කැකිරාව ශ්‍රී ඤාණරතන දහම් පාසලේ ආචාරිනී
සුභාෂිණී ධම්මිකා ගඟුල්දෙණිය
(ගෞරව ශාස්ත්‍රවේදී)
ජෛන මහාවීරයන්ට වසර 250කට පෙරාතුව විසූ තීර්ථංකර පර්ශ්ව නාථයන් ද,
ඔහුගේ පටන් මහාවීරයන් දක්වාමද බිහි වූ ජෛන
ශාස්තෘන්වද මෙකී ගුණ වාචකයෙන්ම හඳුන්වාදී ඇත. මෙම කරුණු වලින් ගම්‍ය
වන්නේ අරහන්ත සංකල්පය බුදුදහමට ආවේණික වූවක් නොවන බවත්, එහි ප්‍රභවය.
වෛදික සමය තෙක්ම දිවෙන බවත් ය.
ක්‍රි.පූ. සවන සියවසෙහි භාරතීය ආගමික පසුබිම තුළ මහා පෙරළියක් සිදුවූයේ
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දම්ගොස හේතුවෙනි. උන්වහන්සේගේ
බුදු මුවින් දේශිත ශ්‍රී සද්ධර්මය අසා පැහැදී, ශාසනික ප්‍රවෘජ්‍යතාව
ලැබ ජීවිතයේ යථාර්ථය විනිවිද දකිමින් විමුක්ති සාධනයෙහිලා කැපවූ
භික්‍ෂු භික්‍ෂුණීන් අරිමඟ ගමන් ගනිමින් බුදුදහමේ පරම නිෂ්ඨාව වන
නිර්වාණය සාක්‍ෂාත් කරගත්හ.
සකල විධ ක්ලේශයන් ප්‍රහීණ කර, නිරාමිසවූ ලෝකෝත්තරමය ශාන්තිය අත්විඳ
එකී පිරිසම “අරහත්ත, රහත්” යන නාමයෙන් ද හැඳින්විණි. සාරිපුත්ත,
මොග්ගල්ලානාදී මහ තෙරවරු සේම ඛේමා, උප්පලවන්නා වැනි තෙරණියන් ද එම
රහතුන් අතර විය. සත්ත්වයා සසරට බැඳ තබාලන දස විධ සංයෝජන ධර්මයන් එකිනෙක
දුරු කිරීමේ දී අවසන පත්වන තත්ත්වය වන්නේ අරහත්ත භාවයයි. අරහත් ඵලයට
පත් පුද්ගලයා ද බුදුවරු, පසේබුදුවරු හා සමානවම එකම විමුක්ති සුවයක්
නිරාමිස වූ සැනසීමක් අත්විඳියි. ලොව පූජාවට පාත්‍රවන ශ්‍රේෂ්ඨතමයන්
සිවුදෙනෙකු සිටින බවත්, ඒ අයට ගෞරව සම්මාන දැක්වීම සඳහා ස්තූප නිර්මාණය
කිරීමට හැකි බවත් බුදුරදුන් ‘මහා පරිනිබ්බාන සූත්‍රයේ දී’ වදාළහ. නමින්
ඔවුන් “ථූපාර්හ පුද්ගලයන්” වන අතරම, ඊට බුදු, පසේ බුදු, මහරහත් හා
සක්විති රජුත් අයත් ය. තවද බුදු දහම කාලයා ඇවෑමෙන් ක්‍රමිකව විකාශය
වීමේ දී හීනයාන, මහායාන ලෙස නිකාය භේදයක් ද ජනිත විය. එහිදී ද මූලිකවම
අරහත් අධිගමය සම්බන්ධව මතභේද හටගෙන මහායානීන්, සාම්ප්‍රධායික
ස්ථවිරවාදීන්ගෙන් වෙන් විය. මහායානීන් පවසන පරිදි අරහන්ත අධිගමය වනාහි
හීන අධිගමයකි. එය හුදෙක් ආත්මාර්ථකාමී වූවකි. එපමණක් ද නොව “රහතුන්
වහන්සේට කාම රාගය හා අවිද්‍යාව තිබිය හැක, උපදේශයකින් තොරව රහත් විය
නොහැක, ඛේදාන්තයක් පවසමින් ක්‍ෂණිකව රහත් බව ලද හැක, එසේම තමන් රහත් මඟ
ඵල ලද බව පවා හෙතෙමේ නොදැන සිටිනට හැක.” මෙම පංචවිධ කාරණා නිසාම
‘මහාදේව‘ හිමි පැවසුවේ රහත් අධිගමය හීන වූ පහත් වූ අධිගමයක්ම බවයි.
