|
ධර්ම දේශනාව:
යසස වැඩෙන නොපමා බව
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඪති
පින්වත්නි!
සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාම මහාවිහාරයෙහි වැඩවසන
සමයෙහි කුම්භඝෝෂක නම් සිටුපුත්‍රයා නිමිති කරගෙන ඉහත ගාථා ධර්මය දේශනා
කර වදාළ සේක.
රජගහනුවර මහසිටුවරයාගේ මන්දිරයේ සියලුදෙනාම ‘අභිවාතක’ නම් මාරාන්තික
රෝගයකින් පීඩා විඳින්නට විය. එමෙන්ම එම පළාතේ පැතිර පැවති එම පීඩාකාරී
රෝගයෙන් මිදී ජීවත්වන්නට අවශ්‍ය කෙනෙකු වේ නම් බිතිත්යක් හාරා පලා යා
යුතු ය. මෙම සිටුපවුලේ දෙමව්පියන්ද එම රෝගාබාධයයෙන් පීඩිතව මරණාසන්නව
තම පුතණුවන් දෙස බලා ‘පුතණුවනි’ දැන් අපේ ජීවිත ගැන අපේක්‍ෂාවක් නැත.
ඔබ මෙම රෝගයෙන් බේරී ජීවත්වීමට බිත්තියක් බිඳ ඈත පළාතකට ගොස් ජීවත්
වන්න. අසවල් ස්ථානයේ සතළිස් කෙළක් ධනය නිධන්කොට ඇත. යළි පැමිණි දිනක
ඒවා රැගෙන වියදම් කරන්න යයි කියා මිය පරලොව ගියහ.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග
6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 14
වන දා ඉරිදාය. |
|
|
පුර අටවක |
සැප්තැම්බර් 06 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 14 |
අව
අටවක |
සැප්තැම්බර් 22 |
අමාවක |
සැප්තැම්බර් 28 |
|
|
|
|
|