පරිවර්තනය
නාරාවිල පැට්රික්
භාවනාවේ දී විද්‍යා සහ සායනික භාවිතය
පදනම් කරගෙන සිත සහ ජීවිතය පිළිබඳ 2005 අවුරුද්දෙ සම්මන්ත්‍රණයෙදී මගේ
අදහස් ඉදිරිපත් කළායින් පස්සෙ ඔබ අහපු කාරණය ගැන මම දලයි
ලාමාතුමාගෙන් දිගින් දිගට ප්‍රශ්න ගණනාවක් ඇහුව. මගෙ පළමුවැනි ප්‍රශ්නය
මේකයි. “බුද්ධ ධර්මයත්, විශ්ව ධර්මයත් අතර කවර ආකාරයක හෝ මූලික වෙනසක්
තියනවයි ඔබතුමා හිතනවද?” “නෑ” එතුමගෙ කෙටි ම පිළිතුර ඒකයි. මට නම් ඒක
අහන්න තරම් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන් ම 3000 ක් ඉදිරිපිට ඒ
ප්‍රතිචාරය ඉතා ම ස්ථාරවයි. මම මා ගැන ම හිතන හැටියට බෞද්ධ භාවනාව
සම්බන්ධයෙන් දැඩි උනන්දු ආධුනිකයකුව සිටියදී, ඒ පිළිබඳ නොයෙක් ධාරා
(ප්‍රවාහ) කෙරෙහි විශේෂ ආදරයකුත්, ගෞරවයකුත් මා තුළ තියනව. ඒත් මම මා
ගැන ම හිතන්නෙවත්, දකින්නෙවත් “නාමික බෞද්ධයකු” හැටියට නොවෙයි. මම
දකින්නෙත්, හිතන්නෙත් වැඩිමනත් “මානව ජීවියකු” හැටියට යි.
රිචඩ් ඩේවිඩ්සන්, ඩැනියෙල් ගෝල්මන් සහ ජෝන් කැබට් සින් යන ඉංගී‍්‍රසි
ජාතිකයන් අතර පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකින් සකස් කළ ඉංගී‍්‍රසි ලිපියක
පරිවර්තනයයි මේ. රිචඩ් ඩේව්ඩ්සන්, ඩැනියල් ගෝල්මන් සහ ජෝන් කැබට් සින්
පැරණි මිතුරෝ ය. ඔවුන්ගේ නිර්මාණ නිතරම වාගේ වසර ගණනාවක් තිස්සේ
ප්‍රකාශයට පත්ව ඇත. ඔවුන්ගෙන් හැම කෙනෙක් ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම්
සහ බටහිර විද්‍යාව පිළිබඳ හැම සංවාදයකදීම කේන්ද්‍රීය චරිත බවට පත්වෙති.
ඔවුන් සාමූහිකවත්, ප්‍රධාන සමාජ ප්‍රවාහය තුළ මිලියන ගණනින් වූ ජනතාවට
භාවනා පුහුණුවේ ස්වාධීන ශාක්‍යතාව ද හඳුන්වා දී ඇත. පොදුවේ ගත් කල
ඔවුන්ගේ ග්‍රන්ථ අඩු තරමින් භාෂා තිහකින් පමණ, මිලියන හයකට වැඩියෙන්
විකිණී තිබේ. ඔවුන් විසින් ලියා ඇති පුවත්පත් ලිපි ගණන දහස ඉක්මවයි.
ඒවායින් වැඩි හරියක් ජනපි‍්‍රය ශාස්ත්‍රීය සඟරාවලට ලියන ලද පර්යේෂණ
නිබන්ධන වෙයි.
2006 වසරේ ටයිම් සඟරාව ලොව මුල්තැනලා සැලකිය හැකි පුද්ගලයන් සිය දෙනාගේ
කණ්ඩායමට ඩේවිඩ්සන් නම් කරනු ලැබ ඇත. එයට හේතුව ඔහු භාවනාවේ නිරත
වූවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ‘එම්.ආර්.අයි. ස්කෑන්’ ඡායාරූප
යොදා ගෙන කරන ලද පර්යේෂණයන්හි පුරෝගාමියා වීමයි. ඔහු විසින් එමඟින්
මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කිරීමේලා භාවනාවේ බලය විද්වත් ලෝකයට
ඉදිරිපත් කර තිබේ. ගෝල්මන් දිගු කලක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට
විද්‍යා ලිපි ලියූවෙකි. ඒ අතර ඔහු චිත්තවේගික සහ සමාජ අවබෝධය විෂය යටතේ
හොඳ ඉල්ලුමක් ඇති ග්‍රන්ථ ගණනාවක කතුවරයා ය. එමඟින් ඔහු කාර්යාල හෝ
කර්මාන්තශාලා සහ අධ්‍යාපන බල ප්‍රදේශ තුළට සාවධානය (භාවනාව) හා කරුණාව
විෂයෙහි තිර බුද්ධිය සන්නිවේදනය කරමින් පුද්ගල හා අන්තර් පුද්ගල
කාර්යක්ෂමතාව ගැන සමාජය සිතන ආකාරය වෙනස් කිරීමට යත්න දරා ඇත. අනුකලන
වෛද්‍ය විද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ පුරෝගාමියකු වන කැබට් සින් භාවනා
බලයෙන් කායික හා මානසික ආබාධ තත්ත්ව දෙකින්ම පීඩාවට පත්වූවන් නිදහස් හා
සුවකර ගැනීමට පිළියමක් ලෙස මානසික අවධානය (සතිය) පදනම් කර ගත් ආයාස
ඌනනය පිළිබඳ ක්‍රමයක් සොයා ගත්තේ ය. ඔහු විසින් ඒ සඳහා නවීන ගිලන්හල්,
විදුහල්, සංස්ථා, ක්‍රීඩා කණ්ඩායම් සහ බන්ධනාගාරයන්හි වැඩසටහන් සැලසුම්
කරන ලදී.
මේ තිදෙනා ඔවුන්ගේ ජීවදත්ත, නිර්මාණ හා වත්පිළිවෙත් සමඟ එකට ෙවළුණු
සුවිශේෂත්වය ගැන මුහුණට මුහුණ සම්භාෂණයේ යෙදෙන්නට කළ ආරාධනයට ප්‍රතිචාර
දැක්වූයේ ඉමහත් උනන්දුවකිනි. 2008 ජූලි 03 වැනි දා
Inquiring Mind
සඟරාවේ සමසංස්කාරකයන් වන බාර්බරා ගේට්ස්, වෙස් නිස්කර් සහ මාගරට් කූලන්
මේ සංවාදයට දායක වී තිබේ.
Inquiring Mind මේ උදාවෙලා තියෙන්නේ ‘ඉන්ක්වයරිං මයින්ඩ්’ සඟරාවෙ
විසිපස්වැනි සංවත්සරේ.ඒ නිසා අපි කැමැතියි, අවුරුදු විසිපහක මතක සටහන්
දිගේ අතීතයට යන්න ඔබට ආරාධනය කරන්න. එහෙම නැති නම් එදා ඔබ තුන්දෙනා
මුණගැහුණු දා ඉඳලා ආපහු එන්න. ඔබ තුන්දෙනා ‘සතිය’ නැති නම් භවනාත්මක
අවධානය, වෛද්‍ය විද්‍යාව, චිත්තවේග සහ සමාජ අවබෝධය, භාවනාව හා මොළය
පිළිබඳ පර්යේෂණ ආදී ක්‍ෂේත්‍ර තුළ, නිර්මාණාත්මක පියවරේ දී කටයුතු කළ
භූමිකාව ගැන අපට දැනෙන්නෙ බලවත් කුතුහලයක්. අද ඒ ගැන මොකද හිතන්නෙ?
