ශ්‍රී දළදා සමිඳු තේවා මුර මාරු වීමේ චාරිත්‍රය
මල්වතු විහාරයෙන් අස්ගිරි විහාරයට පැවරීම පෝදා
ශ්‍රී දළදා සමිඳු තේවාමුර මාරුවීම මහනුවර මල්වතු මහා විහාරයෙන්
අස්ගිරිය මහා විහාරයට පැවරීමේ චාරිත්‍රය ජූලි මස 25 වෙනිදාට යෙදෙන ඇසළ
පුර පසළොස්වක පෝය දින පැරැණි චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාළිගාවේ දී
සිදුකෙරේ. මුර මාරු චාරිත්‍රය සිදුකෙරනුයේ ඇසැළ පෝය දිනට පසුදිනය.
ඉතිරිය»
දේව සංස්කෘතික සුරැකි කතරගම පුදබිම
කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පුන් පොහොය කේන්ද්‍ර
කර ගනිමිනි. මහා දේවාලය හා සම්බන්ධ විචිත්‍රවත් සිදුවීමත් මේ
මංගල්‍යයයි. එහි දී නක්ෂත්රානුකූලව සියලු කටයුතු ඇරඹීම එක්
විශේෂත්වයකි.
උදාහරණයක් ලෙස කප් සිටුවීම සඳහා ‘රත් කරව්’ ගසක් කැපීමේ සිට දිය කැපීම
දක්වා සියලු කාර්යයන් ඇරඹෙන්නේ
නැකැත් අනුවය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සම්මා සම්බුද්ධ ගුණ
මෙම ධර්ම දේශනාවෙන් මම බලාපොරොත්තු වන්නේ අපේ අමා මෑණි ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ පිළිබදවත් උන්වහන්සේගේ උත්තරීතර බුදුගුණ පිළිබඳවත්
කෙටියෙන් කරුණු කිහිපයක් පැහැදිලි කිරීමටයි. අප වැනි අයට අමා මෑණි බුදු
පියාණන් වහන්සේගේ ගුණ නිසි ආකාරව නොවැටහෙන ස්වභාවයක් ඇති බවත්
බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයන් වර්ණනා කර නිමකළ නොහැකි බවත් සත්‍යයකි.
එහෙත් එවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට වැටහෙන අයුරින් හෝ සාකච්ඡා
කිරීම බුදුගුණ භාවනාවකි.
ඉතිරිය»
|