වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය - ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථූපුර සුද්ධෝදන ශාක්‍යමහ රජ ගෞතම මහ
බෝසත්තුමාගේ පියාණෝය. බිහිකළ මව මහමායා දේවියයි යන්න මහා පදාන
සූත්‍රාගත තොරතුරුවලින්ද හෙළිවෙයි. සුද්ධෝදන මාළිගයෙහි ප්‍රජාපති ගෝතමී
සුළු මෑණියන්ගේ නොමඳ මවු සෙනෙහස ලබමින් බෝසත් කුමරා සුඛෝප ජීවිතයක් ගත
කළේය. බෝසතාණන් වහන්සේ ගේ ජීවිතය සුකුමාර භාවයෙන් ආඩ්‍යව පස්කම්
සැපයකින් පිරිපුන් එකක් නමුත් එබඳු වෙනත් පුද්ගලයන්ට වඩා වෙනස් මඟකින්
ඒ දෙස බැලීමට උනන්දු විය. බෝසත් අභිනිෂ්ක්‍රමණය පිළිබඳව මූලාශ්‍ර හා
සමගාමීව පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර- බෝසත් කුමරා මාලිගයට කොටු වූ තාවකාලික සැප සම්පත් තෘප්තිමත්
වන්නට යටි සිත ඉඩ නොදෙයි. පෞද්ගලික දුකක් වේදනාවක් යැයි කිව හැකි
කිසිවක් නොවුවද දුක් විඳින මනුෂ්‍ය වර්ගයා පිළිබඳව එතුමෝ කම්පා වූහ. යස
ඉසුරු හා සුව සම්පත මැද වසමින් ම ලොවපිරී ඇත්තේ දුකින් බව පසක් කරන්නට
කුමාරයා සමත් විය. කුමරාණෝ නිහඬව මෙසේ කල්පනා කළේය. උපත, ජරපත් වීම,
මරණය දුක්කම්කටොලු උරුමකරගෙන උපන් මා එබඳු ස්වභාවය ඇති දේ පසුපස
දුවන්නේ කුමටද? එබඳු ස්වභාවය උරුමකරගත් මා ඒවායේ ආදීනව හඳුනාගෙන මෙතෙක්
අත්පත්කර නොගත් අනුත්තර වූ නිවන් සුවය ලබා ගත්තේ නම් යහපත් නොවේද?
‘ගෘහස්ථ ජීවිතය බාධක සහිතය. කෙලෙස් දූවිල්ලෙන් පිරුණේය. ගිහිගෙය හැර
අනගාරිකත්වයට පත් වීමෙන් ලබන පැවිද්දන්ට මෙන් පරම පවිත්‍ර බ්‍රහ්මචාරී
ජීවිතය අංග සම්පූර්ණ ලෙස ගතකිරීම පහසු නොවේ.
(ම.නි. මහා සච්චක සූත්‍ර - 240 පිටුව ඛු.සං)
එක් ප්‍රබෝධ ජනක දිනයක අවට ලෝකයේ තතු දැක ගැනීම පිණිස කුමාරයා
මාලිගයෙන් පිටත්ව මඟුල් උයන වෙත ගමන් ඇරඹීය. එදා හෙතෙම ජීවිතයේ සැබෑ
තතු පියවි ඇසින් දැක ගන්නට සමත් විය. රජ මාළිගයේ සීමාවන් තුළ ඔහු දැක
තිබුණේ් ජීවිතයේ සුව පහසු චමත්කාරජනක පැත්ත පමණි. මුළු මානව වර්ගයාටම
උරුම වූ අඳුරු පැත්ත සිතා මතාම ඔහුගෙන් වසා තිබිණි. ඔහු සිතින් මවාගෙන
තිබුණු තත්ත්වය මුල් වතාවට සියැසින් මොනවට දැකගත්තේය.