ඩෑන් (ඩැනියල්) රිචීත්, මමත් 1972 අග හරියෙ මුණගැහුණෙ හාවඩ්වල
මනෝභෞතවේදය පන්තියේදී. ඒ වෙනකොට මම අවුරුදු එකහමාරක් ඉන්දියාවෙ ඉඳල ආව
විතරයි. මම ඉන්දියාවෙ වැඩ කළේ සංචාරක සහකාරයකු හැටියටයි. මම එහෙදී තමයි
පළමුවෙන් ම විපස්සනා භාවනාව ඉගෙන ගත්තෙ. ඒ බොහොම හුදකලාව එස්.එස්.
ගොයෙන්කාතුමා එක්ක. එතනදී තමයි ඔක්කොම කරදර පටන් ගත්තෙ. (සිනා)
ඉන්ක්වයරිං මයින්ඩ් - හොඳයි ඩෑන්, ඔබ ආපහු ආවයින් පස්සෙ, ඔබට අදහසක්
ඇතිවුණේ නැද්ද, අපේ සංස්කෘතියෙන් ඔබ ඉගෙන ගත්තු දේවල් එක්ක ගනුදෙනු
කරන්න?
ඩෑන්, මට මතකයි, මම ඉන්දියාවට ගියෙ හාවඩ් ඉඳලයි. ඒක හුඟක් මිහිරි
සංකලනයක්. ඒ මොකද කිවුවොත්, මගේ ක්ෂේත්‍රයෙ ‘මහ මොළකාරයන්’ හුඟක්
හිටියෙ හාවඩ්වල. නම් කරතොත් දෙන්නෙක් තමයි, බී.එෆ්. ස්කීනර් සහ එරික්
එරික්සන්. ඔවුන් මට මුණගැහුණෙ විදුලි සෝපානයෙදී. මම හණික තිගැස්සුණා.
ඔවුන්ගෙ පෞරුෂ්‍යය ඒ තරම් ආකර්ෂණීයයි. ඉතින් මම ඉන්දියාවට ගියා
කියමුකො. එහිදී මට නීම් කරෝලි බබා, ඩූරු රින්පොච් වගේ අය මුණගැහුණ.
ඔවුන්ගෙ පෞරුෂයෙන් මම ගල් ගැහුණා. හරියට කරණමක් ගැහුව වගේ. මට මෙහෙම
හිතුණ. භාවනාත්මක වත්පිළිවෙත් එක්ක බැඳුණු වටපිටාවක් සහිත ආසියානු
සංස්කෘතිය තුළ කිසියම් අමුතු දෙයක් සිදුවෙමින් තියනව. ඒ ගැන බටහිර අපට
ඒ තරම් තේරුමක් නෑ. මනෝවිද්‍යාව පිළිබඳ අපේ හැදෑරීම්වලදී එතැන බරපතළ
වැදගත්කමක් තියෙනව. ඒ එක්ක ම මානව ශක්‍යතා පිළිබඳ අපේ ප්‍රත්‍යක්‍ෂ
අවබෝධයටත් ඒක ඉතාම වැදගත්. ඒ සම්බන්ධයෙන් මටත් යම් තරමක පෞද්ගලික
වගකීමක් හරි, තොරතුරු බෙදාගැනීමේ දූත මෙහෙවරක් ඇති බව හිතුණ.
මට මුණගැහුණු යෝගිවරුනුයි, සාමිවරුනුයි දැකීමෙන් ඒ අය ගැන විද්‍යාත්මකව
අගය කරන්න තරම් විශේෂ යමක් තියනවද කියල මට ලොකු කුතුහලයක් ඇති වුණා. මට
වුවමනා වුණේ ඔවුන්ගෙ මොළේ මොකක් හරි අමුතු වෙනසක් තියනවද කියල දැන
ගන්නයි. මට රිචී මුණගැහුණම එයත් එහෙම පිටින් ම ඒ අදහස දරන බව පෙනුණ. ඒ
අනුව අපි දෙන්න අඹ යාළුවන් බවට පත් වුණා. ඒ සම්බන්ධ ගවේෂණයෙදී අපි
දෙන්නම එක ම මතය දැරුවා. එතනදී අපේ සම්මත දෘෂ්ටියට කරන්න දෙයක් නැති
වුණා. අපි එයින් මිදුණ.
ජෝන් කැබට් සින් |
ඩැනියෙල් ගෝල්මන් |
රිචඩ් ඩේවිඩ්සන් |
ඒ කාලෙදීම වගේ මම ඩේවිඩ් මැක්ලිලන්ඩ්ගෙ ගෙදර කාමරයක් කුලියට අරගෙනයි
හිටියෙ. එයා මගෙ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා. එතැන සතිපතා භාවනා කළා. දවසක්
රෑයාමෙ ඒ වෙනකොට සෙන් (බුදුදහම) හදාරමින් හිටපු ජෝන් කැබට් සින් ආව. ඒ
ගැන මෙහෙම කිවුවොත් හොඳයි. 1973 – 1983 අතර අවුරුදු දහයක් තුළ අපි
දායකවෙලා හිටපු මේ වැදගත් මාතෘකාව ගැන තේරුමක් නැතිවයි හිටියෙ. ඇත්තට ම
මට ඒක හොඳ අවස්ථාවක් වුණා. ඒ වෙද්දී ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සමාජය
මේ වගේ දේවල් සැලකුවෙ පෙනුමට අලංකාර වුණත් අවදානම් සහ සමහර විට බඩට
වදින අතරමංවීමක් හැටියටයි.
ඉන්ක්වයරිං මයින්ඩ් - හොඳයි දැන් අපි මේ “එළිපිට සහ යටිපිට” ප්‍රශ්නය
ගැන හිතල බලමු. පහුගිය දසක තුන පුරා ඔබේ වෘත්තීය කටයුතු සහ “ධර්මය”
පිළිබඳ පිළිවෙත ගැන මොකද කියන්නෙ? ඔබ තුන්දෙනාගෙන් එක එක්කෙනා ඔබ කියන
අඳුරු කුටියෙන් එළියට එන්නෙ කවද ද?
ජෝන් කැබට් සින් – ඇත්තට ම මගේ අරමුණේ නම් කිසිම රහසක් තිබුණෙ නැ. මගේ
හිතට එකඟව මම එකහෙළා ම අනුගමනය කරමින් හිටියෙ මම මගේ විද්‍යාත්මක
පුහුණුව ලබාගන්න ඕනෑ කොහෙන්ද සහ මගේ ජීවිතය පිළිබඳ වගකීම පවරන්නෙ
කොතැනට ද යන කාරණය ගැනයි. මම 1966 බෞද්ධ භාවනාවට යොමුවුණේ පිලිප්
කැප්ලෝ, දේශනයකට මැසසුසෙට්ස් තාක්‍ෂණික ආයතනයට ආපු වෙලාවෙයි.
