බුදු දහමට ළැදි
ජෙන්ඝිෂ්ඛාන්
පරිවර්තනය
නාරාවිල පැට්රික් බුදු දහම අන් කිසිදු ආගමකට වඩා ජෙන්ඝිෂ්ඛාන් කෙරෙහි බලපෑ බවට ප්‍රබල
සාක්කි සපයන බව නූතන පර්යේෂණ වලින් හෙළි වෙයි. ඔහුගේ සහජාත පුත්‍රයාවූ
ඔගදායිම්, ආදි බුදුදහමේ අනුගාමිකයකු වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. බොහෝ
හේතු මත ජෙන්ඝිෂ්ඛාන්ගේ පිළිවෙත්වලින් හෙළි වන්නේ ඔහු කෙරෙහි වු බෞද්ධ
බලපෑම යි.
එදා විශිෂ්ට මොන්ගෝලියානු රජුන් හැඳින්වුණේ “අශ්වාරෝහක අධිරාජයෝ” නමිනි.
ඔවුන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන්නේ ජෙන්ඝිෂ්ඛාන් ය. හෙතෙම ලෝක
ඉතිහාසය අත්‍යන්තයෙන් නව මඟකට යොමු කළ යුගයක, එහි සුවිශාල වපසරියක
ජීවත් වීමට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කළ
අධිරාජයකු ලෙස සැලකේ.
මොන්ගෝලියානුවෝ ආසියාවේ මහා ස්ටෙප්ස් තැනිතලාව තුළ ලෝක ශිෂ්ටාචාරයේ
මාතෘභූ®මිය ලෙස සැලකිය හැකි අද්විතීය විජිතයේ ජීවත් වූහ. ස්ටෙප්ස්
තැනිතලාව, හිමෙන් වැසී ගිය වගුරින් පිරුණු ආර්ක්ටික් සාගර දාවල්ලේ සිට
චීනයේ ගංගා මිටියාවත් ද, යුරල් කඳුවැටිය සහ යුරල් ගඟ ද ඔස්සේ තිබ්බතය
දක්වා ව්‍යාප්ත වූයේ ය. මොන්ගෝලියානුවෝ ආර්ක්ටික් පෙදෙසේ හිමකඳු ද,
ඛින්ගන් කඳුවැටිය ද, මැන්චූරියාවේ දැවැන්ත වනාන්තර ද, තිබ්බතයේ කඳු ද
අතර සිරගත කරනු ලැබුවෝ වූහ. ඔවුනට මහා දායාදයක් ලෙස සතුනට තණ කැවීම
පිණිස ස්ටෙප්ස් සිට විහිදුණු ස්වාභාවික ආලින්ද (කොරිඩෝර) දෙකක් පමණක්
පිරිනමා තිබිණ. එනම්, 1. චීනයේ කඳුකරය වෙත සහ 2. රුසියාව වෙත බටහිර
මාර්ගය යි.
මොන්ගෝලියානුවෝ දිගු කලක් ශිෂ්ට සම්පන්න ලෝකයෙන් වියුක්ත ම්ලේච්ඡ
හුදකලාවක ජීවත් වූහ. සිය සතුනට කවන්නට අලුත් තණබිම් සෙවීමේ වුවමනාව
නිසා සතුන් ද සමඟ සැරි සරන්නට සිදුවූයෙන් ඔවුහු “සංචාරක එඬේරු” නමින්
හඳුන්වනු ලැබූහ. එක්තරා කලකට ඔවුහු චීන මහා ප්‍රාකාරය නිසා බටහිරට
නැඹුරුව සතුන් මෙහෙයවා ගෙන ගියහ. එහෙත් කලකට පසු බලවත් බාධකයක්ව පැවති
ප්‍රාකාරය බිඳ ගෙන චීනයට කඩා වැදුණහ. එය ඉතිහාසයේ තවත් එක් පියවරක්
පමණි. එහෙත් මෙහිදී අපේ අවධානය යොමු වන්නේ මොන්ගෝලීයයන් අතර
විශිෂ්ටතමයා වන ජෙන්ඝීෂ්ඛාන් වෙතයි. ඔහු ස්ටෙප්ස්හි තණකොළ හිඟ වුණු විට
බටහිර දිසාවට ගියේය. එවක ආසියාව හා යුරෝපය අතර භූගෝලීය දේශසීමා සම්මත
කර තිබුණේ නැත. එබැවින් ජෙන්ඝීෂ්ඛාන්ට ඒ සුවිශාල අවකාශයෙහි නව සලකුණු
සටහන් තබන්නට සහ ආසියාව හා යුරෝපයේ ඓතිහාසික සංවර්ධනයට මුල පුරන්නට ද
හැකිවීය.
