බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
කුඹුරේගම නියංගොඩ ශ්‍රී ධර්මාලෝක මහා පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති දිවුලපැලැස්සේ විමලානන්ද හිමි
(මෙහි පළමු කොටස පසු ගිය සතියේ පළ විය.)
බුදුරදුන්ගේ පාදයෙහිද කරවීක ලක්‍ෂණය මේ
ලක්‍ෂණයෙන් යුත් මහා පුරුෂයා අතිවිශිෂ්ට හඬකින් යුක්ත වූවකු බව
කිසිදු සැකයක් නැත. බුදුරදුන්ගේ ස්වරය පිළිබඳ මේ ලක්ෂණය
ආශ්චර්ය ජනක හා අතිමානුෂීය ස්වභාවය පිළිබඳ සළකුණකි. උන්වහන්සේ
සතුව මියුරු, තේජාන්විත ස්වරයක් හිමිව තිබූ බවද මෙයින් ගම්‍ය
වෙයි. |
XVIII චිතන්තරංස
උරස්ථල අතරෙහි රැලි නැති ලක්‍ෂණය මෙයින් කියැවේ. මසින් පිරුණු පිටිකර
ඇති බව පෙලෙහි මෙම ලක්‍ෂණය සඳහන් කරන ආකාරයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන
අටුවාව “අන්තරංස” යනු දෙවුර අතර කොටසයි. එහි නොඅඩුව පිරුණු දෙවුර අතර
කොටස “චිතන්තරංස” යැයි කියයි. ‘කනක සංකම සන්නිකාසා’ යනුවෙන්
බුදුරදුන්ගේ පිට පුළුල් බවත් මුළු සිරුර රන්වන් හෙයින් පිට ද රන්වන්
බැවින් රන් පාලමක් සෙයින් පුළුල්ව පවතින බව චිතන්තරංස ලක්‍ෂණය විවරණය
කරන පජ්ජමධුව දක්වයි. බුදුරදුන්ගේ උරස්ථලය ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ
වළලු මෙන් ඇතුළට නැමුණු අග ඇති රෝම පන්තීන්ගෙන් යුක්ත බවත් එහෙයින්
ශ්‍රී කාන්තාවගේ කී‍්‍රඩා පිණිස සාදන ලද රන් දූ පෝරුවක් වැනි යැයි ද
එහි විස්තර කෙරේ.
XIX නිග්‍රෝධ පරිමණ්ඩල
නිග්‍රෝධ වෘක්‍ෂයක පරිධිය මහා පුරුෂයාගේ ශරීරය හා තුලනය කිරීම මෙයින්
සිදුකෙරේ. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව ශරීරයේ ප‍්‍රමාණය නිග්‍රෝධ
රුකෙක සම්මිතිය හා සමාන බවත් දෑත දෙපසට විදහූ කල දැක්වෙන පරිධිය උස
ප‍්‍රමාණයට සමාන බවත් කියයි. මේ ලක්‍ෂණ මඟින් පුද්ගලයෙකු සතු ශ්‍රේෂඨ
චර්යාව හඟවන්නට ඇති බවත් ආරෝහ, පරිණාහ සම්පත්තියෙන් ආඪ්‍ය මනුෂ්‍ය
ශරීරාකෘතියක් පිළිබඳ හැඟීම මෙයින් ප‍්‍රකාශ කරන්නට ඇති බවත් සිතිය හැකි
ය.
XX. සමවත්තක්ඛන්ධ
සමානව පිහිටි උරහිස් ඇතිබව මෙම ලක්‍ෂණයෙහි ස්වභාවයයි. සමවත්තක්ඛන්ධ යන
ලක්‍ෂණයෙන් සමව, මනාව වැඩුණු උරහිස් යන අර්ථය ගත හැකි බැව් පෙනේ. සමව,
වටවූ කද ඇති බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රය කියයි. සම වූ, වට වූ
ගී‍්‍රවය ඇති උස්ථලය ඇති බැවින් “සමවත්තක්ඛන්ධ” නම් මහා පුරුෂ
ලක්‍ෂයෙන් යුක්ත වන බව ධර්මප‍්‍රදීපිකාව කියයි. බුදුරදුන්ගේ ගී‍්‍රවය
ස්වර්ණ මෘදංග බෙරයක් සෙයින් හොබනා බැව් පජ්ජමධුව විවරණය කරයි.