විද්‍යාත්මක සහ බුද්ධි විෂයාත්මක විමර්ශනයේදී භාවනාව ඇදහිය නොහැකි
තරම් වැදගත් අවකාශයක් සලසන බව මට තේරුණා. ඒ වගේම ඒක පර්යේෂණාත්මක
විමර්ශනයටත් වැදගත් ඉඩකඩක් ලබාදුන්නා. ඒ කාලෙ විද්‍යාත්මක සමාජයෙ
තිබුණෙ ප්‍රශ්න අහල මඩවන (වෙහෙසවන) නැඹුරුවක්. ඒකට හේතුව වුණේ ඉදිරිපිට
නැති පුද්ගලයකුගෙ අත්දැකීම එක්ක සසඳන විට ස්වායත්ත ප්‍රායෝගික අත්දැකීම
නොවැදගත් ලෙස සැලකීමයි.
මා ගැන සිතතොත් මම හිටියෙ අණුකවිද්‍යාව පිළිබඳ උපාධි අපේක්‍ෂකයකු
හැටියටයි. මගේ අවධානය යොමුවෙලා තිබුණෙ මගේ වෘත්තීය මොකක් විය යුතු ද
යන්නන ගැනයි. ඒ වගේම මගේ අවධානය තිබුණෙ පෘථිවි ගෝලය වෙතයි. අවුරුදු
කීපයක් ගතකරල 1979 මුල හරියෙදී මම විපස්සනා භාවනාවෙන් ඈත් වුණා. ඒ එක්ක
ම මට කුතුහලයක් දැනුණ. ඒ වෛද්‍ය විද්‍යාවෙ ප්‍රධාන ප්‍රවාහයට
ප්‍රතිඵලදායක හැටියට භාවනා පුහුණුව හඳුන්වා දෙන්නෙ කොහොමද යන්න ගැන.
එතැන දී මුළුමනින් ම වාංමාලාව යොදන්න සිදුවුණේ සංස්කෘතික සහ ආගමික
ස්වරූපය ගැන නොසිතා නිදහස්වයි. ඇත්තට ම ඒක අපි ලෝකය තුළ දකින, මහා
පරිමාණයෙන් ව්‍යාප්තවී ඇති දුක්ඛ වේදනාව තේරුම් ගැනීමට සෑහෙන
ප්‍රවේශයක් වෙන්න පුළුවනි. මේ ප්‍රවේශය ගවේෂණයේ නිරත වෙන්න සුදුසු
අර්ථවත් පියවරක් විය හැකියි.
මේ අතරතුර මම 1973 දී මුල් වරට ඩෑන් සහ රිචී මුණගැහුණ. එතකොට මම
බ්රෑන්ඩ්ස්වල උගන්වමින් හිටිය. ඒ දෙන්න හාවඩ්වල උපාධි අපේක්‍ෂකයො. මම
මනෝ භෞතවේදය පිළිබඳ රසායනාගාරයක් හොයමින් හිටිය. මට මුණ ගැහිල හිටපු
ස්වාමිවරයෙකුගෙ කුසලතා ගැන අධ්‍යයනය කිරීම ආස්වාදජනක දෙයක් වුණා.අපි
තුන් දෙනා එකතුවෙලා මේ යෝගියා පරීක්‍ෂා කරන්න මුල් කෙටුම්පතක් සැලසුම්
කළා. ඒත් පරීක්‍ෂණ ප්‍රතිඵල ඒ තරම් ආකර්ෂණීය වුණේ නෑ. එහෙම වුණත් මුළු
ජීවිත කාලෙට ම මුල් බැහැ ගත්තු මිත්‍රත්වයක් තහවුරු වුණා. කොහොම වුණත්
මම 1979 අගදී වේදනා සමනය කිරීමේ සායනයක් පටන් ගත්ත. 1983 තරමෙ
‘ඉන්ක්වයරිං මයින්ඩ්’ සඟරාව පටන් ගනිද්දී කලින් සඳහන් සායනය, ‘සති
(අවධානය) පදනම් ආයාස සමන සායනය’ නමින් හතරවැනි අවුරුද්ද ගෙවමින් හිටිය.
ඒ අතර නිදන්ගත වේදනාවන් එක්ක රෝගීන් මූණපාන ප්‍රත්‍යක්‍ෂ ආදීනව පිළිබඳ
පළමුවැනි පත්‍රිකා ලිපිය සඟරාවෙ පළවුණා. දැන් සති (සිහි) පදනම්
මැදිහත්වීම ලෝක ව්‍යාප්ත ක්ක්‍ෂේත්‍රයක් බවට පත්වෙලා ඉවරයි. වෛද්‍ය
විද්‍යාව, සෞඛ්‍ය සංරක්‍ෂණය සහ ඉන් එහාටත් විශිෂ්ට ලෙස සංවිධානාත්මකයි.
ඉන්ක්වයරිං මයින්ඩ් – රීච්, ඔබ ඔබේ අධ්‍යයන වෘත්තිය පටන් ගනිද්දී එය
භාවනාව පර්යේෂණයට යොමු කළේ නෑ. ඒක වැඩිමනත් ගුප්ත ආස්වාද ජනකයක් නොවෙයි
ද? මොක ද ඔබ වෘත්තිමය වශයෙන් ස්ථාවර වනතුරු බලා සිටියා ද?
රිචඩ් ඩේව්ඩ්සන්, හරියට හරි. මම පළමුවැනි වරට භාවනා නතර කළේ 1974 දී. ඒ
ඩැනීගෙ දැඩි බලපෑම නිසයි. ඩැනී මට කිවුව, ඉන්දියාවෙ ගොයින්කා තුමා එක්ක
කරන විපස්සනා භාවනාව නතර කළ යුතුයි කියල. 1974 ගිම්හාන සමයෙ ටික කලක්
ඩැනිත්, මමත් ශ්‍රී ලංකාවෙ එකට හිටිය. එතකොට අපි භාවනාව ගැන ලිවුව. ඒ
මගේ උපාධි අපේක්‍ෂක දෙවැනි වසරින් පස්සෙ. ඒ අතර මම ඩැනිත් එක්ක බොහොම
සුළුවෙන් භාවනාව ගැන පර්යේෂණ කළා. 1970 සහ 1980 යන දසක අවසාන
වකවානුවලදී අපි ප්‍රකාශන කීපයකුත් නිකුත් කරල තිබුණ.
මට පළමු වරට ජෝන් මුණගැහුණෙ 1973 දී තරමෙ. ඒ කාලෙදී ම වගේ එයා, මාව
ලැරී රොසන්බර්ග්ට අඳුන්වල දුන්න. එයා තමයි මගෙ පළමුවැනි ;යීග උපදේශකයා.
එයා මම නතරවෙලා හිටපු පුංචි කේම්බ්‍රිජ් කාමරයෙදී මට යෝග ව්‍යායාම්
ඉගැන්නුව. ඇත්තටම ජෝන් කියපු හැටියට එයයි, ඩැනියි, මමයි 1975 තරමෙදී
ස්වාමි රාම එක්ක යෝග සහ භාවනාව පදනම් කරගෙන ඇමරිකාවෙ පළමුවැනි පර්යේෂණ
වලින් එකකට සම්බන්ධ වෙලා හිටිය. ඒ කටයුතු මෙහෙයැවුණේ මැසචුසෙට්ස්
මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානෙ ඩේවිඩ් ශැපරෝගෙ පරීක්‍ෂණාගාරෙ.
