|
|
කොස්ගම ශ්‍රී
සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය කොස්ගම
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ චෛත්‍යය
ගොඩනඟා ඇත්තේ නටබුන්ව තිබූ පැරැණි චෛත්‍ය මතය
1960 වසරේදී නටබුන් වූ චෛත්‍ය ගර්භය තුළින්
රිදී සහ තඹපත් ඉරු දෙකක් හමු වී ඇත. එම පත්
ඉරු වලින් කියැවී ඇත්තේ වසර සියයකට පමණ පෙර එම
චෛත්‍යයේ කළ ප්රතිසංස්කරණයක් පිළිබඳවය.
අද පසු පිටුව සරසන්නේ 1960 දී පමණ ගොඩනංවන ලද
චෛත්‍යයේ ඡායාරූපයකි. මෙහි වත්මන් විහාරාධිපති
වශයෙන් සමනබැද්දේ වනරතන හිමියෝ කටයුතු කරති.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
අනුරාධපුර යුගයේ සිට පැවැත එන
හල්තොට ලෙනවර රජ මහා විහාරය
කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ මිල්ලනිය ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයේ හල්තොට ලෙනවර රජ මහා විහාරය රයිගම්කෝරළයේ පිහිටි
ඉපැරණිම විහාරස්ථානයකි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර
පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් වන මෙම විහාරස්ථානය වීදියගොඩ සඟපරපුරේ
ප්‍රධාන විහාරස්ථාන 6 න් එකක් ලෙස සැළකේ.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර
භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය. |
|
|
|
|
|
|