ශාස්ත්‍රපති
පාණදුරේ ධම්මරක්ඛිත හිමි
(සාකච්ඡාවකින් සකස් කෙරිණි)
සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක් ද?
“සම්බුද්ධත්වය” නම් වූ වචනය තරම් අප වෙත මිහිරක් ගෙන දෙන වෙනත් වචනයක්
අපේ භාෂාවේ නැති තරම්. සම්බුදු බව කියල සඳහන් කරන්නේ මේ විශ්වයේ ඇති
ඉහළම පදවියයි. දෙවියන් මරුන් බඹුන් සහිත නව සත්තාවාසයන්හි කෙනකුට ලැබිය
හැකි උසස් ම නාමය “සම්මා සම්බුද්ධො “ යන්නයි. ඒ නාමයෙන් හඳුන්වනු
ලබන්නේ කවරකුද?
ලෝකය හා ලෝක සත්වයා පිළිබඳ සියලු ආකාරයෙන්, හැමදෙනාටම ප්‍රථමයෙන් අන්
කිසිවකුගේ හෝ මගපෙන්වීමක් නොමැතිව තමන්ගේම නුවණින් අවබෝධ කළ නිසා “
සම්මා සම්බුද්ධො “ කියලා හඳුන්වනවා.
සම්මා සම්බුද්ධ ගුණය ගැන අපේ බණ පොත්වල බොහෝ විස්තර දැක්වෙනවා. ඒවායින්
වැදගත් පාඨ කිහිපයක් මෙහෙමයි.
“සො භගවා අභිඤ්ඤෙය්‍යෙ ධම්මෙ
බුදුවරයකුගේ පහළ වීමෙන්
ලැබෙන දායාදය බුදු දහම යි.
එම දහම නොපවත්නා කාලය
මුළු ලොවම අඳුරෙන් වෙළා ගත්
සමය ලෙසයි සැලකෙන්නෙ.
සත්‍ය ධර්මය වෙනුවට
සම්මත වශයෙන් පිළිගත්
මති මතාන්තර රාශියක්
කවදත් ධර්මය වශයෙන්
ලොව පවතිනවා.
හැම දෙනාම
එම මති මතාන්තර සලකන්නේ
සත්‍යය ලෙසට යි.
ඒවා හුදෙක් මති මතාන්තර පමණ යි.
දෘෂ්ටිවාද කියන්නේ ඒවාටම යි. |
අභිඤ්ඤෙය්‍යතො බුද්ධො ඉතිපි සම්මා සම්බුද්ධො
“සො භගවා පරිඤ්ඤෙය්‍යෙ ධම්මෙ පරිඤ්චෙය්‍යතො
බුද්ධො ඉතිපි සම්මා සම්බුද්ධො”
“සො භගවා පහාතබ්බෙ ධම්මෙ පහාතබ්බතො බුද්ධො
ඉතිපි සම්මා සම්බුද්ධො “
“සො භගවා භාවෙතබ්බෙ ධම්මෙ භාවෙතබ්බතො
බුද්ධො ඉතිපි සම්මා සම්බුද්ධො “
මෙම පාලි පාඨවල අදහස මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් .
1. භාග්‍යවතුන් වහන්සේ දත යුතු සියලු ධර්මයන් විශිෂ්ට වූ නුවණින් අවබෝධ
කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
2. භාග්‍යවතුන් වහන්සේ පිරිසිඳ දත යුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ දැන වදාළ
හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
3. භාග්‍යවතුන් වහන්සේ ප්‍රහාණය කළ යුතු තණ්හාව ඇතුලු සියලු කෙලෙස්
දහම් ප්‍රහාණය කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
4.භාග්‍යවතුන් වහන්සේ වැඩිය යුතු ප්‍රතිපදාව (මාර්ගය) වැඩු හෙයින්
සම්මා සම්බුද්ධ නම් වන සේක.
මෙයට පෙර කිසිවකු විසින් වත් දැන නො සිටි චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රථම
වරට අවබෝධ කිරීම සම්මා සම්බුද්ධත්වයි.
