ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම 9 – 10 දිනවල දී
කේ.බණ්ඩාරනායක
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජා පුණ්‍යෙීත්සවය ඔක්තෝබර් 9,
10 දිනවලදී පැවැත්වේ. ශ්‍රී දළදා සමිඳු උදෙසා අමුතු මුල්තැන් බුද්ධ
පූජාව සහ කප්රුක් සහිත කඨින චීවර පූජාව සිදු කෙරෙන අතර, මල්වතු අස්ගිරි
මහනාහිමිවරු අනුනාහිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි
සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමේ. ඔක්තෝබර් 9 වනදා සවස 4.00 සිට
5.00 දක්වා ධර්‍මදේශනාවකි. මෙදිනම සවස 7.15ට ශ්‍රී දළදා සමිඳු උදෙසා
පිරිනමනු ලබන ගිලන්පස පූජාවකි.
මහනුවර කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි
කොත්මලේ සුධර්මා සිල්මෑණියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන මෙවර කඨින පූජා
පුණ්‍යෝත්සවයේ ප්‍රධාන දායකත්වය උසුලනු ලබන්නේ දෙහිවල, එන්.කේ.ද
ඇස්.ගුණරත්න මහතා සහ ඉනම් ගුණරත්න මියයි. දෙහිවල යූනියන් පෙදෙසේ සිට
පංචතූ®ය¸ නාද සහිත කටුකැලේ ආරාමය වෙත වැඩමවා ගෙන එනු ලබන කඨින චීවරය 9
වනදා පාන්දර ආරාමයේ සිට අලි ඇතුන් සහිත පෙරහරකින් ශ්‍රී දළදා මාලිගාව
වෙත වැඩමවාගෙන එනු ඇත.
සුධර්මා සිල්මෑණියන් ගේ මූලිකත්වයෙන් ශ්‍රී දළදා
මාලිගාවේ සිදු කෙරෙන 45 වෙනි කඨින පින්කම මෙය වේ. |