ඒ වනවිට කවරදාකවත් නගරයක් දැක නොසිටි මොන්ගෝලියානු ම්ලේච්ඡයෝ බටහිර
දෙසට යමින් ඒ වනවිට දැන සිටි ලෝකයෙන් වැඩි කොටසක් අල්ලා ගත්හ. ඔවුන්
විසින් නගර බිඳ හෙළිණ. ප්‍රාකාරයෝ බිමට සමතලා කැරුණාහ. මෙසේ උපායශීලීව
කෙමෙන් බටහිරට ඇදුණාහු ගංගා හරහා කරත්ත දෙකකට මාරු වියහැකි තරම් පමණට
පාලම් තැනූහ. චීනයට පැමිණි මොන්ගෝලියානුන් විසින් වෙඩි බෙහෙත් වලට
සුවිශේෂ තැනක් දෙවිණ. එමඟින් යුද්ධයේදී සියවස් හතක් තිස්සේ භාවිත දුනු
හා ඊතල විශ්‍රාම ගැන්වීමෙන් විප්ලවීය වෙනසකට මඟ පෑදිණ. ඈත බටහිරට ළංවන
තුරු ඔවුන් කවර ආකාරයක හෝ ලේඛන ක්‍රමයක් හඳුනාගෙන නොතිබිණ. එහෙත් හනික
අභියෝගාත්මක පියවරකට එළඹියාහු සිය බාල පරපුරට අකුරු උගන්වන්නට පටන්
ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ වැඩිකල් නොගොස් මුද්‍රණ යන්ත්‍රයේ පළමුවැනි
මූලාකෘතිය බිහිවීම යි. ඒ අතර දැන උගත් විදේශීය පඬිවරු ද, සිතියම්
නිර්මාණය කරන්නෝ ද තමන් පැමිණි තවලම් ද සමඟ ඥාන සම්පතක් ගෙනාහ.
විශේෂයෙන් කිව යුත්තක් නම් කාන්තාවන්ගේ බුද්ධිමත් භාවය යි.
කුබ්ලායිඛාන්ගේ මව ඔහුට කියවන්නට සහ ලියන්නට උගන්වා තිබිණ. ඔවුන් ගෙවල්
තැනුවේ නැත. ඔවුහු වෙළඳුනට කැමති නොවූහ. ඔවුන් වෙළඳුන් හැඳින්වූයේ
“පටිතොප්පිකාරයෝ” නමිනි. ඔවුන්ගේ සොල්දාදුවෝ තමන් අත් අඩංගුවට
ගත්වුන්ගේ නිල තත්ත්වය පරීක්ෂා කළහ. ඔවුන් විසින් 5,000,000 (මිලියන
පහක) ජනතාවක් ඝාතනය කරනු ලැබූහ.
මෙසේ ජයග්‍රාහී සංචාරක එඬේරුන්ගේ ආධිපත්‍යය විසින් පැරණි දේශසීමා මකා
දැමිණ. එය එහි පරිසරයට බලපෑවා පමණක් නොව වෙනස් සංස්කෘති කීපයකට ද
බලපෑවේ ය. එනම් චීනයේ විශිෂ්ට මැන්චුවරුන්, ඉන්දියාවේ ඉහළ පැළැන්තියේ
මෝගල්වරුන්, ඊජිප්තුවේ මාබුස්වරුන්, ඇල්ජීරියාවේ දේස්වරුන් හා
ටියුනීසියානුන් ද ඒ ඔස්සේ පැමිණි අය යි. එසේ ම සුළු ආසියාවේ ටැමර්ලේන්
ද ඒ අතර විය. ඔහු 14 වැනි සියවස අගදී ලෝක ජයග්‍රහණය පිණිස උත්සාහයක්
දැරී ය. ඓතිහාසික තුර්කීහු නම්, ආදි ආර්ය හෙවත් ඉරාන සහ නැඟෙනහිර
මොන්ගෝලියානුන් අතර සම්බන්ධයක් ඇත්තෝ වූහ. මේ ආසියානු තුර්කීන් ද, පසුව
ඔවුන් සමඟ සම්බන්ධකම් ඇති කර ගත් යුරෝපීය රෝමන් වරුන් ද පමණක්
ලෝකාධිපත්‍යය පවත්වා ගැනිමේ හැකියාව ඔප්පු කර ඇත.ඒ අතර මැග්යාර් හෙවත්
“ක්ෂීරපායීහු” නැඟෙනහිරින් පෙරමුණට අවුත්, හන්ගේරියානු බවට පත්වූහ.
තීක්ෂණ දේශපාලන ඉවකින් යුත් ඇටිලාහි හන් නායකයා, ඉහත සඳහන් යුද්ධ
නායකයන්ගෙන් පැවත එන්නන්ගෙන් රාජ්‍ය පාලනය පිළිබඳ බොහෝ දේ උගත්තේ ය. ඒ
අනුව ඔහු සිය බලපෑම පෝලන්තය හා ෆින්ලන්තය තෙක් මෙහෙයවා බීරිං සමුද්‍ර
සන්ධිය ඔස්සේ ඇමරිකානු ඉන්දියානුන් වෙත ද ව්‍යාප්ත කළේ ය. ඒ අතර
ජෙන්ඝිෂ්ඛාන්ගේ බිරිඳගේ අවජාතක පුතකු වූ ජූචි රුසියන් අධිරාජ්‍යය
පිහිටුවී ය.
පසුකාලීන බටහිරුන් අත්නුදුටු ඉවසීමෙන් යුක්ත මෙකී ජයග්‍රාහක සංචාරක
එඬේර ගෝත්‍රිකයෝ සියලු ආගමික විශ්වාස කෙරෙහි විශේෂ ගෞරවයක් දැක්වූහ.
ඔවුහු සිය සංචාරයේ දී නගර විනාශ කළහ. එහෙත් හැමවිටම මුස්ලිම් පල්ලි,
බෞද්ධ විහාර, නෙස්ටෝරියානු දෙව් මැදුරු ආදියට කරදරයක් නොකළහ.
ඉංජිනේරුවෝත්, නොයෙක් ශිල්පීහුත් හමුදාවේ සේවාව කරන්නට අණ කරනු ලැබූහ.
එහෙත් චීනයේ දාර්ශනිකයනට තමන් සමඟ සාකච්ඡා කරන්නට කූ®ඩාරම් වෙත එන ලෙසට
නියම කැරිණ. එක් චීන ඇමැතිවරයකුවූ චෑං චූං “ වයින්, කාන්තාව සහ
සංගීතයෙන්” වළකින ලෙස ජෙන්ඝිෂ්ඛාන්ට උපදෙස් දුන්නේ ය. ජෙන්ඝිෂ්ඛාන් එය
නොපිළිගත්තත් සිය පුතුනට ඒ ඉගැන්වීම පිළිපදින ලෙස අනුමත කළේ ය. තව
දුරටත් මේ මොන්ගෝලියානුවෝ, තාවෝවාදී භික්ෂූන් ආහාරපාන හා සිවුරු
ආදියෙන් පෝෂණය කළහ. ඇතැම් අංශයන්ගෙන් භික්ෂූනට අමතර නිදහසක් සැලසූ අතර
අයබදු වලින් පවා නිදහස් කළෝ ය. දිග රවුළා යන අර්ථයෙන් සෙලූ චුත්සායි
නම් චීන ඇමැතියා මොන්ගෝලියානුනට විරුද්ධව සටන් නොකරන ලෙස සිය පාලකයන්
පෙලඹවූ අතර, පසුව මොන්ගෝලියානුන් සමඟ යමින් ඔවුන්ගේ සිතියම් සහ පොත්
ආරක්ෂා කර දුන්නේ ය.
මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස සැලකුණු මේ මොන්ගෝලියානුවෝ මහමදිකයන් සතුටු
කරනු පිණිස මහමදාගමට නොයෙක් ලෙසින් උදවු කළහ. ඔවුහු මහමදාගමේ දැඩි
නියතිවාදි චින්තනය අනුමත කළහ. එයට හේතුව ඔවුන්ගේ තේරුම් ගැනීමට අනුව
සොබා දහම ඉදිරියේ මිනිසාගේ අංශුමාත්‍ර භාවය යි. එනම් මිනිසාට විශ්ව
ශක්තිය ඉක්මවා හිතුමතේ ක්‍රියා කළ නොහැකිවීම යි. මහමදිකයන්ගේ ආගමික
අන්‍යෝන්‍ය ප්‍රතිවිරෝධී ප්‍රවණතාව සේ ම, ඔවුන් වෙතවූ සරලත්වය
අනුන්ගෙන් අනුකම්පාව ඉල්ලා සිටීමක් ද විය. මුස්ලිම් ගුරුවරු ද
අයබද්දෙන් නිදහස් කරනු ලැබූහ. ජෙන්ඝිෂ්ඛාන් බොඛාරාහිදී සිය
විරුද්ධවාදීන්ගේ ආගමික ග්‍රන්ථය වන කොරාණය, එය කියවූවන් සමඟ උගත්තේ ය.
