් හි ආචාර්ය
බිහල්පොළ දේවරක්ෂිත නායක ස්ථවිරයන් වහන්සේත් සහිතව කොළඹ සිට රත්මලානට
වැඩියේ අශ්ව රථයකින් ය. එවකට මෝටර් රථ නැත. ගාලු පාරෙන් පුරාණ විහාරයට
හැරෙන මංසන්ධියේ සිට පුරාණ විහාරයට වැඩමවූයේ විසිතුරු මල් පෙරහරකිනි.
එම පෙරහර සවස 5 ට පමණ විහාර මලුවට ඇතුල්වත් ම ශ්‍රී ධර්මාරාම නාහිමියෝ
ශිෂ්‍යයන් සමග පෙරගමන් කොට මහත් වූ ගරු බුහුමනින් පිළිගත්හ.
සංඝාවාසයෙහි පිළියෙළ කර තිබූ සෙනසුන්හි වඩා හිඳුවා වැඳුම් පිදුම් ඈ
ආචාර සමාචාර විදි පවත්වා සියලු උවටැන් ද කරවූහ.
එතැන් පටන් සතුටු සාමිචි පිළිසඳර කථා කෙරෙමින් වසන අතර වේලාව 9 ට ළං
විය. ධර්ම දේශනාවට සකස්ව හැඳ පෙරව ධර්මශාලාවට පෙරහරින් වැඩමවූහ. ධර්ම
ශාලාවේ එක් පැත්තක් ම ශිෂ්‍යයන්ගෙන් හා බැහැර නොයෙක් ප්‍රදේශවලින්
පැමිණි සංඝයාගෙන්ද පිරී ගියේය. සෙසු බණ පිරිසෙන් ශාලාවේ ඉතිරි කොටස හා
මලුවත් පිරී පැවතිණි. ශ්‍රී ධර්මාරාම මා හිමියෝ ද සංඝයා ද ධර්ම ශ්‍රවණය
සඳහා ධර්ම මණ්ඩපයෙහි එකත්පස්ව වැඩ හුන්හ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ ධර්මාසනයෙහි වැඩහිඳ පන්සිල්
දී දේවතාරාධනාදිය කොට ‘’තත්ථ කතමං දුක්ඛ නිරොධං අරියසච්චං’’ යන ආදීන්
අභිධර්ම මාතෘකා පාඨය වදාරා ධර්මානිශංස වශයෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ
කොට රත්මලානේ පුරාණ විහාරස්ථානය ගැන මෙසේ හැඳින්වීමක් කළ සේක.
‘’මේ පුරාණ විහාරස්ථානය ගැන මා සලක්නනේ මාගේ ඉගෙනීම සඳහා මට උපකාර වූ
ගුරු භූමියක් වශයෙනි. මා මෙහි නැවතී සිට මාගේ ආචාර්ය වූ වලානේ් ශ්‍රී
සිද්ධාර්ථ, මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් ඉගෙනගත් අවධියෙහි
මගේ ආවාසය තිබුණේ් මේ ධර්මශාලාව සාදවා තිබෙන තැන දෝයි මම සිතමි. අප
මෙහි වැඩමවීම ගැන විහාරාධිපති අපේ ශ්‍රී‍්‍ර ධර්මාරාම නායක ස්ථවිර තැනට
හා දායක සභාවටත් අපගේ ආදරය හිමිවෙයි.’’
අද මට ධර්මදේශනා කරන්නට නියමිත ව තිබෙන්නේ දුක්ඛ නිරෝධාය¸ සත්‍යය
ගැනයි. ඒ ගැඹුරු වූ මාතෘකාව අනුව කරුණු විස්තර කෙරෙමින් ධර්ම දේශනාවක්
කිරීමට තරම් මට සනීපයක් නැති නිසා මා වෙනුවෙන් බණ කීමට අපේ පිරිවෙන්හි
ආචාර්යවරයෙක් වූ බිහල්පොළ නමත් සමඟ පැමිණියෙමි. ඒ නම හොඳින් බණ කියනවා
ඇත. කවුරුන් විසිනුත් ඒ ධර්මය සාවදානව ශ්‍රද්ධාවෙන් ඇසිය යුතුයි’’.
