තලවතුගොඩ සංඝමිත්තාරාමය
			
			තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයේ දී උඳුවප් පෝදා අලුයම 05.30 ට 
			විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 06.00 සිට 
			පස්වරු 06.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ. පෙරවරු 
			8 – 9 සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 9 – 10 
			ශාස්ත්‍රපති උඩපෝරුවේ රතනසාර හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවක් ද 
			10.15 – 11.00 ඕපනායක නිරාසා දස සිල් මාතාව විසින් මෙහෙයවන භාවනා 
			වැඩසටහනක් ද දහවල් බුද්ධ පූජාවෙන් පසුව පස්වරු 12.30 – 01.00 
			ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනයද 1 – 2 මීගොඩ උත්තරා දසසිල් මාතාව 
			විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 2.15 – 3.00 කෑගල්ලේ විමංසා සිල් 
			මාතාව පවත්වන ධර්ම දේශනයක් ද 03.00 – 04.00 තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් 
			වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනයක් ද 4 – 5 රත්නපුරේ තිසරණී දසසිල් 
			මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසහනක් ද අනතුරුව තුන් සූත්‍ර දේශනය 
			අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 06.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි 
			බුද්ධ පූජාව මොරවක ශාන්ත ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබේ.  |