මක්කමට වන්දනාවේ යෑම ඉස්ලාමික අවශ්‍යතාවක් පමණක් වන්නකි යි යන්න ඔහු
තරයේ ප්‍රතික්ෂේප කළේ ය. ජෙන්ඝිෂ්ඛාන්ට අනුව උත්තරීතර අවකාශය හෙවත්
විශ්වය වන්නා වූ දෙවියන් වහන්සේ හැම තැන ම වැඩ වසන සේක. එබැවින්
මිහිතලය හෝ විශ්වය තුළ කිසිදු එක් තැනක් තවත් තැනකට වඩා ශුද්ධ හෝ
ශ්‍රේෂ්ඨ නොවේ. මොන්ගෝලියානු කාන්තාවෝ දේශ සීමාවන්හි තැනක්, නියමයක්
නැතිව දරුවන් බිහි කළහ. එබැවින් කිසිවකුට තමන් උපන් තැන නම් කළ නොහැකි
විය.
බුදුදහම අන් කිසිදු ආගමකට වඩා ජෙන්ඝිෂ්ඛාන් කෙරෙහි බලපෑ බවට ප්‍රබල
සාක්කි සපයන බව නූතන පර්යේෂණ වලින් හෙළි වෙයි. ඔහුගේ සහජාත පුත්‍රයාවූ
ඔගදායිම්, ආදි බුදුදහමේ අනුගාමිකයකු වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. බොහෝ
හේතු මත ජෙන්ඝිෂ්ඛාන්ගේ පිළිවෙත්වලින් හෙළි වන්නේ ඔහු කෙරෙහි වු බෞද්ධ
බලපෑම යි. ඔහුගේ පුත් ඔගදායිම් මුදල් සහ අනෙකුත් උපභෝග හා පරිභෝග
වස්තු විෂයයෙහි දැක්වූයේ මැදුම් පිළිවෙතකි. ඔහු තමා විසින් යටත් කරනු
ලැබූ ජනතාව සම්බන්ධයෙන් යුතුකම් හැටියට ඉටු කරන්නට ඉල්ලා සිටියේ
ඇතැමකුට පෙනෙන හැටියට අසාමාන්‍ය දේවල් ය. උදාහරණ හැටියට
කොන්ෆියුසියස්ගේ ගුරු පරපුරින් පැවත එන්නන් ලවා තමන්ගේ යටත් වැසියනට
ඉගැන්විය යුතු බව ඔහුගේ නියමයක් විය. යටත් කරනු ලැබූ කාන්තාවන් මැනවින්
හැඳ පැළඳ සිටිය යුතු හා ඇඳුම් කලාත්මක ගෙත්තමින් සැරසිය යුතු බවත්
ඔහුගේ නියෝගයකි.
