|
|
පංචිකාවත්ත
අභයසිංහාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයට නතුවූ රා.ව. 1894
දී විහාර පූජා ඔප්පුවක් ප්‍රදානය කිරීමෙන්
පුජා බිමක් බවට පත් වූ පංචිකාවත්ත මැදකොළඹ
අභයසිංහාරාමයේ බුද්ධ මන්දිරයේ සිතුවම්
නිර්මාණය කර ඇත්තේ කීර්තිමත් චිත්‍ර මූර්ති
ශිල්පියකු වූ ඇම්.සාර්ලිස් මාස්ටර් විසිනි. අද
පසු පිටුව සැරැසෙන්නේ විහාර භූමියේ මීට වසර 72
කට පෙර සාදන ලද
චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයෙනි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
මෝරාගම්මන මයුරපාද විහාරය
මාවනැල්ලේ සිට අරණායක පාරේ පැමිණ ගැවිලිපිටිය හන්දියෙන් දෙබත්ගම පාරට
හැරී කි.මී 2ක් පියමං කරන විට මෝරාගම්මනට අප පිවිසේ. මාර්ගය අද්දර
විහාරයට මඟ පෙන්වන නාම පුවරුව දැකගත හැකි ය. මහා මාර්ගයේ සිට මීටර 200
ක් දුරින් අතීත මතක සටහන් රැසක් සඟවා ගත් ඓතිහාසික මයුරපාද විහාරය
පිහිටා ඇත. එය හතර කෝරළේ පුදබිම් අතර විශේෂත්වයක් හිමිකර ගන්නා ටැම්පිට
විහාරයකි.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය මාර්තු 23
වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|