බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 භික්‍ෂූන් වහන්සේ සත් නමකගෙන් යුතු 
						බෞද්ධ නියෝජිත කණ්ඩායමක් ඉතිහාසයේ ප්‍රථම වරට ඉරාන 
						ඉස්ලාමීය ජනරජය වෙත අන්තර් සාමාජික සුහදතාව තහවුරු කැරෙන 
						චාරිකාවක පසුගියදා නිරත වූහ. කැලණි රජමහා විහාරාධිපති 
						ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ 
						ප්‍රමුඛත්වයෙන් සුසැදි එම බෞද්ධ නියෝජිත පිරිස, එහිදී ඉරාන 
						ඉස්ලාමීය සංස්කෘතික සහයෝගිතා සංවිධානයේ ප්‍රධානියා වන 
						අරාකි මහතා හමු වූ මොහොත අතුරලියේ රතන හිමි, 
						පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, හා ඉරානයේ සිටින ශ්‍රී 
						ලංකා තානාපති එම්.එම්. සුහායිර් මහතා ද ඡායාරූපයේ වෙති.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ලේක්හවුස් බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් 
						ඉකුත් දා ලේ දන්දීමේ පින්කමක් ලංකාවේ සීමාසහිත එක්සත් 
						ප්රවෘත්ති පත්‍ර සමාගමේ දී පැවැත්විණි. පාලන අධිකාරියේ ද 
						සහයෙන් පැවැති එම ලේ දන්දීමේ පින්කමේ දී පරිත්‍යාගශීලීන් 
						163 දෙනෙක් පමණ ලේ පරිත්‍යාග කළහ. ලේ පරිත්‍යාග කිරීමට 
						සහභාගි වූ පිරිසෙන් කොටසක් මෙහි වෙති. එම අවස්ථාවට ලංකාවේ 
						සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල 
						පද්මකුමාර මහතා සහ සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මියද 
						ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආරියරත්න මහතා ද ඇතුළු බෞද්ධ 
						සංගමයේ නිලධාරීහු සහභාගි වූහ. 
						සේයාරුව - රොෂාන් පිටිපන  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 වප් පුර පසළොස්වක 
					 
					වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 
					02.10 ට ලබයි. 
					26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
					 
					සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය
 
					 
					මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
						
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ඔක්තෝබර් 25 | 
					 
							
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		නොවැම්බර් 01 | 
						 
							
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		නොවැම්බර් 17 | 
								 
							 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |