UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත්තම් ගල්ලෙන රජ මහා විහාරයේ ඇසළ උළෙල

රුහුණු පුරවරයේ පූජනීය ආගමික කේන්ද්‍රස්ථානයක් වන සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය හම්බන්තොට දිසාවට අයත් වලස්මුල්ලේ වරාපිටිය රම්මලේ කඳුවැටිය පාමුල දැකුම්කළු පරිසරයක පිහිටා ඇත.

වෙහෙර විහාර ඉදිකිරීමට යෝග්‍ය පරිසරයක මනහර සිතුවමින් ගොඩ නැඟූ වෙහෙර සිත්තම්ගල වෙහෙර නමින් හඳුන්වනු ලැබිණි. පැරැණි ලියකියවිලිවල “සිතියන් ගල්ලෙන් නමින් හඳුන්වා ඇත. සිත්තම් ගල්ලෙන විහාරය කි‍්‍ර.පූ. 1 වන සියවසේ වළගම්බා නිරිඳුන් විසින් කරවන ලදැයි ජනප‍්‍රවාදයේ එයි.

සිත්තම් ගල්ලෙන විහාරය ඓතිහාසික මෙන්ම දේව බලයද සහිත පූජනීය ස්ථානයක් ලෙසද සැලකේ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අණසක පවතින ස්ථානයක් ලෙස වෙසෙසින්ම ප‍්‍රකට වේ.

කෙතෙන් නෙලා ගත් අලුත් අස්වැන්න , වී, සහල්, පැණි, හකුරු, ආදියෙන් දෙවියන් උදෙසා අග‍්‍ර කොටස වෙන්කැර ඇසළ පෝදා සිත්තම් ගල්ලෙන විහාරයට ගෙනැවිත් පූජා කිරීම ප‍්‍රදේශවාසීන් ගේ සත් චාරිත‍්‍රයකි. ඒවායෙන් දේවදානය සකස් කර පසු දින ඒවා අනුභව කිරීමෙන් ලෙඩ රෝග වලින් දුරු වී නිරෝගී සුව උදාකර ගත හැකි බව විශ්වාසයේ පවතී.

රජු විසින් කරවන ලදැයි සැලකෙන සිත්තම් ගල්ලෙන විහාරයේ කටාරම් කොටන ලද ගල්ලෙන් දෙකක 18 රියන් සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ දෙනමක් ඇත. කාලයාගේ ඇවෑමෙන් කලක් ජරාවාසයට පැවැති අතර 1920 දී පමණ එවකට විහාරාධිපතිව වැඩ විසූ අගලකඩ සෝභිත මාහිමියන් විසින් ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹූහ.

පෝරතොට ඉන්දරතන හිමියෝ ද විහාරාධිපති ධූරයට පත්ව එම කටයුතු සිදු කරගෙන යන ලදී. එහිදී ඉහළ විහාරයේ බිතු සිතුවම් ද ඇද ඇත.

පහළ විහාරයේ ප‍්‍රතිසංස්කරණයේදී සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවට අමතරව බුදුසිරිතේ විශේෂ අවස්ථා නිර්මාණය කර ඇත.

සිත්තම් ගල්ලෙන විහාරයේ සෑ රදුන් ද, ඉපැරැණි වන අතර විශාල ගල් පර්වතයක් මත ඉදිකරවා ඇත. ඊට ආසන්නයේ පොකුණක්ද පිහිටා ඇති අතර එහි ජලය නොසිදී පවතී. බෝධිරාජයාණන් වහන්සේද ඉපැරැණි වන අතර එහිද මහත් අනුහස් යැයි ප‍්‍රකටය. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සඟරාජ හිමියන් දවස මෙරට උපසම්පදාව යළි ස්ථාපිත කරවූ අතර දකුණේ බොහෝ භික්ෂූන් වහන්සේද මහනුවරදි උපසම්පදාව ලැබූහ. ඒ අතර වේහැල්ලේ ධම්මදින්න නා හිමියන් ප‍්‍රමුඛස්ථානයක් ගන්නා අතර උන්වහන්සේ ගේ මග පෙන්වීමෙන් මහනුවරදී උපසම්පදාව ලත් අගලකඩ ශ්‍රී ධර්මරක්‍ෂිත නා හිමියන් වැලිගම අග‍්‍රබෝධි විහාරයේ වැඩ වසමින් දකුණු සිරිලක සසුන් කෙත ශෝභාමත් කළහ.

උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුරෙන් පැවැත එන විහාරස්ථානයකි. මෙම සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය ධම්මරක්‍ෂිත නා හිමියන්ගේ ශිෂ්‍යවරයකු ද මාතර යුගයේ ප‍්‍රකට කවියකු ද වූ කිරම ධම්මානන්ද හිමියෝ එහි විහාරාධිපති ධූරය ඉසිලූහ. අනතුරුව උන් වහන්සේගේ ශිෂ්‍ය දම්පහළ සෝභිත හිමියන්ද උන්වහන්සේගේ ශිෂ්‍ය ගොඩපිටියේ සුමන මාහිමියන් ද උන්වහන්සේගෙන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය අගලකඩ සෝභිත මාහිමියෝද, උන්වහන්සේගේ ශිෂ්‍ය පෝරතොට ඉන්දරතන මාහිමියෝද උන්වහන්සේගේ ශිෂ්‍ය දිද්දෙණිපොත පේමරතන හිමියෝද සිත්තම් ගල්ලෙන රජමහා විහාරාධිපති ධූරය ඉසිලූහ. අගලකඩ සෝභිත මාහිමියන් වත්මන් දියුණුවේ මාර්ගෝපදේශකයාණන් වහන්සේ වන අතර පෝරතොට ඉන්දරතන නාහිමියන් විහාරාංග ඉදිකරවීමේ පුරෝගාමී වූහ. එමෙන්ම දිද්දෙණිපොත පේමරත්න නාහිමි යුගයේද විහාරාංග රැසක් ඉදිකරවූහ. 1989 දී විහාරාධිපතිධූරයට පත් අගලකඩ පියසිරි නාහිමියන්ද විහාරස්ථ අභිවෘද්ධියට මහත් මෙහෙවරක් සිදු කර ඇත. 1968 දී බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන් උදෙසා අරඹන ලද දේව පෙරහර එක් දිනකට සීමා වූ අතර දිද්දෙණිපොත පේමරතන නාහිමියන් ඇසළ පෙරහරේ නිර්මාතෘන් වහන්සේ වෙයි. සිත්තම්ගලු ඇසළ පූජෝත්සවය වත්මනෙහි දින කීපයක් පුරා විහාරාධිපති හම්බන්තොට දිසාවේ ප‍්‍රධාන සංඝනායක අගලකඩ පියසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

සිත්තම්ගල්ලෙන රජ මහාවිහාරයේ ඇසළ උළෙල අගෝස්තු 25 වනදා ඇරැඹුණු අතර මෙම 30 වැනි දා රන්දෝලි මහ පෙරහර පැවැත්වේ.26 වැනි දා සිට පේළි පෙරහර 3 ක් සහ 30 වැනි දා රන්දෝලි පෙරහර සහ 31 වනදා කෝල්මුර යාගයද සැප්තැම්බර් 1 වන දා දේවදානය හා දියකෑපීමේ උළෙලද පැවැත්වේ.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]