වෙසක් පුර පසළොස්වක 2010.05.27
පහුර කර තබා ගැනීම
විසි වන සියවසෙහි ලොව විසූ මහා බුද්ධිමතා ලෙස සැලැකෙන ඇල්බට්
අයින්ස්ටයින් (1879 - 1955 ) විසින් කරන ලද ප්‍රකාශයක් අද දින
කතු වැකියේ ආරම්භය සඳහා යොදා ගැනීමට අදහස් කළෙමු.
“අනාගතයේ මනුෂ්‍ය වර්ගයා ගේ් ආගම වනු ඇත්තේ විශ්ව ආගමකි. එය
ඒකදේව වාදය ඉක්ම විය යුතු අතර චිරන්තන සෛද්ධාන්තික දෘෂ්ටීන්
ගෙන් ද බැහැර විය යුතු ය. තව ද එය මිනිසා ගේ ස්වභාවික මෙන් ම
අධ්‍යාත්මික යන දෙඅංශය ම ආවරණය කළ යුතු ය. මෙකී අර්ථ කථනයට
පිළිතුර බුදු සමය යි. “
සාපේක්‍ෂතා වාදයේ පියා යන විරුදාවලි ලත් කීර්තිමත් භෞතික
විද්‍යාඥයා ගේ මේ ප්‍රකාශයෙන් බුදු දහමේ විශිෂ්ටත්වය හඳුනා
ගැනීමට පුළුවන. දේවවාදි ලක්‍ෂණ වලින් තොර බුදු දහම මිනිසා ගේ
ස්වභාවික හා අධ්‍යාත්මික යන දෙ අංශය ම ආවරණය කරන්නකි.
එ සේ වුව ද අද වන විට අප රටේ බෞද්ධකම යනු චාරිත්‍රයක් ලෙස
වන්දනාවේ යෑම, බෝධි පුජා පැවැත්වීම, පිරිත් පින්කමකට සහභාගි
වීම, පිරිත් නූලක් බැඳ ගැනීම ආදී ක්‍රියාකාරකම් වලට සීමා වී
ඇත. පිළිම වන්දනාව ප්‍රධාන අංගයක් බවට පත් ව තිබේ. මෑත
ඉතිහාසයේ ලොව විසූ ඇල්බට් අයින්ස්ටයින් , බර්ට්‍රන් රසල්,
මැක්ස් මුලර්, එච්.ජී.වේල්ස්, රීස් ඩේවිඩ්ස්, ආතර් සී. ක්ලාක්
ආදි විශිෂ්ට බුද්ධිමතුන් ගේ ඇගැයීමට ලක් වූ ශ්‍රේෂ්ඨ ගුණාංග
බෞද්ධයන් තුළ අද දක්නට නො ලැබේ. ඒ වෙනුවට ජනපි‍්‍රය බුද්ධාගම
මඟින් යළි කරළියට පැමිණ ඇත්තේ බුදුරදුන් ප්‍රතික්ෂේප කළ ඇතැම්
අංග නො වේ ද?
ලෝක ආගම් ඉතිහාසය විමසා බැලීමෙන් සැබෑ තත්ත්වය අවබෝධ කැර
ගැනීමට පුළුවන.
බ ැබිලෝනියානු අධිරාජ්‍ය සමය (ක්‍රි.පූ. 1792 -ක්‍රි.පූ. 1750
) වන විට මාඩුක්, ඉෂ්තාර් (ආදරයේ දේවතාවිය සහ දෙවිවරුන් ගේ්
මාතාව ) හා තම්මුස් (වෘක්ෂලතා ආදියට අධිපති දෙවියන්) ආදි දෙවි
දේවතාවුන් ඇදහීම ප්‍රධාන ආගමික කටයුතු ලෙස පැවතිණ. නව
බැබිලෝනියන්වරුන් ගේ යුගයේ දී ඉරු දිනයට ඉරු දෙවියා ද , සඳුදා
දිනයට සඳු දෙවියා ද ආදි වශයෙන් සතියේ දින හත දෙවිවරුන්
සත්දෙනකු සඳහා වෙන්කොට පූජා පවත්වන ලදී. එ සේ විවිධ දෙවි
දේවතාවුන් උදෙසා කැප කළ දේවාල 53 ක්, පූජා මන්දිර 55 ක් හා
පූජාසන 180 ක් එ කල තිබී ඇත.බිලි පූජා පැවැත්වීම හා රෝග වලට
මුල් වන බව විශ්වාස කළ භූ®තයන් පලවා හැරීම සඳහා ලෝහයෙන් සාදන
ලද දේවරූප මතුරා ආරක්‍ෂක යන්ත්‍ර වශයෙන් භාවිත කිරීම සිදු කැර
තිබේ.
