ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සම්මන්ත්‍රණය මෙවරත්
කොළඹ ශ්‍රී ලංකා විද්‍යාලය මහ පිරිවෙන මඟින් වාර්ෂිකව සංවිධානය කරනු
ලබන ප්‍රාචීන ප්‍රාරම්භ විභාග සම්මන්ත්‍රණය මාර්තු 24, 25, 26 යන දිනවල
දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මාර්තු 24 සංස්කෘත, 25 සිංහල, 26 පාලි
යන විෂයයන් සඳහා දේශන පැවැත්වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන්
ඒකකයේ ද සහායයෙන් කෘත්‍යාධිකාරී ආචාර්ය නාගොඩ අමරවංශ, පරිවෙණාධිපති
ආචාර්ය වලේබොඩ ගුණසිරි යන ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුව ආචාර්ය
මණ්ඩලය මඟින් මෙය සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මහා භාරකාර තුමන්ගේ
විශේෂ අනුග්‍රහය මේ සඳහා ලැබේ. 2010 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත
විභාගයට ඉදිරිපත් වන භික්ෂූන්ගේ පහසුව සඳහා මෙය පැවැත්වෙන බව ද කියයි. |