දුක්ඛ නිරොධාර්ය යයි කියන්නෙ නිවනටයි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ
යුතු ලෝකෝත්තර ධර්මයකි. එය අවබෝධ කළ හැකි වන්නේ සමථ පටිපදාවිපස්සනා
පටිපදා යන ප්‍රතිපදා දෙකෙහි මනා ව පිළිපදන්නාවුන්හටයි. එයට උපකාර වන්නේ
පිරිසුදු සීලයයි. සීලයෙහි පිහිටා සිත එකඟ කොටගෙන සමථයත් අනිත්‍ය දුක්ඛ
අනාත්ම වශයෙන් තිලකුණු මෙනෙහි කිරීමේ නුවණ දියුණු කිරීමෙන් විදර්ශනාවත්
වඩා දුක්ඛ නිරෝධනම් වූ නිවන ප්‍රත්‍යක්ෂ කළයුතුයි. මෙයින් මාගේ ධර්ම
දේශනාව නිමවමි’’ යනුයි. එයින් පසු පරීෂ්කාර පූජා කොට බණගෙයින් වැඩමවා
නැවතත් බණ පටන් ගැන්වූහ.
එදා රෑ ශ්‍රී සුමංගල - ශ්‍රී ධර්මාරාම යන දෙදෙනා වහන්සේ එකම රන් ගුහාවක
හුන් කේශරසිංහ රාජයන් දෙදෙනකුන් මෙන් වැඩහුන්හ. හික්කඩුවේ නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ අලුයම අවදිව තෙරුවන් වැඳ පුදා හීල්දන් වළදා
ආපසු ගමනට සූදානම් වුහ. කලින්දා පැමිණි අශ්ව රථය ද පිළියෙල විය.
ඉක්බිති ශ්‍රී ධර්මාරාම මාහිමියන් සහිත ශිෂ්‍ය පිරිස පත්කඩ අතුට වැඳ
‘ඕකාස ද්වාරත්තයෙන්’ ආදී වාක්‍යය කියා සමා කරගෙන පසු ගමන් කොට රථයට
නංවා නැවතුණහ. මෙය ඒ අවධියෙහි අප විසින් දක්නා ලද සිද්ධියකි. ඉගෙනීමෙන්
උසස් පාණ්ඩිත්‍යයක් දැරූ උන්වහන්සේ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන්හි
ගිහි පැවිදි ශිෂ්‍ය සමූහයකට උගන්වමින් වැඩ විසූ සමයෙහි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රාචාර්ය දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ප්‍රධාන
දායක පින්වතුන් කළ ආරාධනාව පිළිගෙන තමන් වහන්සේගෙන් සිදුවිය හැකි ලෝක
ශසන සේවය ලංකාවේ ප්‍රධාන නගරය ඇසුරු කොට කළහැකි වෙතොත් එය
මහදර්‍ථසිද්ධියකට හේතු වේයයි සලකා කොටහේනේ පරමානන්ද විහාරයට වැඩ එහි
වස් වසා පළමුකොට ඉගැන්වීම ආරම්භ කළහ. ස්වල්ප කලක් එහි වැඩ සිට එයින්
පසුව විද්‍යාධාර සභාව පිහිටුවා මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙන ආරම්භ
කොට ලෝසසුන් වැඩ වඩවනට පටන් ගත්තේ ය. මෙයින් උද්ගත වූ ධර්මශාස්ත්‍ර
ප්‍රබෝධය ලක්දිව පැතිරෙන්නට විය.