ක්‍රි.පූ. 2500 - ක්‍රි.පූ. 1500 අතර අවධිය තුළ පැවැති බව
සැලැකෙන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ තිබූ ප්‍රධාන ආගමික විශ්වාසය
මාතෘ දේව වන්දනාව යි. ඉන් පසු වඩාත් වැදගත් අවධිය වන වෛදික
ශිෂ්ටාචාරයේ පැවැති තත්ත්වය ක්‍රි.පූ. 1500 - ක්‍රි.පූ. 1200
අතර කාලයේ ලියැවුණු ඍජ්වේදයෙහි සඳහන් ය. එ කල වන්දනාවට පාත්‍ර
වූ දෙවිවරුන් පෘථිවි, අග්නි, සෝම, බ්‍රහස්පති, ඉන්ද්‍ර, මරුත්,
වායු, පර්ජණ්‍ය, රුද්‍ර, වරුණ, දස්‍යුන් (අහස පිළිබඳ) ඌෂස්
(අලුයම ) අස්වින් , හිරු දෙවි සමඟ සම්බන්ධ ව සිටි මිත්‍ර,
සාවිත්‍රි හා විෂ්ණු ආදී වශයෙන් හැඳින්විණ.මේ සියලු දෙවිවරුන්
අයහපත් බලවේග යටපත් කරන හා ධාර්මික අයට යහපත් ප්‍රතිඵල ලබා දෙන
බව එ කල පැවැති විශ්වාසය යි. බිලි පූජා හා ශාන්ති කර්ම බහුල වූ
බ්‍රාහ්මණ වාදී ආගමික ආධිපත්‍යයට එරෙහි ව සමාජ විරෝධයක් මතුවීම
නො වැළැක්විය හැකි විය. ජෛන ආගමෙන් ප්‍රකාශිත පරම අවිහිංසාව එම
බ්‍රාහ්මණවාදි හින්දු ආධිපත්‍යයට එල්ල කළ ප්‍රහාරයක් වැනි ය.
බුදුන් වහන්සේ ලොව පහළ වූයේ මෙ බඳු ආගමික වාතාවරණයක් පැවැති
යුගයක දී ය. අධිපතිවාදී බ්‍රාහ්මණ වත් පිළිවෙත් බුදුන් වහන්සේ
ගේ තියුණු විවේචනයට ලක් වූ අයුරු ධම්මපදයේ බුද්ධ වර්ගයේ මෙ සේ
සඳහන් ව තිබේ.
“බියෙන් තැතිගත් මිනිස්සු, පර්වත ද , වනය ද, ආරාමද වෘක්ෂ ද,
චෛත්‍යයන් ද බොහෝ සෙයින් සරණකොට යත්. එහෙත් මේ කිසිවක් සරණකොට
ගොස් සියලු දුකින් මිඳීමට හැකි නො වේ .”
කෙ තරම් විශිෂ්ට වුව ද තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව
බුදුරදුන් වදාළ සේක. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම
පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස කර තබා ගෙන යෑම නො කළ යුතු
බව බුදුරදුන් ගේ උපදේශය යි. එහෙත් අද වන විට බොහෝ දෙනාට ධර්මය
අවශ්‍ය වී ඇත්තේ ප්‍රදර්ශනය පිණිස කර තබා ගෙන යෑමට නො වේ ද?
සුවඳ මලින් පමණක් මා පුදන්නෝ මා නිසි ලෙස පුදන්නෝ නො වෙති.
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ ම මා නිසි ලෙස පුදන්නාහු
නම් වෙති’යි යන්න බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දුන් වටිනා
උපදේශයකි. එහෙත් , අද වන විට සුවඳ මලින් පිදීම පමණක් බෞද්ධ කම
බවට පත් ව තිබේ. ඒ සඳහා සංවිධානය කැරෙන දැවැන්ත පින්කම් වලින්
අඩුවක් නොමැත.
මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ බුදුදහම බිහිවීමට පෙර
පැවැති ප්‍රාථමික අංග වලින් බුදු දහමේ හරය යටපත් කැරෙන බව නො
වේ ද? |