බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			බොදු පුවත් (ඡායාරූප)
			
				
					
						
						  | 
					 
					
						| 
						 මහනුවර ශ්‍රී 
						කතරගම දේවාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බුදු මැඳුර බෝධිඝරය 
						හා විදුලිය විවෘත කිරීමේ උළෙල මල්වතු පාර්ශවයේ මහානායක 
						තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ් 
						ප‍්‍රධානත්වයෙන් සිදු කැරිණි. මල්වතු මහ නාහිමියන් විසින් 
						නව බුදුමැදුරේ සහ බෝධි ඝරයේ විදුලිය විවෘත කළ අයුරු. 
						පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝද, වෑ උඩ විපස්සි හිමියෝද, 
						කතරගම දේවාලයේ බස්නායක නිළමේ රංජිත් ඇල්ලේගල, දියවඩන නිළමේ 
						ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහනුවර පුරපති එල්. බී. 
						අළුවිහාරේ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.  
						ඡායාරූපය ගාමිණි 
						රාමනායක  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 මහනුවර ශ්‍රී දළදා 
						මාළිගාව වර්ණවත් කිරීම සඳහා වාර්ෂිකව “ලංකෙම් රොබියලැක් 
						ආයතනය ශ්‍රී දළදා මාලිගාවේ තීන්ත ආලේප කර පවත්වන “ වර්ණ 
						පූජාව“ මෙවරද පැවැත්විණි. එය සාර්ථකව පැවැත්වීම හේතුකොට 
						ගෙන “ලංකෙම් රොබියලැක්” ආයතනයේ සාමාන්‍යාධිකාරි රුවන් 
						වීරකෝන් මහතා විසින් දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා 
						වෙත “ වර්ණ පූජා සමරු තිළිණය පිරිනැමූ අයුරු. මල්වතු 
						පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝද අස්ගිරි 
						පාර්ශ්වයේ අනුනායක ගලගම අත්ථදස්සී අනුනාහිමියෝද, අළුත්ගම 
						ධම්මානන්ද හිමියෝද ඡායාරූපයේ වෙති. ඡායාරූපයේ ගාමිණී 
						රාමනායක  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 ජනාධිපති මහින්ද 
						රාජපක්ෂ මහතාගේ විශේෂ අනුග‍්‍රහය මත මහාමාර්ග අමාත්‍යාංශයට 
						අයත් ඉඩමක් මහනුවර පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි විහාරයට 
						සන්නසක් මගින් පූජා කිරීමේ උළෙල මහාමාර්ග හා මාර්ග සංවර්ධන 
						අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 
						ඉකුත් දා සිදු කැරිණි. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා 
						විසින් අමරපුරනිකායේ අනුනායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ට 
						සන්නසක් මගින් ඉඩමේ ඔප්පුව පිරිනැමූ අයුරු. විහාරාධිපති 
						යටිරාවණ ශිලානන්ද නාහිමියෝද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි 
						කොබ්බෑකඩුව මහතාද එම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය - 
						ගාමිණී රාමනායක  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 තායිලන්තයේ පැවැති 
						ආගමික උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා පසුගියදා එරටට වැඩම 
						කළ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, රුහුණ 
						විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍යසූරී 
						ති‍්‍රපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි 
						රාහුල මහ නාහිමියන් වෙතින් තායිලන්ත භික්ෂූන් වහන්සේ 
						ආශිර්වාද ලබාගත් අයුරු. එම අවස්ථාවට කැලණිය 
						විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවෙණාධිපති 
						මහෝපාධ්‍යාය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ ජනාධිපති 
						සම්බන්ධිකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන් ප‍්‍රමුඛ 
						මහා සංඝරත්නය විශාල පිරිසක් සහභාගි වූහ.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 මෙරට සියලු 
						විහාරස්ථාන සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි 
						සංස්ථාව, ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්ර සමාගම 
						සහ ආගමික සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ලෝකය පුරා 
						දම්සක් සූත‍්‍රය සජ්ඣායනා කර පතුරුවා හැරීමේ වැඩසටහනක් 
						මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ශෛලමය ප‍්‍රතිමාව පිහිටි 
						උද්‍යානයේදී පැවැත්විණි. අමරපුර සිරි ධර්ම රක්‍ෂිත නිකායේ 
						මහානායක වැලිගම ඤාණරතන මහ නාහිමියන් සහ ති‍්‍රකුණාමලේ 
						ආනන්ද අනුනාහිමියන්ගේද සහභාගිත්වයෙන් මහා සංඝරත්නය විශාල 
						පිරිසක් සහභාගි වූ එම වැඩසටහනේදී පිරිත් සජ්ක්‍ධායනාව 
						පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමියන් සහ කිරින්දේ සද්ධානුසාරි 
						හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අවස්ථාව. කථානායක 
						වි.ජ.මු. ලොකුබණ්ඩාර, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ශාසන සේවක 
						සමිතියේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද මඩිහහේවා, ශ්‍රී ලංකා 
						ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුනිල් සරත් පෙරේරා යන 
						මහත්වරුන් ප‍්‍රමුඛ විශාල ජනතාවක් එම අවස්ථාවට සහභාගි වූහ. 
						ඡායාරූප මහරගම ටී. ඩී. සිරිසේන  | 
					 
				 
			 
			  | 
	 
	
		 | 
	 
 
    
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 නිකිණි පුර පසළොස්වක 
					පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
					 
					අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 
					දක්වා පෝය පවතී.  
					සිල් සමාදන්වීම අගෝස්තු  
					28 වැනි දා අඟහරුවාදාය. 
					 
					මීළඟ පෝය සැප්තැම්බර්  
					04 වනදා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අගෝස්තු 28 | 
					 
					
		| 
		 
		 අව 	අටවක  | 
					 
					
		| 
		සැප්තැම්බර් 04 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
						
		| 
		සැප්තැම්බර් 10 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
							
		| 
		සැප්තැම්බර් 19 | 
								 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |