සේරුවිල නිකිණි
මහා පින්කම
සේරුවිල මංගල රජ මහා විහාරයේ නිකිණි මහා පින්කම එම විහාරාධිපති
නැගෙනහිර තමන්කඩ දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති
නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 6 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වේ.
ඉතිරිය»
බෞද්ධ ස්තූප කලාවේ විකාශය
බෞද්ධ ශිෂ්ටාචාරයේ අතිවිශිෂ්ට වාස්තු විද්‍යා නිර්මාණයක් ලෙස සැළකිය
හැකි බෞද්ධ ස්තූපය දාගැබ, වෙහෙර, සෑය, චෛත්‍යය, චේතිය ආදී විවිධ නාම
වලින් හැඳින්වේ. ධාතූන් වහන්සේ තැන්පත්කර ඇති ගර්භය යන සිංහලාර්ථයෙන්
දාගැබ ලෙසින් විග්රහ කෙරේ. සකු බසින් ‘ධාතු’ යන වචනය සහ ‘ගර්භ’ යන වචන
දෙකේ සංයුතියෙන් ‘ධාතු ගර්භය’ දාගැබ වී ඇත.
සාමාන්‍ය බෞද්ධ ජනතාව ස්තූපය හඳුන්වන්නේ ‘වෙහෙර’ යන නමිනි. ආරාම හෝ
පන්සල යන අර්ථය ගෙනදෙන විහාර යන වචනයෙන් වෙහෙර යන්න සෑදී ඇත. මේ නිසා
ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන හැඳින්වීමට වෙහෙර යන නම භාවිත වන බව පෙනේ.
කොටවෙහෙර, කිරි වෙහෙර ඊට නිදසුන් ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
යසස වැඩෙන නොපමා බව
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති
පින්වත්නි!
සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසන
සමයෙහි කුම්භඝෝෂක නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන ඉහත ගාථා ධර්මය දේශනා
කර වදාළ සේක.
රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික
රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී
රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා
යුතු ය. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව
තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්ෂාවක් නැත.
ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත්
වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක
ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.
ඉතිරිය»
|