මෙකී රහත් අධිගමය අතැර පරාර්ථ චර්යාව හා සබැඳුණු බෝධිසත්ව චර්යාව
පුරමින්, බුද්ධයානයෙන්ම විමුක්තිය පැතීම ශ්‍රේෂ්ඨ වන මහායානී ආකල්පයයි.
මෙම අරහත්ත සංකල්පය, පිළිබඳව විමසීමේ දී ප්‍රථමයෙන්ම එහි වචනාර්ථය
විග්‍රහකර බැලීම වටී. අරහත්ත - අරි + හන්ත ලෙස ව්‍යවහාර වන අතරම අරි යන
ශබ්ද ප්‍රකෘතියෙන් ප්‍රකාශ වන්නේ සතුරන්වය. වෙනත් සතුරකු ගැන නොව
මෙහිදී ඇඟවෙන්නේ පුද්ගල ආධ්‍යාත්මයට බාධා පමුණුවාලන ;කලෙස් සතුරන්වයි.
හත්ත යන ධාතු ප්‍රකෘතියෙන් විනාශ කිරීමම ඇඟවේ. ඒ අනුව ‘අරහත්ත’ යනු
කෙලෙස් නම් වූ සතුරන්ව විනාශ කළ තැනැත්තායි.
ටිබෙට් කෘතීන්හි සඳහන් වන අන්දමට අ+ රහා යන වදනින් නිපන් ‘අරහත්ත’
යන්නෙන් අකුසල් දුරුලූ බවම ප්‍රකාශ වේ. එසේම සසර සයුර තරණය කළා වූ,
ආස්‍රව නැසූ, නිර්වාණාවබෝධය ලද තැනැත්තාම අරහත්ත නම් වේ. මෙය වනාහි
බුදුරදුන් අරභයා ද යෙදෙන පර්යාය නාමයකි. බුදුදහමින් පරිබාහිරව ජෛන,
හින්දු, වේද, උපනිෂද් කෘතීන්හිදී ද අරහත්ත යන වදන භාවිතා වී ඇත. ඉන්
පූජාර්හ වූ, පූජනීය වූ, ශක්‍යතා, හැකියාවන්ගෙන් ආඪ්‍ය වූ පුද්ගලයකුවම
ඇඟ වේ.
“සෘග්වේදයේ” පැපොන දේව නාමාවලිය තුළ ‘අග්නි’ යනු ප්‍රබලතම දෙවියෙකි. එම
දෙවියන්ව වැණීමේදී හේ පූජාවට සුදුසු බැව් පැවසීම සඳහා ‘අරහන්ත’ යන්න
ගුණවාචකයක් ලෙස යෙදී ඇත. පශ්චාත් වෛදික සමයෙහිලා ගැනෙන කෘතියක් වන
‘ශතපථබ්‍රාහ්මණයේ” දී මිනිසුන් විසින් පිරිනමන දානය පිළිගැන්මට සුදුසු
වූ තැනැත්තාවම හැඳින්වීම සඳහා මෙම අරහන්ත යන්න භාවිතා කර ඇත. භාරතීය
ශ්‍රමණ දහම් අතුරින් කැපී පෙනෙන දියුණුවක් අත්කරගෙන සිටී. ජෛන සමය තුළ
ද මෙම වදන හමුවෙයි. ඉන් පූජාවට සුදුසු වූ බවම ප්‍රකාශිතය.
