බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			පිටබැද්දර සත්වරුවේ පිරිත් දෙසුම
			
			මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ 
			වාර්ෂික සත් වරුවේ පිරිත් දේශනාවක් ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වේ. 
			සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ දී මෙම පින්කම් මාලාව සංවිධානය කෙරෙනුයේ 
			රටට සෙත් පැතීම හා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා 
			කිරීම අරමුණු කරගෙනය. මෙවරද පින්කම් මාලාව උත්කර්ෂවත් අන්දමින් 
			දෙසැම්බර් 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 25 වැනි 
			දා රාත්‍රී 10.00 ට පිරිත් දේශනාව ආරම්භ කෙරේ. 28 වැනි දා සවස 03.00 ට 
			දේවදූත පෙරහර පැවැත්වෙන අතර එදින රාත්‍රී 10.00 ට දොරකඩ අස්න කියවීම හා 
			අනුශාසනා දේශනාව පැවැත්වේ. පසුදින දවල් ශතාධික මහා සාංඝික දානයක් ද 
			පිරිනැමීමට කටයුතු යොදා ඇත. පින්කම් පැවැත්වෙන දිනවල රාත්‍රී 07.00 ට 
			අටවිසි බුද්ධ පූජාවක් ද සිදු කෙරේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර පසළොස්වක 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා 
					සඳුදා අපර භාග 02.48 ට ලබයි. 
					21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය. 
					මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |