මානුෂීය අර්බුදය
ලේ ක්හවුස් ආයතනය දීර්ඝ කාලයක් අඛණ්ඩ ව පවත්වා ගෙන ආ වෙසක්
කූඩු තරගය මේ වසරේ දී නො පැවැත් වූයේ ඇයි? මෙය බොහෝ දෙනකුට
ප්‍රශ්නයක් විය. කොළඹ නගරයේ වෙසක් සැරසිලි වලට අලංකාරයක් එකතු
කළ ලේක්හවුස් මන්දිරය අබියස පවත්වන වෙසක් කූ®ඩු ප්‍රදර්ශනය මෙ
වර නො පැවැත්වීමට හේතු පැහැදිලි කිරීම මේ නිසා වැදගත් වනු ඇත.
වාර්ෂික ව පැවැත්වෙන වෙසක් කූඩු තරගය සඳහා වැය කැරෙන මුදල
උතුරේ අවතැන් වූ ජනතාව ගේ අවශ්‍යතා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට
අපි තීරණය කළෙමු. එ පමණක් ද නො ව තමන් ගේ දිනෙක වැටුප ඒ සඳහා
පරිත්‍යාග කිරීමට ලේක්හවුස් සේවක පිරිසක් ඉදිරිපත් වූ හ. දෙමළ
සන්නද්ධ බෙදුම්වාදීන් විසින් මිනිස් පලිහක් ලෙස භාවිත කළ
ජනතාවට උන්හිටිතැන් අහිමි වීමෙන් ඇති වී තිබෙන මානුෂීය අර්බුදය
විසැඳීමට උපකාර කිරීම අප සියලු දෙනාගේ වගකීම යැයි සලකා මේ
තීරණය ගත් බව කිව යුතු ය. උතුරේ අවතැන් ව සිටින ජනතාව වෙනුවෙන්
ජාතික රූපවාහිනිය සංවිධානය කළ සහෝදරත්වයේ යාත්‍රාව හා ස්වාධීන
රූපවාහිනියේ සහෝදරත්වයේ සත්කාරය වැනි වැඩසටහන් ද මෙහි දී
සිහිපත් කිරීම වැදගත් යැයි සිතමු.
ලක්‍ෂ ගණනක් ජනතාවට උන්හිටිතැන් අහිමි වීම නිසා ඇති වී තිබෙන
මානුෂීය අර්බුදය අන්තර්ජාතික වශයෙන් ද සාකච්ඡා කැරෙන
මාතෘකාවකි. මේ මානුෂීය අර්බුදයේ බරපතළ ස්වභාවය වටහා ගැනීමට නම්
අවතැන් වූ ජනතාව පිළිබඳ සංඛ්‍යා ලේඛන වෙත අවධානය යොමු කිරීම
අවශ්‍යය .
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් එස්.බී. දිවාරත්න මහතා
ප්‍රකාශ කැර ඇති පරිදි පසුගිය වෙසක් පොහොය දින වන විට රජයේ
පාලන ප්‍රදේශ වෙත පැමිණ සිටි සිවිල් වැසියන් ගණන 187, 840 කි.
මේ ජනතාව සුබ සාධන මධ්‍යස්ථාන හතරක හා තාවකාලික මධ්‍යස්ථාන
විස්සක රඳවා සිටිති. වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටුවා
ඇති ආනන්ද කුමාරස්වාමි සහන ගම්මානයේ සිවිල් වැසියන් 13, 825 ක්
ද, රාමනාදපුරම් ගම්මානයේ 54, 422 ක් ද, කදිර්ගාමර් ගම්මානයේ
22, 303 ක් ද රඳවා සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා
කියයි. ඊට අමතර ව පාසල් වල රඳවා සිටින 41 492 දෙනකු, යාපනයේ
සිටින 11150 දෙනකු හා පුල්මුඩේ ප්‍රදේශයේ 5663 දෙනකු රැක බලා
ගැනීමේ වගකීම ද රජයට පැවැරී ඇත. මෙය ඉතා බරපතළ තත්ත්වයක් යැයි
අමුතුවෙන් කිව යුතු නො වේ.
අවතැන් ව සිටින මේ ජනතාවට ආධාර රැස් කිරීම සඳහා මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය පිණ්ඩපාත
චාරිකාවෙහි වැඩම කළ හ. 2600 වන සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම්
කමිටුවේ සභාපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ
අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමියන් විසින් ජනතාව වෙත නිකුත්
කරන ලද ආයාචනය ද මෙහි දී සිහිපත් කිරීම වැදගත් යැයි සිතමු. එහි
මෙ සේ සඳහන් කැර තිබිණ.
