පාලි භාෂාව පාඩම් මාලාව
කොලොන්නේ ජී. පත්මකුමාර
පාලි භාෂා වරනැගිල්ලට අනුව -
මෙම භාෂාව විභක්ති නවයක වරනැගෙයි. මෙම විභක්ති නවය කට පාඩම් කර ගැනීම
පාලි භාෂාව ඉගෙන ගන්නා වූ ආධුනිකයන්ට ප්‍රයෝජනවත් ය. එසේ වරනැගෙන
විභක්ති නවය නම් ප්‍රථමා, ආලපන, දුතිය, තතියා, කරණ, චතුත්ථි, පඤ්චමී,
ඡට්ඨි, සත්තමී ‘විභක්ති’ යනු බෙදෙන අර්ථයෙන් ය. මෙම විභක්ති වනා හී ඒක
වචන, බහු වචන වශයෙන් කොටස් දෙකකට බෙදේ. විභක්ති අවශ්‍ය වන්නේ වර
නැගීමටයි. මේවායේ වර නගන්නේ ශබ්දයෝ ය. ශබ්ද වනාහි නොයෙක් වැදෑරුම් ය.
බුද්ධ ශබ්දය, ධම්ම ශබ්දය, සංඝ ශබ්දය, නාග ශබ්දය, සුර ශබ්දය, අසුර ශබ්දය
ආදී වශයෙන් ය. කෙබඳු ශබ්ද තිබුණත් නැගිය යුත්තේ මේ විභක්ති නවයේමය.
අපි මෙහිදී මුලින්ම බුද්ධ ශබ්දය වරනැගීමට භාවිතා කරමු. බුද්ධ ශබ්දය
අකාරන්තය. මෙම අකාරන්ත බුද්ධ ශබ්දය පහත ලෙස වර නැගෙයි.
බුද්ධ ශබ්දය.
ඒක වචන බහු වචන
1. පඨමා බුද්ධෝ බුද්ධා
2. ආලපන හෙ බුද්ධ බුද්ධා භවනෙතා බුද්ධා
3. දුතියා බුද්ධං බුද්ධේ
4. තතියා බුද්ධේන බුද්ධෙභි බුද්ධේහි
5. කරණ බුද්ධේන බුද්ධේභි බුද්ධේහි
6. චතුත්ථි බුද්ධාය බුද්ධස්ස බුද්ධානං
7. පඤ්චමි බුද්ධා බුද්ධ ම්හා බුද්ධස්මා
බුද්ධේභි බුද්ධේහි
8. ජට්ඨි බුද්ධස්ස බුද්ධානං
9. සත්තමී බුද්ධෙ බුද්ධම්හි බුද්ධස්මිං
බුද්ධේසු
බුද්ධ ශබ්දයෙන් බුදුරජාණන් වහන්සේ ගැන කියත්. මෙම බුද්ධ ශබ්දය මනාව
කටපාඩම් කළ යුතු යි. අනතුරුව කළ යුත්තේ මෙම බුද්ධ ශබ්දය සිංහල තේරුමත්
සමග කටපාඩම් කිරීමයි.
ඒක වචන බහුවචන
පඨමා බුද්ධෝ (බුදුරජ තෙම) බුද්ධා (බුදුරජහුතුමු)
ආලපන හෙ බුද්ධ බුද්ධා (පින්වත් බුදුරජ, භවන්තෝ බුද්ධා පින්වත්
බුදුරජුනි,
දුතියා බුද්ධං (බුදුරජ) බුද්ධේ (බුදුරජුන්)
තතියා බුද්ධේන (බුදුරජවිසින්) බුද්ධේභි, බුද්ධේහි (බුදුරජුන් විසින්)
කරණ බුද්ධේන (බුදුරජ කරණකොටගෙන) බුද්ධේහි බුද්ධේහි (බුදුරජුන්
කරණකොටගෙන)
චතුත්ථි බුද්ධාය. බුද්ධස්ස (බුදුරජට ) බුද්ධානං (බුදුරජුන්ට)
පඤ්චමී, බුද්ධා බුද්ධම්හා, බුද්ධස්මා බුද්ධේභි බුද්ධේහි (බුදුරජුන්
කෙරෙත්)
ඡට්ඨි බුද්ධස්ස (බුදුරජගේ) බුද්ධානං (බුදුරජුන්ගේ)
සත්තමී බුද්ධේ බුද්ධම්හි බුද්ධ ස්මිං (බුදු රජකෙරෙහි) බුද්ධේසු
(බුදුරජුන් කෙරෙහි)
මෙම බුද්ධ ශබ්දය තවදුරටත් සමාලෝචනයක් කරමු. මේ බුද්ධ ශබ්දයේ ‘බුද්ධො’
යන පදය එකම විභක්තියක පමණක් වර නැගී ඇත. එනම් ප්‍රථමා විභක්ති ඒක වචනය
පමණයි.
එහි තේරුම බුදුරජතෙම යන්නයි. ‘බුද්ධො’ යන තැන ‘ඔ’ හඬ වචනයේ අවසානයට
යෙදෙයි. එසේ නම් ඕ හඬ යෙදෙන හැම තැනම සිංහලෙන් ‘තෙම’ යන අදහස යෙදේ. සුර
ශබ්දයේ දී ‘සුරෝ’ යනුවෙන් වර නැගෙන එහි තේරුම දෙවිතෙම කියාගත යුතුයි.
සුරෝ යන වචනයේ අගට ඕ හඬ යෙදෙන හෙයිනි. අසුර ශබ්දයේ දී අසුරෝ කියන විට
අසුරතෙම කියා ගත යුතුයි. ඊට හේතුව නම් වචනයේ අග හඬ ඕ කාරය නිසා ය. |