UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දේව කතා පුරාණය

පුරාණ දේවකතා, පරිකල්පිත සහ සංකේතාත්මක ශෛලියෙන් කියන ලද කතාන්තර යි. ඒවායේ සාකල්‍ය සහ මූලික ව්‍යුහය මත සංස්කෘතිය රඳා පවතී. සාංස්කෘතික අරමුණ සහ අගය පාදක කොට දෙන ලද මේ අවධාරණය අනුව පුරාණ දේවකතාව මනඞකල්පිත සහ විස්මයාවහ ලෙස පෙනෙනු හැකි ය. ඇයි ද යත්, පුරාණ දේවකතාව, සංස්කෘතිය පිළිබඳ සාමාන්‍ය සම්මුතියට අදාළ කොන්දේසි මත පිහිටා විස්තර කළ නොහැකි හෙයිනි. සත්තකින්ම සංස්කෘතිය පිළිබඳ පොදු සම්මුතීන්ගේ මූලාරම්භය පුරාණ දේවකතාවල හමුවන බව පැහැදිලි ය.

‘මිතොලොජි’ යන භාෂිතයෙන් පුරාණ දේවකතාවලින් එක්තරා කොටසක් විස්තර කැරෙයි. උදාහරණයක් ලෙස ගී‍්‍රක්, අපි‍්‍රකානු හෝ ස්කැන්ඩිනේවියානු වශයෙන් පුරාණ දේවකතා අධ්‍යයනය එයට අදාල විය හැකි ය. පුරාණ දේවකතා අධ්‍යයනය විවිධ ස්වරූප ගන්නට පුළුවන. ඇතැම් එවන් අධ්‍යයන සත්ත්ව සන්තතිය, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සහ පුරාණ දේවකතාවන්ගේ සුවිශේෂ මණ්ඩලයක කි‍්‍රයාකාරීත්වය පිළිබඳ සියුම් අවබෝධය අරමුණු කොට පවතී. තවත් ඇතැම් අධ්‍යයන, ඕනෑ ම සංස්කෘතික සමාජයක මේ ගණයේ කතාන්තර හා ඒවායේ වැදගත්කමට හේතුව හෝ අවශ්‍යතාව තේරුම් ගන්නට උත්සාහ දරයි. මේ ගණයේ අධ්‍යයන, මේ කතාන්තරයන්ගේ් සම්භවය තුළ, මානවයාගේ මානසික ස්වරූපය පිළිබඳ තොරතුරු සංස්ථාපනය කරන්නට හෝ මනුෂ්‍යත්වයේ ගුප්ත භාවයට සාමූහික ප්‍රතිචාරයක් ලෙස ඒවා ගැන සැලකිල්ලෙන් විමසා බලන්නට හෝ යත්න දරනු ඇත.

පුරාණ දේවකතා නිතර ම පුරාණෝක්ති ආඛ්‍යාන හා වෘත්තාන්ත සමඟ මුසු වෙයි. සැබවින් ම ඒවා අතර නියත වෙනසක් දැක්විය නොහැකි වුවත්, ඵලවත් පරිදි එහි විශේෂත්වය පිළිබඳ මායිම් රේඛා සටහන් කළ හැකි ය. මර්සියා එලියඩ්, පුරාණ දේවකතා යුගය ගුණාත්මක වශයෙන් වෙනස් හා පවත්නා සාමාන්‍ය යුග තත්ත්වයට සමගාමී නොවන බව සලකමින් පුරාණ දේවකතාවේ ලෞකික ලක්ෂණ අවධාරණය කර ඇත. මේ සමගාමී නොවන ලක්ෂණය පුරාණ දේවකතා යුගය සමග ගැළපෙන්නේ එහි අනුකරණයක් වශයෙන් පමණි.

සුරංගනා කතා යුගයේ ‘ඔන්න එකමත් එක කාලෙක’ යන්න ලෞකික මට්ටමින් ගත් කල සැක සහිත බවක් හෝ වක්‍රෝක්තියක් ජනනය කරයි. එය සාමාන්‍ය හැඟීමක ව්‍යාජයක් විය හැකි කතාවක සිද්ධීන්ගේ ලෞකිත ආකෘතියක් ජනනය කරන්නට සහ විස්මය දනවන, සංකේතාත්මක හා මනඞකල්පිත මුහුණුවරක් ආරෝපණය කරන්නට උත්සාහ දරයි. සුරාංගනා කතාවක් මෙසේ සඳහන් කරන්නට පුළුවන.

