නො දත් බව නො දැනීම
දියවඩන නිලමේ හා බස්නායක නිලමේවරුන් පත් කැරීම පිණිස නියෝජිත
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය අනුගමනය කැරෙන අතර ම කාන්තාවන්ට
එහි දී ඡන්ද බලය ලබා නො දීම වරදක් බව ද, 1931 දී බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යාවදීන් විසින් හඳුන්වා දුන් එම නීතිය වර්තමානයට නො
ගැළපෙන බව ද, 2007. 9. 04 දිනැති බුදුසරණ කතුවැකියෙහි සටහන්
කළෙමු. බොරලැස්ගමුවේ සුනාග හිමියන් විසින් ඊට පිළිතුරු වශයෙන්
එවා ඇති ලිපියක් මේ පිටුවේ ම පළ කැර තිබේ. එම නිසරු ලිපිය මෙහි
පළ කැරීම පිළිබඳ ව බුද්ධිමත් පාඨකයන් අපට දොස් න¼ගන්නට පුළුවන.
එහෙත්, අප එය පළ කැරීමට තීරණය කළේ අප සමාජයේ පවතින
ආචීර්ණකල්පික මත පිළිබඳ අවබෝධයක් පාඨකයන්ට ලබා දීම පිණිස ය.
සුනාග හිමියන් ගේ මේ ලිපිය නිසරු ප්‍රකාශයක් ලෙස හැඳින්වීමට
හේතු දැක්වීම ද අවශ්‍ය යැයි සිතන්නෙමු. අප ගේ එම නිගමනය සනාථ
කැරෙනු පිණිස එම ලිපියෙන් උපුටාගත් මෙහි පහත සඳහන් වාක්‍යය
පමණක් ප්‍රමාණවත් ය.
“ගැහැනිය යනු පෞරුෂය හමුවේ සදාතනිකව හීන ශක්තියක් පෙන්නුම් කැර
වන දුබල චපල සත්ව කොටසකි.”
මෙය, වහල් මෙහෙය ක්‍රියාත්මක වූ සමයෙහි කාන්තාව පිළිබඳ ව
භාරතීය සමාජයේ පැවැති පසුගාමී ආකල්පය වෙත ආපසු ගමන් කැරීමකි.
එදා භාරතීය සමාජයේ පිළිගැනීම වූයේ වරදක් කළ තම භාර්යාව,
පුත්‍රයා, වහලා, මෙහෙකරුවා හෝ බාල සහෝදරයා යන අයට කසයකින් හෝ
වේවැලකින් පහර ගැසීම සුදුසු බව ය.
සුනාග හිමියන් ගේ ආකල්පය හා වහල් යුගයේ පැවැති ආකල්ප අතර
වෙනසක් නො පෙනේ. එ පමණක් නො ව කාන්තාවන්ට දියවඩන නිලමේ තනතුර
ලබා දීම හා දියවඩන නිලමේ හෝ බස්නායක නිලමේවරුන් තෝරා ගැනීමේ දී
ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්ද බලය ලබා දීම යනු කරුණු දෙකකි.
මෙහි දී ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්ද බලය ලබාදුන් පමණින් එම
තනතුරු සඳහා පත්වීමට කාන්තාවන්ට අවස්ථාවල් ලැබේ යැයි යමකු
සිතීම ඒ පුද්ගලයා ගේ නොදැනුවත්කම පිළිබඳ ප්‍රශ්නයක් පමණි. මන්ද
යත්, ඒ පනත අනුව කිසිදු රජයේ නිලධාරියකු ට මේ තනතුරු සඳහා
ඉදිරිපත් වීමට නො හැකිය. එම නියමය ස්තී‍්‍ර හෝ පුරුෂ
දෙපාර්ශ්වයට ම අදාළ ය. එය වෙනස් කළ යුතු යැයි අප කියා නැත.
අප ගේ අදහස වන්නේ විහාර හා දේවාලගම් පනත අනුව මේ ඡන්ද
පවත්වන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරියන්ට ඡන්ද බලය අහිමි කැරීම
අසාධාරණ බව ය. මෙ සේ ඡන්ද බලය අහිමි කැරීම පරිපාලනමය වරදක් වන
අතර දියවඩන නිලමේ තනතුරේ වගකීම සංස්කෘතික කාර්යයකි. එම
සංස්කෘතික කාර්යය කාන්තාවන්ට පැවැරිය යුතු යැයි අප කියා නැත.
මේ තත්ත්වය පිළිබඳ ව සුනාග හිමියන්ට මෙන් ම තවත් බොහෝ අයට නිසි
අවබෝධයක් නොමැති බව එම පිළිවෙත තවමත් පවත්වාගෙන යෑමෙන් ම
පැහැදිලි ය.
කෙසේ වුව ද කිසි ම පුරවැසියකු ස්තී‍්‍ර පුරුෂ භේදය මත
වෙනස්කමකට හෝ විශේෂයකට භාජන නොවිය යුතු යැයි ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි
සඳහන් කැර තිබේ. දියවඩන නිලමේ හා බස්නායක නිලමේවරුන් පත් කැරීම
පිණිස නියෝජිත ප්‍රජාතාන්ත්‍රවාදී මූල ධර්ම අනුගමනය කැරෙන අතර
ම කාන්තාවන්ට එහි දී ඡන්ද බලය ලබා නො දීම වරදක් යැයි අප සඳහන්
කළේ එ බැවිනි. එම මූලික අයිතිය ලබා දීමේ දී කාන්තාවන් ගේ
පෞරුෂය , දුබල හෝ චපල බව අදාළ නො වේ. |