ඒත් මට අධ්‍යයන අංශයෙ වෘත්තීයක් ලබාගන්න ඕනෑ කරල තිබුණ නම්, අනුගමනය කළ
යුතුව තිබුණු ක්‍රියාමාර්ගය එය නොවන බව පැහැදිලිව පෙනුණ. මට හිතෙන
හැටියට ඒකට හේතු දෙකක් තිබුණ. කලින් ඩෑන් විස්තර කරපු හැටියට එකක්
වන්නේ තත්කාලීන සමාජ හා දේශපාලන වාතාවරණය නිසා, මේ අවකාශයට ඇති
පිළිගැනීමේ හිඟපාඩුව සහ හුදෙක් අමිහිරි දෘෂ්ටියයි. දෙවැන්න මේ වගේ එකක්
ඒ කාලෙ අපි අත්දැකල තිබුණු ක්‍රමවේදය තරමක් රළුයි. ඒ නිසා ඇත්තටම
කියතොත් වෘත්තිකයකු හැටියට මම ලබාගෙන තිබුණු අත්දැකීම් අපි කරමින්
තිබුණු පර්යේෂණ වලදී ප්‍රමාණවත් තරමින් තහවුරු වෙලා තිබුණෙ නෑ. මොළේ
ක්‍රියාකාරීත්වය මනින්න තිබුණු විද්‍යුත් මිනුම් ක්‍රම ඉතාම ගොරෝසුයි.
ඒ වන විටත් මොළයේ ඡායා පිටපත්කරණය දියුණුවෙලා තිබුණෙ නෑ. වඩාත් සාධාරණව
කියනව නම්, අපේ පර්යේෂණ සඳහා මනෝභාවනාත්මක අත්තිවාරමක් නොතිබුණු තරමයි.
ඒ වෙනකොට ස්නායු ප්ලාස්ටිකරණය හීනයක්ව තියෙන්න නම් ඇති. ඊට පස්සෙ මම
කෙළින්ම ප්‍රධාන ප්‍රවාහයට සම්බන්ධ වෘත්තියකට අත ගැහුව. ඒක
චිත්තවේගාත්මක මොළය පිළිබඳ කටයුත්තක්. ඒ කියන්නෙ දැන් භාවාත්මක
ස්නායුවිද්‍යාව නමින් හැඳින්වෙන ක්ෂේත්‍රය පෝෂණය කරන්න උදවු වන එකක්.
එතනදී කෙරෙන්නෙ චිත්තවේග පිළිබඳ ස්නායු ක්‍රියාකාරීත්වය අධ්‍යයනයයි.
ඇත්තට ම මම දලයි, ලාමාතුමා පළමු වරට මූණට මූණ අඳුනා ගන්නෙ 1992 දී. ඊට
පස්සෙ තමයි මට පැහැදිලි වැටහීමක් ලැබුණෙ. ඒ මුණගැසීමෙන් මම මා සමඟත්, ඒ
මහෝත්තමය සමඟත් සිතින් ගිවිසුමකට එළඹුණා. “දැන් මෝහාන්ධකාරයෙන්
අත්මිදෙන්න හොඳ ම වෙලාව,” මම හිතුව. ක්ෂේත්‍රය ගැන මගෙ අභිරුචිය
පිබිදුණා. ඒ ගැන ප්‍රසිද්ධියෙ ම කතා කරන්න මඟ පෑදුණා. උනන්දුවෙන්
පර්යේෂණය කරගෙන යන මඟට වැටුණ.
ඉන්ක්වයරිං මයින්ඩ් - ලාමාතුමා ඒ ගැන ඔබෙන් ඇහුවද?
රිචඩ් – අදාළ ක්ෂේත්‍ර පර්යේෂණය පටන් ගන්න කියල එතුමා පැහැදිලිව කිවුව.
එතුමා වැඩි කැමැත්තක් දැක්කුවෙ මෛත්‍රීය ගැන පර්යේෂණ කරල ඒ ඔස්සෙ
ඉදිරියට යන්න. මා ගැන හිතද්දී එතුමා හමුවීම මගේ වෘත්තීය ගමන්මඟ වෙනස්
කරන්න මෙහෙයැවුණු ස්ථාරව කේන්ද්‍රිය එකක් වුණා. ඇත්තටම එතන ඉඳල මම
මෝහාන්ධකාරයෙන් අත්මිදුණ. දැන් මම තව දුරටත් ෙම් ක්ෂේත්‍රයට (අපි කතා
කරමින් සිටින භාවනාත්මක ස්නායු විද්‍යාව) කැපවෙලා ඉවරයි. මෙතක්
නියැලුණු වෙනත් ඕනෑ ම ක්ෂේත්‍රයකට වඩා ඒක මගෙ හිතට එකඟයි.
ඉන්ක්වයරිං මයින්ඩ් - සමහර විට විද්‍යාවයි, ධර්මයයි අතර පරස්පරයක්
නැද්ද? අත්දැකීම්වලට එකඟ ද විද්‍යාත්මකද?
රිචඩ් – පරස්පරයක්? නෑ, කොහෙත් ම නෑ. ඒවා නිසැකයෙන් ම සහසක්‍රීය බව
කියන්න ඕනෑ. මට හිතෙන හැටියට විද්‍යාව සහ ධර්මය, සත්‍යය තේරුම් ගන්න ඉව
අල්ලනව. ඒ දෙකටම මූලික අත්දැකීම් පදනම් කර ගත්තු අංශයක් තියනව. මම
හිතන්නෙ ඒ දෙක ම නොනිමි අවංකත්වයෙ අගය අවධාරණය කරනව. ඒ නිසා මට නම්
ධර්මයත්, විද්‍යාවත් එක ම කාසියෙ දෙපැත්ත වෙලා තියනව.
ඉන්ක්වයරිං මයින්ඩ් මම දැන් ඩෑන් පැත්තට හැරෙනව. ඩෑන්, ඔබේ
චිත්තවේගාත්මක අවබෝධය සහ සමාජ අවබෝධය පිළිබඳ පර්යේෂණ, ධර්මය පදනම් කර
ගත් සංවාදයක් වගේ පේනව. මම කියන දේ හරි ද? ඔබේ අදහස ඒකද?
ඩෑන් – මගේ ජීවිතයත්, වෘත්තියත් පන්නරය ලබල තියෙන්නෙ ධර්මයෙන්. මගේ
Emotional Intelligence නිබන්ධනය නිසැකයෙන් ම, මගේ දෘෂ්ටිය ධර්මයෙන්
හැඩ ගන්නල තියෙන ආකාරයේ සංකේතයක්. ඒත් මම හිතනව ඊට අමතරව තවත් යමක්
සිදුවෙමින් තියන බව. ඇත්තටම ඒ නිබන්ධනය මිනිස්සුන්ගෙ චිත්තවේගාත්මක
ජීවිතයෙ එදිනෙදා සජීවි ප්‍රශ්න ගැන සාකච්ඡා කරනව. ඒ කියන්නෙ ස්වාත්ම
සාවධානය, කෙනෙකුගේ සංවේගාත්මක චිත්තවේග කළමනාකරණය, වෙනත් පුද්ගලයන් තුළ
පවතින හැඟීම් හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම වගේ දේවල්. ඇත්තටම
මේව විශ්වසාධාරණ මානව අත්දැකීම්. ඒත් ඒව කොහෙත් ම බුද්ධ ධර්මය නම්
නොවෙයි.