“ඒක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්කම තිබුණා හෝ ඒක එහෙම වුණා වෙන්න පුළුවනි” යනුවෙනි. කෙසේ වෙතත් සුරාංගනා කතාව කියන්නාගේ හෝ අසන්නාගේ සාමාන්‍ය කාලය අතර පවතින මූලික අසම්බන්ධතාවක් පිහිටුවන අතර, පුරාණ දේවකතාව කීම හා රඟපෑමේදී සිදුවන පරිදි, කතාවේ සිදුවීම් ගලපා පිහිටුවා ගනී. සුරාංගනා කතාව, අනුකරණය කළ යුතු ආකෘති රඟපා නිරූපණය කරන්නට හෝ විස්තර කරන්නට අදහස් නොකරයි.

මනඞකල්පිත සහ පරිකල්පනාත්මක මූලිකාංග ඇතුළත් වුවත්, ආඛ්‍යාන හා පුරාණෝක්ති සාම්ප්‍රදායික කතාන්තරය. ඒවාට ඓතිහාසික පදනමක් ඇත. ඒවා ජනපි‍්‍රය ස්මරණයක් තුළ අලංකාරෝක්තික සහ මතක තබා ගැනීමට හැකිවන්නට සෑහෙන පමණට අතිශයෝක්තික වන සැබෑ සිදුවීමක් නියෝජනය කරයි. තවදුරටත් සිද්ධීන්ගේ සහ නළුවන්ගේ් ලෞකිකත්වය පිළිබඳ නියමය, සම්මුතික හා සාමාන්‍ය කාලයක් සමග අඛණ්ඩව රඳා පවතී. කෙසේ වෙතත්, පුරාණෝක්ති සහ ආඛ්‍යාන පුරාණ දේවකතාව හා ඓතිහාසික වෘත්තාන්ත අතර මධ්‍යස්ථ තත්ත්වයක රඳා පවතී. ජෝර්ජ් ඩුමෙසිල් පුරාණ දේවකතා ගැන ‘ටෙස්ටිනි ඔෆ් ද වොරියර්’ කෘතියෙහි එය ‘එක්තරා පුරාණෝක්ති ගණයක්’ ලෙස සාකච්ඡා කරන අතර මයිකල් ග්‍රාන්ට් ‘රෝමන් මිත්ස්’ කෘතියෙහි පුරාණ දේවකතාවන්ගේ එක්තරා ආකෘතියක් ගැන ලියයි. උදාහරණයක් ලෙස රෝමය සහ නයිජිරියාවේ නූප්වරුන් පිළිබඳ කතා ඓතිහාසිකකරණය කරන ලද පුරාණ දේවකතා වෙයි. මේ පුරාණ දේවකතා ඉතිහාසයට දේවකතාවේ අගය සහ කීර්තිනාමය පවරා දෙන්නට නැඹුරුව සිටී. නොයෙක් සමාජයන්හි සිදුවන මෙවන් ක්‍රියාවලියේදී ඉතිහාසය පුරාණ දේවකතාකරණයට බඳුන් වන අතර පුරාණ දේවකතාව ඓතිහාසිකරණයට බඳුන් වෙයි. පුරාණෝක්ති හා ආඛ්‍යාන මේ ප්‍රවණතාවට අර්ථකථන සපයන ඓතිහාසිකකරණයට බඳුන් වෙයි. පුරාණෝක්ති හා ආඛ්‍යාන මේ ප්‍රවණතාවට අර්ථකථන සපයන වෘත්තාන්ත විශේෂයන් ය.

18 වැන සියවස නොවන තුරු පුරාණ දේවකතාව ( මික්) යන භාවිතය මූලික වශයෙන් පුරාණ ගී‍්‍රකයන්ගෙන් හා රෝමන්වරුන්ගෙන් ලැබුණු පුරාණ දේවකතා හඳුන්වන්නට යොදන ලදී. එනම්, බටහිර ලෝකයේ පුරාණ අසාංස්කෘතික දේවකතා හඳුන්වන්නට යි. එවක් පටන් මේ භාෂිතය ලෝකයේ හැම භූගෝලීය ප්‍රදේශයකින් ම වාගේ ලැබුණු මේ ගණයේ වෘත්තාන්ත වර්ග කරන්නට යොදා ගෙන තිබේ. කෙසේ වෙතත් මේ නිබන්ධනය පුරාතන ආසන්න පෙරදිග හා ඉන්දියාවේ දේවකතා පුරාණයක්, ගී‍්‍රික හා රෝම පුරාණ දේවකතාත්, අසාංස්කෘතික බටහිර යුරෝපයේ ප්‍රාග් ක්‍රිස්තියානි පුරාණ දේවකතාත් සංග්‍රහ කරන්නට සීමා වනු ඇත.