පළමුකොට මුල් අවදියේ විද්‍යොදය පිරිවෙන පටන් ගත්තේ දැන් බඳු නගරයක
නොවේ. එවකට මාළිගාකන්ද පිහිටි ප්‍රදේශය නගරයට ළං වූ කැලෑරොදින් ගහන වූ
නොදියුණු පිටිසර පෙදෙසකි. ඒ කාලයෙහි කොළොන්නාව ආදී පෙදෙස්වල මිනිසුන්
කොළඹ යයි ව්‍යවහාර කළේ කොටුවටයි. හික්කඩුවේ නාහිමියන් දැකීමට පැමිණි
බැතිමතුන් මාළිගාකන්දට පැමිණ ‘’අපි කොළඹට යන ගමන් නුඹවහන්සේවත් දැක වැඳ
පුදාගෙන යන්ට මෙහි ආවෙමු’’යි කීවේ විද්‍යොදය පිරිවෙන්හිදීය. යනු ආදිම
පැරන්නන්ගේ දැනීම හැඟවූ සංවාදයෝ යි. තමන් වහන්සේගේ උදාර පාණ්ඩිත්‍යය
හා කීර්තියත් ලක්දිවත් ඉක්මවා ලෝකයෙහි ම ව්‍යාප්ත වූ බව එදා සිරිදම්රම්
මාහිමියන් ප්‍රකාශ කළේ කරුණු රහිතව ව්‍යාජයෙන් නොව, උන්වහන්සේ විසිනුදු
පිළිගෙන තිබුණු කරුණුවලට අනුවය.
ඒ එසේමැයි නානා දිශාවලින් ලංකාවට පැමිණි නානා ලබ්ධික බොහෝ උගත්තු
මුන්වහන්සේ වෙත එළඹ කළ පිළිසඳර කථාවලින් තම තමන්ගේ මිථ්‍යා අදහස් හැර
බෞද්ධයෝ වූහ. ඇමරිකා මහාද්වීපයෙහි ද පතළ කීර්තියක් ඇති ශ්‍රී සුමංගල
මාහිමියන්ගේ ගුණ ඝොෂයට පැහැදුනු කර්නල් හැන්රි ඕල්කෝට් නම් වූ කාරුණික
මහාප්‍රඥායා මෙරට පැමිණි මුන්වහන්සේ සමඟ කළ පිළිසඳර කථාවලින් බුදුදහම
ගැන පැහැදී උන්වහන්සේගේ ද උපදෙස් ඇතිව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම
පිහිටුවා ආනන්ද විද්‍යාලය ඇතිකොට ලක්දිව බෞද්ධ අධ්‍යාපනයෙහි මුල පිරූහ.
එමඟින් බොහෝ බෞද්ධ විද්‍යාලයන් ඇතිව බෞද්ධ්‍යාපනය දියුණු විය.
එසේම අනගාරික ධර්මපාලතුමා නොහොත් බෝධිසත්වරයෙකැ යි සැලකිය හැකි ධර්මපාල
මහා ස්වාමිපාදයන්ගේ ජාතික ආගමික ව්‍යාපාර හා ‘’සිංහල බෞද්ධයා’’ නමින්
බෞද්ධ අදහස් හෙළි පෙහෙළි කිරීමෙහි සමර්ථ වූ සිංහල පත්‍රයක් ද ඇතිවූයේ
මුන්වහන්සේගේ් උපදෙස්වලට අනුවය. ලෝකයෙහි ම බුද්ධාගම පැතිරවීමෙහි
උත්සාහයත් සමඟම සිංහලයන්ගේ උන්නතිය හි සිංහල ජාතියෙහි ප්‍රබෝධය ද
ඇතිකිරීමෙහි ඉවහල් වූයේ මුන්වහන්සේගෙන් ලබාගත් ධර්මොපදේශයන්ට අනුවය.
එයින් ඇති වූ දියුණුව මහාබෝධි සමාගම පිහිටුවීමෙන් චිරස්ථායි වූයේ
මුන්වහන්සේගේ් මාර්ගොපදේශකත්වයෙනි. අද දඹදිව බුද්ධාගමට උසස් තැනක්
ලැබුණේ ද ඒමාර්ගයෙනි.
ශ්‍රී සුමංගල නායක මාහිමියන් විසින් රචිත වූ කුඩා මහත් ධර්මශාස්ත්‍රීය
ග්‍රන්ථ රාශියකි. පුවත්පත් සඟරා ආදිය සැපයීමෙන් රටේ දියුණුව හා ජාතික
ආගමික ප්‍රබෝධය ඇතිකිරීමෙහි හැකිවූයේ මුන්වහන්සේගේ සදුපදේශයෙනි.
