UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුන් වහන්සේගේ ගොවිතැන තිලෝගුරු

බුදුරජාණන් වහන්සේ දඹදිව මගධ දේශයෙහි ඒකනාලා නම් බමුණුගම දක්ෂණගිරි නම් විහාරයෙහි වැඩ වාසය කරන කාලයේ එම ගමේ එක් ධනවත් බ්‍රාහ්මණයෙක් වාසය කෙළේය.

හෙතෙම තම කෙත් යායේ සී සාන වපුරණ මංගල උත්සවයක් පැවැත්වීය. එදා මුළු ගම්මානයටම මහත් සැණකෙළියක් බඳු දිනයක් විය. පන්සියයක් පමණ නගුල් යොදවා සී සානු ලබන දිනයෙහි ගම්වාසීහු මහත් සතුටෙන් නොයෙක් කටයුතුවල යෙදුණාහ. බ්‍රාහ්මණ කුලීනයන් වාසය කළ මේ ගම එදා දඹදිව ඉතා ප්‍රසිද්ධය.

වප් මඟුල් දා උදය කාලයේ භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා පාත්‍රය අතින් ගෙන එම කෙත්යාය දෙසට වැඩිසේක. එම අවස්ථාවේ සියලු දෙනා ආහාර අනුභවයට සූදානම් වෙමින් සිටියහ.

එතැනට වැඩි භාග්‍යවතුන් වහන්සේ පසෙකට වී බලා සිටිසේක. පිඬු පිණිස වැඩි උන්වහන්සේ දුටු බ්‍රාහ්මණයා එතැනට පැමිණ මෙසේ කීවේය.

”ස්වාමීනි, මම සාන්නෙමි, වපුරන්නෙමි, එසේ කොට ඒවා සකස් කර අනුභවයට ගන්නෙමි. ඔබ වහන්සේ ද සී සා වපුරා ඒවා පිළියෙළ කොට ගෙන අනුභව කරන්න” යි කීවේය.

“ ඔව් , බ්‍රාහ්මණය, මමද වපුරන්නෙමි, සී සාන්නෙමි, සී සා වපුරා ඒවා සකස්කොට අනුභව කරන්නෙමි”යි වදාළසේක.

“ භාග්‍යවතුන් වහන්ස! අපි නම් ඔබ වහන්සේගේ හී දණ්ඩක් හෝ නගුලක් හෝ හී වැළක් හෝ හරකුන් හෝ නොදුටුවෙමු “

ඔබ වහන්සේගේ ඒ කෘෂි උපකරණ අපි නොදුටුවෙමු. ඒවා ගැන දැන ගැනීමට අපි කැමැත්තෙමු.

සධා බීජං තපෝ වුට්ඨි
පඤඤා මේ යුගනඞ්ගලං
හිරි ඊසා මනෝ යොත්තං
සති මේ පාල පාචනං
” බ්‍රාහ්මණය, මගේ ගොවිතැන්
බිජුවට ශ්‍රද්ධාවයි.
නුවණ :- නඟුල හා විය ගසය
නගුලිය :- ලජ්ජාවය
හිය :- යොතය
හීවැළ :-
හා කෙවිට :- සතිය
තපස :- වර්ෂා ජලයයි

මම කය හා වචනය රැකගෙන සිටිමි. ආහාර අනුභවය ද දැන ගෙන කරමි. යහපත හැඳින ජීවිතය ගෙවමි. මම සැපත හඳුනාගෙන සිටිමි.

අමා නිවන වෙතම විරිය යොමුවී ඇති මගේ මේ සී සෑම කෙළේ මේ ආකාරයෙනි. ඒ සී සෑම තුළ මට ලැබුණේ අමා ඵලය. මෙලෙසින් සී සෑම කළ විට සැම දුකින්ම අත්මිදෙයි.

ඉන් පසු භාර ද්වාජ බ්‍රාහ්මණයා මහත් වු රං තලියක කිරිබත් දමා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. ඔබ වහන්සේ අමා නිවන් ඵල ලබාදෙන සී සෑම කරන නිසා නියම ගොවියෙකි.

“ බ්‍රාහ්මණය, මා විසින් ගාථා කියා ලබන ලද මේ (පායාසය) කිරිබත වැළිඳිය යුතු නොවේ.”

“ ගීයෙන් ලබන භෝජනය වැළඳීම බුදුවරුන්ට සුදුසු නැත. ඒ නිසා මෙය බුදු සිරිත නොවන බව සැළකුව මැනවි.”

සන්සුන් ගති ඇත්තාවු නික්ලේශී වූ අපට පින්කෙත හඳුනාගෙන ආහාර පානයෙන් සළකන්නට සුදුසු වේ’ එසේ නම් භාග්‍යවතුන් වහන්ස, මේ කිරිබත දෙන්නේ කාටද? මේ කිරිබත දෙන්න සුදුස්සකු මම නොදකිමි. එහෙයින් මේ පායාසය රැගෙන ගොස් නිල් තණ නොමැති ජලයෙහි හෝ පාකර යවන්න.

එවිට බ්‍රාහ්මණයා ඒ කිරිබත ගෙන ගොස් ජලයෙහි පා කර හැරියේය. ඒ කිරිබත ජලයට දැමූ විට “ චිට චිටි “ “ චිටි චිටි” යන හඬින් දුම් දමන්නට විය. බොහෝ සෙයින් දුම් දමන්නට විය. බියෙන් තැතිගෙන සංවේගයට පත්වූ බ්‍රාහ්මණයා බුදුරාණන් වහන්සේ වෙතට ගියේය. සිරිපතුල් අසල හිස තබා නැමද මෙසේ කීය.

භගවත් ගෞතමයාණන් වහන්ස! ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ඉතාමත් හොඳය. යටිකුරු කොට තබන ලද යම් බඳුනක් උඩුකුරු කරන්නේද යම් සේ විවෘත කරන්නේද මංමුළාවුවෙකුට යම් සේ මඟ කියා දෙන්නේද යම් සේ තෙල් පහනක් දරන්නේද ගෞතමයාණන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී.

“ මම බුදුරජාණන් වහන්සේ ධර්මය ද සංඝයාද සරණකොට යෙමි. මට පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන සේක්වා!

කසී භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ බුදුන් වහන්සේ සමීපයෙහි දී පැවිද්ද හා උපසම්පදාව ලැබුවේය. කෙලෙසුන් තබන වීර්ය ඇති නිවනට සිත් මෙහෙය වන කසී භාරද්වාජ බ්‍රාහ්මණ කුල පුත්‍රයාණෝ නොබෝ කලෙකින් රහතන් වහන්සේ කෙනෙක් වූ සේක.

කසීභාරද්වාජ සූත්‍රය ඇසුරෙනි.

 

උඳුවප් පුර පසළොස්වක

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]