දළදා මාලිගාවේ
සුවිශේෂ තොරතුරු
ලෙස්ලි ද සිල්වා
කන්ද උඩරට රාජ්‍යයේ බලය දෝන කතිරිනා නමින් හැඳින්වුනු කුසුමාසන දේවිය
විවාහ කර ගැනීම තුළින් තහවුරු කරගත් 1 වන විමලධර්මසූරිය රජතුමාට (1593
– 1604) සිය රාජ්‍යාත්වය තවදුරටත් ස්ථාවර කර ගැනීමට දළදා වහන්සේගේ
ආශිර්වාදය අත්‍යවශ්‍ය වන බැව් පෙනී ගියේ ය. දළදා වහන්සේ මේ වන විට වැඩ
වාසය කළේ කුරුවිට කොරළයේ දෙල්ගමුව රජ මහා විහාරස්ථානයේ දැඩි ආරක්‍ෂාව
මධ්‍යයේ ය. දළදා වහන්සේ එතැනට වැඩම කරවීම ද අපූර්ව කතාවකි.
1505 පෘතුගීසීන්ගේ පැමිණීම සිදුවීමට ආසන්නයේ කොට්ටේ රජකම් කළේ 6 වන
පරාක‍්‍රමබාහු රජතුමා ය. දළදා වහන්සේ කෝට්ටේ රාජ්‍යය තුළ ඉදිකරවන ලද
දළදා මාලිගාවෙහි ආරක්‍ෂිතව වැඩ විසුවේ ය. දළදා වහන්සේ භාරව සිටියේ
හිරිපිටියේ රාළ නමැති ප‍්‍රභූවරයෙකි. දිනක් රාතී‍්‍ර හීනෙන් පෙනී සිටි
දෙවි කෙනෙක් හිරිපිටියේ රාළට ප‍්‍රකාශ කළේ “කෝට්ටේ කලාලේ නොහිටුවා දත
මැදගෙන පල යන්න රාළේ” යනුවෙන් ය. කරුණු තේරුම් ගැනීමේ දී වහාම දන්ත
ධාතූන් වහන්සේ ද රැගෙන ප‍්‍රදේශයෙන් ඉවත්ව යෑමට කරන ලද ඉඟියක් බව වැටහී
ගියේ ය. හිරිපිටියේ රාළ සිද්ධියේ වැදගත්කම පිළිබඳව රජතුමාට ද පවසා දළදා
වහන්සේ ආරක්‍ෂාව උදෙසා කුරුවිට කෝරළයේ දෙල්ගමුව රජ මහා විහාරස්ථානයේ
කුරහන් ගලක් යට සැඟවීය.
1593 කන්ද උඩරට රාජ්‍යයේ බලයට පත් වූ 1 වන විමලධර්මසූරිය රජතුමා දෙවනගල
රතනාලංකාර හිමිපාණන්ගේ අනුශාසනා පරිදි දෙල්ගමුව විහාරයෙන් දළදා හිමියන්
සෙංකඩගල රාජධානිය කරා වැඩමවා ගත්තේ ය. දළදා වහන්සේ වෙනුවෙන් මනරම්
මාලිගාවක් කර වූ රජතුමා එම මාලිගාවේ වැඩ නිමවන තෙක් දළදා වහන්සේ
අම්පිටියේ දළුක්ගොල්ල රජ මහා විහාරයේ විශේෂ මණ්ඩපයක තැන්පත් කොට
ආරක්‍ෂා කළේ ය.
මෙසේ සලකා බලන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වර්තමානයේ වැඩ වසනා දළදා
මාලිගාව පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් පූජා කරන ලද්දක් වේ.
2 වන රාජසිංහ රජතුමා (1634 – 1686) බලයට පත්වීමෙන් පසුව නව දෙමහල් දළදා
මන්දිරයක් කරවා දන්ත ධාතූන් වහන්සේ එහි තැන්පත් කළේ ය.
ඊට පසුව 2 වන විමලධර්මසූරිය රජතුමා (1686 – 1706 ) තුන් මහල්
ප‍්‍රාසාදයක් කරවා, දර්ශනීය කරඬුවක් ද තනවා එහි රන් ආලේප කොට නවරත්න
මැණික් ඔබ්බවා දළදා වහන්සේ එහි තැන්පත් කළේ ය.
දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1706
– 1738) නැවතත් දෙමහල් මාලිගාවක් ඉදිකළේ ය. අදත් දළදා වහන්සේ වැඩ
වසන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා ඉදි කළා වූ එම මාලිගයේ ය.
