භික්‍ෂූන් වහන්සේ සත් නමකගෙන් යුතු
බෞද්ධ නියෝජිත කණ්ඩායමක් ඉතිහාසයේ ප්‍රථම වරට ඉරාන
ඉස්ලාමීය ජනරජය වෙත අන්තර් සාමාජික සුහදතාව තහවුරු කැරෙන
චාරිකාවක පසුගියදා නිරත වූහ. කැලණි රජමහා විහාරාධිපති
ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ
ප්‍රමුඛත්වයෙන් සුසැදි එම බෞද්ධ නියෝජිත පිරිස, එහිදී ඉරාන
ඉස්ලාමීය සංස්කෘතික සහයෝගිතා සංවිධානයේ ප්‍රධානියා වන
අරාකි මහතා හමු වූ මොහොත අතුරලියේ රතන හිමි,
පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, හා ඉරානයේ සිටින ශ්‍රී
ලංකා තානාපති එම්.එම්. සුහායිර් මහතා ද ඡායාරූපයේ වෙති. |