පුරාණ දේව කතා අධ්‍යයනය

18 වන සියවස අග හරියේදී පුනරුද යුගය උදා නොවන තුරු, බටහිර ලෝකයේ පුරාණ දේවකතා එක්රැස් කිරීමේ හා අර්ථකථනය කිරීමේලා කැප කැරුණු විධිමත් සංයමයක් දකින්නට නොලැබෙයි. කෙසේ වෙතත් පුරාණ දේවකතා අර්ථකථනය කිරීමේ ඇල්ම පිළිබඳ ඉතා දිග ඉතිහාසයක් බටහිර ලෝකයට ඇත. පුරාතන සහ සම්භාව්‍ය ගී‍්‍රකයනට, පුරාණ දේවකතා ගැන විස්තරාත්මකව සහ විචාරාත්මකව කියන්නට ඉමහත් සම්භාරයක් දේ තිබිණ.

ගී‍්‍රක පුරාණ දේවකතා කෙරෙහි විචාරාත්මක දෘෂ්ටියක් හෙළන්නට ඉදිරිපත් වූ පුරාතන ගී‍්‍රකයන්ගෙන් පළමුවැන්න ලෙස සාමාන්‍යයෙන් ක්‍රි.පූ. සයවැනි සියවසේ විසූහ යි සිතන මිලේටස්හි තේල්ස් පිළිගනු ලැබී ය. ලෝකය එක ම ද්‍රව්‍යකින් එනම් ජලයෙන් නිර්මාණය විනැ යි සඳහන් කරන ඔහු පුරාණ දේවකතාවේ විස්තර කරන ලද අනුපිළිවෙළහි සුවිශේෂ ආකාරය හා ද්‍රව්‍යයන්ගේ ස්වභාවය සම්බන්ධයෙන් පුරාණ දේවකතාවේ දෙන ලද විස්තර වැඩිදුරටත් ඉදිරිපත් කිරීම මගින් දැඩි විවේචනයක යෙදුණේ ය.

්ලේටෝ, පුරාණ දේවකතාව හා ඒවායේ ආකෘති භාවිතය, ගැඹුරු දාර්ශනික සත්‍ය වටහා ගැනීමට අදාළ ස්වාධ්‍යයනික හා ශික්ෂණ විද්‍යාත්මක රුකුලක් ලෙස සැලකී ය. ඒ අතර ඇරිස්ටෝටල් , පුරාණ දේවකතා මිනිස් ජීවිතය හා ලෝකය පිළිබඳ සත්‍යය හෙළි නොකරන හිතලු කයිකතන්දර ලෙස හඳුන්වමින් වඩාත් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. මෙසේ පුරාණ දේවකතාව විෂයයෙහි ගී‍්‍රක තත්ත්ව පරීක්ෂාව ලෝකය පාලනය කිරීම සහ ඒ පිළිබඳ විමර්ශනාත්මක අවබෝධයක් සඳහා මුල පුරන ලද්දක් විය.

ක්‍රි.පූ. 04 වැනි සියවසේදී ගී‍්‍රක ජාතික ඉයුහමෙරස් නමැති පුරාණ දේවකතා විමර්ශකයා ආරම්භයේදී ම දෙවියන් යනු, මූලික වශයෙන් තමන්ගේ එඩිතර ක්‍රියා නිසා ගරු කටයුතු ලෙස සලකනු ලැබූ රජුන් සහ විරයන් වෙති යි යන මතය ඉදිරිපත් කළේ ය. කිතු දහමේ සම්ප්‍රාප්තියත් සමඟ පෙරමුණට පැමිණි දෙවියන් වහන්සේ, සිය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුන් තුළ ජීවමාන වන්නේය යන (ඓතිහාසික එළිදරව්වේ සුවිශේෂ තත්ත්වය අතර දේවපුරාණය) ඉයුහමෙරස් ක්‍රමයට හෝ පහත් ගණයේ යකුන් ගැන කියන්නක් විය හැකි බවට අර්ථකථනය කරන ලද්දේ ය.

පසු කල්හි ක්‍රිස්තියානි ලේඛකයෝ පුරාණ දේවකතාවන්ගේ සංකේතාත්මක අර්ථකථන සදාචාරාත්මක හෝ ආදර්ශවත් කතාන්තර ලෙස තහවුරු කළහ. මේ ප්‍රවේශය යුරෝපයේ පුනරුද සමය පුරාත් පැවතිණ.

පුනරුද සමයේ දී බටහිර ලෝකයේ ඇරඹුණු, පුරාණ දේවකතාව පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනය, ඉහත සඳහන් ප්‍රාග්කල්පිත දෙක උරුම කර ගත්තේ ය. ඒ අතර බොහෝ අධ්‍යයන පුරාණ දේවකතාවන්ගේ විමර්ශනාත්මක සහ ඓතිහාසික තත්ත්ව පරීක්ෂාවට එක් අතකින් පුළුල් ස්ථාවරත්වයකින් හෝ එයට පටහැනි ප්‍රතිකර්කමකින් හෝ ප්‍රතිචාර දැක්වී ය.

