| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 පානදුර වලාන ශ්‍රී 
										සරණපාල මහා විහාරයේ අභිනව සීමා මන්දිරය 
										පසුගියදා සඟරුවන උදෙසා පූජා කැරිණි. එහි 
										බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම 
										අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස 
										අනුනාහිමියන්ගේ සහභාගිත්වයෙන් සිදු 
										කැරිණි. සඟරුවන උදෙසා පූජා කිරීම ඉකුත් 20 
										වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමියන්ගේ 
										සහභාගිත්වයෙන් සිදු කැරුණු අතර ඒ 
										නිමිත්තෙන් පින්කම් රැසක් ද පැවැත්විණි. 
										වලාන ‘ඔටෝවිල් සෙන්ටර් ‘ නිර්මාතෘ පරලොව 
										සැපත් ඩබ්.ආරියදාස ද මෙල් මහතාට හා පානදුර 
										බාලිකා මහා විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය 
										විදුහල්පතිනි ඇස්.එන්. ජයන්තිද මෙල් 
										මහත්මියට පින් පිණිස එම දෙපළගේ පුත් 
										ක්‍රිශාන්ත ද මෙල් මහතාගේ ධන 
										පරිත්‍යාගයෙන් සීමා මන්දිරය ඉදිකරවන ලදී. 
										අභිනව සීමා මන්දිරය විවෘත කැරුණු අවස්ථාව.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ශ්‍රී පාද වන්දනා වාරයේ
			සමාරම්භක උත්සවය හා රිය පෙරහර
						
			 
			මෙවර (2010 – 2011) ශ්‍රී පාද වන්දනා වාරය සමාරම්භක උත්සවය සහ රිය 
			පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී මෙම 18 
			වනදා ආරම්භ කැරේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					උදුවප් පුර අටවක පෝය
					
					උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා 
					සඳුදා පූර්වභාග 06.12 ට ලබයි. 
					14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය. 
					මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |