අපවත් වී වදාළ බෝයගොඩ ධම්මවංශ මාහිමියන්ගේ දෙවර්ෂ පූර්ණ 
			ගුණානුස්මරණ මහා පින්කම
			
			 
			කොළඹ, පුංචි බොරැල්ල, ශ්‍රී සුමංගලාරාම විහාරාධිපතිව වැඩසිට අපවත් වී 
			වදාළ බෝයගොඩ ධම්මවංශ මාහිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ මහා පින්කම 
			නාරම්මල, ගණේගොඩ ශ්‍රී සුදර්ශන රන්කොත් විහාරය, පුංචි බොරැල්ල ශ්‍රී 
			සුමංගලාරාමය යන විහාරද්වයාධිපති මීවැවේ ඤාණිස්සර මාහිමියන්ගේ පස්වන 
			වර්ෂ පුර්ණ ගුණානුස්මරණ මහා පින්කම නාරම්මල, කෝට්ටපිටිය පුරාණ විහාරය, 
			පොල්වත්තේගෙදර සාරිපුත්‍රාරාමය, බෙම්මුල්ලේගෙදර ඉන්දාරාමය යන 
			විහාරත්‍රයාධිපතිව වැඩසිට අපවත් වී වදාළ වක්කුණුවල පුඤ්ඤානන්ද 
			මාහිමියන්ගේ දස වර්ෂ පූර්ණ ගුණානුස්මරණ මහා පින්කම හා කඨින 
			පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් ශ්‍රී සුමංගලාරාමයේදී මෙම 23 දා සර්වරාත්‍රික 
			පිරිත් දේශනයක් හා පසුදින 44 නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි 
			සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට මෙවර කඨින පූජාවේ ප්‍රධාන දායකත්වය දරන 
			පුංචි බොරැල්ල ටී.ඩී. සුමේධ ඉන්ද්‍රජිත් (සමින්ද) මහතා හා ඒ. ඒ 
			නිල්මිණි සමන්ලතා මහත්මිය ඇතුළු විහාරස්ථ සියලු දායක පින්වතුන් කටයුතු 
			යොදා ඇත.  |