ඉහත සඳහන් අධ්‍යයන පුළුල් ලෙස පැතිර ගියේ ය. එක් පිරිසක් පුරාණ දේවකතාව මානව සංහතියේ ප්‍රාග් අවධියේ අත්දැකීම්හි ප්‍රකාශනයක් සේ සැලකූ®හ. මේ සම්මතයට උදාහරණ දෙකක් ලෙස වෝල්ටෙයාර්ගේ සහ චාල්ස් ද බ්රෝසන්ගේ (1709 - 77) සිද්ධාන්ත දැක්වෙයි. ඔවුන්ගේ සිද්ධාන්තයන්හි විසමතා දක්නට ලැබෙතත්, ඔවුන් දෙදෙනා ම කටයුතු කර ඇත්තේ සමාන පිළිගැනීමක් මත යි. ඒ අනුව මානව ඉතිහාසය ඉඳුරා ම ප්‍රගතිගාමී ය. ඒ අනුව එහි ආදිතම පියවරවල් අහිංසක ය. මන්දගාමී ය. අසංස්කෘත ය. මේ තත්ත්වය තුළ මානව ප්‍රගතියේලා නව්‍යකර සහ කඩිමුඩියෙන් වැරදීම් බහුල පියවර ගන්නට සිදුව තිබිණ.

චින්තකයන් සේ ම විවිධ මත දරන, ජියම් බැට්ස්ටා වයිකෝ සහ රොබට් ලොත් (1710 - 88) යන දෙදෙනා ද පුරාණ දේවකතාවේ මූලික පූර්වාංග, ආදිතම පියවරේ අදහස් ප්‍රකාශන ආකෘතිය බවට එකඟ වූහ. කෙසේ වෙතත් වයිකෝ සහ ලොත්ට අනුව ආදිතම පියවර උදාහරණාත්මක වුවත්, ඉක්බිති මානව සමාජයේ අනාගත පියවරවල් සංස්කෘතිය ආදිතම සහ අත්‍යන්තයෙන් නිර්මාණාත්මක පියවරක සමෘද්ධිමත් භාවයේත් සංකීර්ණතාවේත් නිරවුල් බව නියෝජනය කරයි. ඔවුනට අනුව ඉහත විස්තර කරන ලද සහ අත්දකින ලද සුවිශේෂ සමාජයක ඉතිහාසය මගින් පුරාණ දේවකතාව සියලු පශ්චාත් පරමාභිලාෂ සහ අන්තර් සම්බන්ධතා නියෝජනය කරයි.

වයිකෝ සහ ලොක්ගේ මේ මතය දුරාවබෝධයේ අලුත් සහ තීරණාත්මක ගැඹුර මූර්තිමත් කරමින්, කාව්‍යාත්මක හා දූරදර්ශී ලෙස පුරාණ දේවකතාව පිළිබඳව ඔවුන්ගේ විග්‍රහය පදනම් කොට පවතී. මූලික හා කාව්‍යාත්මක වශයෙන් ඒ දෙපසින් ම පුරාණ දේවකතාත්මක අන්තර් සම්බන්ධය වෙනත් ආකාරයකින් අර්ථකථන සපයන්නන් පිරිසක් විසින් පවරා ගනු ලැබ තිබිණ. පුරාණ දේවකතාව සම්බන්ධයෙන් ඔවුන් සිතුවේ එය සංස්කෘතියේ නව මුහුණුවරක මූලික සහ වඩාත් ළගන්නා සුලු ප්‍රකාශනයක් වන බව පමණක් නොව අද කාව්‍යය නමින් හඳුන්වා ගෙන ඇති වාග් විද්‍යාත්මක ආකෘතියේ ආරම්භය වැන්නක් බව යි.

රෝමන්තික ව්‍යාපාරය මේ මතය විවිධ මංපෙත් ඔස්සේ විස්තර කළේ ය. ඔවුන් එසේ කළේ දේවකතා පුරාණය පිළිබඳ බලපෑමෙන් පමණක් නොවේ. ඊට සමානුපාතික ආකාරයෙන් ම ගී‍්‍රකයන්ගේ හා රෝමානුවන්ගේ පුරාතන බටහිර සංස්කෘතින්හි වඩාත් ප්‍රබල අර්ථකථන කෙරෙහිද සැලකිල්ලක් දක්වමිනි.

