දෙමහල් ධර්ම ශාලාව විවෘත කැරේ
			
			 
			පරණගම දළුකේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ දායක සභාව මෙහෙයවීමෙන් අභිනවයෙන් 
			ඉදිකළ නව දෙමහල් ධර්මශාලා ගොඩනැඟිල්ල විවෘත කිරීම නිමිත්තෙන් විශේෂ 
			පින්කම් මාලාවක් මේ මස 22, 23 යන දෙදින තුළ එම විහාරස්ථානයේදී 
			පැවැත්වේ. 
			එම පින්කමට සමගාමීව වාර්ෂික කඨින චීවර පූජාව නිමිත්තෙන් සර්ව රාත්‍රික 
			පරිත්‍රාණ ධර්මදේශනාව 22 රාත්‍රියේ පැවැත්වෙන අතර 23 දා පෙරවරු 10 ට 
			යෙදෙන සුබ මොහොතින් ධර්මශාලා මන්දිරය විවෘත කැරේ. ධර්මශාලා ගොඩනැඟිල්ල 
			සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී 
			බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරෙන අතර, එදින 
			දවල් සියක් නමකට අධික මහා සඟරුවන උදෙසා සංඝගත දක්‍ෂිණාවක්ද පිරිනැමේ. 
			මෙම පූණ්‍ය මහෝත්සවයට සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක 
			නියංගොඩ විජිතසිරි අනුනාහිමි හා එම විහාර පාර්ශවයේ අනුනායක 
			දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් ඇතුළු ප්‍රාදේශීය නායක ස්වාමීන් 
			වහන්සේලා රැසක් සහභාගි වෙති. විහාරාධිපති මාවතගම ආනන්ද හිමියන්ගේ 
			අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ පූර්ණ සංවිධායකත්වයෙන් මෙම පින්කම් 
			මාලාව සිදු කෙරේ. බණ්ඩාර පිලවල  |