ජෛන මහාවීරයන්ට වසර 250කට පෙරාතුව විසූ තීර්ථංකර පර්ශ්ව නාථයන් ද,
ඔහුගේ පටන් මහාවීරයන් දක්වාමද බිහි වූ ජෛන ශාස්තෘන්වද මෙකී ගුණ
වාචකයෙන්ම හඳුන්වාදී ඇත. මෙම කරුණු වලින් ගම්‍ය වන්නේ අරහන්ත සංකල්පය
බුදුදහමට ආවේණික වූවක් නොවන බවත්, එහි ප්‍රභවය. වෛදික සමය තෙක්ම දිවෙන
බවත් ය.
බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන් අරහන්ත සංකල්පය දෙස විචාර පූර්වකව බැලීමේ දී
සරලවම දිය හැකි නිර්වචනය වන්නේ ආශ්‍රවයන් සහමුලින්ම උදුරා හළ, කෙලෙස්
ධර්ම මුළුමනින්ම ප්‍රහණය කළ ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයකුම අරහන්ත වන වගයි.
මානව සමාජය විවිධ ආකාරයට වර්ගීකරණයට ලක් කිරීමේ දී බුදු දහම තුළදී
“භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා හා ගිහි පැවිදි” වැනි ප්‍රභේද
දක්නට ලැබිණ. ඒ අතුරින් අර්හත් සහ පෘථග්ජන යන බෙදුම සුවිශේෂීය. එකී
විභජන ක්‍රමය තුළ දී බුදුමඟට ප්‍රවිෂ්ඨ වී විමුක්තිය ලද මඟඵල ලාභී
ආර්යයන් වහන්සේලාත්, ඉන් පරිබාහිර වූ ඕලාරික සුවයන් වින්දනය කරමින්
ලෞකිකත්වයට නැඹුරුව වසන සාමාන්‍ය ජනයාත් යන සමස්තයම නියෝජනය වේ. එසේම
පිටකාගත කරුණු විමර්ශනය කිරීමේ දී බුදුරදුන් විසින්ම තමන් වහන්සේවද
‘අරහං’ යන ගෞරව නාමයෙන් හඳුන්වා දීමට යුහුසුළු වූ වග පෙනී යයි. මහාවග්ග
පාලියෙහි ‘මහා බන්ධකයේ’ පැණෙන පහත ගාථා පාඨය බොහෝ කොටම වැදගත් වේ.
“අහංහි අරහා ලොකෙ
අහං සත්ථා අනුත්තරො
එකමහි සම්මා සම්බුදෙකා
සීතභු තොත්මි නිබ්බුතො” යනුවෙන් බුදුරදුන් වදාළේ, “ලොවෙහි මමම රහත්
වූවෙක් වෙමි. අනුත්තර වූ ශාස්තෲද වෙමි, සම්‍යක් සම්බුද්ධ ද වෙමි,
සිහිල් වූයේ මම එනිසාම නිවුණේ ද වෙමි...” බවයි. බුදුගුණ ගැන විමසීමේ දී
වැදගත් වන නව අරහාදී බුදු ගුණයන් පද්‍යයෙන් වර්ණිකව ඇති කෘතියකි.
බුදුගුණ අලංකාරය එම කාව්‍යයෙහිදී අරහං ගුණය වර්ණනා වී ඇත්තේ.
“රහසත් පව් නොකොට
කෙලෙසරයනුත් දුරුකොට
නිසි වූයෙන් පුදට
අරහ යැයි නම කියති මුනිඳුට “ ලෙසය.