සම්බුද්ධත්වය වැදගත් වන සැටි තවදුරටත් පැහැදිලි කරන්න
බුදුවරයකුගේ පහළ වීමෙන් ලැබෙන දායාදය බුදු දහමයි. එම දහම නොපවත්නා කාලය
මුළු ලොවම අඳුරෙන් වෙළාගත් සමය ලෙසයි සැලකෙන්නෙ. සත්‍ය ධර්මය වෙනුවට
සම්මත වශයෙන් පිළිගත් මති මතාන්තර රාශියක් කවදත් ධර්මය වශයෙන් ලොව
පවතිනවා. හැම දෙනාම එම මති මතාන්තර සලකන්නේ සත්‍යය ලෙසටයි. ඒවා හුදෙක්
මති මතාන්තර පමණ යි. දෘෂ්ටිවාද කියන්නේ ඒවාටම යි. තමන් බැසගත් දෘෂ්ටිය
නියම සත්‍යය ලෙසත් අනෙක් මතවාද සාවද්‍ය ලෙසත් පිළිගන්නවා.
මෙම අදහස් දේශනාවේ එනවා මේ ආකාරයට :-
“ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති “
මෙයම සත්‍යයයි, අනෙක් අදහස් හිස් ප්‍රලාප, හරයක් නැති දේ. විවිධ මතවාද
කලින් කල පහළ වෙනවා. ඒවා ඉදිරිපත් කරන ගුරුවරුන් ප්‍රසිද්ධියට
පත්වෙනවා. ඔවුනට අනුගාමික පිරිසකුත් ලැබෙනවා.
ඔබ අසා ඇති එවන් මතවාද ඉදිරිපත් කළ සය දෙනකු බුදුරජාණන් වහන්සේ වැඩ
සිටි අවදියේදීම ජිවත් වුණා.
1. අජිත කේසකම්බල
2. මක්ඛලීගෝසාල
3. පූරණ කස්සප
4. සංජය බෙල්ලට්ඨිපුත්ත
5. පකුදකච්චායන සහ
6. මහාවීර හෙවත් නිගන්ඨනාථපුත්ත
මේ හැම දෙනාම සිතා සිටියේ තමන් සියල්ල දන්නා බවයි. අනුගාමික පිරිසද ඒ
අයුරින්ම පිළිගනු ලැබුවා.
කණවැලි අල්ලන්නට කෙනෙකු නැති කල්හි අන්ධයා වළ ගොඩැලි මත වැටි වැටී
යන්නා සේ සම්බුදුවරයකු හෝ සම්බුදු දහම නොමැති කලෙක විවිධ දෘෂ්ටිවාදයන්
සත්‍යය ලෙස ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. මෝහයෙන් වෙළුණු සත්වයාද ඒවා
හිස් මුදුනින් පිළිගන්නවා. පැරණි ගාථාවක එන මේ අදහස බලන්න.
“යථාපි නාම ජච්චන්ධො
නරො අපරිනායකො
එකදා යාති මග්ගේන
කුම්මග්ගේහාපි එකදා
නිවැරදි මග පෙන්වන්නට නායකයකු නැති කල්හි උපතින්ම අන්ධවු පුද්ගලයා වරෙක
නිවැරදි මගද වරෙක වැරදි මගද පය තබන්නේය. එලෙසින්ම සසර සැරිසරණ සත්වයා
නිවරැදි නායකත්වයක් නොලද කල්හි අතරමංවීම නොවැළැක්විය හැකිය. වරෙක
පින්කම් ද තවත් වරෙක පව්කම් ද ඔහු විසින් සිදු කැරේ’
සම්මා සම්බුදුවරයන් වහන්සේ නමක් පහළ නොවන්නට සත්‍ය ධර්මය (ධර්මතා)
හෙළි නොවේ. බුදුවරයන් වහන්සේලා හැම කල්හි නොමැති හෙයින් ධර්මය දුර්ලභ
යැයි වදාළ සේක.
ධර්මයට පිටුපා අධර්මය තුළින් කෙසේ හෝ ජීවත්වීමට ජනතාව යොමුවන මෙවන්
කාලයක සම්බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් පිරීම අරමුණු කොට නව
සිතුවිලි සමුදායක් මගින් උද්යෝගයක් ඇති කරලීම කාලෝචිත ක්‍රියාවලියකි.
සම්බුද්ධත්ව ජයන්තියට පුර්වගාමීව “ පිළිවෙතින් පෙළ ගැසෙමු “ යන තේමාව
යටතේ සියලු බෞද්ධයන් පෙළ ගැස්වීම යුගයට අත්‍යවශ්‍ය ක්‍රියාදාමයකි.
|