මුන්වහන්සේ සැපයූ ග්‍රන්ථ අතුරෙන් බාලාවතාර නම් වූ පාලිව්‍යාකරණය සඳහා
පරචිත සුබොධිකා ටිකා නම් වූ විශාල විස්තර ග්‍රන්ථයෙන් ශිෂ්‍යයන් කෙරෙහි
පැවති දයාව හා ත්‍රිපිටකයෙහි විශාරදත්වයත් ව්‍යාකරණ ජන්දොලංකාරා දියෙහි
ප්‍රවීණත්වයෙන් සංස්කෘත ව්‍යාකරණයෙහි නිපුනත්වයන් හොඳින් පැහැදිලි
වෙයි. පාලි ව්‍යාකරණය පිළිබඳ න්‍යාසය, භාෂ්‍යය, පඤ්චිකාය යන නම්වලින්
හැඳින්විය හැකි සුබෝධිකා ටිකාව වැදගත් විවරණයෙකි. මෙහි ඇතුළත් යම් යම්
කරුණු විස්තර කිරීමේ දී ගුප්තව තිබුණු දේ ප්‍රකාශයට පමුණුවා තිබීම
උන්වහන්සේගේ විශාරද පාණ්ඩිත්‍යයෙහි වැදගත් ලක්ෂණයකි.
එයින් එකක් නම් - ආඛ්‍යාත ක්‍රියා විවරණයෙහි සමහර ක්‍රියා
වාක්‍යාරම්භයෙහිත් සමහර ක්‍රියා වාක්‍ය මධ්‍යයෙහිත් සමහර ක්‍රියා
වාක්‍යවසානයෙහිත් සමහර ක්‍රියා මිශ්‍රවත් යෙදෙන බව උදාහරණයන්ගෙන්
පැහැදිලි කරන උන්වහන්සේ පුබ්බයොග, පරයොග, අන්තරායොග, පකිණ්ණකයොග වශයෙන්
කොටස් සතරකට බෙදා දැක්වීමයි. මෙය ඉතා ප්‍රශස්ත විස්තරයකි. මෙබඳු දේ
බොහෝමයක් සුබොධිකා ටිකාවෙන් දත හැකිය. දැන් අවුරුදු විසිපහකින් මෙපිට
පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේවා ගැන දැනීමක් නැතිවීම ඔවුන්ගේ
දුර්වලකමකි. අවුරුදු දහයකින් පහළොවකින් මෙපිට ශිෂයන්
අර්ථවාචනාමාර්ගයෙන් බාලාවතාරයෙහි නියම පරිශීලනය අත්හැර දැමීම
අභාග්‍යයකි. මේ සියලු හානියක් ම සිදුවූයේ මෑතක සිට පිරිවෙන් අධ්‍යාපනය
සකස්කරලීම සඳහා ආණ්ඩුවර උපදෙස් දෙන විශේෂඥයන් දුරදිග නොබලා ස්වල්ප
ආශ්වාදයකින් ශිෂ්‍යයන්ට වෙහෙස නොගෙන යම්තමින් සැනසෙන්නට යෙදු උපායයන්ගේ
දුර්විපාකය යනු මගේ හැඟීමයි. මේ තත්ත්වයේ හැටියට මෙයට වඩා අධ්‍යාපනය
අමුතු කරන්නට කිසිසේත් නොහැකි ය. එයින් සිදුවන්නේ ප්‍රගතියට බාධා වන
අයුරු ආපස්සට හැරීමක් ලෙස ප්‍රකාශ කිරීම පමණකි.
මේ කාලයෙහි වාද විවාද යුගයෙකැයි සැලකිය හැකි තරම් නොයෙක් පඬිවරයන්ගේ
විමර්ශනයට හේතු වූ වාද රාශියක් පැන නැංගේය. ධර්ම විනය දෙකේහි හෝ
ශාස්ත්‍ර යුක්තීන් අතරෙහි හෝ විසදෘ ගතැන් ගැටළුතැන් නිරාකරණය කරලීම
සඳහා දෙපක්ෂයක් අතර කෙරෙන ධර්ම ශාස්ත්‍රීය කථා හෝ විවේචනාදිය වාද
නාමයෙන් හඳුන්වනු ලැබේ. වාදභිමුඛ වූ දෙපක්ෂය වාදයේ දී තම තමන් ඉදිරිපත්
කරන කරුණු න්‍යායානුකූලව ඔප්පු කිරීමට තැත් කෙරෙයි.
