තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති අන්‍යොන්‍ය සහ බන්ධනය ඇතිවන්නේ මීට
වසර 700 කටත් එපිට සිට ය. දෙ රටෙහි මෙම සුමිතුරුභාවය ඇතිවීමට හේතු පාදක
වන්නේ උත්තරීතර වූ බුදු දහමේ බලයයි. අප දේශය මෙන් අට ගුණයක් පමණ විශාල
තායිලන්තයේ ජනගණය මිලියන 68 ක් පමණ වේ. තායිලන්තයේ අගනුවර වන බැංකොක්
නගරයේ පමණක මිලියන 10 ක් පමණ ජනගහනයක් වාසය කරති. කෘෂිකාර්මික රටවල්
දෙකක් වන තායිලන්තය හා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය බෞද්ධයෝ ය.
තායිලන්තයේ බෞද්ධ ජනගහනය සියයට අනූතුනක් පමණ වීම විශේෂයකි.තායිලන්තයේ
පුරා ව්‍යාප්තව ඇති 35,000 ක් පමණ වන විහාරස්ථානයන්හි ලක්ෂ හතරකට අධික
භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරති. තායිලන්තයේ ඉතිහාසය පිරික්සීමේදී එහි
පැරැණි රාජධානිය වශයෙන් සැළකෙන්නේ සකෝතායි නගරයයි. එය ලංකාවේ පොළොන්නරු
රාජධානියට සමකාලීන වේ. මෙම රාජ්‍යයේ රජ කළ ඛුන් රාම් කම් හැන් රාජ්‍ය
සමයේදී තායි භාෂාව බිහිවන අතර ලාංකේය භික්ෂූන් වහන්සේ සියම නොහොත්
තායිලන්තයට වැඩම කරවීම සිදුවේ. ප්‍රචෞලිදෛ ධර්මරාජ රාජ්‍ය සමයේදී බුරුම
හා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේගේ අනුශාසනා පරිදි තායිලන්ත බුද්ධ
ශාසනයේ ප්‍රගතියට සුවිසල් කාර්යයක් සිදුකෙරෙන අතර සීහළ වංශය නමින්
භික්ෂූන් වහ්නසේ වෙනුවෙන් නිකායක් බිහිවන්නේ්ද මේ සමයේ ය. මෙම නිකාය
පිහිටුවීමේ විශේෂත්වය වන්නේ මහා නිකාය වශයෙන් අඛණ්ඩව පවතින එම නිකාය අද
තායිලන්තයේ බහුතරයක් භික්ෂූන් වහන්සේ නියෝජනය කරන නිකාය බවට පත්ව ඇති
නිසාය.තායි රාජ්‍යයේ දෙවැනි රාජධානිය ඇතිවන්නේ් වසර 1350 දී (බු.ව.
1983) අයුක්තයා, නමිනි. මෙම දෙවැනි රාජධානි සමය පුරා වසර 417 ක් පවතී.
මෙම දෙවන රාජ්‍ය සමයේ අග භාගය වනවිට ලාංකේය බෞද්ධ පසුබිම ඉතාමත් ශෝචනීය
වු ඉරණමකට පත් වී තිබුණි.