පුදුමයකට වගේ ඒ පොත පිටවුණායින් පස්සෙ, ඒක නමට විතරක් බෞද්ධ පොතක්
නොවෙයි කියල හිතුවෙ බෞද්ධයන් විතරක් නොවෙයි. සහස්‍රකය පටන් ගනිද්දී
නිකුත් වුණු ප්‍රකාශනයක් හැටියට ඒ ගැන ලිපියක් ලියන්න කියල
වතිකානුවෙනුත් මට කිවුව. ඒ විතරක් නොවෙයි, ඒක කොයි තරම් පුදුම විදිහට
අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරනවද කියල හුඟක් මුස්ලිම්වරුනුත් ඇහුව. ඒ නිසා
මම හිතනව අපට ජීවිතය පුරා මූණපාන්න සිදුවෙලා තියෙන්නෙ කවර තත්ත්වයකට ද
සහ එයට මූණදෙන්නෙ කොහොම ද යන්න ගැන අපේ තේරුම් ගැනීම සම්බන්ධ විශ්ව
සාධාරණ යමක් තියන බව හිතෙනව. ඒත් එක්ක ම නියතයෙන් එය සිත්ගන්නා හැටියට
ධර්මයට එකඟ බවත් පේනව.
දැන් මම තවත් ප්‍රශ්නයකට ආපහු යන්නම්. ඒ කියන්නෙ මේ ග්‍රන්ථය මතුපිට
ගැන කියන එකක් ද? නැති නම් යටිපිට ගැන කියන එකක් ද? යන්නයි. මගේ
පැහැදිලි වෘත්තිය ගමන්මගේ ධර්මයට හිමි භූමිකාව මොකක් වගේ ද පේන්නෙ. ?
මම මගේ සම්භාව්‍ය විද්වත් ලෝකය අතඇරල පුවත්පත් කලාවට බැස්ස. මම 1983 දී
විතර ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පත්තරයට ලියන්න පටන් ගත්ත. මුල ඉඳල ම මම
පත්තර වෘත්තියට හුඟක් ලැදිබව ටයිම්ස්කාරයන් දැනගෙන හිටිය.
සමහර වෙලාවට ටයිම්ස්කාරයෙක් බයාදු විදිහට මා ළඟට ඇවිත් මගෙන්
ප්‍රශ්නයක් අහනව. ඒක භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ අහන්නෙ භාවනාවත්
එක්තරා විදිහක අලුත් ඖෂධයක් ද කියන එකයි. ඒත් භාවනාව හැම විට ම, එක්තරා
දුරකට පත්තරේ මගේ ප්‍රධාන වෘත්තියට අදාළ වෙන එකක් නොවෙයි. මගේ
ලිපිවලින් ආවරණය වෙන්නෙ නවීන විද්‍යා ප්‍රවෘත්ති. මම හිතනව භාවනාව ගැන
මගේ පෞද්ගලික අත්දැකීම් දෙවරක් නැති නම් තුන් වරක් ටයිම්ස් පත්තරේට
ලියන්න ඇති. ඒත් ඔක්කොම ගත්තම ලිපි අටසියයක් නැති නම් නවසියයක් විතර
ලිවුව.
ඉන්ක්වයරිං..... රිචීගෙ උදාහරණයෙදී වගේ, ඔබේ වෘත්තිය ක්‍රියාකාරීත්වය
මඟින් ඔබ ලබාගෙන තිබෙන විශ්වාසනීයත්වය, අධිකාරය සහ ගෞරවය, බුද්ධ ධර්මය
ඇති හැටියට විග්‍රහ කරල ලෝකයට බෙදා හරින්න ඔබේ තේරුම් ගැනීමේ හැකියාව
තීරණාත්මකයි.ඒක බුද්ධ ධර්මයේ ඉගැන්වීම් වලටත් එකඟ වෙන්න පුළුවනි.
ඩෑන් – මගෙ වැටහීමෙ හැටියට දෙවිදිහක විශ්වසනීයත්වයක් තියනව. එකක් නම්
ඥානපූර්ණ විශ්වසනීයත්වයයි. මා ගැන හිතුවොත් මම හාවඩ් පසුබිම තියන
ආචාර්ය උපාධිධරයෙක්. ඒ එක්ක ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විද්‍යා
ලේඛකයකු හැටියට එක්තරා විදිහක ප්‍රතිභාපූර්ණ විශ්වසනීයත්වයකුත් තියෙන්න
පුළුවනි. ඒත් ඒ වගේ ම විද්‍යා ලේඛනය පිළිබඳ ආචාර ධර්ම පදනම් කර ගත්
විශ්වසනීයත්වයකුත් තියනව. රිචී යෝජනා කරපු හැටියට ඔබත් සත්‍ය ගැන
බලාපොරොත්තු තැබීම වුවමනායි. එහෙම නැති නම් උපරිම ආසන්නවීමක් වත්
වුවමනා වෙනව. ඒ නිසා විද්‍යා ලේඛකයකු හැටියට මේ වගේ දේවල් ඇතුළුව, ඕනෑ
ම දෙයක් ගැන ලියද්දී මම හැම විටම උපරිතම දත්ත ගැන විශ්වාසය තියනව.
ඉන්ක්වයරිං .... අවුරුදු දෙක තුනකට ඉස්සර ‘ඉන්ක්වයරිං මයින්ඩ්’ මැතිව්
රිකාඩ් එක්ක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුව. එතැන දී එයා කිවුව කලින්
ඩෑන් කියාපු කතන්දරයට සමාන එකක්. බෞද්ධ භික්‍ෂූන් මුණගැහිල, පැවිදි
වෙලා ධර්මය ඉගෙන ගන්න තමා විසින් ම රිකාඩ් පොළඹවනු ලබල තිබුණ. ඒත්
තමන්ගෙ පවුලෙ සාමාජිකයන් මඟින් අඳුන ගෙන තිබුණු විශිෂ්ට අවබෝධයක් ඇති
භික්‍ෂූන්ගෙන් නොවෙයි. ඊට වඩා මුළුමනින්ම වෙනස් ප්‍රතිපත්ති මාර්ගයක්
අනුගමනය කරන භික්‍ෂු නිකායක්. අන්න එතකොට තමයි හතර වැන්නෙක් එයාගෙ දොරට
තට්ටු කළේ. ඒ කියන්නෙ මුණගැහුණෙ.
රිචඩ් – දැන් ඉතින් මමත් මා ගැන ඒ වගේ දෙයක් කියන්නම්. මම පළමුවෙන්ම
මනෝභෞතිකවේදය පන්තියෙ වාඩිවෙලා ඉන්දැද්දී, මා එක්ක ම එහායින් හිටපු
එක්කෙනා, එයා කවදාවත් මට මුණගැහිල නැති බවත්, කවදාවත් එයාගෙ පින්තූරයක්
මම දැකල නැතිව ඇති බවත් කිවුව. ඒ හණික මම එයාගෙන් මෙහෙම ඇහුව. ‘ඔබ ඩෑන්
කෝල්මන් නේද?’ කොහොම වුණත් මම හාවඩ් එන්න කලින් ඩෑන් ගැන දැනගෙන හිටිය.