විජය රාජසිංහ රජතුමා (1738 – 1746) දළදා මන්දිරය විසිතුරු වර්ණවත්
වස්ත‍්‍රයෙන් අලංකාර කොට සුවිශේෂ පූජාවක් කළේය. කීර්ති ශ්‍රී රාජසිංහ
රජතුමා (1746 – 1779) විශේෂයෙන්ම වැදගත් වන්නේ පෙරහර පැවැත්වීමේ
ක‍්‍රමය අද පවතින තත්ත්වයට වෙනස් කිරීමේ වැදගත් කි‍්‍රයාමාර්ගයක්
අනුගමනය කළ නිසාය. අති විශිෂ්ට සංස්කෘතික අංගයන්ගෙන් අනූනව නාථ,
විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාල සතරේ පෙරහරත්, දළදා මාලිගාවේ පෙරහරත්
එකම දැකුම්කළු පෙරහරක් බවට සංවිධානය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ
රජතුමාගේ පාලන කාලයේ පටන් ය. රාජාධි – රාජසිංහ රජතුමා ද( 1779 –1797)
දළදා හිමියනට උසස් අයුරින් පූජා පවත්වා තිබේ.
දළදා මාලිගාවේ ගොඩනැඟිලි සංකීර්ණයට නව අංග එකතු කරමින් දර්ශනීය
පරිසරයක් ගොඩනැංවීමට කි‍්‍රයා කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා (1797
– 1815) මාලිගාවට බටහිර දෙසින් පත්තිරිප්පුව නමැති විසිතුරු අටපට්ටම්
ගොඩනැඟිල්ලක් ද එක් කළේ ය. පත්තිරිප්පුව දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ
සැලසුමකට අනුව නිර්මාණය කොට තිබේ. මාලිගාවේ පොත්ගුල වශයෙන් ද
හඳුන්වන්නේ පත්තිරිප්පුවයි.
දළදා වහන්සේ වැඩ වසන මාලිගාවේ දෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිරිපස කොටස හේවිසි
මණ්ඩපයයි. මාලිගාවේ තේවාව පැවැත්වෙන අවස්ථාවේ දී හේවිසි වාදනය කරන්නේ
මෙහි සිටය.
හේවිසි මන්දිරයට නුදුරින් අඹරාව හමුවේ. මුදුන බිම්ගෙයක් මෙන් කවාකාරය.
බිත්තිවල මල් අතින් ගත් වන්දනා කරුවන්ගේ සිතුවම් පෙළකි.
හේවිසි මණ්ඩපයෙන් පත්තිරිප්පුවට නැගෙන පඩිපෙළට දකුණණු පස ඇති විහාර
මන්දිරය පල්ලෙමාලය යනුවෙන් හැඳින්වේ. බුදුපිළිම සහ කරඬු රාශියක් එහි
තැන්පත් කර තිබේ. රාජාධිරාජසිංහ රජතුමා තම ශරීර ප‍්‍රමාණය අනුව තනවා
මාලිගාවට පූජා කරවන ලද ස්වර්ණාලේපිත බුදුපිළිමය ද මෙහි දක්නට ලැබේ.
දෙල්ගමුව රජ මහා විහාරස්ථානයේ සිට 1 වන විමලධර්මසූරිය රජ දවස දළදා
වහන්සේ මහනුවර වැඩමවා ගෙන ඒම පිණිස පාවිච්චි කළ මංජුසාවද පල්ලෙමාලය
විහාර මන්දිරයෙහි තැන්පත් කර ඇත.
හේවිසි මණ්ඩපයේ අනෙක් පසින් මදක් උස් වූ බිමක ස්තූපයක් ගොඩනංවා ඇත.
දළදා වහන්සේට ප‍්‍රදානය කරන ලද විවිධ පූජා වස්තු නිදන් කොට ඇති මෙම
ස්තූපය 1863 – 1882 කාලයේ මාලිගාවේ දියවඩන නිලමේ ධූරය දැරූ දුනුවිල
දිසාව විසින් කරවනු ලැබූවකි.
1936 ඩී.බී. නුගවෙල දියවඩන නිලමේ තුමා විසින් කරවන ලද විශාල තෙමහල්
මන්දිරය වැඩ ඉන්න මාලිගාවට නැගෙනහිර දෙසින් පිහිටා ඇත.
වැඩ ඉන්න මාලිගාවට දෙපසින් ඇති තවත් විශාල ගොඩනැඟිලි දෙකකි. 1956 බුද්ධ
ජයන්ති උත්සවය නිමිත්තෙන් රජයේ වියදමින් ඉදි කරන ලද්දකි. දළදා වහන්සේ
වැඩ ඉන්නා මාලිගාව පියැස්සට ඉහළින් රන් වියන ගොඩනැංවූයේ ආර්.
පේර්මදාස ජනාධිපතිතුමාගේ නියමය යටතේ සෙවණ අරමුදල් අනුග‍්‍රහයෙනි. ඊට
කලින් එහි පැවතියේ උළු සෙවිලි කල පියස්සකි. ජනාධිපති ආර්. පේර්මදාස
මහතා එය වෙනස් කොට මනාව ඉතා දර්ශනීය ලෙස දිස්වෙන පරිදි මෙම වටිනා
ආරක්‍ෂිත රන්වියන සකස් කර දුන්නේ ය.
|