මේ මතවාදවලින් කීපයක් සමකාලීන විශ්ව විද්‍යාලයන්හි නූතන අධ්‍යයන ක්ෂේත්‍රයේ ශික්ෂණ විධිවලදී යොදා ගෙන ඇත. පළමුවෙන් ම මේවා යොදා ගෙන ඇත්තේ් මානව විද්‍යාව හා ආගම් ඉතිහාසය අධ්‍යයනයේදී ය. දැන් ඒවා පුරාණ දේවකතාව කෙරෙහි අවධානයක් යොමුව පවතින අත්‍යන්තයෙන් විශිෂ්ට විදග්ධ ක්ෂේත්‍ර තුළ ව්‍යාප්තව පවතී.

පුරාණ දේවකතාවේ හා භාෂාවේ සම්භව මූල ඇසුරු කොට, මැක්ස් මූලර්ගේ අධ්‍යයන සමඟ ඇරඹුණු ආගම් ඉතිහාස අධ්‍යයනය පුරාණ දේවකතාවේ ආගමික අරමුණු පිළිබඳ සංවාද මණ්ඩපයක් ගොඩනඟා ඇත. මේ ප්‍රවණතාව ආගම් පිළිබඳ සමකාලීන ඉතිහාසඥ මර්සියා එලයිඩ්ගේ ලේඛනයන්හි සජීවවත් වෙයි.

මීට සමාන ආකාරයකින් මානව විද්‍යාවේ පියා ලෙස සැලකෙන එඩ්වඩ් බී. ටයිලර්ගේ පුරාණ දේවකතාවේ සාංස්කෘතික මුහුණුවර පිළිබඳ තතු එමිල් ඩර්ක්හයිම් හා බ්රොනිස්ලාව් මලිනොවුස්කි වැන්නන්ගේ කෘති සහ ක්ලෝඩ් ලෙව් ස්ට්‍රොස්ගේ සමකාලීන කෘතීන්ගෙන් ද ඉදිරියට ගෙන යන ලදී.

දේව කතා ආකෘති

පුරාණ දේවකතාවට යොමුවුණු මනෝ විද්‍යාත්මක ප්‍රවේශය, අධ්‍යයනය හා විවරණය පිළිබඳ ක්ෂේත්‍රයක් ලෙස මනෝවිද්‍යාව දරන ප්‍රබල විශිෂ්ඨත්වයෙන් දිරි ගැන්වීමක් ලබා ගත්තේ ය. වියත්තු කීප දෙනෙක් පුරාණ දේවකතාව පිළිබඳ ෆෘඩ්යානු හෝ යුංගියානු විවරණ ඉදිරිපත් කරත්. මේ විවරණකරුවන් අතර කැපී පෙනෙන්නාහු නම් ගිසා රෝහයිම් සහ ජෝසෆ් කැම්බල් ය. මෙලෙසින් බටහිර සංස්කෘතිය ප්‍රාථමික වශයෙන් විවරණයෙහි හා අවබෝධයෙහිලා විමර්ශනාත්මක හා ඓතිහාසික න්‍යාය මත විශ්වාසය තබයි. ඒ අතර පුරාණ දේවකතාව පිළිබඳ අධ්‍යයනය මානව යථාර්ථය (සත්තාව) අවබෝධ කර ගැනීමට දිරි ගන්වන පලදායක ප්‍රවේශයන්ගෙන් එකක් ලෙස තහවුරුව පවතී.

එක් එක් දේවකතාවක් පිළිබඳ වෘත්තාන්තයේ විස්තර වන ප්‍රබල තේමාවට අනුකූල වන පරිදි ඒවා වර්ග කිරීම සුදුසු ය. දේවකතාවල ඇතුළත්ව ඇති අත්‍යන්තයෙන් වැදගත් තේමා වන්නේ මැවීම හා ජීව සම්භවය දෙවියන්ගේ හා දිව්‍ය පරිවාරයන්ගේ උපත, මරණය හා මරණින් මතුª ජීවිතය සහ ලෝකයේ නව්‍යකරණය හා නැවත ඇතිවීම ද වෙයි.

මැවීම පිළිබඳ පුරාණෝක්ති

මැවිල්ල හෙවත් විශ්ව නිර්මාණය හෝ විශ්ව සම්භාවවාදී දේවකතා පුරාණය සාමාන්‍යයෙන් සංස්කෘතිය (අභිවර්ධනය) පිළිබඳ අත්‍යන්තරයෙන් වැදගත් දේවකතාව යි. ඇයි ද යත්, එය සමස්ත විශ්වය, සත්තාව හෙවත් අස්තිත්වයට පත්වූයේ කෙසේ දැ යි අපට කියා දෙන නිසයි.