ඒ වෙනකොට මම කියවල තිබුණු මනෝවිද්‍යාව පිළිබඳ හොඳ ම මැදහත් ලිපිය
හැටියට හිතපු කෘතිය එයා ප්‍රකාශයට පත් කරල තිබු. ඇත්තට ම මම හාවඩ්වලට
ආකර්ෂණය වෙන්න හේතුවුණු එක චරිතයක් තමයි ඩෑන්. ඩෑන් උපාධි අපේක්‍ෂකයකු
බව මම දැනගෙන හිටියා. අධ්‍යයන අංශයෙදී ඒ වන තුරු අඳුනගෙන නොහිටියත්,
එයා හාවඩ්වල ඉන්න බව දැනගෙන හිටියා. එදා හවස ඩෑන් මාව ගෙදරට ගෙනැවිත්
ඇරලුව. මම එයාගෙ ෆොක්ස්වැගන් මිනිබස් එකට නඟිද්දී ඒකෙ පහළ ඉඳල ඉහළට
යෝගින්ගෙ පුදුම එළවන පින්තූර අලවල තිබුණ. ඒ හණික මම දැනගත්ත මාව
ආකර්ෂණය කර ගත්තු විමුක්ති මාර්ගයේ ගුණාත්මකභාවය එතැන තියන බව. මගේ
බලාපොරොත්තු මල්පල ගැන්වුණු බවත් මට දැනුණ.
ඉන්ක්වයරිං... එහෙනම් ඩෑන් තමයි ඔබේ දොරට තට්ටු කරපු හතරවැනි පණිවිඩකාර
දූතය. (සිනා)
ඩෑන් – මම පළමුවරට රාම්දාස් මුණගැහුණම මොකද වුණේ කියල හිතන්න මේක
හේතුවක් වුණා. ඒක සිදුවුණේ නිව් හැම්ප්ෂයර්වල එයාගෙ තාත්තගෙ ගොවිපොළේ
දී, මාව එතැනට යොමු කළේ මගේ නිර්මාණාත්මක හැකියාව විසිනුයි. නේපාලයේ
ඉඳල ආපහු එමින් හිටපු ඇමරිකන් කාන්තාවක් මට මුණගැහුණ. එයා රාම්දාස්ට
පණිවිඩයක් අරගෙනයි ඇවිත් හිටියෙ. කේම්බ්‍රිජ්වල මගේ නවාතැන ඉස්සරහ එයා
නතර වුණා. ඒ සිසිරය උදා වෙනකොට උපාධි ආයතනයෙ මගේ දෙවැනි අවුරුද්ද, එයා
කිවුව මට වුවමනා නම් උඩට ගිහින් ඒ පුද්ගලය හම්බවෙන්න පුළුවන් කියල.
ඇත්තට ම මම එයා ගැන කවදාවත් අහල තිබුණෙ නෑ. ඒත් මම කිවුව, “හරි යමු.”
රාම්දාස් කාමරයක ඉඳගෙන හිටිය. කාමරය පුරා ඉන්දියානු දෙවිවරුන්ගේ
පින්තූර අලවල. මම කවදාවත් ඒ වගේ දෙයක් දැකල නොතිබුණු නිසා විදේශික
ගතියක් පෙනුණ. රාම් සුදු ඇඳුමක් ඇඳල හිටිය. දිග කොණ්ඩයත්, රැවුලත්
සුදුම සුදුයි. ඔහු කිසි ම දෙයක් කතා කළේ නෑ. ඇත්තට ම මම කවදාවත්, ඒ වගේ
කතා නොකළ කෙනෙක් ඉස්සරහ ඉඳල නෑ. මට තරමක තිගැස්මක් ඇතිවුණා. ඇත්තට ම
මගේ හිත් ගත්තෙත් ඒ පෞරුෂයයි. ජෝන් කැබට් සින් – ඇත්තට ම ඩැනී එක්ක
ගත්තම ඒ දර්ශන මාත්‍රයෙනුත්, ස්වරූපයෙනුත් ආකර්ෂණයවීම නිසා මගේ අඩිය
පස්සට ගන්න බැරි වුණා. ඒක වැඩිමනත් දාර්ශනික සාධකවලත්, තමන්ගෙ විමුක්ති
මාර්ගය හැටියට ධර්මය තෝරා ගත්ත මිනිසුන්ගෙ හමුවීමේත් සංයෝගයක් වුණා.
1966 දී පිලිප් කැප්පෝ Three Pillars of Zen මාතෘකාවෙන් මැසචුසෙට්ස්
තාක්‍ෂණික ආයතනයෙ පවත්වපු දේශනයක් අහන්න මම ගියා. එතන දී ජනමාධ්‍ය
නියෝජිතයකු හැටියට නියුරන්බර්ග් යුද්ධාධිකරණයෙ නඩුවිභාගයකට ගිය වෙලාවෙ
තමන් ලබාපු අත්දැකීමක් ඔහු විස්තර කළා. ඒ ගමනෙදී ඔහුට මාස හයක්
ගල්ගැහෙන සීතලේ ජපානයෙ ආශ්‍රමයක නතර වෙන්න සිදුවුණා. ඒ කාලය තුළ ඔහුට
තිබුණු වණපිළිකාත්, වෙනත් සෞඛ්‍ය සහ චිත්තවේගික ගැටලුත් හිතාගන්න බැරි
හැටියට අතුරුදන් වුණු බව හොයා ගන්න ලැබුණ. මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතයෙ
අපි ඉගෙන ගනිමින් හිටපු දේවල් එක්ක සසඳද්දී, ඒ ගැන මම පුදුම හැටියට
කලබල වුණා. ඒ කියන්නෙ අන්තර්ගතිකව මානව ජීවියකුට ඒ වගේ අසාමාන්‍ය
පියවරකට එළඹෙන්න පුළුවන් ද කියලයි. කායික ජීවවිද්‍යාවක් එක්ක ජීව
විද්‍යාව සහ මනසේ අභ්‍යන්තර ස්වභාවය එකට ක්‍රියා කිරීම අනුව අනියම්
ප්‍රතිඵල ඇති කරල තියෙන්නෙ කොහොම ද යන්නත්, ඒ තත්ත්වය ලෝකයේ පැවැත්ම
කෙරෙහි බලපෑ හැක්කේ කෙසේ ද යන්නත් මම වහා ම තේරුම් ගත්තා.
අන්තිමට ඩැනී යි, රිචී යි කියපු දේවලින් මට තේරුණේ ඇත්තට ම එහෙම වෙන්න
පුළුවන් බවයි. එහෙම වෙන්නෙ ඔබ තේරුම් කරන්න හිතන දේ මොකක් වුණත්, ඔබ
හික්මීමෙන් යුක්තව තේරුම් ගන්නා හෝ දකින ආකාරයත්, භාවනාත්මක ශික්‍ෂණයේ
ස්වභාවයත් අනුවයි. ඒක මම දකින හැටියට ආත්මාවබෝධය සහ යථාවබෝධයෙන් මුළු
ජීවිත කාලය පුරා ක්‍රියාත්මක විය යුතු කාර්යාවලියක්. ඒ අතර නොවැළැක්විය
හැකි දුක සහ සැප යන දෙක ම දෝලනය වෙනව. එතැනදී අනෙක් අයගෙ පැවැත්මෙ
අනන්‍යතාව තමන්ට වඩා උත්කෘෂ්ට හෝ සුන්දර හැටියට නොසලකන්න වගබලා ගැනීම
වැදගත්. සමහර විට ඔවුන් කොතෙකුත් සම්භාවනීය හරි බලසම්පන්න වෙන්න
පුළුවනි.
