| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
									 ඓතිහාසික පඬුවස්නුවර 
									පිළිම ගෙයි නටබුන්  ඡායාරූපයෙන් 
									දැක්වෙයි.  
									මෙම පිළිම ගෙය 4 වැනි පරාක්‍රමබාහු රජ දවස 
									(ව්‍යවහාර වර්ෂ 1055- 1110) ඉදි කරන ලද්දකි. 
									පඬුවස්නුවර රාජධානියේ නුවරකැලේ පූජා භූමි 
									ප්‍රදේශයේ මෙය පිහිටා ඇත. 
									ඡායාරූපය – දර්ශි කලුබෝවිල  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			රයිගම්පුර
			ලෙනවර රජමහ වෙහෙර
						
			 
			  
			ඓතිහාසික රයිගම්කෝරළයේ පිහිටි ඉපැරැණි විහාරස්ථානයක් ලෙස හල්තොට ලෙනවර, 
			රජ මහා විහාරස්ථානය හඳුන්වා දිය හැකිය. “ රයිගම් කෝරළ ඉතිහාසය” නම් 
			ග්‍රන්ථයේ සඳහන් වන පරිදි මහින්දාගමනයෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමා 
			යොදුනෙන් යොදුන විහාර තැනවීමේදී ලෙනවර විහාරයද කළ බව සඳහන් වේ. 
			පොළොන්නරු යුගයේදීද මෙම විහාරය පැවති බවට අදහසක් පොළොන්නරුවේ මහා 
			පරාක්‍රමබාහු රජතුමාගේ බිතු සිතුවමක් පැරණි විහාර මන්දිරය තුළ බිත්තියක 
			සටහන් වී තිබීමෙන් ඇති කරගත හැකිය. කෝට්ටේ යුගය වන විටද මෙම 
			විහාරස්ථානය ඉතාමත්ම දියුණුව පැවති බව කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමා 
			විසින් කරවන ලද පැපිලියාන ශිලා ලේඛනයේ සඳහන් වේ. එහි සදහන් වන්නේ “ 
			රයිගම් නුවර බද ලෙනවර ගල්ලෙන විහාරයට පිදූ ලබුගම හා සල්තොටින් ගෙවතු 
			එකක් හා කුඹුරු බිජුවට තුන්පෑලක වප” යනුවෙනි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් අව අටවක 
					  
					වප් අව අටවක පෝය නොවැම්බර් මස 01  
					වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා 
					අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 
					වන දා බ්‍රහස්පතින්දාය. 
					 මීළඟ පෝය 
					නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
							
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		නොවැම්බර් 01 | 
						 
							
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		නොවැම්බර් 17 | 
								 
							
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		නොවැම්බර් 24 | 
					 
							 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |