UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් ‘බුදුසරණ’ කථික තරගය ජුනි 5 දා

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හතළිස් අට (48) වන වතාවටත් මිහින්තලයේදී සිදුකරන ආලෝක පූජාවට සමගාමීව “ බුදුසරණ “ පුවත්පත අනුග්‍රහයෙන් පවත්වන කථික තරගය ජුනි මස 05 දින මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

“බුදුසරණ “ පුවත්පත ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ලේක්හවුස් බෞද්ධ සංගමය අනුග්‍රහයෙන් “ බුදුසරණ “ කථික තරගය පවත්වනු ලබයි.

තරග ජයග්‍රාහකයිනට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය සහ බුදුසරණ සම්මානය ප්‍රදානය කෙරේ. ජයගන්නා මුල් තිදෙනාට රුපියල් දහ දාහ (10 000 /=) රුපියල් හත්දහස් පන්සීය (7500/=) සහ රුපියල් පන්දාහ (5000/=) බැගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදලින් ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ. හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා මුදලින් රුපියල් දහස (1000/=) ත්‍යාග පිරි නැමේ.

උතුරු මැද පළාතේ දිනපතා පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මීට සහභාගි විය හැකි වන අතර හය වසරේ සිට නමය වසර දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කනිෂ්ඨ වශයෙන්ද, දහය වසරේ සිට දහතුන වසර දක්වා ජ්‍යෙෂ්ඨ වශයෙන් ද කථික තරග සඳහා සහභාගි විය හැක.

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය

ශුද්ධ වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.18 ට ලබයි.
28 වන දා සිකුරාදා පූර්වභාග 04.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයිමස 27 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජූනි මස 04 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]