කොහොම වෙතත් මේ සියලු දේ මට තේරුම් ගන්න පුළුවන් වුණේ මගෙ වයස අවුරුදු
විසිදෙකක්ව තියෙද්දී. ඒ නිසා මම මේ මඟ අනුගමනය කරමින් ඉන්නෙ වෙන
කොහෙන්වත් අත්දැකපු අභූතයකින් නොවෙයි. ඒක වැඩිමතත් ගැඹුරින් තේරුම්
ගැනීමේ ශක්‍යතා අවබෝධයක් හැටියට සලකන්න පුළුවනි. එයින් අදහස් කරන්නෙ
මගේ ම ජීවිතය සහ අප්‍රමාණ සම්බන්ධතා පුරා මානුෂිකවීමයි.
ඉන්ක්වයරීං..... ඔබ තුන්දෙනා ධර්ම මාර්ගයට යොමුවුණු ආකාරය ගැන තුන්දෙනා
කියන දේට ඇහුම්කන් දෙන්න සිදුවීමත් පුදුම සහගත අහඹුවක්. ඔබ ඒකට
යොමුවෙලා තියෙන්නත් නොයෙක් මාර්ගවලින් වෙන්න පුළුවනි. ඒ කියන්නෙ ලේඛන
ක්‍රියාවලිය හෝ පර්යේෂණ හෝ ලෝක ව්‍යාප්ත සැලසුම්කරණය සහ නොයෙක් ආයතන
ඔස්සේ විය හැකියි. කොහොම වුණත් ඔබ උත්සාහ කරන්නෙ වැඩිතමයක් පුද්ගලයන්
වෙත හොඳ ම ඖෂධය අරගෙන යන්නයි. ඒක හදල තියෙන්නෙ නොයෙක් වත්පිළිවෙත්,
ඇදහිලි, ප්‍රතිමා ආදී ‘බෞද්ධ ආගමික’ සංකේත හෝ අමුද්‍රව්‍ය වලින්
නොවෙයි. ඔබ තෝරාගෙන තියෙන්නෙ ධර්මය සහ ප්‍රඥා සම්ප්‍රදාය පිළිබඳ ඔබ
ආදරය කරන යමක් නොවෙයි ද?
ජෝන් කැබට් සින් – භාවනාවෙ දී විද්‍යා සහ සායනික භාවිතය පදනම් කරගෙන
සිත සහ ජීවිතය පිළිබඳ 2005 අවුරුද්දෙ සම්මන්ත්‍රණයෙදී මගේ අදහස්
ඉදිරිපත් කළායින් පස්සෙ ඔබ අහපු කාරණය ගැන මම දලයි ලාමාතුමාගෙන් දිගින්
දිගට ප්‍රශ්න ගණනාවක් ඇහුව. මගෙ පළමුවැනි ප්‍රශ්නය මේකයි. “බුද්ධ
ධර්මයත්, විශ්ව ධර්මයත් අතර කවර ආකාරයක හෝ මූලික වෙනසක් තියනවයි ඔබතුමා
හිතනවද?” “නෑ” එතුමගෙ කෙටි ම පිළිතුර ඒකයි. මට නම් ඒක අහන්න තරම්
වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන් ම 3000 ක් ඉදිරිපිට ඒ ප්‍රතිචාරය ඉතා ම
ස්ථාරවයි. මම මා ගැන ම හිතන හැටියට බෞද්ධ භාවනාව සම්බන්ධයෙන් දැඩි
උනන්දු ආධුනිකයකුව සිටියදී, ඒ පිළිබඳ නොයෙක් ධාරා (ප්‍රවාහ) කෙරෙහි
විශේෂ ආදරයකුත්, ගෞරවයකුත් මා තුළ තියනව. ඒත් මම මා ගැන ම හිතන්නෙවත්,
දකින්නෙවත් “නාමික බෞද්ධයකු” හැටියට නොවෙයි. මම දකින්නෙත්, හිතන්නෙත්
වැඩිමනත් “මානව ජීවියකු” හැටියට යි.
ඒ එක්ක ම සාකල්‍යයෙන් විශ්ව සාධාරණ බෞද්ධ තේරුම් ගැනීම ගැන මම තරයේ ම
සැලකිලිමත්. ඒක බුද්ධාගම සම්බන්ධයෙන් විතරක් නොවෙයි. ඕනෑ ම දර්ශනයක්,
වාදයක් හෝ මතයකටත් වලංගුයි. මුස්ලිම්, ක්‍රිස්තියානි, යුදෙවු ආදී ඕනෑ ම
කෙනෙකුට ඩැනීගෙ පොතට ඒ තරම් දැඩි ලෙස ආකර්ෂණය වෙන්න පුළුවනි. ඇයි ද
කියතොත් ඩැනීගෙ අරමුණ ඇත්තට ම සාර්වභෞමිකයි, සාර්වත්‍රිකයි. එය අපේ
ඇටමිදුළු, අපේ ජාන සහ අපේ රුධිර ධාරාව විනිවිද යනව.
ඩෑන් - සත්තකින් ම මම ලාමාතුමාගෙ පිළිවෙතේ ලෞකික බලපෑම් සහ ආධ්‍යාත්මික
බලපෑම් අතර විශිෂ්ටත්වයෙන් වශීකෘත වුණා. සමහර විට ඒක වජ්‍රයාන
බුද්ධාගමේ සාපේක්‍ෂ සහ අවසාන (පරම) සීමා හැටියට සාකච්ඡා කරල තියනව.
විශේෂයෙන් ම ජනමාධ්‍යවේදියකු හැටියට මා සම්බන්ධයෙන් ගත්තොත් මම ලියන්නෙ
සංවිධිත, සීමිත පාඨක හෝ ශ්‍රාවක පිරිසකට නොවෙයි. මගේ දෘෂ්ටියෙන් බලද්දී
මම පෙනෙන්නෙ වැඩිතමයක් දෙනා ආකර්ෂණය වෙන්නෙ, වැඩි දෙනකුට වැඩිතමයෙන්
වාසියක් ලැබෙන දේටයි. ඒ නිසා ධර්මයේ බලපෑම මොකක් වුණත්, ජොනී යෝජනා
කරපු හැටියට මගේ ලේඛන කාරියෙදී මම කේන්ද්‍රගත කරන්න නැඹූරු වෙන්නෙ,
සාර්වත්‍රික(Universal) අත්දැකීම හෝ සාර්වත්‍රික භාවිතයක් ඇති දෙයක්.
ඉන්ක්වයරිං.... හොඳයි රිච්, ඔබ ඔබේ විද්‍යාත්මක සොයාගැනීම් අනෙක්
විද්‍යාඥයන්ට හරි, පොදු මහ ජනතාවට තේරුම් කරද්දී බුද්ධාගම ;හී බුද්ධ
ධර්මයේ ඔබ ආදරය කරන යම් කිසිවක් අත්හරිනවද?