වාදය සාමාන්‍ය මහජනයා අතර මහත් ආන්දෝලනයකට හේතු වුවද නූගත් ලෝකයා අතර
පිළිගැනී තිබෙන්නේ ද්වෙශාත්මක කථා හැටියටය. ද්වේශාත්මකව නම් එහි ඇත්තේ
අඩදබර කලකෝලහලයකි. වාදකථා එබඳු නොව සිහිනුවණින් යුක්තව කරන කථා
විශේෂයෙකි. එය පණ්ඩිත දෙපක්ෂයක් අතර ප්‍රධාන වශයෙන් ධර්මවිනය දෙක
පිළිබඳව තමතමන්ගේ වැටහීම්වලට අනුව තර්කානුකූලව කරනු ලබන කථායි. වාදය
වනාහි දර්ශන ශාස්තී‍්‍රය විශේෂ අංගයකි. මෙය පණ්ඩිතයන්ගේ වික්‍රීඩනයකැයි
කිව යුතු ය.
බුද්ධ පරිනිර්වාණයෙන් දෙවන ශතවර්ෂයේ පටන් ම පඬිවරුන් අතර වාද විවාද ඇති
වූ බව ධර්මයෙන් හා ඉතිහාසයෙන් ද පෙනෙයි. ඇතැම් ත්‍රිපිටකධර පඬිවරු
සූත්‍රපිකටයෙහි ඇතුළත් යම් යම් සූත්‍ර ගැන තම තමන් පිළිගත් මත ප්‍රකාශ
කළහ. එසේම ඇතැම් ආභිධාර්මික පඬිවරයෝ අභිධර්මයෙහි එන කරුණු ගැන ද ඇතැම්
විනයධරයෝ විනයෙහි එන කරුණු ගැන ද නානාමත දැක් වූහ.
ඇතැම් ශාබ්දිකයෝ ව්‍යාකරණයෙහි එන කරුණු ගැනද, තාර්කිකයෝ තර්කයෙහි එන
කරුණු ගැනද නෛයායිකයෝ න්‍යායයෙහි එන කරුණු ගැනද, නෛරුක්තිකයෝ
නිරුක්තියෙහි එන කරුණු ගැනද මතභේද ප්‍රකාශ කළ බව පැහැදිලි වෙයි. ‘කෙචි
පන ආවරියා එවං වදන්ති අපරෙ පනාහු, එකච්චෙ ආචායා එවං වදන්ති තං යුත්තිතො
න ගහෙතබ්බං තං තෙසං ආචරියානං මතිමත්තං අයං අම්භාකං මති, අයං අම්භාකං
තන්ති’ යන ආදී වශයෙන් ආචාර්ය වාදයන් ගැන අර්ථකථාවන්හි සියක් පලක සඳහන්
වෙයි.
මේ සියල්ලක් සිදුවී තිබෙන්නේ ත්‍රිපිටකධාරී පඬිවරුන් අතර ය. එයින් ඒ ඒ
ආචාර්යමත පිළිගත් අය ඒ ඒ පක්ෂවලට බැඳුණාහ. එය පුදුමයට කරුණක් නොවේ.
ස්වභාවික සිදුවීමක් හෙයිනි. ඒ හේතුවෙන් යම් කෙනෙක් කථාවෙන් කථාවෙහි
ගැටුම් ඇතිකරගෙන අඬදබර කර ගැනීමට ප්‍රයත්න කෙරෙත්නම් හේ නො මැනවි. මෙකල
කොයි පක්ෂයකවත් එබඳු අහංකාරකම් අවිනීතිකම් නො මැත. මේ විවාදයන්හි
ප්‍රමුඛස්ථානය ගත්තේ ශ්‍රී සුමංගල ශ්‍රී ධර්මාරාම යන මාහිමි දෙපොළය.
උන්වහන්සේ වැඩ සිටි කල් හි වරින් වර විද්‍යොදය පිරිවෙනට මම ගියෙමි. එක්
දවසක් මා පිරිවෙනට ගියේ පිරිවෙන් පන්ති පටන්ගෙන තිබුණු අවස්ථාවක ය.