මෙලෙස පර්ෂද මධ්‍යයේ පුද පූජාවන්ට පාත්‍රවීමටත්, පාප ධර්ම ප්‍රහීණ කොට
ආධ්‍යාත්මික පාරිශුද්ධියක් ඇති කර ගැන්මටත් සඳහා සපිරිය යුතු ගුණාංග
සමුදායක් ඇත. මජ්ඣිම නිකාගත ‘චේතොචීල’ සූත්‍රයේ දී රහත් බව තකා
භික්‍ෂුවක විසින් පිරිය යුතු වන, ස්වකීය අභ්‍යන්තරය තුළ නිරන්තරවම
පවත්වා ගත යුතු ද වන ගුණාංග 15 කි. “බුදුන්, දහම්, සඟුන් යන
ත්‍රිවිධරත්නය හා ශික්‍ෂාපද පිළිබඳ සැකයෙන් තොරවීම, අන්‍යයන් හා සමඟ
ගැටෙන සුළු බවින් තොරවීම, රූප, ශබ්දාදිය විෂයෙහි තෘෂ්ණා දාහයෙන්
නොදැවීම, සෙය්‍ය සුඛ, පස්ස සුඛ, මිද්ද සුඛ විඳීමෙහි ආසන්න නොවීම, දෙව්,
බඹ සම්පත් පතමින් සීල ව්‍රත පිරීමට යොමු නොවීම, ඡන්ද, චිත්ත, වීර්ය,
විමංසා හා සමාධියද වැඩීම යන පසළොස් අංගයන්ගෙන් පූර්ණත්වයට පත්
භික්‍ෂුවට ඒකාන්තයෙන්ම අරහත් භාවය සාක්‍ෂාත් කරගත හැක.
බුදුරදුන්ගේ මංගල දෙසුම වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී ද උන්වහන්සේ
අවධාරණය කළේ දුක නිවාළීම අමා ශාන්තියට පත්වීමේ මාර්ගය යි. එහිදී
විමුක්තිය තකා ප්‍රවෘජිතයකු විසින් සේවනය නොකළ යුතු වන ප්‍රතිපදාවන්
ලෙසට “කාමසුඛල්ලිකානු යෝගය (කයට දැඩිව සැප ලබාදීම) හා අත්ථකිලමථානුයෝගය
(කයට දැඩිව දුක් දීම)” යන අන්තයන්ය. එකී හීන වූ ග්‍රාම්‍ය වූ, දුකම
අස්වද්දන සුළු වූ මාර්ගයන්ගෙන් වෙන්වී ගත්, කුසල් වඩනට හා අකුසල සහගත
පාපධර්ම ප්‍රභාතව්‍ය කරනටත් අදාළ වන ආර්ය මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික
මාර්ගයම වැඩීම අත්‍යවශ්‍ය බව බුදුරදුන් දක්වා වදාළහ.
රහතුන් වහන්සේ විසින් ස්වකීය අරහත් භාවය ලබාගනු පිණිස පිරිය යුතු,
ප්‍රතිපත්ති මාලාවක් මජ්ඣිම නිකාගත ‘චූල තණ්හා සංඛය’ සූත්‍රය තුළ
අන්තර්ගතය. ඒ අනුව යම් කිසි භික්‍ෂුවක් ඛන්ධ, ධාතු ආයතනාදී ධර්මයන්
තෘෂ්ණා, මාතාදියෙන් උපාදානය නොකර සිටී ද, එම ධර්මයන් අනිත්‍ය, දුක්ඛ,
අනාත්ම ලෙස දකී ද, විරාගීව ක්ලේශයන්ගෙන් වෙන්ව වසයිද, තමන් අත්විඳින
වේදනාවන් පිළිබඳවද එසේ ත්‍රිලක්‍ෂණානුගතව දකිමින් හිඳීද, එකල්හි කුසලා
කුසල සංස්කාර ධර්ම හට නොගනී, තෘෂ්ණාවද ප්‍රහීණ වේ. මෙකී ප්‍රතිපත්ති
මාලාව මඟින් රහත් බව ලබන භික්‍ෂුව දෙව් මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨ වේ.
එය වනාහි රහතුන්ගේ පූර්වභාග පටිපදාවයි.