රිචඩ්, හොඳයි, මම මෙහෙම කියන්නම්. මම හිතනව මම අනුගමනය කරන මංපෙත එහෙම
පිටින්ම, ජොනී සහ ඩෑන් නොයෙක් හැටියෙන් ඉදිරිපත් කරපු සහසම්බන්ධතා වලට
සමානයි. මේ දවස්වල මම විද්‍යාකාමී සහ සාමාන්‍ය ශ්‍රාවක යන දෙගොල්ලන්ට ම
හුඟක් දේශන පවත්වනව. විද්‍යා විෂයාත්මක දේශන පවත්වද්දී මානව කුසලතා
පිළිබඳ තත්ත්වය පැහැදිලි කරන්න විද්‍යාත්මක දත්ත යොදා ගන්න පුළුවනි. ඒ
වගේ ම විද්‍යාවෙ ප්‍රධාන ධාරාවට තේරුම් ගත හැකි වන මානව පරිණාමයේ
බලපෑම් පැහැදිලි කරන්නත් යොදා ගත්තහැකි. තව දුරටත් මම මෙහෙම හිතනව. මේ
විද්‍යාත්මක සාධක නිසා, මේ අදහස් වලට විද්‍යාවෙ ප්‍රධාන ධාරාවට අයිති
ජීවවිවිද්‍යාවෙ පාරගම්‍යතාව තුළ ඇත්තටම විස්මය දනවන වෙනසක් ඇතිවෙලා
තියනව. ඉහත දැක්වුණු සන්දර්භය තුළ අපි ධර්මය කියල නොකිවුවත්, එයින්
අදහස් කරන්නෙ ධර්මයෙහි ධනාත්මක ගුණයක් වන පාරාගම්‍යතාව හෙවත් විනිවිද
දැකිය හැකි බවමයි. මගේ දේශනවලට ඇහුම්කන් දුන්නයින් පස්සෙ සමහර “උපරි
තලයෙ” විද්‍යාඥයන් අහනව ඒ ඇත්තන්ට භාවනාව ඉගෙන ගන්න පුළුවන් කොහෙන් ද
කියල. ඒ ගැන හිතද්දී ඇත්තට ම ඒක නම් පුදුම සහගත පිළිපැනීමක්. මම ගිහි
ප්‍රේක්‍ෂකයන්ට කතා කරන්න පටන් ගත්තම ඔවුන් සාමාන්‍යයෙන් භාවනා හෝ
ධර්මාචාර්ය වරයකුට වගේ ප්‍රතිචාර නොදක්වන්න පුළුවනි. ඒත් මොළය සහ
ස්නායු ස්විකාර්යතාව ගැන සැලකිල්ලක් දක්වනව. ඔවුන්ගෙ දැඩි ආකර්ෂණය
ඒකටයි. එතකොට මම “මානසික කුසලතා” අනුව ඇත්තට ම තේරුම් ගන්න පුළුවන්
රාමුවක් තුළ ව්‍යාපෘතියක් ඉදිරිපත් කරනව. ඒ ව්‍යාපෘතියෙන් ප්‍රායෝගික
පුහුණුවක් ලැබෙනව. එතැන දී ඇත්තට ම විද්‍යාව විකල්ප අවබෝධයක් ලබා දෙනව.
ඒ මඟින් අප මනුෂ්‍යත්වය පිළිබඳ පුළුල් පරාසයකට ආසන්න වෙන්න පුළුවනි. ඒ
අනුව මම හිතනව දලයි ලාමාතුමා විද්‍යාව කෙරෙහි ඒ තරම් සැලකිල්ලක්
දක්වන්න එක හේතුවක් වෙන්නෙ ඒකයි කියල.
ඉන්ක්වයරිං.... කොහොම වෙතත් විද්‍යාව හතරවැනි පණිවිඩකාරය හැටියට එන බව
පේනව. විද්‍යාව මිනිසුන් ළඟට අරගෙන එන්නෙ බුදුන් වහන්සෙ ඉදිරිපත් කරපු
ප්‍රඥාවට සමාන දෙයක් වගෙයි. කොහොම හරි ඔබ සියලු දෙනා දිගින් දිගට ම
දලයි ලාමාතුමා එක්ක Mind and Life Institute ආයතනයෙ ගෙන යන්නෙ ධර්මය
සහ විද්‍යාව සමපාත වන (එක පිට වැටෙන) වැඩ පිළිවෙළක් කිවුවොත්?
ඩෑන්, අපි තුන්දෙනා නැවත වරක් මුණගැහිල එක ම අරමුණකට කැපවෙන්න අවස්ථාව
ලැබීම සතුටට හේතුවක්. එක් අතකට අපට පාර වැරදිලා නෑ. සමහර විට අපි
අයාලෙත් ගියා. ඒ අතර එක්රැස් කර ගත් දේත් බොහොමයි. ඇත්තට ම අපි අතර
චමත්කාරජනක සහකාර්යතාවකුත් \බුණ. ජොනී මහා පරිමාණ ශාසනික ප්‍රතිලාභත්
එක්ක, භාවනා ක්‍රමවල යෝග්‍යතාව වැඩිදියුණු කරල ව්‍යාප්ත කරල තියනව.
රිචී විද්‍යාත්මක අවබෝධය විනිවිද ගිහින් ජොනීගෙ අත්දැකීම් තහවුරු කරල
තියන බව පෙනෙනවා. පොදු මහ ජනතාව වෙනුවෙන් මේ සියලු දේ ගැන ලියන්න මට
පුළුවන් වෙලා තියෙනව. ඒක උපදේශනයේ ව්‍යාප්තියට රුකුලක්.
ජෝන් කැබට් සින්, දැන් මම තරයේ ම මෙහෙම කියන්න ඕනෑ. ඩැනීත්, රිචීත්
කියන දෙයින් මම තිගැස්සුණා. අන්තිමට කිවුවොත් විද්‍යාඥයො කියන්නෙ අමුතු
ජාතියක් නොවෙයි. අපිත් මිනිස්සු. අනික් හැම කෙනෙකුට ම වගේ අපටත් හැඟීම්
තියනව. අපටත් අපේ පවුල්වල නොයෙක් කරදර තියනව. ප්‍රශ්න තියනව. ඇයි, රළු,
ගොරෝසු අත්දැකීම්. අපි කවදාවත් වෙන්න පුළුවන් හීන දැකල නෑ. ඒ වගේ ම අපට
අපේ අදහස් කියාපාන්න සුදුසු, නිවැරදි වාංමාලාවක් හොයාගන්න පුළුවන් නම්
ඒක පුදුමයක් නොවෙයි. ඒ අතර මේ “ධර්ම” තේරුම් ගැනීමත්, ජීවවිද්‍යාවට සහ
ස්නායුවේදයට ඥාතිත්වය පැහැදිලි කිරීමත් සඳහා සුදුසු සැලැස්මක් සැකසිය
යුතු බවත් වැදගත්. එතකොට අපට වැඩිදෙනා එක්ක හදවතින් ම එක්වෙන්න
පුළුවනි.
රිචඩ් - ජොනීන්, ඩැනීත් එක්ක මේ වගේ කිට්ටුවෙන් වැඩ කරන්න ලැබීම ලොකු
සතුටක්. ඒක මට දැනෙන්නෙ ඉතා ම ස්වාභාවික විදිහට. අපි එක එක්කෙනා ඒ තරමට
හෘදයංගමයි. කිසියම් වගකිය යුතු හැඟීමකින් අපි නැවතත් මුලින් වැඩ කරපු
විදිහට වැඩ කරන්න පටන් අගෙන තියනව. සමහර විට දැන් තත්ත්වය පෙරට වඩා
වෙනස් වෙන්න පුළුවනි. ඒත් වැඩ කරන්න ඇති හැකියාව (ශක්‍යතාව) වඩාත්
බලාපොරොත්තු සහගත වගේ පෙනෙනව. අපි ඇවිත් තියෙන්නෙ විස්මිත ගමනක්. ඒ
ගමනෙ කොටස්කාරයකු වෙන්න ලැබීම විනිවිද යන කෘතවේදී හැඟීමක්. ඒ නිසා
විශේෂයෙන් මේ අසිරිමත් මිතුරන් දෙන්න එක්ක නැවත පෑහෙන්න ලැබීම වැඩිමනත්
ප්‍රතිලාභයක්. |