XXI. රසග්ගසග්ගී
රස ග‍්‍රාහක ඉන්ද්‍රිය මෙනමින් හැඳින්වේ. අග‍්‍ර රස එළවන රස නහර ඇත්තේ
ගී‍්‍රවයෙහි උඩුකුරුව කෙළින් නැඟී සිටි සමව රසය එළවන රසනහරයෝ හටගැනීම
මෙම ලක්‍ෂණයයි. මේ ලක්‍ෂණය නිසා උන්වහන්සේට ඉතා ස්වල්ප ආහාරයෙකිනිදු
ජීවත් විය හැකි බවද, ශාරීරික සෞඛ්‍ය ආරක්‍ෂාවටත් කෙබඳු ආහාරයක් වූවද
ජීවත්වීමේ හැකියාව උපදවනා බවත් පැවසේ.
XXII.සීහහනු
බුදුරදුන්ගේ හනු සිංහයෙකුගේ හනු හා සමාන බව මෙම ලක්‍ෂණයෙන් කියවිණි.
පජ්ජමධුව ද මෙම ලක්‍ෂණය විවරණය කරමින් බුදුරදුන්ගේ හනුව සිංහයෙකුගේ
හනුව හා සම වෙතැයි එම මතයම ඉදිරිපත් කරයි. බුදුරදුන්ගේ මේ ලක්‍ෂණය
විස්තර කරන ලක්ඛණ සූත‍්‍රය සිංහයෙකුගේ යටි හනුව සේ පිරුණු උඩු යටි හනු
දෙක ඇති බව කියයි. මෙසේ උඩු යටි හනු දෙක එකිනෙකට මනාව ගෑවී පවත්නා නිසා
මුහුණට ද පූර්ණත්වයක්, විශිෂ්ටත්වයක් හා පාරිශුද්ධ බවක්ද ගෙන දෙයි.
XXIII. චත්තාලීස දන්ත
මහා පුරුෂයාට සමසතළිස් දත් පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි. දත්
සතළිසක් උන්වහන්සේට පිහිටි බව ලක්ඛණ සූත‍්‍රයද සඳහන් කරයි.
“චත්තාරිංශත් දන්ත ලක්‍ෂණය” දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත්
;බෟද්ධ ශබ්ද කෝෂ ද පෙන්වා දෙයි. මහාපදාන සූත‍්‍රයෙහි විපස්සී කුමාරයාට
මේ ලක්‍ෂණ කුමාර අවධියේම පිහිටි බව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වනුයේ
ළදරුකළ සිටම එම ලක්‍ෂණය එතුමා තුළ පිහිටි බවයි. සාමාන්‍ය පුරුෂයෙකුට
වඩා මහා පුරුෂයෙකුට අසාමාන්‍ය වූ දන්ත මාලාවක් පිහිටීම මංගල ලක්‍ෂණයක්
සේම ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නෙකැයි පශ්චාත් කාලීනව විරචිත පජ්ජමධු
ප‍්‍රධාන අනිකුත් ග‍්‍රන්ථවල විවරණය කෙරිණි. පජ්ජමධුවේ විශේෂත්වයක්
වනුයේ චත්තාලීස දන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ යන මහාපුරුෂ
ලක්‍ෂණ හතරම ‘දන්තපන්ති’ යන එකම වචනයෙන් වර්ණනා කිරීමයි.
XXIV.සමදන්ත
මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට
අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි.
මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක්
වශයෙන් දක්වයි. අටුවාවට අනුව දික් වූ ද, කෙටි වූ ද ප‍්‍රමාණයෙන්
එකිනෙකට වෙනස් වූද, සෙස්සන්ගේ දත් සමඟ බුදුන් වහන්සේගේ සමාන, ක‍්‍රමවත්
ලක්‍ෂණයෙන් යුත් දත් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.
XXV.අවිවරදන්ත
දත් දෙකක් අතර අන්තර විවරයක් නොමැති බව මෙම ලක්‍ෂණයෙහි ස්වභාවයයි. ලලිත
විස්තරයේදී අතර පරතර රහිතව දත් පිහිටීම මෙම ලක්‍ෂණය බැව් අර්ථ දක්වයි.