වරප්‍රසාද ලත් උගතුන් ටික දෙනකුට පමණක් කියවන්නට හා ලියන්නට හැකිව
තිබුණු යුගයක ජෙන්ඝිෂ්ඛාන් නමැති “සංචාරක එඬේරා” ඔහුගේ තරුණ පුතුනට
කියවන්නට හා ලියන්නට ඉගෙන ගන්නා පිණිස උපදෙස් දීමක් ලෙස අණ කර සිටියේ
ය. බෙහෙවින් කල් ඇතිව බුදුදහම හැම අතින් ම බුද්ධිමය සංවර්ධනය අවධාරණය
කර ඇත. ජෙන්ඝිෂ්ඛාන් පිනිමුවන්, බැටළුවන් සහ අශ්වයන් හීලෑ කර සුරතලුන්
සේ ඇති දැඩි කළ අතර ඔවුනට හැම පහසුකමක් ම සලසමින් ආදරය දැක්වී ය. ඔහු
සිය සතුරනට පවා දයා පරවශවූ අතර ඔවුන් වෙත සිටි දුබල හා අංග විකලයන්
නැති කර දැමී ය. ඒ ඔවුන් තව දුරටත් දුක් විඳිමින් සිටීමෙන් දුක දික්
ගස්සනු නොකැමැත්තෙනි. ඔහු මිනිසුන් අතර දුප්පත් පොහොසත් හෝ උසස් පහත්
හෝ විසින් වෙනසක් නොදුටුවේ ය. ඔහු බුද්ධිමත් සහ නිර්භීත විසින් හැර
සම්මාන පිරිනමන්නට ඉඩ නුදුන්නේ ය. ජෙන්ඝිෂ්ඛාන් යාච්ඥා හෝ දිගින් දිගට
කරන බැගෑපත් ඉල්ලීම් වලට පිළිතුරු දෙන්නට බැඳී සිටින පරමේශ්වර දෙවියකු
කෙරෙහි විශ්වාසය නොතැබී ය. ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් විශ්වාසය තැබුවේ
හුදෙක් සිය අත්දැකීමට මිස ඉන් පරිබාහිර අන් කිසිවකට නොවේ.
ඔවුහු ඔවුනොවුන් අතර කරදර වලින් නිදහස් ද, ආගන්තුක සත්කාරයට යුහුසුලු ද
වූහ. ඔවුන් අතර සොරකම් බෙහෙවින් දුර්ලභ විය. උද්ධච්චය හෙවත් උඩඟුව හෙළා
දක්නා ලදී. කිසි ම විටක අනුන් ඉදිරිපිට කෑමක් බෙදා ගෙන මිස තමන් පමණක්
නොකන ලදී. මොන්ගෝලියානුවෝ චීනයේදී බෞද්ධ කලාව ලෙන්ගතුව ඇසුරු කළහ.
හෘදයංගම සේවාවක් ලෙස වන්දනාකරුවන් සඳහා පාරවල් සාදා දෙන ලදී. ශ්‍රේෂ්ට
බෞද්ධ මැදුම් පිලිවෙතට අනුව “අපට බැඳීම් නැතැ” යි කියන්නට
ජෙන්ඝිෂ්ඛාන්ට හැකි විය. බුදුදහමේ දැක්වෙන කරුණාවට අනුව ජෙන්ඝිෂ්ඛාන්
මෙසේ සඳහන් කළේ ය. “අස් වල්පතක් හැර අපට අන් කසයක් නැත. අද පටන් මා කතා
කරන්නේ කරුණාන්විත වචන පමණි”.
නූතන බටහිර චින්තනය බුදුදහම සහ වෙනත් පෙරදිග ආගම් ගැන අලුතින් සිතා
බලන්නට නැඹුරුව සිටින බව පෙනේ. කෙසේ වෙතත් ඔවුන් බුදුදහම දෙස බලන්නේ
අනෙක් ආගම් දෙස බලනවාට වඩා වෙනස් කෝණයකිනි. එනම් අපේ නූතන ශිෂ්ටාචාරය
සමඟ බැඳුණු සංකීර්ණ දිවි පෙවෙතේ බලපෑමෙන් වියුක්ත කොටගත් පිළිවෙතකිනි.
එය බුදුදහම විෂයයෙහි යම් තරමක අධ්‍යයනයක් පිණිස අත්‍යන්ත බලවත්
උත්සාහයක් විය හැකි ය. මානව ශිෂ්ටාචාරයේ පදනමේ පවා සුවිශාල කොටසක්
“ඉතිහාසයේ” බොහෝ කලක් ඊනියා “ම්ලේච්ඡයන්” ලෙස හඳුන්වන ලද්දවුන් විසින්
දායකත්වය සපයන ලද්දක් බව පෙනේ. ජෙන්ඝිෂ්ඛාන්ගේ පුත්‍ර ඔගදායිම්
ජයග්‍රාහකයකු ලෙස තමා විසින් යටත් කරනු ලැබූවන්ගෙන් පවා ඥාන සම්භාරය සහ
කලාව විෂයයෙහි උපදෙස් ලබා ඇත.
(Mahabodhi Centenary Commemorative Volume -
SAMBHASHA
සඟරාවේ පළ කරන ලද මාරි හාර්ලෝව් පුල්ලේගේ
Genghis Khan: Buddhist
ලිපියේ පරිවර්තනයකි.
|