පස්වරු 2 කට සියලු පන්ති ආරම්භ කෙරෙයි. ඒ වෙලාවෙහි හික්කඩුවේ නාහිමියන්
වහන්සේගේ පන්තිය පුස්තකාලයෙහි විය. එතැනට පැමිණි මම පසෙක සිට ඉගැන්විමට
ඇහුම්කන් දීගෙන සිටියෙමි.
උන්වහන්සේ එදින ඉගැන්වූයේ ලඝුසිද්ධාන්ත කෞමුදියයි. පන්තිය ද දහදොළොස්
නමක් භික්ෂූන්ගෙන් සමන්විත විය. උන්වහන්සේ කවිච්චියක වැඩහිඳ ශිෂයන් දෙන
පාඩම් තේජාන්විතව සාවධානව ඇහුම්කන් දීගෙන ඉන්න විලාශය මට පෙනුණේ ය.
ශිෂ්‍ය පන්තිය හේත්තු විය හැකි දිග බංකුවල වාඩි වී සිටියේ ය.
ශිෂ්‍යයන්ගේ ගුරු ගෞරවය හා භය පක්ෂපාතකම පුදුම සහිතයි.
සෑම ශිෂයයන් ම අර්ථය පාඩම් දිය යුතුය. පාඩම් දෙන ශිෂ්‍යයා ආසනයෙන්
නැගිට පාඩම් දිය යුතුය. තමන් වහන්සේට කැමතිතාක් පාඩම් දුන් කළ ඔවුහු
නවත්වා ඊළඟ ශිෂ්‍යයාට පාඩම් දීමට සංඥා කෙරෙයි. මෙසේ පන්තියේ සියල්ලම
පාඩම් දිය යුතුය. එයින් පසු පොතේ කරුණු පැහැදිලි කර කියා දී නැවත අර්ථ
අස්වා අවසන් කෙරෙයි. එකල පැවති පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අර්ථවාවනාව
ගරු කොට සිදු වූ හෙයින් හරබර එකක් විය. ශිෂ්‍යයෝ ද සාරවත් ව අර්ථවත්ව
ඉගෙන ගත්හ. එහෙයින් ඔවුහු නියම පාණ්ඩිත්‍යය ලැබූහ.
අද පවත්නා පිරිවෙන් අධ්‍යාපනය මෙන් එකල පැවති පිරිවෙන් අධ්‍යාපනය
ලිහිල් නොවීය. අද මෙන් එදා පන්තියක අධ්‍යාපන කාලය විනාඩි හතළිස් පහක්
හෝ පැයක් නොවීය. ශිෂ්‍යයා පාඩම් දී එයින් පසු ගුරුවරයා පාඩම විස්තර කොට
කියා දී නැවත අනික් පාඩම් අර්ථය කියා දීමට දෙපැයක් නැත්නම් පැය
එකහමාරක්වත් කාලය ගතවන බව කිය හැකිය.එකල තිබුණු පැරණි ධර්මශාලායෙහි
හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත, මහගොඩ සිරි ඤාණිස්සර, බිහල්පොළ සිරි
දෙවරක්ඛිත, කහවේ සිරි රතනසාර යන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පන්ති
ද පැවැත්තේ ය. මෙසේ එකල විද්‍යොදය පිරිවෙන් අධ්‍යාපනශ්‍රීයෙන් බැබළිණි.
එහෙයින් විද්‍යොදය පිරිවෙන මුළු රටට ම විද්‍යා ප්‍රදීපයක් විය.
වර්තමාන ධර්ම ශාස්ත්‍රෝන්නතියෝ ආදි කර්තෘවර බෝධිසත්ව ගුණෝපේත අතිගරු
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් වහන්සේ අපවත් වී 2011 අපේ‍්‍රල් 29
වනදින සියවසක් සපිරීම නිමිත්තෙන් මෙය ඵලවේ. උපුටා ගැනීම - 1962
විද්‍යොදය විශ්ව විද්‍යාලය ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සංගමය විසින්
ප්‍රකාශිත ශ්‍රී සුමංගල කලාපයෙනි. |