කෑගල්ල මල්මඩුව
එළමල්දෙණිය ශෛලතලාරාමයේ
කෝට්ටපිටියේ පඤ්ඤාසිරි හිමි
අපගේ ප්‍රමුඛතම අපේක්ෂාව විය යුත්තේ කුමක්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ධර්මය මේ ශාසනය තුළම අවබෝධ කර ගැනීමයි.
මේ ධර්මය මුල මැද, අග
යහපත්ය. කිසිදු අඩුවක් නැත. කල්‍යාණ වූ දහමක් අප
ඉදිරියේ ඇත. වසර 45 ක් බුදුරදුන් දහම් දෙසු සේක. එකී දහමේ කොතැනකවත්
මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නට යයි
දේශනා කර නැත.
නිවන යනු නිවීමය. නිවීමට සාපේක්ෂව මුලින් කුමක් හෝ තිබී ඇත. තිබුණේ
කුමක්ද? ගිනි ගැනීමකි. සසර දුක් නමැති ගින්නයි. ක්ලේශ දාහයයි. කෙළෙස්
ගින්නයි. කිලිටි ගින්නකි. නිවන වුවමනා කරන්නේ ගිනි ගැනීම හෙවත් දුක
පවතින අවස්ථාවේදීය.
බොහෝ පිරිස් සසර දුක අත් විඳිති. මේ ජීවිතයේ සසර දුක, අත්දැකීම් කර
ගත්තද, නිවන ලැබේවායි පතන්නේ අනාගතයේ කෙදිනක හෝ දිනකය. වහ වහා වීර්ය
කළහොත් අප්‍රමාදීව, ක්‍රියා කළහොත්, නිවන් ලැබිය හැකිය. අපට තවම
පාරමිතා සම්පූර්ණ නැතැයි ඒනිසා නිවන දුරයයි ඇතැම්විට කියති. අපි (කෙසේ
නම්) අතීත ආත්මවල පාරමිතා සපුරා ඇත්දැයි සපුරා නැත්දැයි කෙසේ නම්
කියමුද? එසේ නම් පාරමිතාව සම්පූර්ණ බවක් නැතැයි කීම මොන දැනුමක් මත
කියන්නෙමු ද? එසේ කීම වැරැදි සහගතය.
බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ධර්ම දේශනා කිරීමේදී නැතහොත් කළ තැන,
පාරමිතා සම්පූර්ණ කරගෙන එන්නැයි, කිසිවකුටවත් ප්‍රකාශ කර ඇත් ද?
උන්වහන්සේ නිරතුරුවම, ප්‍රකාශ කළේ වහ වහා වීර්ය උපදවා ගන්නා ලෙසයි.
අද මේ විශ්වයේ ජීවත්වන ඤාණවන්තම අවස්ථාව වන මිනිස් ජීවිතය ලැබුවේ
එක්තරා අයුරකින් පාරමිතා සම්පූර්ණ වීමකිනි. එකිනෙකා අතර පින් පව්වල අඩු
වැඩිකමින්, අබල දුබලකම් තිබුණත් ඉඳුරන් දුබල නැතිව, මන්ද බුද්ධික බවින්
ද තොරව, නිරෝගීමත් මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇති හැම අයෙක්ම එක්තරා
ආකාරයකින් පාරමී සම්පූර්ණ වූවෝ වෙති.
බුද්ධිමත්ම ක්‍රියාව නම් වහ වහා උත්සාහ කොට සසර ගිනි නිවාලීමය. නිවන
උදෙසා අප්‍රමාදීව කටයුතු කිරීමය. ඤාණවන්ත මනුෂ්‍යයාට සසර දුක වටහා
ගැනීම ලෙහෙසිය. පහසුය. ඒ හැකියාව ඤාණවන්තයාට ඇත. එසේ උත්සාහවන්තව
ක්‍රියාකරන නැණවතාට මේ ජීවිතයේදී නිර්වාණ අවබෝධය නොලැබුණත්, ඊළඟ භවය,
අනෙකුත් ඇත්තන්ට වඩා උසස් බවක්, ඇතිවන බව නො අනුමානය.
නිවන් මඟට බැස ගැනීමට ප්‍රධාන බාධකයක් අප විසින් පනවාගෙන ඇත. එනම් අප
තේරුම්ගෙන තිබෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය තුළ නිවන් බලාපොරොත්තු වීමයි.
අපගේ ප්‍රමුඛතම අපේක්ෂාව විය යුත්තේ කුමක්ද? ගෞතම බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ධර්මය මේ ශාසනය තුළම අවබෝධ කර ගැනීමයි. මේ ධර්මය මුල මැද, අග
යහපත්ය. කිසිදු අඩුවක් නැත. කල්‍යාණ වූ දහමක් අප ඉදිරියේ ඇත. වසර 45 ක්
බුදුරදුන් දහම් දෙසු සේක. එකී දහමේ කොතැනකවත් මෛත්‍රී බුද්ධ ශාසනයේ
නිවන් දකින්නට යයි දේශනා කර නැත. මෛත්‍රී‍්‍ර බුද්ධ ශාසනය තුළදී ධර්මය
අවබෝධ කරගන්නට යයි දේශනා කළ තැනෙක් දැකිය නොහැකිය.
නිවන් දැකීමට තවත් බාධකයක් ඇත. එනම් දෙව්, මිනිස් සැප කෙළවර නිවන්
දැකීමයි. දෙව් මිනිස් සැප එකෙකි. නිවන් මඟ වෙනකෙකි. එසේ පැතීම අනුවණය.
ප්‍රාර්ථනා බලයෙන් නිවන් ලැබෙන්නේ ද නොමැත. නිවන් මඟට බැස ගත යුතුය.
නිර්වාණ මාර්ගයේ ගමන් කළ යුතුය. එලෙස විනා නිවන් ලබන අන් ක්‍රමයෙක්
නැත.
මිනිස් දිවියේ මිනිස් ගති ඇති කර ගත යුතුය. එය ඉතා පහසුවෙන් ඤාණවන්තයාට
කළ හැකිය. යම් ගතියක විචාරාත්මක බවෙක් පවතීනම් ඒ මිනිස් ගතියයි.
‘’එන්න බලන්න, යයි පවසන්නේ ආරාධනා කරන්නේ, ඒ මිනිස් ගතියටයි. අප
මනුෂ්‍ය කයක් ලබා ඇතත්, මනුෂ්‍ය ගතියක්, සිතෙහි ඇතිවන්නේ, විටින් විටය.
විචාරවත්ව, නැණවත්ව, කටයුතු කළහොත් ඒ මිනිස් ගතිය, සිතෙහි ඇති වේ.
අවිචාරවත් ලෙස හැසිරෙන හැම විටම පවතින්නේ අමනුෂ්‍ය ගතියකි.
අමනුෂ්‍යයින් පළමුව කළ යුත්තේ් මනුෂ්‍ය බවට පැමිණීමයි. එම මනුෂ්‍යා තුළ
මනුෂ්‍ය ධර්ම රඳා පවතියි. එකී මිනිස් ගති, ඇති මිනිසාම මාර්ග ඵල ලැබීමට
සුදුසු වන්නේය. නිර්වාණය ලැබීමට සුදුසු වන්නේය. |