මෙසේ ලබා ගන්නා අරහන්ත බව තුළ විද්‍යාමාන වන සුවිශේෂී ලක්‍ෂණයන් මීළඟට
අපි විමසා බලමු. අරහන්ත අධිගමයට පත්වූවකු විසින් “මම පවසමි”... යැයි
ආත්මීය භාෂණයන් සිදුකළ ද, හෙතෙමේ ලෝක ව්‍යවහාරය දැන හැඳින, එය ව්‍යවහාර
මාත්‍රයෙන් ම පමණක් භාවිතා කරන්නේ වේ. ආසව නැසූ නිසාම හේ ‘චීණසව‘ නමි,
නේකවිධ දුක් වපුළ සංසාරික පැවැත්මට සමාප්තියක් සනිටුහන් කරලමින් සසරට
පුද්ගලයාව බැඳලන බන්ධනයන්ගෙන් අත්මිඳී, පරිපූර්ණ විමුක්තියක් ලබා ගන්නා
මෙම අරහන්ත බව පිළිබඳව විවිධ මතවාද ද හට ගෙන තිබුණි. සාමාන්‍ය පුහුදුන්
සත්ත්වයා ගේ අභාවයත් සමඟම බුදු රැස් කර ගත් සංස්කාර ධර්මයන්ට අනුරූපව
ඔහු යළිත් භවයක උපත ලබයි. මෙකී භව චක්‍රයට අනුව හේ උපදමින්, මියෙමින්
දස දහස් වාරයක් සසර මඟ දිග සැරිසරයි. එකී තත්ත්වය රහතුන්ටද එපරිද්දෙන්ම
සාධාරණීකරණය කළ හැකිද යන පැනය එවකට සමාජයෙන් නැගිණි, එසේ ප්‍රශ්න නැඟූ
වච්ඡගොන්න පිරිවැජියාහට බුදුරදුන් වදාළේ තෘණ, දර, ආදිය නිසා දිලෙන
ගින්නක් වේද, එම අමුද්‍රව්‍ය අවසන් වූ විට එම ගින්නද නිවී යයි. එසේ
නිවීගත් ගින්න ගිය දිසාව කීමට නොහැකිවාක් මෙන්ම, උපාදානයන් ක්ෂයවීමෙන්
නිවී සැනසුණු රහතුන්ගේ අභාවයෙන් පසු පැවැත්මක් ද දැක්විය නොහැක.
ධම්මපදයෙහි අරහන්ත වග්ගයට අනුව රහතුන් වහන්සේගේ අභාවයෙන් පසු යන්නා වූ
මඟ දත නොහැක. එය කෙසේවීද යත්, අහස්හි පියාඹා ගිය පක්‍ෂියකුගේ පිය සටහන්
දක්නට නොහැකි පරිද්දෙනි.මෙම කරුණු කාරණා විමසා බැලූ කල්හි ගම්‍ය වන්නේ
‘අරහන්ත’ සංකල්පය බුද්ධකාලයට පෙරාතුව පටන්ම භාරතය තුළ පැවැති බවයි.
නමුත් එම අර්ථ විග්‍රහයන්ට සීමා නොවී ගැඹුරු වූ, පුළුල් වූ ආචාර
විද්‍යාත්මක අර්ථ කථනයක් බෞද්ධ දහමින් ඊට සැපයිණි. බුදුරදුන් උදෙසාත්,
මාර්ගඵල සත්‍යාවබෝධය ලද චිණාසව වූ වීතරාගී ආර්යයන් වහන්සේ විෂයෙහි ද
මෙම වදන භාවිතා විය.
මෙමඟින් මානුෂීය භාවය ඉක්මවාගිය අධි මානුෂීය බවක් හෝ, පුද්ගල මසැසට,
නැණසට ගෝචර නොවන දිව්‍ය, බ්‍රහ්ම බවක් හෝ අරහන්ත සංකල්පය වටා
කේන්ද්‍රගතවී නැත. එය තුළ හුදෙක්ම අන්තර්ගතව ඇත්තේ කෙලෙසුන්ගෙන්
විනිර්මුක්ත වූ පාරිශුද්ධමය පුද්ගල තත්ත්වයක්ම පමණි. බොදු දම් හිතැති
ඔබ අප සැමටත් පාරිශුද්ධ වූ ආධ්‍යාත්මික තත්ත්වයක් ගොඩනඟා ගැනීමට
හැකියාව ලැබේවා! |