මිත්‍රත්වය පිළිබඳ බෞද්ධ ප්‍රවේශය
ඇසුරු කිරීමට තමාට සමාන හෝ තමාටත් වඩා බුද්ධිමත් සහ
ගුණවත් මිතුරකු සොයා ගත නොහැකි නම්, හුදකලාව ජීවත්වීම මැනවි.
බුද්ධානුශාසනය එසේ වූවත්, බටහිර චින්තනය සහ
සංස්කෘතික ආකල්පය අනුව මේ උපදේශය පරස්පර වෙයි. එහිදී හුදකලා තනිකඩ
ජීවිතය පහත් කොට සලකනු ලැබේ. එහෙත් එවන් චින්තනයක බලපෑමට ගොදුරුවීම
බෞද්ධ මතයට අනුව වගකීම් සහගත හෝ වැදගත් හෝ නොවේ. ඒ වෙනුවට
බුද්ධානුශාසනයේ පිහිට පැතීම වඩා හොඳ ය.
මිත්‍රත්වය යන සංකල්පය නවයොවුන් විය ගත කරන්නකුට දුෂ්කර සහ සංකීර්ණ
මාතෘකාවක් විය හැකි ය. ඇතැම් විට හොඳ හෝ නොහොඳ තැනැත්තා යන්නෙන් කවරකු
අදහස් කරන්නේ දැයි දැන ගැනීම දුෂ්කර වන්නට පුළුවන. මේ ලිපියේ අරමුණ
වන්නේ බෞද්ධ දෘෂ්ටියට අනුව මිත්‍රත්වය පිළිබඳ අදහස් කීපයක් එළිපෙහෙළි
කිරීම යි.
එය වෙසෙසින් ම මුකුරා ගිය තරුණ පරපුරේ යහපත සලකා ය. ඕනෑම කෙනෙකුට එක්කෝ
සතුරකු හෝ මිතුරකු විය හැකි ය. නැතහොත් සතුරකු හෝ මිතුරකු නොවිය හැකි
ය. එනම් මැදහත් යනුයි. කෙසේ වෙතත් මේ කුමක් වුවත් අනිත්‍යතාවට යටත්
වෙති යි කියන්නට පුළුවන. පොදු මතය අනුව ගතහොත් මිතුරෝ නම් පි‍්‍රයයෝ ය.
ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන් යහපත හා ආරක්‍ෂාව සලසන්නන් වන බවයි. අනෙක්
අතට සතුරෝ නම් එයට ප්‍රතිපක්ෂයෝ ය. ඔවුහු පි‍්‍රයයෝ නොවෙති. දුක් කරදර
කරන්නට කැමැත්තෝ ය. ඇතැම් විට ඔවුහු මරණීය තර්ජන පවා එල්ල කරති, සිත්
වේදනාඇති කරති, හානි පමුණුවති, නොසතුට එළවති. එහෙත් මැදහත් පුද්ගලයෝ
යහපත හෝ අයහපත නොපමුණුවා මධ්‍යස්ථව සිටිති.
බුදු හිමියෝ සතුරන් හෝ මිතුරන් වෙන් කර හඳුනා ගන්නේ කෙසේදැයි සිඟාලෝවාද
සූත්‍රයෙහි ඉතා පැහැදිලිව හඳුන්වා දෙති. ඒ අනුව මූලික මඟ පෙන්වීමක්
හැටියට කෙනෙකුට හානියක් සිදුවන ආකාරයෙන් කටයුතු කරන ඕනෑ ම පුද්ගලයකු
සතුරකු ලෙස හඳුන්වනු හැකි ය. ඒ අතර අනෙක් අතට කෙනෙකුට හානියක් හෝ
කරදරයක් නොකරන හා සොම්නසත්, යහපතක් සැලසෙන සේ කටයුතු කරන්නා මිතුරකු
ලෙස හඳුන්වන්නට පුළුවන. මෙසේ සතුරකු හෝ මිතුරකු යන දෙකින් එකක් වත්
අනුව කටයුතු නොකරන පුද්ගලයා මැදහත් කෙනෙකු ලෙස හැඳින්වේ.