උයනට යන අතරමගදී ඔහුගේ තිවුුණු ඇසට මෙතෙක් නොදුටු දර්ශනය වූ විරූප වී
ගිය මහලු මිනිසෙක්, රෝගාතුර වූ පුද්ගලයෙක්, මෘත ශරීරයක් හා පැවිදි
උතුමෙක් ද ලක්විය. මුල් දර්ශන තුනෙන් ජීවිතයෙහි මනුෂ්‍ය වර්ගයාට සාධාරණ
පොදු විපත්ති ස්වභාවය මනාව අවබෝධ විය. සිව් වැන්නෙන් ජීවිතයෙහි දුක්
සමූහයෙන් මිදී නිවීම හා සැනසීම අත්පත් කරගන්නා ආකාරය දැක්විණි. මේ සතර
නිමිති දැකීමෙන් සසර පිළිබඳ කලකිරීම හා අබිනික්මන කෙරේ කැමැත්ත බලවත්
ලෙස වැඩී ගියේය. සියල්ල සිතින් ඉවත් කොට හද සැහැල්ලු කරගත් සිදුහත්
බෝසත් කුමරා මැදියම් රැයේ මාලිගයෙන් නික්ම අඳුරෙහිම ගමන් ඇරඹීය. අතේ
කහවනුවක් නැතිව හුදෙකලාව සත්‍යය සොයා හෙතෙම පිටත්විය.
මේ අභිනිෂ්ක්‍රමණය සිදු වූ ආකාරයයි. මෙය වූ කලී ලෞකික සැප විඳ නිමකළ
මහල්ලෙකු තවුස්දම් රකින්නට ගිය ගමනක් නොවේ. එමෙන්ම අත් හරින්නට කියා
කිසිවක් නොතිබුණු දුගී දුප්පත් තැනැත්තෙකුගේ පැවිදි වීමක් ද නොවේ.
සෞභාග්‍යයෙන් සශ්‍රීක වූ ප්‍රභාශ්වර යෞවන වයසේ පසු වූ රාජකුමාරයෙකු කළ
අභිනිෂ්ක්‍රමණයකි. මෙබඳු අබිනික්මනක් මානව ඉතිහාසයේ තවත් නොවීය.
සිදුහත් බෝසතාණෝ මේ ඓතිහාසික ගමන ගියේ වයස විසිනමයේදී ය.
ප්‍රශ්නය - සෑම මිනිස් ක්‍රියාවකටම සිත පෙර ගමන්කරුවෙයි. එසේනම් සිත
පෙරටුකරගත් මිනිසා විසින් කළ (කරොති) කී (භාසති) දෑ සියල්ලට (චෙතනාහං
භික්ඛවෙ කම්මං වදාමි) වගකීමෙන් බැඳී සිටී. හොඳ හෝ නරක පව හෝ පින කුසල
හෝ අකුසල් විසින් සිත පෙරටු කරගත් ක්‍රියාවෝය. (යං කත්වා අනුතප්පති)
පසුතැවිල්ලට හේතුවන ක්‍රියාවලින් වැලකීමද (වස්ස පතීතො සුමනො) සොම්නස්
සහගත විපාක විඳිය හැකි ක්‍රියාවල නියතුවීමේ අයිතිය බුදුදහමින් මිනිසාට
ප්‍රදානය කොට ඇත. එසේනම් මිහිපිට අපාය හා සුරලොව සකසා ගන්නේත් මිනිසා
විසින්මය. බුදු දහමේ මූලික ධර්මයන් ඇසුරු කරමින් පැහැදිලි කරන්න.
පිළිතුර - මනුෂ්‍යයන් අතර පවත්නා විවරණය කිරීමට අපහසු අසමානත්වයට හේතුව
කුමක්දැයි දැනගනු කැමැති ‘සුභ’ නම් එක් සත්‍ය ගවේෂක තරුණයෙක්
බුදුරජාණන් පාමුල වැඳ ඒ ගැන විමසීය.
ස්වාමීනි! මිනිසුන් අතර ඇතැමෙක් අඩු ආයුෂයෙන් දිවි තොරවන බවටත් සමහරුන්
දීර්ඝායුෂ ලබන්නටත් සමහරුන් විරූපී හා සුරූපී වන්නටත් සමහරුන් දුගී
දුප්පත්ව අසරණව සිටීමටත් සමහරුන් ධනවතුන් මහේශාක්‍ය දිවි ගෙවන්නටත්
සමහරුන් කුලහීන හා කුලවතුන් වන්නටත් හේතුව කුමක්ද? එයට පිළිතුරු වශයෙන්
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. සියලුම සත්ත්වයෝ කර්මය තව නය කොට
සිටිති. කර්මය දායාද කොට සිටිති. කර්මය හේතුව කොට කර්මය ඤාතියා කොට
කර්මය පිළිසරණ කොට වසති.
කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්මයොනි - කම්මබන්ධු - කම්ම පටිසරණ
කම්මං සත්තෙ විභජති. යදිදං හීන පණීනතතාය. (ම.නි. චුල්ලකම්ම විභංග
සූත්‍ර).
‘කර්මය නම් චේතනා පූර්වක ක්‍රියාවය’ සිතා මතා කරන ඕනෑම කායික වාචසික හෝ
මානසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය. තුන්දොරින් සිදුවන
ක්‍රියා යන්නෙන් මේ සියල්ල ගැනේ. කර්මයක් සිදුවීමෙහි දී වඩාත්
වැදගත්වන්නේ සිතය. අපේ වචන හා ක්‍රියා අනිවාර්යයෙන්ම ඒ මොහොතේ ඇතිවන
සිතිවිලි වලින් වර්ණවත් වෙයි. සිත ‘පදුට්ඨෙන චෙතසා’ දූෂිත නොහික්මුණු
විට කායික ක්‍රියාද නොහික්මුණු ක්‍රියා එහි ප්‍රතිඵලය. ‘ අස්සුමුඛෝ
රොදං’ ‘අනුතප්පති දුක්මුසු පැවතකි. සිත හික්මුණ ‘පසන්නේන චේතසා’
පැහැදුනු හොඳ හිත වචන ද යහපත් වන අතර ‘පතීත සුමන’ - සුවදායක සැනසිලි
දායක වූ පුවතක් වෙයි.
ඒ නිසාම ‘මනො පුබ්බං ගමා ධම්මො ආදී වශයෙන් ධම්මපද ග්‍රන්ථයෙහි එන පරිදි
යමකු නපුරු සිතින් කථා කළහොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසු පස එන
රිය සකමෙන් දුක පසුපස එන්නේය. එසේම ප්‍රසන්න සිත මුල් වූ කතා හා
ක්‍රියා තමා අතනොහැර එන සෙවනැල්ල මෙන් සැප ඔහු පසුපස එයි.
ප්‍රශ්නය - ‘චත්තරො යෝගා’ සත්තා සසර බැඳ තබන යෝග හෙවත් බැඳීම් සතරක්
ඇත. ඒ මොනවාද?
පිළිතුර - කාම වස්තූන් ඇසුරෙන් පී‍්‍රතිමත් වීම පළමු බැඳීම හෙවත් යෝගය
වන අතර දෙවැන්න භවය කෙරේ බැඳීමයි. තුන්වැන්න වූ දැක්ම හෙවත් දුෂ්ඨියයි.
සිව්වැන්න නම් අවිද්‍යාව හෙවත් නොදැනීම හෙවත් අනවබෝධයයි.
ප්‍රශ්නය - ‘ඡ අනුස්සති’ යනුවෙන් නැවත නැවත මෙනෙහි කළයුතු භාවනාව සඳහා
ගනු ලබන කර්මස්ථාන හයක් පෙළ දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර - බුදු ගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්මෘතියයි. එනම් භාග්‍යවතුන්
වහන්සේ අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධ වන සේක. සියල්ල මනාව දත් සේක.
අෂ්ට විද්‍යා පසලොස් චරණ ධර්ම වලින් යුක්තවන සේක. සුගත වන්නාහුය.
ලෝකවිදුහ. දෙව් මිනිසුනට ශාස්තෘ වෙති. අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ
කළහ. ධම්මානුස්සති. දහම්ගුණ මෙනෙහි කිරීමයි. තෙවැනි ස්මෘතිය.
සංඝානුස්මෘතියයි. සිව්වැන්න ශිලානුස්සතියයි. පස්වැන්න
ත්‍යාගානුමනුස්මෘතියයි. අවසාන හයවැන්න දේවතානුස්මෘතියයි. සදෙව්ලොව වැසි
දෙවියන් අනුව සිත මෙනෙහි කිරීමය.
|