මේ කතාව අපට සත්ත්වය හෙවත් සත්තාව හෙළිදරවු කරනු පමණක් නොවේ. එසේ ම මැවිල්ල, හෙවත් විශ්ව නිර්මාණයේ ගුණාත්මක න්‍යාය, සංස්කෘතිය හෙවත් අභිවර්ධනය තුළ, මැවිල්ලේ අන්සියලු ආකෘති සඳහා ආදර්ශයක් බවට ද පත් කරයි. ඇතැම් විට කිසියම් දේවත්වයක් හෙවත් දෙවියකු විසින් ශූන්‍යත්වයෙන් මැවීම (නිර්මාණය) කරනු ලැබේ.

වෙනත් අවස්ථාවලදී මේ මැවිල්ල කෙරෙන්නේ ආදී කාල්පිත ව්‍යාකුලත්වයෙනි.

ඇතැම් පුරාණ දේවකතාවලදී මැවිල්ල හෙවත් නිර්මාණය බිහිවන්නේ පෘථිවිය හෝ ජලය තුළින් කලලයක ආකෘතිය ගත් (දළඹුවාගෙන් සමනළයා බිහි වන්නාක් මෙන්) රූපාන්තරයකිනි. නිර්මාණයේ බිහිවීම, දෙවියන් අතර දරුණු සංග්‍රාමයක හෝ සාහසික ක්‍රියා සන්තතියක ප්‍රතිපලයකින්ද සිදුවන අවස්ථා දකින්නට ලැබේ.

පෘථිවියෙන් කුඩා කැබැල්ලක් රැක ගැනීමට ආදී කාල්පිත ජලගෝලය කිම්ද ගියවුන් වැනි දිව්‍යයන්ගේ් ක්‍රියාකාරකම්වලට සමාන ඒවා මැවිල්ල පිළිබඳ වෙනත් වෘත්තාන්තයන්හි හමුවෙයි.

විශ්ව නිර්මාණයේ පරිපූර්ණත්වය සඳහා දිව්‍යයකු විසින් නිමවන ලද විශ්ව අණ්ඩයකින් (බිජුවකින්) බිහිවන මැවිල්ලක් ගැන කියවෙන සුපතළ දේවකතාවක් ඇත. මෙකී නොකී සියලු ගණයේ දේවකතා තුළ සඳහන් මැවිල්ල පිළිබඳ සිද්ධාන්තය, සමාජ ජීවිතයේ වෙනත් නන්විධ අභිලාස සඳහා සංකේතාත්මක ලෙස, ශෛලිය හා ගති ලක්ෂණය පිහිටුවන ;ද්වකතාවක ව්‍යුහයේ කොටසක් වෙයි.

මැවිල්ල පිළිබඳ දේවකතා සියල්ලෙහි ම වාගේ, පුපුරා යෑමක් සමඟ බැඳුණු ව්‍යුහයක් ඇත. ඒ පිළිබඳ වෘත්තාන්තයේ, මානව තත්ත්වයෙන් ආදී කාල්පිත තත්ත්වය වෙන්කැරෙන සිදුවීම විස්තර කැරෙයි. මේ දේවකතා සමඟ බැඳී සිදුවීම, ප්‍රාග් මානව ජීවින්ගේ් අඥත්වයට හෝ විස්මෘතිය පිළිබඳ කරුණකට හෝ සවිඥානත අකීකරුකමකට හෝ අදාළ විය හැකි ය. කෙසේ වෙතත් මේ වරද (සාවද්‍යය) විශ්වය ආරම්භයේ මැවිල්ල සහ අද පවතින්නාක් වැනි මානව තත්ත්වය අතර බිඳ වැටීමක් තහවුරු වීමට ප්‍රමාණවත් ය. මේ වරදේ ස්වභාවය හෝ පිපිරීම සහ සමාජය තුළ පවත්නා සුවපත් කිරීමේ හෝ සෙත් සැලසීමේ අභිවාර විධි අතර සහසම්බන්ධතාවක් ඇත.

මැවිල්ල පිළිබඳ මූලිකතම පියවරේදී පවා සුවිශේෂ දෙවිවරු දකින්නට ලැබෙති. එබැවින් ඔවුහු මැවිල්ල පිළිබඳ දේවකතා වෘත්තාන්තයේ කොටසක් වෙති. මැවිල්ල පිළිබඳ දේවකතාවේ මේ දෙවිවරුන්ගේ ආදිතම ආකෘති අහස හා පොළොව ගැන කෙරෙන විස්තර ප්‍රකාශන මඟින් නිරතුරු සංකේතවත් කරයි.

