ධර්ම දේශනාව:
නැණවතා සතු ට ලබන්නේ කෙසේද
අධ්‍යාපනපති, නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස.
සත්තිමේ කස්සප බොජ්ඣංගා
මයා සම්ම දක්ඛාතා භාවිතා බහුලිකතා,
අභිඤ්ඤාය සම්බෝධාය,
නිබ්බාණාය සංවත්තන්ති.
පීති සම්බෝජිඣංගො ඛො කස්සප,
මයා සම්මදක්ඛාතා,
භාවිතා බහුලීකතා,
අභිඤ්ඤාය, සම්බෝධාය,
නිබ්බාණාය සංවත්තති ති.
පින්වත, ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බොජ්ඣංග සූත්‍ර දේශනා අතර මහා
කස්සප ථෙර බොජ්ඣංගයේ එන පීති සම්බෝජ්ඣංගයයි. බුදුරජාණන් වහන්සේ
මුලින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනෙක් අයට අවබෝධ කරවීම
සඳහා ක්‍රියාකළ ශාස්තෘන්වහන්සේ නමකි. කිසි විටෙකත් තමන් අවබෝධ
කර නොගත් දෙයක් අවබෝධ කරවීමට උත්සාහ කළේ නැහැ. භික්‍ෂූන්
වහන්සේට උන්වහන්සේගේ කාර්යය පැහැදිලි කරන වේලාවෙදී මතක් කළේ,
තමන් ධර්මය වටහා ගැනීමට උත්සාහ කළ යුතුයි. වටහාගත් ධර්මය අනෙක්
අයට වටහාදීමට වෙහෙස විය යුතු බවයි. බෝධි කියලා කියන්නේ අවබෝධයටයි. නුවණින් සත්‍යය අවබෝධ කර ගැනීම
තමයි බෝධි කියලා හඳුන්වන්නේ. ඒ පරම සත්‍යය අවබෝධ කර ගැනීමට
උපකාරීවෙන, උදව්වන අංග බෝධි අංග කියලා හඳුන්වලා තියෙනවා.
කෙනකුට හොඳ අවබෝධයක්, නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ මේ බෝධි අංග
හැටියට පෙන්වා තිබෙන අංග අනුගමනය කිරීම තුළිනුයි. සිදුහත්
ගෞතමයන් වහන්සේ බුද්ධ කියන නම ලබන්නට සුදුසු වූයේ ලෝකයේ යථා
ස්වභාවය නුවණින් පිරිසිඳ අවබෝධ කරගත් නිසයි. බෝධි අංග හතක්
තියෙන බව මේ සූත්‍ර දේශනාවේ දැක්වෙනවා. ඒ තමයි සිහිය, නුවණ,
වීර්යය, පී‍්‍රතිය සන්සුන් ගතිය, එකඟකම හා මැදහත් බවයි. මේවා
පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරනවා කාශ්‍යප මේ සත් වැදෑරුම්
බෝධ්‍යාංග ධර්ම මා විසින් මැනවින් පෙන්වාදී තිබෙනවා. එපමණක්
නොවෙයි මම මේවා හුරු පුරුදු කළා. නැවත නැවතත් හුරු පුරුදු කළා.
මේවා චතුරාර්ය සත්‍යය විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කරගන්ටත් දැක
ගන්ටත් උදව් වෙනවා. ඒ වගේම නිර්වාණාවබෝධය සඳහාත් පිහිට වෙනවා
කියලා උන්වහන්සේ මේ පිළිබඳව අනුදැන වදාරනවා. පින්වත්නි, අපේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ කාලයක් තිස්සේ
හොඳට පුරුදු පුහුණු කරලා, කිසිම කෙනෙක් නොලද විදියේ අත්දැකීම්
ලබාගෙන ප්‍රතිඵල භුක්ති විඳි උතුමන්වහන්සේ නමක් වශයෙන් තමයි මේ
දේශනාව කළේ. පින්වත්නි, දකින දේ, පෙනෙන දේ, කනට ඇහෙනදේ සත්‍යයයි කියලා තමයි
බොහෝ විට අප විශ්වාස කරන්නේ. සිතිවිලි වලට වහල් කරුවෙක් බවට පත්වෙලා ඉන්න නිසා, අපට සැබෑ දේ
දකින්ට අමාරුයි. සත්‍යය වටහා ගන්ට අපහසුවන්නට පුළුවන්. ලෝකය
මායාවක්, රැවටිල්ලක් කියලා කියන්නේ එනිසයි. බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ හිතට හිතිවිල්ලක් ආවම ඒ ගැන නැවත
හිතන්ට ඕන. සිතිවිල්ල ගැන ආපසු හැරී හිතෙන් බලන්ට ඕන. එතකොට
තීරණය කළහැකියි සිතිවිල්ලේ ස්වභාවය හඳුනාගෙන එය ක්‍රියාවලට
නැඟිය යුතුද? නැද්ද? කියලා, මේක හුරු නොකර කළ නොහැකි දෙයක්.
