සිරිලක එදා සිට බුදු බණ ඇසුණු සැටි
මාතලේ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක
දැඹව පුරාණ විහාරාධිපති
හේරත්ගම ශ්‍රී ධම්මාරාම නා හිමි
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ක්‍රි. පූර්ව 06 වන සියවසේ
දී ලොව පහළ වී පස්වග මහණුන් වහන්සේට දම්සක් පැවතුම් සූත්‍රයෙන් මංගල
ධර්ම දේශනය කළ සේක. එතැන් සිට වර්තමානය දක්වාම යම් යම් වෙනස්වීම් යටතේ
වුවත් ධර්ම දේශනා පැවැත්වෙන බව දැකිය හැකි ය.
ප්‍රථම ධර්ම සංඝායනාවේදී බෙදා වෙන් වුනු සූත්‍ර, විනය, අභිධර්මය යන
තෙවලා බුදු දහම එදා පටන් මුඛ පරම්පරාවෙන් රැකගෙන ජනතාවට දේශනා කිරීමට
භික්ෂූන් වහන්සේ සමත් වූහ.
ලංකාදීපයට වැඩම කළ වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇරඹුණු
ධර්ම දේශනා ක්‍රමය වර්තමානයේ ‘කාලීන’ ධර්මදේශනා ක්‍රමය දක්වා පැවතීම
ඉතා අගය කළ යුතුය.
කාලයෙන් කාලයට ඒ ඒ ධර්ම දේශනා ජනපි‍්‍රය වූ බව බෞද්ධ සාහිත්‍යයෙන්
පෙනේයි.
ආරියවංශ ධර්ම දේශනාව, පන්සිය පනස් ජාතක ධර්ම දේශනාව, මංගල ධර්ම දේශනාව,
කඨිනාසංශ ධර්ම දේශනාව, යුගාසන ධර්ම දේශනා මතක ධර්ම දේශනා, මෛත්‍රී
වර්ණනා (අනාගත වංශ ධර්ම දේශනා) දේශනා, මිලිදු නාගසේන, ධර්ම සංවාදය,
ආලෝක දමනය, අංගුලිමාල දමනය, සච්චක දමනය, සුවිසි විවරණ ධර්ම දේශනා
පන්සාලිස් වස් ධර්ම දේශනා, නොසැත්තෑ ඥාණ ධර්ම දේශනා, මහා සතිපට්ඨාන
දේශනා, පායාසි රාජඤ්ඤ සූත්‍ර දේශනා හා වර්තමානයේ කාලීන ධර්ම දේශනා සහ
කාව්‍යමය ධර්ම දේශනා ආදී වශයෙන් දැක්විය හැකි ය. එසේම නාට්‍යානුසාරයෙන්
ද ධර්ම දේශනා ලකපුරා ප්‍රචලිත විය.
අරියවංශ ධර්ම දේශනා
අනුරාධපුර යුගයේත් ඉපැරණි රුහුණු රටේත් ඉතාම ප්‍රකටව හා ඉමහත්
උත්සහශි‍්‍රයෙන් පැවැත් වූ ජනපි‍්‍රය දේශනාවකි මෙය. ඒ බව පාලි රසවාහිනි
ග්‍රන්ථයෙන් පැහැදිලිව පෙන්වා දෙයි.
මෙදා මෙන් නොව දුරාතිතයේ මාර්ග යාන වාහන ආදී පහසුකම් වලින් ඉතා දුෂ්කර
ය. වනදුර්ග ජනදුර්ල ගිරිදුර්ග තරණය කිරීම අපහසු වුවද පා ගමනින්ම ගමන්
අරඹීම එකල සිරිතකි. මිනිස්සු දින ගණන් එසේ ගමන් කළහ. අම්බලන් වල
නවාතැන් ගනිමින් කායික වෙහෙසින් හා මානසික සංතුෂ්ඨියෙන් මෙම දහම් ඇසීමට
සැතපුම් සිය ගණන් ගෙවා ජනතාව එක් රොක් වූ බව මෙම පාලි සාහිත්‍ය ග්‍රන්ථ
වලින් පැහැදිලි වේ.
විශේෂයෙන් අරියවංශ ධර්ම දේශනාව සතියක් රාත්‍රී මුළුල්ලේම පැවැති බවත්,
එයට හේතුව ඈත ප්‍රදේශවල ජනතාවගේ් සුඛ විහරණය සඳහා බවත් කියවේ. මෙම
සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ වතුත්ත නිපාතයට අයත් බව ආචාර්ය වල්පොල
රාහුල මාහිමිපාණන් වහන්සේගේ් “ලක්දිව බුදු සමය” ග්‍රන්ථයේ ඉතිහාසයේ
සඳහන් වේ.