මේ අනුව අහස, පියාට සංකේතයකි. පොළොව මවට සංකේතයකි. අහස් - පියා හෙවත් ද්‍යුස් ඕතිඕසස්, දකින්නට නොහැකි තරම් ඈත සිටින, ප්‍රසිද්ධියට නොකැමැති දෙවියා ලෙස දකිනු හැකි ය. හෙතෙම ලෝකය මවා එය සමඟ ඇති ක්‍රියාකාරි සහභාගිත්වයෙන් හෝ බන්ධුත්වයෙන් ඉවත්ව විශ්‍රාම සුව විඳී.

ඔහු එසේ කරන්නේ අනෙකුත් ශුද්ධ වූ ප්‍රත්‍යක්ෂයනට හෙවත් අවබෝධයනට ලෝකය විවෘත කර තබමිනි. උදාහරණයක් ලෙස ඇතැම් අවස්ථාවලදී මිස පොතේමියානු දේවකතාවලදී අහස්, පොලෝපිය, මවුන්ගේ් සහවාසයෙන් උපන් දරු පරපුරක් හෙවත් අලුත් දෙවිවරු සංහතියක් කළඑළි බසිත්. අන්තිමට මවුපියන් හා දූ දරුවන් අතර යුද ගැටුම් ද ඇවිලෙයි.

දෙවිවරුන්ගේ් වෙනත් ආකෘති අවකාශය පිළිබඳ මානවයන්ගේ් පූජ්‍යත්වයට විවරණ සපයයි. එනම්, අන්තරික්ෂයේ ව්‍යාප්තව සිටින දෙවිවරුන් ගැන යි. මේ දෙවිවරු වන්නාහු අකුණු සැර, අහස් ගිගුරුම, ආකාශ වස්තු පිළිබඳ සංසිද්ධිය, වැස්ස හෝ පාතාල ලෝකයේ වසන්නෝ ය.

වෙනත් දෙවිවරු භූ® ලක්ෂණයන්ගේ් පූජ්‍යත්වය පිළිබඳ විවරණ සපයත්. මේ දෙවිවරු කඳු, ජලය හා ගස්වැල්හි වෙසෙත්. තවත් ගණයක දෙවිවරු කොටසක් මානව සමාජයේ පවත්නා ශිල්ප ක්‍රම හා කර්මාන්තයන්හි අරක්ගෙන සිටිත්.

නව්‍යකරණය හා පුනරුත්පත්තිය

තවත් විටක ඔවුහු මානව සමාජය වෙත ගින්දර, කෘෂිකාර්මික, තාක්ෂණික හෝ මැහුම් ගෙතුම් වියමන් ආදිය හඳුන්වා දෙමින් සාංස්කෘතික වීරයන් ලෙස පෙනී සිටිත්. වෙනත් දෙවිවරුන් කෙරෙහි ආඥාව පිළිබඳ සම්මුතිය විවරණය වෙයි. මේ සම්මුති දිවා රාත්‍රී දෙක අතර පවතින රිද්මයෙහි සංකේතාත්මකව පවතී. අනෙක් ඇතැම්හු සමාජ ප්‍රගමන පටිපාටියෙහි වඩාත් මූලික නීති සමග බැඳී සිටිත්. ඒ අතර සමාජ සම්මුතියෙහි අන්තර් සම්බන්ධතාව සහ මුළු විශ්වය එකට වෙළා ගනිමින් වඩාත් මූලික සම්මුතිය විවරණය කරත්.

නූතන ව්‍යවහාරය කාලය යන්නෙන් අවබෝධ කරගෙන ඇත්තේ නිරන්තරයෙන් අලුත් සහ අනන්ත අනාගතයක් වෙත ගමනෙහි යෙදී සිටින සෘජු ක්‍රියාවලියක් ලෙස යි. ප්‍රාථමික හා සම්ප්‍රදායික සමාජ, කාලය යන්නෙන් අදහස් කළේත් අත්දුටුවේත් එය නොයෙක් විරාමයන්හි චක්‍රයක එක් ලක්ෂ්‍යයකට පැමිණ යළිත් පටන් ගන්නා චක්‍රීය රිද්මයක් ලෙස යි. කාලය සම්බන්ධ මේ තේරුම් ගැනීම හුදු දුරාවබෝධ ක්‍රම සංයෝජනයක් නොවී ය. එය ලෞකික ක්‍රියා සන්තතිය පිළිබඳ පූජ්‍ය වූ අවබෝධයක් නියෝජනය කළේ ය. මිනිස් චර්යාව පිළිබඳ නන්විධ ආගමික පුදපූජා සහ නාටකීය ආකෘති කාලයේ පූජනීය වූ ව්‍යුහයකට අර්ථකථන සපයමින් මේ ක්‍රියා සන්තතිය අතර විරාම තබමින් ක්‍රියාත්මක වූයේ ය.