මේ ලක්‍ෂණය විවරණය කරන අටුවාවත් සෙස්සන්ගේ දත් අතර හිදැස් ඇති බවත් මස්
හෝ මාළු අනුභව කරන විට ඒවා අතර පිරෙන බවත්, තවත් අයෙකුගේ දත් කිඹුල්
දත් හා සමාන වන බවත් එහෙත් මහා පුරුෂයාගේ දත් ස්වර්ණමය ආධාරයක සවිකළ
දියමන්ති පෙළක් මෙන් තරව, සමීපව පවතින බවත් සඳහන් කරයි. මෙම ලක්‍ෂණය
මහා පුරුෂයාට ආරෝපණය කිරීම මංගල ලක්‍ෂණයක් වූවා සේම සෞන්දර්යාත්මක
බාහිර වෙනුම හා සැසඳීම හා සමාන වෙතැයි ද සිතිය හැකි ය.
XXVI.සුසුක්කදාඨ
ඉතා සුදු පැහැති දත් (සුසුක්කදාඨො) මෙම පුරුෂ ලක්‍ෂණයේ ස්වභාවය බැව්
විවරණය කරයි.
මෙය විශ්ලේෂණය කරන අටුවාව සෙස්සන්ට අබලන්, දිරාපත් දත් ඇති බවත් ඒවා
වෛවර්ණ වන බවත් මහා පුරුෂයාගේ දත් වූ කලී සුදු පැහැයෙන් දීප්තිමත්ව
බැබළෙන ඖෂධී තාරකාවක් මෙන් දිදුළන බවත් කියයි.
බුදුන්වහන්සේගේ සතර දළදාවෝ සඳහන් කරන තැනද ‘දාඨා’ යන්න යොදා ඇත. සතර
දළදාවන් පිළිබඳ විවරණය කරන මහා පරිනිබ්බාණ සූත‍්‍රය එක් දළදාවක් දෙව්
ලොවෙහිද, නා ලොවෙහි ද පුද ලබන බව සඳහන් කෙරේ. තවත් දළදාවක් ගන්ධාර
පුරයෙහිද, තවත් දළදාවක් කාලිංගයේද ප‍්‍රතිෂ්ඨාපිත අතර මේ ලක්‍ෂණය
“සුසුක්කදාඨ” (සුදු දත්) යනුවෙන් හැඳින්වූවා සේම ඒ අතරට සතර දළදාවෝ ද
ඇතුළත් කිරීමට අටුවාව උත්සාහ ගෙන ඇත.
XXVII. පහූත ජිව්හො
මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. බුදුරදුන්ගේ
දිව සදහම් නමැති ගඟුළැල්ලට පද්ම රාග මාණික්‍යමය ගල්තලාවක් ද, වාක්
නැමැති මනොඥ රංග මණ්ඩලයක් ද, සද්ධර්ම නමැති රුවන් නෞකාවෙහි පිහිටුවන ලද
පළු පතක් වැනි යැයි ද ‘පහූත ජිව්හ’ නම් පුරුෂ ලක්‍ෂණය විස්තර කරන
පජ්ජමධුව වර්ණනා කරයි. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ
ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල්
ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය.
නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන්
වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි
සනාථ කර ඇත.
XXVIII. බ‍්‍රහ්මස්වර
බුදුරදුන්ගේ ස්වරය බ‍්‍රහ්මයාගේ ස්වරය හා සමාන යන අර්ථයෙන්
“බ‍්‍රහ්මස්වර” නම් වන බව කියයි. කරවීක පක්‍ෂියාගේ නාදය ඉතාම මිහිරිය.
ඔහු හඬන විට සිවුපාවෝ මධුමද මුදිතයන්සේ ලලිතාරම්භ කෙරෙති. බුදුරදුන්ගේ
ස්වරය කරවීක ස්වරයටත් වඩා මෘදුය. එනිසා කරවීක පක්‍ෂියාගේ ස්වරය
බුදුරදුන් පරදවන ලද්දේය. බුදුරදුන්ගේ පාදයෙහිද කරවීක ලක්‍ෂණය සනිටුහන්ව
ඇත. මේ ලක්‍ෂණයෙන් යුත් මහා පුරුෂයා අතිවිශිෂ්ට හඬකින් යුක්ත වූවකු බව
කිසිදු සැකයක් නැත. බුදුරදුන්ගේ ස්වරය පිළිබඳ මේ ලක්ෂණය ආශ්චර්ය ජනක හා
අතිමානුෂීය ස්වභාවය පිළිබඳ සළකුණකි. උන්වහන්සේ සතුව මියුරු, තේජාන්විත
ස්වරයක් හිමිව තිබූ බවද මෙයින් ගම්‍ය වෙයි.
XXIX අභිනීලනෙත්ත
මහාපුරුෂයාගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන්
ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය
පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා
විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා
විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල්
වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු
වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි.