මෙම අරියංශ ධර්ම දේශනය පවත්වන කාලය තුළ මුළු රට පුරාම පොල්තෙල් හෝ
කැකුණ තෙල් පහන් දැල් වූ බව පැරැන්නන්ගේ කියමනයි. ආචාර්යන් වහන්සේගේ
පරම්පරාවෙන් උසස් ලෙස පවත්වාගෙන ආ ධර්ම දේශනයක් නිසා එය අරියවංශ
දේශනයක් වූ බව ඇතැමුන්ගේ් මතයයි.
මේ අතර අනුරාධපුර රජ කළ සද්ධාතිස්ස රජතුමා මෙවැනිම ධර්මයක් රාත්‍රිය
මුළුල්ලේ ශ්‍රවනය කළ බව ප්‍රකට කරුණකි. එනම් කළුබුද්ධරක්ඛිත හිමියන්
කළුවර පොහෝ දා කළුදිය පොකුණ අසළ කළුතිඹිර ගහයට කැළුකාරාම සූත්‍රයෙන්
දෙසූ බව ශාසන ඉතිහාසය සනාථ කරයි.
පන්සිය පනස් ජාතකය
මෙම පොත්වහන්සේ කුරුණෑගල යුගයේ සිංහලට නැගුවකි. එතැන් සිට ලක් වැසි
ජනතාව මහත් ගෞරවාදරයෙන් යුතුව උපහාර දක්වන ධර්ම දේශනයක් බවට පත්විය.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කරන මෙම ධර්ම දේශනයට දිවා රාත්‍රී
දින 12 කට වැඩි ප්‍රමාණයක් වැය වෙයි. ජාතක ධර්ම දේශනය හමාර වන අවසාන
රාත්‍රියේ අලුයම වෙස්සන්තර ජාතික දේශනය හා මෛත්‍රී වර්ණනා දේශනය
ශ්‍රවණයට බොහෝ බැතිමතුන් පුද පඬුරු පුදදෙමින් සහභාගි වීම එදා මෙන්ම
අදත් දැකිය හැකි ය.
මංගල ධර්ම දේශනා
සාමණේර භික්ෂුවක් උපසම්පදාවෙන් පසු මුලින්ම දේශනා කරන ධර්මය මංගල ධර්ම
දේශනා වශයෙන් හැඳින්වුවත් සාමණේර භික්ෂූත්වය යටතේ වුවද පළමුවෙන්ම දේශනා
කරන ධර්මය මංගල බණ වශයෙන් සැලකේ.
එම භික්ෂුවගේ සබකෝල ගතිය නැති කර තම හැකියා මවුපියාදි ඤාතීන්ටත් දායක
කාරකාදීන්ටත් පෙන්වීමට සුදුසු පළමු අවස්ථාව මෙය වේ.
විහාරස්ථානයක උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් අවුරුද්දේ එළඹෙන ඇසළ පුර
පොහෝ දින උපෝසථ විනය කර්මයෙන් පිරිසුදු වී පසුදින වස් සීලය සමාදන්ව එය
හොඳින් ආරක්ෂා කර ගැනීමත් ඊළ¼ඟට එළඹෙන වප් පුර පොහෝ දින උපෝසථ විනය
කර්මයෙන් නිම කිරීමෙන් පසු ඉල් පොහොය දක්වා කඨින පින්කම් ඉතා උසස්
අන්දමින් සිදු කෙරෙයි. එම පින්කම චක්‍රවර්ති රාජ්‍යය හා නිර්වාණ
සම්පත්තිය පවා ලබා ගැනීමට මහෝපකාරී වන මාහැඟි පුණ්‍ය කර්මයකි. නාගිනු
මහරහතන් වහන්සේගේ චරිතාපදානයෙන් මේ ගැන පැහැදිලි විස්තරයක් දැකිය හැකි
කඨින පින්කම් පවත්වන විහාරස්ථානවල මේ කඨිනානිසංස පිළිබඳ විස්තරාත්මක
කෙරෙන ධර්ම දේශනය මෙනමින් හැඳින්වේ.
කඨින මහ පෙරහර කඨින චීවර පූජාව ගරු ගාම්භීරව ලක්දිව පුරාම වර්ෂයකට වරක්
පවත්වන මහ පුණ්‍ය කර්මයකි.
මතක ධර්ම දේශනා
මෙකු මියගිය පසු හත්වන දිනට පෙර දින රාත්‍රියේ මරණය පිළිබඳ සිහි කරමින්
දේශනා කරන ධර්මය මතක බණ නමින් හැඳින්වේ. මෙම මතක බණ තුන්මාසයටත්
වාර්ෂිකවත් බෞද්ධ සැදැහැවතුන් තම ශක්ති ප්‍රමාණයෙන් පවත්වනු ලබන උසස්
පින්කමකි.