කෙසේ වෙතත් ඇතැම් විට සතුරා සහ මිතුරා අතර වෙනස නොපැහැදිලි ය, මායිම්
ලකුණු කර දැක්විය නොහැකි ය. සමහර විට මිතුරකු සතුරකු සේත්, සතුරකු
මිතුරකු සේත් ක්‍රියා කරනු පෙනේ. එය අනිත්‍ය ධර්මතා නියමයට අනුරූප
වෙයි. ඒ අනුව අන් සියලු දේ මෙන්ම සතුරු මිතුරු සබඳතා ද අනිත්‍ය
ධර්මතාවට යටත් බව කිය යුතු නොවේ. එබැවින් කවුරුන් කෙසේ ක්‍රියා කළත් එය
ගණනකට නොගෙන සිටීම මැනවි. එනම් කෙසේ වෙතත් ප්‍රඥා සම්පන්නව කටයුතු
කිරීම වැදගත් ය.
අනුන් සමඟ සබඳතා පවත්වමින් කටයුතු කිරීමේ දී ඔවුන් මිතුරන්, සතුරන් හෝ
මැදහතුන් ලෙස වර්ග කළ හැකි වූවත්, ඒ නිසා තවත් කෙනෙකුට අයුතු වාසියක්
ලබා ගන්නට යොදා ගැනීම, නොමඟ යැවීම, උගුල් ඇටවීම, වරදට පෙළඹවීම හෝ වෙනත්
ඕනෑ ම කෙනෙකුට හානියක් කිරීමට ඉඩ නොතැබීම නියත විසින් ම වැදගත් වෙයි.
කවුරුන් විසින් හෝ තවත් කෙනෙකුට කරදරයක් කිරීමේ දී තමාට හෝ අනුනට
හානියක් නොවන පරිදි එය එළක්වාලීමට අනුරූප ධර්මානුකූල, සූක්‍ෂ්ම,
බුද්ධිමත් ක්‍රමෝපාය ඇත. ඇතැම් විට අනෙක් අය කෙසේ සිතුවත්, විපතට පත්
තැනැත්තා හැම අතින් ම ආරක්‍ෂා සහිත වන්නේ නම්, එකී ක්‍රියා මාර්ගය
නුසුදුසු නොවේ. බුදුන් වහන්සේ මෝඩයන් හෙවත් අඥානයන් සමඟ මිත්‍රත්වයෙන්
වළකින ලෙස අනුදැන වදාළහ. මෙහිදී මෝඩ යන්නෙන් හඳුන්වා ඇත්තාහු නම්,
බුද්ධිමත් භාවයෙන් සහ ක්‍රියා කෞශල්‍යයෙන් තොරව දිවි ගෙවන්නාහු ය. මේ
වනාහි ඉඳුරා ම මූලික සදාචාරධර්ම සහ ශිෂ්ටත්වය නොතකන්නාහු ද, නැතහොත්
අනුන් නිවැරැදි මඟින් වළකා නොමඟ යවන්නාහු ද වෙත්. එනම්, සතර වැනි ආර්ය
සත්‍යයෙන් පිට පැනීමකි. යමෙක් එබඳු පුද්ගලයන් සමඟ සබඳතා පවත්වන්නේ නම්,
ඔහුට ඔවුන් සමඟ සමාගම් පැවැත්වීම හා දූෂිත බලපෑම් මඟින් ඔවුන්ගේ තරමට
ඇදවැටීමේ අවදානමට ලක් වන්නට පුළුවන. අන්තිමට ඔහු නිර්වාණ නම් වූ
පරිසමාප්ත සාම ගවේෂණ අවස්ථාව ද මඟහැරී යනු ඇත. මේ ගැන ධම්මපදය කියන්නේ
මෙසේ ය.
“චරං චේ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනෝ ඒකචරියං දළ්හං කයිරා -
නත්ථි බාලේ සහායතා” (ධම්මපදය 61 )
ඇසුරට නිසි මිතුරකු සොයා යන තැනැත්තා තමාට ගුණයෙන් වැඩියකු හෝ අඩු
තරමින් සමයකු හෝ නොලබා නම්, තනිව විසීම තහවුරු කළ මැනවි. ගුණ දහම්
නොපුරන මෝඩයා සමඟ පැවැත්විය යුතු මිතුරුදමක් නැත.
