ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ නිකිණි පුර අටවක පෝ දා 2026 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සතිය දුර්වල වී සිතේ එකලෙස බිඳෙන විට, ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වන්නා සේ මේවා ආගන්තුක ව ඉස්මතු වන්නේ හිතේ අසතිමත් හිස් තැන් පුරවන්නා සේ ය. අයාලේ යන්නාක් මෙන් නො වැදගත් ලෙස මුල් බැසගන්නා මේවා ගෙට වැදුණු ඔටුවකු සේ ආධුනිකයාගේ මෙන් ම ප්‍රවීණයාගේ ද සිත වසා ඉතිර පැතිර යයි. බැලූ බැල්මට කෙලෙස් නො වන මේවා සම්පූර්ණයෙන් පාලනයට නතු කර ගත හැක්කේ අර්හත්වයෙන් ම පමණි. මුලින් මුලින් කරන්නේ ඒවා තරමක ඈතින් ඇතට තල්ලු කර හැරීම පමණක් වන අතර, ඒ තරමට භාවනාවේ දියුණුව සඳහා වේලාව ලැබේ. මෙම ආක්‍රමණික ධර්ම ඈත්ව තබා ගත හොත් දීර්ඝ කාලයක් මූල කර්මස්ථානය මත භාවනා කිරීමේ හැකියාව දියුණු කර ගත හැකි ය. ඉහත දැක්වූ බාධා තුනට නිසි අවධානය දීම යෝගාවචරයාගේ යුතුකමයි. ඒ බව දැන ගෙන ඊට සුදුසු මානසිකත්වය සකස් කර ගැනීමට නම්, ඒවා පිළිබඳ සුතමය ඥානය තිබිය යුතු ය. සිතේ ධාරණය කරගත යුතු ය. ඒ අනුව ඉදිරිපත් වන මේ ත්‍රිවිධ බාධා තුළ යෝගාවචරයාට දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂය තහවුරු වන්නේ සුතමය හා චින්තාමය වූ මූලික දැනුමේ ප්‍රමාණයට ය. ඒ ආධාරයෙනි. කාට හෝ අබිමත දේ අබිමත සේ නොලැබේ ද, එය දුකකි. ඉතිරි ආර්ය සත්‍ය තුන ද මෙලෙසට ම නීවරණ ධර්ම හමුවේ ද ගෝචර ලෙස යොදා ගැනීමට යෝගාවචරයා සූර විය යුතු ය. කෙටියෙන් කියතොත් නීවරණ ඉදිරිපත් වන විට ඒවාට වෛර නො කිරීමෙනි. අවිරුද්ධ වීමේ කලාව හරහා ම පමණි. සම්‍යග් සතිය පිළිබඳ අවබෝධයෙන් එම සතිය හරහා එදිනෙදා ජීවිතයේ සිද්ධිවල දී ලැබෙන අවබෝධ ඥාන හා සුතමය ඥාන - චින්තාමය ඥාන නිසි සමබරතාවකට ගෙන ඒම, ප්‍රයෝජනය සලකා එතැන කළ යුත්තකි. මෙය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන හතරවැන්න වන ධම්මානුපස්සනාව යි. ආරම්භයේ දී ම මේ සඳහා ලෑස්ති මනසකින් යුක්ත වීම සඳහා වන මෙම අවිරුද්ධ ප්‍රතිපදාව හෙවත් පළමුවැනි පිම්ම දැන් අප සතු ව ඇත. සතුරා හමුවේ උද්වේගකර වූ, සූදානම් නැති මනසකින් දුර්වල ලෙස මුලින් පටන්ගත්තේ වී නමුත්,
අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ. 20 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
අමාවක
සැප්තැම්බර් 10
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]