මල්වතු මහා විහාරයේ කඨින පින්කම
			කේ. බණ්ඩාරනායක 
			
			මහනුවර මල්වතු මහා විහාරයීය කඨින මහා පින්කම නොවැම්බර් මස 4 වෙනි දින 
			මල්වතු මහා විහාරස්ථානයේ දී පැවැත් වේ. 
			මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය 
			අලුත්ගම ධම්මානන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් 63 වැනි වරටත් සංඝරාජ 
			ගුණානුස්මරණ සමිතිය, එම කාන්තා සමිතිය, සංඝරාජ දහම් පාසල සම්බන්ධ කරගෙන 
			පැවැත්වෙන කඨින පින්කම අවසානයේ දී කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, 
			පෝයමලුව විහාරය, මාහිමි නිල ආරාමය වෙනුවෙන් පූජා කෙරේ. තුම්පනේ, 
			උඩපේරාදෙණිය, කුළුගම්මන, මහනුවර යන ප්‍රදේශයන්හි දායක දායිකාවන්ගේ 
			සහභාගිත්වයෙන් සිදු කෙරෙන කඨින චීවර පූජාවත් සමග දවල් මල්වතු මහා 
			නාහිමි, අනුනාහිමි ප්‍රධාන අර්ධ ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි සපිරිකර 
			සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.  |