තවත් වරෙක බුද්ධානුශාසනයේ මෙසේ දැක්වෙයි! ඇසුරු කිරීමට තමාට සමාන හෝ
තමාටත් වඩා බුද්ධිමත් සහ ගුණවත් මිතුරකු සොයා ගත නොහැකි නම්, හුදකලාව
ජීවත්වීම මැනවි. බුද්ධානුශාසනය එසේ වූවත්, බටහිර චින්තනය සහ සංස්කෘතික
ආකල්පය අනුව මේ උපදේශය පරස්පර වෙයි. එහිදී හුදකලා තනිකඩ ජීවිතය පහත්
කොට සලකනු ලැබේ. එහෙත් එවන් චින්තනයක බලපෑමට ගොදුරුවීම බෞද්ධ මතයට අනුව
වගකීම් සහගත හෝ වැදගත් හෝ නොවේ. ඒ වෙනුවට බුද්ධානුශාසනයේ පිහිට පැතීම
වඩා හොඳ ය.
මනුෂ්‍යත්වයට මිත්‍රත්වය වුවමනා ය. මිනිසා එය හඹායයි. ඒ කුමක් සඳහා ද?
එයින් නොයෙක් සදාචාරාත්මක ප්‍රතිඵල ලැබේ. ඇතැම් විට හොඳ උපදේශකයන් සහ
හිතවතුන් හැටියට කලණ මිතුරන්ගේ ඇසුර මත තමන්ගේ පැවැත්ම රඳා පවතී.
මිනිසුන් වඩාත් පුළුල් වපසරියෙන් මිත්‍රත්වය බලාපොරොත්තු වන්නේ කුමක්
නිසා ද යනු එයින් තේරුම් ගත හැකි ය. බෞද්ධ ආකල්පය අනුව මිනිසා
මිත්‍රත්වය සොයන්නේ වැඩිතර සතුටක් බලාපොරොත්තුවෙනි. බුද්ධ වචනය අනුව
මෙකී සතුට විවරණය කැරෙන්නේ කෙසේද? සෝමනස්ස හෙවත් සොම්නස යනුවෙනි.
මිතුරෝ එකෙකා දැකීමෙන් ඇස පිනවීමට ඇසුරු කරති. එකෙකාගේ මිහිරි බසින්
කන් පිනවති. එකෙකා වැළඳ ගැනීමෙන් කය පිනවති. එකෙකාගේ සොම්නස දනවන අදහස්
වලින් සිත් පිනවති. එවන් සොම්නස අහිමි වූ කල්හි සිතට දැනෙන්නේ
දොම්නසකි. මේ කොන්දේසි යටතේ කෙනෙක් හුදකලා වෙති. බුදු, පසේබුදු, මහරහත්
වැනි අවබෝධය ලැබූවනට ද, ආර්ය මාර්ගයේ ඉදිරියට ගියවුනට ද මිත්‍ර
සමාගමයක් වුවමනා නොවේ. එබැවින් ඔවුහු එය නොසොයත්. ඇයි ද යත්, ඔවුන්
කවරාකාරයක හෝ පී‍්‍රණනයක් කෙරෙහි ඇලීමක් නැති හෙයිනි.
සාමාන්‍යයෙන් ප්‍රාථමික විසින් පී‍්‍රණනය විෂයයෙහි ආකර්ෂණය වන්නාහු
‘මිතුරන්’ ලෙසත්, පිළිකුල දනවන්නාහු, ‘සතුරන්’ ලෙසත් වර්ග කරනු ලබත්.
මිතුරන් තෝරා ගැනීම පෞද්ගලික ගනුදෙනුවකි. එය අන්‍යෝන්‍ය රුචි අරුචිකම්
පදනම් කර පවතී. එනම්, සාමාන්‍ය තත්ත්වය, අදහස් උදහස්, දෘෂ්ටිය,
විශ්වාසය ආදිය යි. රුචි පුද්ගලයන් විසින් එවන් රුචි පුද්ගලයන් ආකර්ෂණය
කරනු ලැබීමත්, අරුචි පුද්ගලයන් විසින් එවන් අරුචි පුද්ගලයන්
ප්‍රතික්‍ෂේප කරනු ලැබීමත් ස්වාභාවික ය. ඇතැම් පුද්ගලයෝ යම් යම් හේතු
නිසා අනෙකකුගේ සතුරන් බවට පත්වෙති. ඒ ඔවුන් සතු පෞද්ගලික දුබලකම් නිසා
ය. එනම් බිය, අනාරක්‍ෂාව, ලෝභය, යම් කිසිවක් පිළිබඳ තරගය, විපත් සිදු
කිරීමේ චේතනාව හෝ හුදු මෝඩකම හා අවුල් සහගත චින්තනය සහ ඔවුනට ඒ
පුද්ගලයා විසින් කිසිත් ප්‍රතිචාරයක් දක්වා නොතිබීම ආදියයි. විශේෂයෙන්
එවන් අවස්ථාවලදී ‘පෞද්ගලිකව‘ කරන ලදැයි කිය හැකි කිසිවක් නොවිය හැකි ය.