කාලය පිළිබඳ මේ ප්‍රත්‍යක්ෂය දරා සිටින පදනම් සම්මුතිය වන්නේ ලෝකය මැවීම යි. මැවීම පිළිබඳ දේවකතාව වන්නේ මහා බලසම්පන්න නිර්මාණාත්මක ශක්තිය පුපුරා යෑම මගින් දෙවියන් විශ්වය බිහි කළේ කෙසේ ද යන්න දැක්වෙන වෘත්තාන්තය යි. එක්තරා අවස්ථාවකදී මේ මැවීම පිළිබඳ නිර්මාණ ශක්තිය මානව හා දිව්‍ය සත්ත්වයන්ගේ ක්‍රියා සමඟ සසඳන විට විමසිල්ලට ලක් කරන්නට හෝ සීමාව ඉක්මවා යෑමක් ගැන සිතන්නට සිදුවෙයි. එය යළිත් අලුතින් සිතා බැලිය යුතු ය.

සමස්තයක් ලෙස සමාජය මූලික මැවිල්ල පිළිබඳ කාර්යය යළි අත්දකින කල්හි චක්‍රීය කාර්යාවලියක් අවසානයේදී නව්‍යකරණයක් සිදුවෙයි. මැවිල්ල, පිළිබඳ පුදපූජාත්මක නියෝගය අතරතුරදී සමාජය සමඟ බැඳී පවතින සියලු නීති හා ගිවිසුම් අවලංගු වෙයි. අලුත් ම මැවිල්ල හෙවත් නිර්මාණය වන්නේ සමාජයේ සුදුසු ගිවිසුම් හා ආයතනයන්ගෙන් පසුව බිහි වන ශක්තියේ ව්‍යාකූ®ලත්වය යි.

තියඩෝර් එච්. ගැස්ටර් මෙකී ගණයේ ආගමික පුදපූජා විෂයයෙහි මූලික ව්‍යාපාර දෙකක් හඳුන්වා දී ඇත. ඔහු පළමුවැන්න ‘කෙනෝසිස්’ හෙවත් හිස් කිරීම පිළිබඳ ආගමික පුදපූජා නමින් සඳහන් කරයි. අනෙක ‘ප්ලෙරෝසිස්’ හෙවත් පිරවීම පිළිබඳ ආගමික පුදපූජා නමින් සඳහන් කරයි. කෙනෝසිස් ගණයේ පුදපූජා චක්‍රයක අවසානයට එළඹෙන විට කාලය යන්නෙහි අර්ථයෙන් මිදීම විස්තර කෙරෙයි. ඒ මොහොතේදී කාලයාගේ ක්ෂය වී යෑම හානිකර සහ දූෂිත ප්‍රතිඵල ගෙන දෙයි. මේ තත්ත්වයේදී අදාළ ප්‍රතිචාරය වන්නේ අත්තකිලමථානුයෝගය සමඟ අත්වැල් බැඳගත් චරණයක තාපස ආකෘතියකි.

ප්ලෙරෝසිස් පුද පූජා විධියේදී කාලයේ පිරවීම හෝ යළිත් නව යුගයක ආරම්භය, අතිරික්තය පිළිබඳ නාට්‍ය සහ ශක්තියේ අතිරික්ත බහුලත්වය ආදිය නිරූපිත ය. මේ පුදපූජා විධින්ගේ විශේෂ නාට්‍යත්මක භූ®මිකා, විශ්වය තුළ, කාලය පිළිබඳ සංකල්පයේ නව්‍යකරණය ඉදිරිපත් කරමින් දිව්‍යයන්ගේ් ශක්‍යතා මහිමය සංකේතවත් කරයි. මානවයාගේ සහජ ගති වන අනුකරණය සහ සහයෝගය පිළිබඳ විවරණය, දේවකතාවේ ශාක්‍යතා මඟින් පුදපූජා චාරිත්‍ර විධි ඉටු කරන අතර නාටකීය චරිතය නිර්මාණය කරයි. මේ ගණයේ අභිචාර හෙවත් පූජාවිධි මිසපොතේනියානුවන්, ඊජිප්තියානුවන් හා ආදී ගි‍්‍රකයන් අතරත්, සාම්ප්‍රදායික කෘෂිකාර්මික සමාජයන්හි මුළුමනින් ම වාගේත් පොදු බවට පත්ව තිබේ.

මෙකී අභිචාරාත්මක විධි පිළිබඳ අවබෝධයේ පිය සටහන් ලොව පුරා ජනශ්‍රැතික සම්ප්‍රදායවලත් සාහිත්‍යයික රීති ව්‍යුහයන්හිත් දෘශ්‍ය කාව්‍යාත්මක නාට්‍ය කලාවේ හා නෘත්‍ය කලාවේත් සම්භාවිතය පවතින්නේ ය.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]