කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේ 
			ගුණසමරු පින්කම් මාලාව 
			
			 
			වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝසසුන් 
			වෙත උදාර සේවාවක් සිදුකර අපවත් වී වදාළ වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක 
			තෙල්ලඹුරේ ශ්‍රී අරියවංශ මාහිමි, තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, 
			කොක්මාදුව සරණපාල මාහිමියන්ගේ ද මියගිය දායක දායිකාවන්ගේ ද ගුණ සැමරීම 
			සඳහා සංවිධානය කළ පින්කම් මාලාවක් මෙම මස 28, 29, 30, 31 යන දිනවල දී 
			පැවැත්වේ.  
			මෙයට සමගාමීව අභිනව දානශාලාව විවෘත කිරීම 30 වන දින සිදුවන අතර වාර්ෂික 
			කඨින පූජා පින්කම 31 වන දින උදේ පැවැත්වේ.  
			දිනපතා රාත්‍රී බුද්ධ පූජා බෝධි පූජා ධර්ම දේශනා පවත්වා 31 වන දින දවල් 
			සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ. විහාරාධිපති කොක්මාදුව අරියකිත්ති 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භික්‍ෂූන් වහන්සේගේ හා දායක 
			දායිකාවන්ගේ සහයෝගයෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන් 
			විසින් මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.  |