ගුණ සැමරු පින්කම්
			 
			මිරිස්සේ ධම්මසිරි මා හිමි ගුණ සැමරේ
			
			මිරිස්සේ සිරි සුනන්දාරාමය, යටාල මැණික් රජමහා විහාරය, රත්මලානේ 
			ලංකාරාමය යන විහාරස්ථාන රැසක ආධිපත්‍යය දැරූ මහෝපාධ්‍යාය මිරිස්සේ 
			ධම්මසිරි මාහිමි ගුණ සමරු පින්කමක් මිරිස්සේ සිරි සුනන්ද පිරිවෙන් 
			විහාරයේ දී මෙම 7 –8 දෙදින තුළදී ද රත්මලාන ලංකාරාමයේ දී ද මෙම 10 –11 
			දිනවලද සිදු කිරීමට නියමිත වේ. මිරිස්සේ ධම්මසිරි මාහිමියෝ බුදුසරණ 
			ධම්මික මෙහෙයවන ධර්ම සාකච්ඡා පිළිතුරු දිගුකලක් සැපයූ ලේඛක හිමියෝ ද 
			වෙති. 
			***** 
			කුඹල්ගොඩ සුගුණතිස්ස නා හිමි 
			ගුණ සැමරේ
			
			ගාල්ලේ, යක්කලමුල්ලේ වතෝගල ශ්‍රී තපෝධනාරාමාධිපතිව වැඩ විසූ රාජකීය 
			පණ්ඩිත කුඹල්ගොඩ සුගුණතිස්ස මාහිමියන්ගේ ගුණ සමරු පින්කමක් මෙම 1 වැනි 
			දා ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානයේ දී වතෝගල ධම්මික හිමියන්ගේ 
			අනුශාසනා පරිදි සිදු කැරේ. උන්වහන්සේගේ ගුණ සමරු පින්කමක් මෙම 3 වැනි 
			දා වතෝගලදී ද පැවැත්වේ. ‘බුදුසරණ’ පුවත්පතෙහි ‘මිළිඳු නාගසේන සංවාද’ 
			ලිපි පෙළ දිගුකලක් සැපයුවේ කුඹල්ගොඩ සුගුණතිස්ස මාහිමියන් විසිනි. 
			***** 
			වැරැල්ලානේ විමලතිස්ස නා හිමි ගුණ සැමරේ
			
			නාවල විමලවිහාරයේ කඨින පින්කම සහ අපවත්වී වදාළ වැරැල්ලානේ ශ්‍රී 
			විමලතිස්ස නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මෙම 4 වනදා විහාරාධිපති 
			ශාස්ත්‍රපති බැරගම විමලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකැරේ.   |