“යෝනිසෝ මනසිකාරය, සම්මා සතිය, සති සම්බොජ්ඣංගය” කියලා
හඳුන්වන්නේ මේ සිහිනුවණින් යුතුව තමා යෙදෙන කටයුතුවල යෙදීමයි.
සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන කෙනෙකුට තමයි නුවණ පහළ
වන්නේ හොඳ, නරක, ඇත්ත, නැත්ත තෝරා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ.
ධම්ම විචය සම්බෝධ්‍යංගය කියලා දක්වා තියෙන්නේ පුද්ගලයාට ඇතිවෙන
මේ ප්‍රඥාවන්ත භාවයයි. නරක සිතිවිලි බැහැර කරන්ටත්, යහපත් සිතිවිලි සිතේ තදින් රඳවා
ගන්ටත් කෙනකුට වීර්යය තියෙන්ට ඕන. වීර්යය නැති තැනැත්තා සිතිවිලි වලට වහල් වෙනවා. සත්‍යය අවබෝධ
කර ගැනීමේ අංගයක් හැටියට වීර්යය දක්වලා තියෙන්නේ එනිසයි. ගතේ
සිතේ ස්වභාවය තේරුම් අරගෙන ඊට ගැළපෙන සිතිවිලි රඳවා ගන්නට
වීර්ය වන්තයෙකුට හැර වෙන කෙනෙකුට කළ නොහැකියි. ලෝකය හා සත්වයා දෙසත්, ලෝකව්‍යවහාරය, දෙසත් යථාර්ථවාදීව
නුවණින් දකින්ට පුළුවන් ප්‍රඥවන්තයා ලෝකය කෙරෙහි ඇල්මක් ඇතිකර
ගන්නේ නැහැ. බැඳීමක් ඇතිකර ගන්නේ නැහැ. තදින් අල්වා ගැනීමකුත්
නැහැ. අප හැම කෙනෙකුටම වේදනාව, කනගාටුව, දුක ඇතිවන්නේ මේ
බැඳීම, අල්වා ගැනීම තිබෙන නිසයි ඉන්ද්‍රියන් තාවකාලිකව පිනවීමෙන් ලබන සතුට ඇතැම් කෙනකු හිතන්නේ
පී‍්‍රතිය කියලා. මේක හරියට උණ රෝගියෙකු ගිනි මැලයක් ළ¼ගට වෙලා
ගිනි තැපීමෙන් ලබන සැපය ගැන හිතලා සතුටු වෙනවා වගේ වැඩක්. ගිනි
මැලයෙන් ඉවත් වූ පසුව රෝගය උත්සන්නයි. වේදනාව වැඩියි, දුකමයි.
පස්කම් සුවය සැපයකැයි සිතන අප ගැනත් එහෙමයි සිතිය යුත්තේ. ඒත්
ලෝකය කෙරෙහි බැඳීමක් ඇති කර නොගත් ප්‍රඥාවන්තයා විඳින සතුට
සැබෑ පී‍්‍රතියයි. පී‍්‍රති සම්බෝධ්‍යංගය හැටියට පෙන්නලා තියෙන්නේ මේ සැබෑ
පී‍්‍රතියයි. බුදුරජාණන් වහන්සේ මේ පී‍්‍රතිය භුක්ති වින්ද
නිසා එහි රසය, උන්වහන්සේ සැබවින්ම දැනගෙන තමයි පෙන්වලා
තියෙන්නේ. පින්වත, මායාකාරී ලෝකයේ රැවටීම් වලින් සිත අවුල් කරගෙන, ඉඳුරන්
පිනවීමෙන් ලබන සුවය නිසා යථාර්ථය යටපත් කරගෙන රඟන මේ ලෝකයේ
මුලාවෙන් ගැලවී ප්‍රඥාවන්ත වෙමු. යථාර්ථය අවබෝධ කරගැනීමට
උත්සාහ දරමු. එවිට ඔබට සදාතනික සුවයෙන් සැනසීම ලැබේවි. ඔබ සැමට
සම්මා සම්බුදු සරණයි. |