ජාත්‍යන්තර කීර්තියට පත්
ජාතික නාමල් උයන
ජාත්‍යන්තර කීර්තියට පත් ජාතික නාමල් උයන 1991 මාර්තු 28 දින මෙලොව
එළිය දකින විට එය මේ තරමට විශ්ව කීර්තියට ලෝක ප්‍රසිද්ධියට පත්වන්නක්
යැයි කිසිවකු විශ්වාස නොකරන්නට ඇත.
අපේ රටේ කලින් කලට විවිධ දේ බිහිවන එළිදකින වේගයටත් වඩා වේගයෙන් ජනතා
සිත් සතන්වලින් ඒවා ඈත් වී යන අයුරු අපි අත්දැක ඇත්තෙමු. පරිසර හිතකාමී
වනවාසී රාහුල හිමියන් විසින් ලෝකයාට හඳුන්වා දුන් ජාතික නාමල් උයනටත් ඒ
ඉරණම ම අත්වනු ඇතැයි ඇතමෙකු එදා සිතුවාට කිසිදු සැකයක් නැත. එහෙත්
අව්‍යාජත්වය අවංකත්වය කැපකිරීම ඉවසීම ඇති ඕනෑම තැනකට ස්වභාව ධර්මයේ
ආශිර්වාදය ලැබෙනු ඒකාන්තය. ඒ යථාර්ථය ජාතික නාමල් උයන ගැන කරුණු
විමසීමේ දී වඩාත් හොඳින් පැහැදිලි වී ඇති බව ඒ දෙස ආපසු හැරී බැලීමකදී
පසක් කර ගත හැකි ය.
මීට වසර 20 කට ප්‍රථම වහවැලි, එච්. කලාපයේ රක්‍ෂිත වන ප්‍රදෙසක් වූ
අක්කර දෙදහසක් පමණ වූ මෙම භූමි භාගය දඩයක්කරුවන්ගේ හා දැව
ජාවාරම්කරුවන්ගේ කෙම්බිමක්ව පැවතිණි.
රනව විහාරස්ථානයේ වැඩසිටින සමයේ එහි ගම්මුන් කිහිප දෙනෙකුන් සමගින් මෙම
වනපෙතට පිවිසි රාහුල හිමියන්ට එහිදී දකින්නට ලැබුණ දේ වලින් කිසිදාක
ලබා නැති සොම්නස් සහගත වින්දනයක් හදවතේ සඟවාගෙන වනපෙතින් එළියට ආවේ
ඓතිහාසික භූ විද්‍යාත්මක සෞන්දර්යාත්මක හා පරිසර විද්‍යාත්මක වශයෙන්
වැදගත් වන ජාතික සම්පතක් වූ මෙම භූමි භාගය ලෝකයාගේ අවධානය යොමු කරමින්
මතු පරපුර සඳහා ආරක්‍ෂා කරමියි යන දැඩි චේතනාව සිත් හි රඳවාගෙන ය.
වනවාසී රාහුල හිමි |
මෙතෙක් ග්‍රාමවාසී භික්‍ෂු ජීවිතයක් ගත කළ රාහුල හිමියන් 1991 මාර්තු
28 දින පටන් මෙම වනපෙතට අධි – ගෘහිත වූයේ අඩි 40 පමණ උස් වූ මොරගසක් මත
තනාගත් පැල් කොටයක ලැගුම් ගනිමිනි.
එලෙසින් ආරම්භ වූ මොරගහ උඩ පෙරළිය, ගම් දනව් සිසාරා ජාත්‍යන්තර
කීර්තියට පත් කරලීමට තරම් දරුණු වූයේ කෙසේද? යහපත් සිතිවිල්ලකින් අරඹන
ඕනෑම දෙයක් වරදින්නේ නැතිය යන බෞද්ධ සිද්ධාන්තය රාහුල හිමියන්ට මඟ
පෙන්වන්නට ඇත. සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි විවිධ පුද්ගලයින්ගේ
විවිධාකාර වූ කෙණහිලිකම් කකුලෙන් ඇදීම් රැවුම් ගෙරවුම් උපේක්‍ෂාවෙන්
බැහැර කළ උන්වහන්සේ නාමල් උයන තුළින් ලොවට දායාද කර ඇති ස්වභාව ධර්මයේ
විශ්මිත මැවීම අනාගත පරපුරට දායාද කරලීමේ පවිත්‍ර චේතනාව මත දැඩි ලෙස
පිහිටා සිටියේ ය.