ඕනෑ ම පුද්ගලයකු මේ තත්ත්වය බුද්ධිමත්ව තේරුම් ගතමනා ය. එනම්, ඒ
පුද්ගලයන් එසේ ක්‍රියා කරන්නේ කුමක් නිසා ද යන්න ගැන යි. හැම කෙනෙකුට ම
සතුරෝත්, මිතුරෝත්, මැදහත් පුද්ගලයෝත් සිටිති. පොදු අදහසින් ගත් කළ
මිතුරෝ යහපත කැමැත්තෝ ය, සතුරෝ කරදර පමුණුවනු රිසියෝ ය. මැදහත්හු ඒ
දෙකින්ම තොර නිශ්ශබ්දයෝ ය.
ඇතැම් විට සතුරන්ගේත්, මිතුරන්ගේත් වෙනස නොපැහැදිලි ය. එබැවින් හැම
විටම ඕනෑ ම කෙනෙකු මිතුරකු, සතුරකු හෝ වෙනත් කිසිවකුගේ කරදරයකින්
වැළකෙනු පිණිස බුද්ධිමත්ව සූක්‍ෂ්ම ක්‍රමෝපාය යොදා ගන්නට වග බලා ගැනීම
වැදගත් ය.
බුදුන් වහන්සේ සතුරන් හා මිතුරන්ගේ වෙනස තීර්ණය කරන්නේ ෙකසේදැයි
සිඟාලෝවාද සූත්‍රයෙහි සවිස්තරව දක්වා ඇත. බාහිර පෙනුමෙන් හෝ හැසීරීමෙන්
කෙනෙකුගේ ස්වීයත්වය නිගමනය නොකළ යුතු ය. උන්වහන්සේගේ අනුශාසනය වන්නේ
මෝඩයන් සමඟ මිතුරුකම් පැවැත්වීමෙන් වළකින ලෙස සහ නැණ ගුණ දහමින් තමාට
සම හෝ තමාට වැඩිකර පුද්ගලයන් ඇසුරු කරන ලෙස ය. එවන් මිත්‍රත්වයක් ලද
නොහැකි නම් හුදකලාව විසීම වඩා හොඳ ය. එය වඩාත් තහවුරු ලෙස මෙසේ
දැක්වෙයි.
“නෝ චේ ලහේථ නිපකං සහායං - සද්ධීං චරං සාධුවිහාරි ධීරං
රාජා ච රට්ඨං විජිතං පහාය – ඒකෝ චරේ මාතංගරඤඤේච නාගෝ” (ධම්මපදය 329)
“යම් ලෙසකින් නැණවත්, සමඟ හැසිරෙන මනා පැවතුම් ඇති දිරිමත් යහළුවකු ලැබ
ගත නොහැකි නම් දිනා ගත් රට හැර ගිය රජු මෙන් ද, කැලෑවේ තනිව වසන මාතංග
ඇතා මෙන් ද තනිව විසීම මැනවි.”
පුද්ගලයෝ විවිධ හේතු නිසා මිත්‍රත්වය සහ සුහදත්වය බලාපොරොත්තු වෙති.
ඇතැම් විට හුදු විනෝදය සහ පුළුල් අර්ථයෙන් නම්, පී‍්‍රණනය හෝ
සන්තුෂ්ටිය බලාපොරොත්තු වෙති. පුද්ගලයෝ තමන්ගේ පෞද්ගලික දුබලකම් නිසා
සතුරන් බවට පත්විය හැක්කෝ ය. එකල්හි ඔවුන් කෙරෙහි කවරාකාරයෙන්
ප්‍රතිචාර දැක්වූවක් පලක් වන්නේ නැත.
අවසන් විසින් නිත්‍ය ක්ෂේමයවූ නිර්වාණය වෙත නිවැරැදි මඟට පිවිසෙන්නට
ඔබට උදවු කරන්නට සුදුසු මිතුරන් සොයා ගැනීම මැනවි.
(2009.05.24 වන දා බුදුසරණ පත්‍රයේ පළ කරන ලද
Buddhists, Approach to Friend Ship මැයින් වූ ලිපියේ පරිවර්තනයකි)
පරිවර්තනය
නාරාවිල පැට්රික් |