XXIX. ගොපමුඛ
තුරුණු දෙනකගේ බදු ඇස්පිහාටු ඇති බව මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. මෙම
ලක්‍ෂණය විවරණය කරන අටුවාව සෙස්සන්ගේ මෙන් නොව, මහා පුරුෂයාගේ එවේලෙහි
උපන් රතු වස්සෙකුගේ ඇස්ගුළිය මෙන් දීප්තිමත්ව, මෘදුබවින් යුක්ත බව
කියයි. එකෙණෙහි උපන් රතු වස්සෙකුගේ ඇස් පියුම් හා සමාන ඇස්පියුම්
මහාපුරුෂයා සතුව ඇති බව නිසා ‘ගොපඛුමො’ යනුවෙන් ලක්‍ඛණ සූත‍්‍රයේ
විවරිතයි. ගෝපඛුමතා ලක්‍ෂණය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත්,
එය උපන් හැටියේ වස්සෙකුගේ රතුපිය ඇති ඇස්පියුම් බදු ලක්‍ෂණ වන්නේ යැයි
ශබ්ද කෝෂය විග‍්‍රහ කරයි.
XXXI. උණ්ණා (ඌර්ණ රෝමය)
දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම
ලක්‍ෂණය ලෙස ලලිත විස්තරය විග‍්‍රහ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින්
නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය
අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට
කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන්
රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව
මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියයි. බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව
භුරිද්ත්ත නාගරාජයා තුඹස මත දරණ ලා වැදහොත් ලීලාව දරන බවත්, නාගයා තුඹස
මෙන් ද, ඌර්ණරොම ධාතුව භෝගාවලිය මෙන් ද පජ්ජමධුව විස්තර කරයි.
බුදුන්වහන්සේගේ අතිමානුෂික ගුණාංග විදහා දැක්වීම අංශයෙන් විශේෂෙයෙන් ම
බුද්ධකාය ප‍්‍රතිබද්ධව මහායාන සංකල්පය මත ඌර්ණරෝම ලක්‍ෂණය අතිශයෙන්
වැදගත් වේ. නළල් තල මැද ප‍්‍රතිෂ්ඨාපිත ඌර්ණ රෝම ලක්‍ෂණය පජ්ජමධුවේ
විස්තර කරමින් ඌර්ණ මණ්ඩලය නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන්
බබළන බව වර්ණනා කරයි.
XXXII. උණ්හීසසීස
බුදුරදුන්ට සම්පූර්ණ වූ දිය බුබුළක් මෙන් බබළන්නා වූ ශීර්ෂ ඇති බව
“උණ්හීසසීසපක්‍ෂණය” පිළිබඳ පජ්ජමධු විවරණයයි. බුදුන් වහන්සේගේ හිස රූප
නමැති ලක් විඳින, ඇස් නමැති ඊවල දැකීම් නමැති මුවහත් තබන්නා වූ
මිණිගෝළයක් මෙන් බබළන බව කියයි. අටුවාව උණ්හීස ශීර්ෂ විවරණය කරමින් මහා
පුරුෂයාගේ පරිපූර්ණ වූ දිය බුබුළක් වැනි ශීර්ෂ ඇති බවත් එය හැමතැන
පරිමණ්ඩලාකාර ශීර්ෂ වන බැවින් ‘උණ්හීසසීස’ වන බවත් විස්තර කරයි. මහායාන
සාහිත්‍යයට අනුව උණ්ණා මෙන්ම උෂ්ණීෂයද, ලෝකාලෝකකරමින් දහස් සංඛ්‍යාත
රශ්මි විහිදුවමින් ප‍්‍රාතිහාර්යපාන බව කියයි. ඒ බුදුරදුන්ගේ අතිවිශේෂ
ප‍්‍රඥා මහිමය ප‍්‍රකට කිරීම පිණිස ගන්නා ලද ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක්
නිසා යැයි කිවහැක. ප‍්‍රධාන වශයෙන් දී.නි. ලක්ඛණ, මහාපාදන සූත‍්‍රයේත්,
සුමංගලවිලාසිනී අට්ඨකථාවත්, පජ්ජමධුවේත්, ලලිතවිස්තරය, මහාවස්තුව වැනි
මහායාන ග‍්‍රන්ථවලත් සිංහල ධර්මප‍්‍රදීපිකාව, පූජාවලිය වැනි
ග‍්‍රන්ථවලත් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අනුව්‍යංඤ්ජන පිළිබඳ විස්තර
දක්නට ලැබෙයි. |