විදේශ ආක්‍රමණයන් මෙන්ම රට අභ්‍යන්තරයේ වූ අවුල් වියවුල නිසා ඒ වනවිට
ලංකාවේ භික්ෂූ සමාජය අන්තයටම පිරිහී ගොස් මෙහි සිටියේ ගණින්නාන්සේලා
පමණි. උපසපන් භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම දුර්ලභ කාර්යයක්
විය.එවන් වූ අඳුරු කාල පරිච්ඡේදයකට විරාමය තබමින් බු.ව.2296 දී රාජ්‍ය
වර්ෂ 1753 දී අද තායිලන්තය වශයෙන් හඳුන්වන සියම් දේශයෙන් උපාලි මහ
තෙරුන් වහන්සේ ප්‍රමුඛ තායි භික්ෂූන් වහන්සේ ලංකාවට වැඩම කරවා
උපසම්පදාව ඇතිකොට, විනාශ වී තිබූ ලාංකේය සම්බුද්ධ ශාසන නැවත පුණර්ජීවය
ප්‍රදානය කිරීමේ මහා පුණ්‍ය කර්මයට දායක වූහ. එසේ උපසම්පදාව ලද
භික්ෂූන් වහන්සේගෙන් ‘සියම් නිකාය’ ආරම්භ වී එය අද මේ දේශයේ ප්‍රධානම
නිකාය ලෙස ප්‍රචලිතව පවතී. මේ සමයේ තායිලන්තයේ රාජ්‍ය පාලකයා වූයේ
බොරෙම්කොට් නම් රජතුමාය. ලංකාවේ රාජ්‍ය පාලනය කළේ කීර්ති ශ්‍රී රාජසිංහ
රජතුමාය. උපාලි මහනාහිමියන් වැඩසිටි තායි පන්සල වට් ධම්මාරාම නම්වේ.
තායිලන්තයේ තුන්වැනි රාජධානිය තොන්බුරි වන අතර එය පවතින්නේ වසර 15 ක්
වැනි කෙටි කාලයකි. මෙහි හතරවැනි රාජධානිය වශයෙන් හැඳින්වෙන රතන කෝසින්
ආරම්භ වන්නේ රාජ්‍ය වර්ෂ 1782 දී ය. එදා රතනකොසින් අද හඳුන්වන්නේ
බැංකොක් නමිනි. වර්තමානයේ තායිලන්තයේ අගනගරය වන්නේ ද බැංකොක් ය. මෙහි
රජකම් කළ 4 වන රාමා රජුගේ කාලයේ මහා නිකායට අමතරව රාජකීය පවුලෙන් ආරම්භ
වූ ධම්ම යුත්තික නිකාය නමින් තවත් නිකායක් බිහි වේ. ලංකාවේ දැනට
ප්‍රධාන වශයෙන් සියම් අමරපුර හා රාමඤ්ඤ වශයෙන් නිකාය තුනක් පවතින අතර,
තායිලන්තයේ මහානිකාය (සීහල නිකාය) හා ධම්ම යුක්තක නිකාය නමින් නිකායන්
දෙකක් පවතී. අදත් තායිලන්තයේ අති බහුතරයක් භික්ෂූන් වහන්සේ නියෝජනය
කරන්නේ මහා නිකාය වන අතර, මෙහි ආරම්භය ඇතිවූයේ ශ්‍රී ලංකාවෙන්
තායිලන්තයට වැඩම වූ භික්ෂූන් වහන්සේ නිසා වීම විශේෂයකි. එසේම අතීතයේදී
සම්බුද්ධ ශාසනයේ ප්‍රවර්ධනය උදෙසා ත්‍රිපිටක ඇතුළු බෞද්ධ ග්‍රන්ථ
රාශියක් ද ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. දුරාතීතයේදී ලාංකේය භික්ෂූන්
වහන්සේ තායිලන්තයේ බුද්ධ ශාසනය නගාසිටුවීමට දායකවූවාසේම, ලංකාවේ
බෞද්ධාගම පිරිහීමට පත් වූ යුගයේදී තායිලන්තයේ භික්ෂූන් වහන්සේ නිසා
අපදේශයේ බුද්ධ ශාසනයේ පූනර්ජීවය ඇති විය. එනිසා තායිලන්තය හා ශ්‍රී
ලාංකවේ මෙම අන්‍යෝනය ඓතිහාසක බෞද්ධ සම්බන්ධය අපූර්වත්වයකින් මෙනෙහි
කළයුතු සිදුවීම් පෙළකි. එසේනම් බුදු සසුනේ් පැවැත්ම උදෙසා අප දෙරටේ මේ
අන්‍යොන්‍ය සහසම්බන්ධය තව තවත් සවිමත් වී චිරාත් කාලයක් යෙහෙන්
වැජඹේවායි පතමු. |