මතක ධර්ම දේශනයෙන් පසු දවල් දානය පිරිනමා මිය ගිය අයට අතපැන් වත්කර
පින් අනුමෝදන් කර යම් විටක ඒ පුද්ගලයා අභව්‍ය ස්ථානයක උප්පත්තියක් වේ
නම් එයින් මුදවාලීමේ කරුණා සහගත සිතින් පවත්වනු ලබන පුණ්‍ය මහෝත්සවයකි.
යුගාසන ධර්ම දේශනා
අපේ මාතෘකාවට අදාළ යුගාසන ධර්ම දේශනා ක්‍රමය මහ නුවර යුගයේ වැඩ සිටි
බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සග රාජ මාහිමිපාණන් වහන්සේගේ
කාලයේ ඇරැඹුණු බව ඉතිහාස මූලාශ්‍රවලින් පෙනේ. යුගාසන ධර්ම දේශනා ක්‍රමය
ආසන තුන, පහ, හත, වශයෙන් විකාශනය වූ බව පෙනී යයි. රැයක් මුළුල්ලේම දහම්
දෙසීම එක භික්ෂූන් වහන්සේ නමකට අසීරු අවස්ථාවක එයට පහසු ලෙස මෙය සකස්
වූ බව ඇතැමුන්ගේ හැඟීමයි.
එසේම අද මෙන් නොව එදා මාර්ග විදුලිය ආදිය නොතිබිණි. බොහෝ පිරිස් දින
ගණන් පයින්ම ගමන් කර දහම් ඇසීමට යෑම සිරිතකි. එවැනි අවස්ථාවක මධ්‍යම
රාත්‍රියේ දහම් දෙසීම නතර කළහොත් ජනතාව ඉමහත් අසීරුතාවයකට පත්වීමට ඇති
ඉඩකඩ එමට ය.
එම තත්ත්වය මගහැරීම සඳහා එකම මාතෘකාවක් යටතේ් රාත්‍රිය යාම තුනකට බෙදා
හාමුදුරුවන් වහන්සේ තුන් නමක් විසින් දහම් දෙසීම සිදු ;කරිණි. තවත්
දහම් දෙසීමක් වූයේ තම අභිමතය පරිදි මාතෘකාවක් ගෙන රාත්‍රි මුළුල්ලේම
පස් නමක් හත්නමක් ආදි වශයෙන් දහම් දෙසීමයි. දඹදෙනි යුගයේ සාහිත්‍ය
කෘතිවලින් ඒ බව කියැවේ. මෙම ක්‍රමයේදී දිවා කථික, පද භානක, ධර්ම කථික
වශයෙන් ස්වාමින් වහන්සේ හැදින්විණි. එම ක්‍රමයද වෙනස් වී නුවර යුගයේ දී
යුගාසන ක්‍රමය බිහි වූ බව පෙනෙයි. එම ධර්ම දේශනය තුළ මිහිරි ශබ්ද
මාධූර්යයෙන් චූර්ණිකානම් ආරාධනා ගාථා හෝ පද්‍ය පන්තියක් ළමයකු විසින්
ගායනා කිරීමක් ද සිදුවේ. පසුව නමස්කාර ගාථා දේශනයෙන් අනතුරුව දහම්
දෙසීම ඇරැඹෙයි.
යම් ගාථාවක අර්ථය, නිධානය දේශනා කිරීම එක් ආසනයකින් ද අනෙක් ආසනයේ වැඩ
ඉන්න ස්වාමින් වහන්සේ අර්ථ විවරණය සහිතව දහම් දෙසීම ද සිදු කැරේ. අලුයම
මෛත්‍රී වර්ණනාව, දොරකඩ අස්න, අනුශාසනාව, පින්දීම ඉතා මිහිරි ලෙසත්
තාලයට හා රිද්මයට අනුවත් දේශනා කැරේ. මෙහි ප්‍රාස, අනුප්‍රාස සහිතව
යෙදී තිබීමත්, ඒ අනුව දේශනා කිරීමත් ඉතා අගනේ ය.
පසු කලෙක දොරකඩ අස්න කියවීම දේවදූත නමින් ගිහි කුලකුමරෙකු විසින්
මිහිරි හඬින් ප්‍රකාශ කිරීම ආකර්ශනීය දර්ශනයකි.
එක් අවස්ථාවක යුගාසන ක්‍රමය වෙනුවට තුන, පහ , හත ආදී ආසන පනවා දහම්
දෙසීම කළ සමයක් තිබිණ. එහෙත් එම ක්‍රමය වැඩි කලක් ක්‍රියාත්මක නොවූ බව
පෙනෙයි. නමුත් යුගාසන ධර්ම දේශනා ක්‍රමය මෑතක් වන තුරුම ජනපි‍්‍රයව
පැවැති බව ප්‍රකට කරුණකි.
