කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ
ආගමික වැඩසටහනක් 17 දා ගාල්ලේ දී
ගාල්ල දිසාවේ තරුණ හා වැඩිහිටි ජනතාවගේ සිත් සතන් ආගම දහමට නැඹුරු
කිරීමේ අරමුණින් නිවී පහන් වී සිත් සැනසේවා නමින් කිරිබත්ගොඩ ඤාණානන්ද
හිමියන් විසින් පවත්වනු ලබන ආගමික වැඩසටහනක් මෙම මස 17 වන දා ගාල්ල
ධර්මපාල උද්‍යානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.
එදින පෙරවරු 7 සිට පස්වරු 4.30 දක්වා එම ආගමික වැඩසටහන ක්‍රියාත්මක වන
අතර 10000 ක පමණ සැදැහැවතුන් පිරිසක් ඊට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන
බව දකුණු පළාත් ආණ්ඩුකාරවර කුමාරි බාලසූරිය මහත්මිය සඳහන් කරයි. |