ඇඹුල්ගම රජමහ විහාරස්ථ
ශ්රී සම්බුද්ධ ජයන්ති මහා පෙරහර
හෝමාගම නගරයේ කැලණි නදිය අසබඩ ඇති රමණීය ලෙසින් පිහිටි ඇඹුල්ගම රජමහා
විහාරය ඓතිහාසික පූජනීය පුදබිමකි. නෙත් සිත් ඇඳ බැඳ ගන්නා වූ ඉතා
දැකුම්කළු පරිසරයෙකින් යුක්ත වූ මෙහි මහා ලෙන් හා පරිවාර ලෙන් රැසකින්
සමන්විත රහතන් වහන්සේ වැඩ සිටි රජවරුන් සැඟවී යුධ සේනා සංවිධානය කළ
කෛලාසකූට පබ්බත වෙහෙර හෙවත් ඇඹලව රත්ගල් වෙහෙර නමින් හැඳින්වූ කන්ද හා
අවට භූමිය වර්තමානයේ ඇඹුල්ගම රජමහා විහාරය නමින් බෞද්ධ අබෞද්ධ ජනයාගේ
ගෞරවයට පාත්රව ඇත.
දෙස් විදෙස් බැතිමතුන්ගෙන් නිතර පිරී පවතින මෙම පුජනීය ස්ථානයේ
වාර්ෂිකව පවත්වන සම්බුද්ධ ජයන්ති මහා පෙරහර මෙවරත් අති උත්කර්ෂවත්
අන්දමින් 18,19,20,21,22,23 සහ 24 යන දිනවල පැවැත්වීමට විහාරාධිපති
ස්වාමින්වහන්සේ ඇතුළු පෙරහර කමිටුව කටයුතු යොදා ඇත. |