චාරිත්‍ර විධි
මතක ධර්ම දේශනය හැර අනෙක් ධර්මදේශනා ක්‍රමය විශාල ජන සමූහයක් රැස්කර
ගන්නා මා හැඟි පුණ්‍යෝත්සවයකි. ඒ සඳහා විහාරස්ථ ධර්ම ශාලාව හෝ
යොදාගත් ස්ථානය ශුද්ධ පවිත්‍ර කර සුදු හුණු පිරියම් ගෑමත්, වත්ත පිටිය
අවට පිරිසුදු කිරීමත් මුලින්කරනු ලැබේ.
හේවිසි කරුවන් ලවා ප්‍රදේශය පුරා අණබෙර පවත්වා පින්කමේ දිනය ජනතාවට
මතක් කර දීමත් කෙරෙයි. ඒ අතර විහාරස්ථානයට පිවිසෙන මළුවේ දොරටුව අසල
ගොක් අත්තකින් ආරුක්කුවක් බැඳ පින්කම පැවැත්වෙන ස්ථානය හඳුන්වා දෙයි.
තැනින් තැන බෞද්ධ කොඩි ධජ පතාක එල්ලීමෙන් ලැබෙන ආලෝකවත් භාවය බෞද්ධ
සංස්කෘතිය නැවත සිහිගන්වයි.
ඉතා දර්ශනීය ලෙස ආසන පිළියෙල කිරීමත් මුළු ශාලාවම උඩු වියන් බැඳ නා
අතු, සිවිය අතු, කොහොඹ අතු, ගොක් අතු, පුවක් මල් වලින් සැරසීම සිදු
කැරේ. මළ ලොඹු එල්ලම් යනු මෙයම වේ.
ධර්ම ශාලාවේ මිදුලේ ගොක් අතු වලින් වටකර මල්පැළ නමින් පුංචි කුටියක්
සාදා දෙවිදේවතාවුන්ට පහන් දැල් වීමත් ආසන අසල දෙපස පුන් කලස් තැබීම ද
සිදු කෙරෙයි. පංචතූර්ය නාදයෙන් මල් පහන් දැහැත් ගිලන් පස වලින් යුතු
සම්බුද්ධ පූජාවක් පැවැත්වීමත් පෙර සිට එන චාරිත්‍ර ධර්මයකි.
හේවිසි හොරණෑ සහිත උඩු වියනින් පිරිමි දෙදෙනකුගේ අත් දෙක මත දේශකයන්
වහන්සේ වැඩම කරනු ලබන්නේ මහජනතාවගේ සාධු හඬ මතිනි. දැහැත් වට්ටියක්
පිළිගැන්වීම මේ අතර වේ. ඉන් පසු කට්ටකුමච්චල් සාම්බ්‍රානි වලින් සුවඳ
දුම් ඇල්ලීමත් විළඳ ඉසීමත් සිදු කෙරෙයි. පහන් දැල්වීම, හේවිසි වැයීම
සිදුකෙරෙයි. විචිත්‍රවත් ඇඳුමින් සැරසුණු කුමරුවන් දෙදෙනා මණ්ඩපය අසලදී
සුමිහිරි හඬින් චූර්ණිකාව ගායනා කරති. එය දේශකයන් වහන්සේට දහම් දෙසීමට
කෙරෙන ආරාධනයයි. පන්සිල් දී දෙවියන්ට ද ගාථා වලින්ම ආරාධනා කර නමස්කාර
ගාථා දෙසීම ඊළඟට කෙරෙන කාර්ය යි. එයින් පසු මාතෘකා ගාථාව දේශනා කර
ධර්මානිශංසය පිළිබඳ කෙටි අනුශාසනාවක් ද පැවැත්වේ. එක් භික්ෂූන් වහන්සේ
නමක් පෙළ මාතෘකා ගාථා දේශනා කරන අතර, අනෙක් භික්ෂූන් වහන්සේ එම ධර්මයේ
අර්ථය විවරණ සහිතව ඉදිරිපත් කරති. “පූච්ඡා විස්සඡ්ජන” පැනයට පිළිතුර
දෙන ක්‍රමයට ද දහම් දෙසීම සිදු කැරේ.
අලුයම මෛත්‍රී වර්ණනාව (අනාගත වංශ දේශනාව) දේශනා කොට පින්කම සංවිධානය
කළ සැමටත් පරලොව ගිය ගුරුවර මවුපිය ආදී සැමටත් පින් කැමැති දෙව්
දේවතාවුන්ටත් මුළු ලෝක සත්ත්වයාටත් පින් අනුමෝදන් කරනු ලැබේ. පිරිකර
පූජා කර, සෙත් පිරිතකින් පින්කම නිම කිරීම පෙර සිට පැවත එන
චාරිත්‍රයයි.
සැමට තෙරුවන් සරණයි. |