විවිධ බාධක දුෂ්කරතා මධ්‍යයේ වූවද මේ අනගිතම දායාදය සුරක්‍ෂිතව
පවත්වාගෙන යමින් එය දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානයට යොමු කරලීමේ දී
විශාලවූත් මිල කළ නොහැකි වූත් මාධ්‍ය මෙහෙවරක් කළ විද්‍යුත් හා
මුද්‍රිත මාධ්‍යයනට උන්වහන්සේ විසි වසක් සපිරෙන මේ මොහොතේ දීත් සිය
කෘතවේදීත්වය පුදකර සිටී.
එයින් නොනැවතී 2006 වසර තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන 38 කට
පරිසර ප්‍රබෝධනී සම්මානය පුද කිරීමට තරම් උන්වහන්සේ යුක්ති ගරුක විය.
නා ගස තෙත් කලාපයට ආවේණික ගසක් වූවත් ජාතික නාමල් උයන පුරාම දක්නට ඇති
නා ගස් තුළින් ඒ තුළට පිවිසෙන හැම අයකුගේම හදවතට දැනනුයේ තපෝ වනයකට
ඇතුල් වූවා වැනි සෞම්‍ය සුමුදු හැඟීමකි. මුළු පරිසරයම නිහඬය.
වියළි කලාපිය දේශගුණික සහිත ප්‍රදේශයක් වූවද නාමල් උයන තුළින් එය
නරඹන්නෙකුට ගතට සිතට දැනෙනුයේ පුදුම සහ ගත වූ මෙතෙක් කිසිම වන පෙතකින්
නොලැබිය හැකි මානසික වින්දනයකි.
පරිසර හා සෞන්දර්යාත්මක වටිනාකමට පරිබාහිරව ඓතිහාසික වටිනාකමකින් ද
අනූන මේ අති සුන්දර වූ භූමි භාගය වනවාසී රාහුල හිමියන්ගේ රැකවරණය
නොලැබෙන්නට මේ වන විට තවත් හිස් වූ ගස් වැලින් ශූන්‍ය වූ එක් මුඩු භූමි
භාගයක් වන්නට ඉඩ තිබිණි. සමස්ත නා වනය පුරාම අපවිත්‍ර දෑ කිසිවක් නැත.
පොලිතින් ප්ලාස්ටික් පරිසරයට අහිතකර වන කිසිවක් මේ තුළට ගෙන යාම සපුරා
තහනම් ය. එපමණක් නොව පරිසරය නරඹන මුවාවෙන් වනය තුළට පිවිස අසැබ් චරිත
මවන්නා වූ පෙම්වතුන් සඳහා නා වනය තහනම්ය. එයින් කියාපාන්නේ පරිසරය රැක
ගැනීමේ වගකීම පමණක් නොව සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරක්‍ෂා කර ගැනීමේ උදාර
මෙහෙවරක ද උන්වහන්සේ යෙදී සිටින බවය.
මේ වන විට මේ රටේ පළමු පුරවැසියාගේ පටන් විවිධ ක්‍ෂේත්‍ර වල විවිධ වූ
අයගේ පා පහස නාමල් උයනේ බිමට ස්පර්ශ වී ඇති ආකාරයට එහි නිර්මාතෘ රාහුල
හිමියන් සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙනි. ඒ අහිංසක වූ ආඩම්බරය ස්විය
ජීවිතයේ ආත්ම ලාභයක් පිණිස නොව ඒ තුළින් ප්‍රදේශයට ලැබුණ වූ දේශීය
මෙන්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියත් ප්‍රදේශය වැඩි දියුණු වන්නා වූ යටිතල
පහසුකම් හරහා ජනතාව ලද ජයග්‍රහණයක් ගැන සිහිපත් කරමිනි. මේ සියලු
සංසිද්ධීන් හා සැසැඳීමේ දී ජාතික නාමල් උයන ස්වාභාවික වන උයනක් වශයෙන්
සුරකින ගමන්ම ප්‍රදේශයට පමණක් සීමා නොවී ජාතික වශයෙනුත් ඉන් ඔබ්බට
ජාත්‍යන්තර වශයෙනුත් ජනතා සුබ සිද්ධිත් ජනතා මෙහෙවරකුත් කිරීමට ජාතික
නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් දායක වී ඇති බව පසක් වන
සත්‍යයකි. |