“වෙසක් උත්සවය මෙ රට සැදැහැවත් බෞද්ධ පින්වතුන් විසින් සෑම
වසරක දී ම ඉතා උත්කර්ෂවත් ව මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් හා
භක්තියෙන් යුතු ව පවත්වන බව පුණ්‍යානුමෝදනාපූර්වක ව සිහිපත්
කරමු. පෙරහර, තොරණ, පහන් කූ®ඩු වැනි ආමිෂ පූජාවන් ද, සීල
සමාදානය වැනි ප්‍රතිපත්ති පූජාවන් ද ඒ අතර ප්‍රධාන වේ.”
“මෙ වර වෙසක් උත්සවය පවත්වන වටපිටාව පරිසරය සලකන විට විශේෂයෙන්
උතුරු ප්‍රදේශයේ ජනතාවගෙන් කොටසක් උන්හිටි තැන් අහිමි, ඇඳිවතට
පමණක් සීමා වී විපතට පත් වී සිටිති. එම අවතැන් වූ ජනතාව කෙරෙහි
අප ගේ විශේෂ සැලැකිල්ල යොමු කළ යුතු ය.”
“ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් හැමදාමත් ජාති, ආගම්, කුල ආදී
භේදයෙන් තොර ව සෑම විපතක දී ම පිහිටට ආ බව ඉතිහාසයෙන් ඔප්පු
වේ. ජාති, ආගම්, කුලමල සියල්ල යටපත් වී අන්‍යොන්‍ය උදව් උපකාරය
එ බඳු අවස්ථාවන්හි දී මුල් තැන ගනී.”
“දන්සල් දීම ඉතා හොඳ ආගන්තුක සත්කාරයකි. එහෙත්, බොහෝ තැන්වල
ආහාර පාන, ලැබෙන්නේ අවශ්‍ය ම පුද්ගලයන්ට නො වන බව ද පෙනේ.
තොරණ, දන්සල්, ආදිය වෙනුවෙන් වෙන් කැරෙන මුදලින් අවතැන් ව
සිටින උතුරේ සහෝදර ජනතාවට අවශ්‍ය ඇඳුම්, ඇඳ ඇතිරිලි, වියළි
ආහාර, වතුර බෝතල්, බේත් හේත්, පිඟන් කෝප්ප ආදී ද්‍රව්‍ය හෝ
භාණ්ඩ හැකිතාක් එකතු කොට, රජය විසින් පිහිටුවා ඇති මධ්‍යස්ථාන
ම¼ගින් අවතැන් වූවන් සඳහා ලබා දීමට සැලැස්වීම උතුම් බෝසත්
ගුණයක් වශයෙන් කල්පනාවට ගත යුතු ය. එම කටයුතු වලින් අපි මෙ වර
ආගන්තුක සත්කාරය අවතැන් වූ උතුරු පළාත් වාසීන් වෙනුවෙන්
පරිනමමු.”
“මේ වෙසක් සතිය තුළ සෑම විහාරයක් පාසාම මධ්‍යස්ථාන ගොඩනඟා ගෙන
මේ සඳහා ක්‍රමවත් ව ආධාර එක් රැස් කිරීමට කටයුතු සංවිධාන
කිරීමට සිත් යොමු කිරීම ඉතා අගනේ ය. ගම්බද හෝ නගරබද සෑම තැනක්
පාසා මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී දුරාචාරයන්ගෙන් තොර ව, මහා
සංඝයා වහන්සේ ගේ අනුශාසනා පරිදි, සදාචාරවත් වැඩ පිළිවෙළක් මේ
වෙසක් පොහොය දිනයේ සිට වර්ෂ 2011 වෙසක් පොහොය දිනය දක්වා වූ
කාලය මුළුල්ලේ ක්‍රියාවට නංවමින් 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව
වර්ෂය, පිළිවෙතින් සපිරිණු සැදැහැවත් බෞද්ධ පින්වතුන් වසන
ශ්‍රී ලංකාවක් බවට පත් කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන
මෙන් ඉල්ලා සිටිමු.”
මේ යුතුකම ඉතා සුළුවෙන් හෝ ඉටු කිරීමට හැකිවීම අපට ඉමහත්
සතුටකි. |