නොවැඩූ සිත
උපුල්වෙහෙරේ සුඛිත හිමි
මනස පිළිබඳ ගැඹුරින් පර්යේෂණ කරන විෂය ක්ෂේත්‍රය මනෝවිද්‍යාවයි. “ර්‍ථඵරජඩධතධඨර”
යන්නෙන් විග්‍රහ වන මෙම විෂය ධාරාව තුළ සාකච්ඡාවට ලක්වන ප්‍රධාන සංකල්පයක් වශයෙන්
බටහිර මනෝවිද්‍යාවේ දී “හැඟීම්” “ඡ්ථධබඪධද” යන නාමයෙන් හඳුන්වනු ලබයි.
ඒ අනුව හැඟීම් යන්නට චිත්තවේග, උද්වේගය, භාවය යන අර්ථ ලබා දී තිබේ. බුදු දහම තුළ
ආශාව, අනසය, කිලේස, නීවරණ ආදී මානසික ධර්මවලින් අරුත් ගන්වා තිබේ. කුසල මානසික
යහපත් හැඟීම් නම් කරුණාව,මෛත්‍රිය, දයාව වැනි හැඟීම් ය. අයහපත් හැඟීම්, ආශාව,
ද්වේෂය, ක්‍රෝධය, වෛරය, මානය, ඊර්ෂ්‍යාව, මසුරුකම ආදී අකුසල හැඟීම් ය.
මෙලෙස ගත් කළ බටහිර මනෝවිද්‍යාවේ හැඟීම් යන පදය බුදු දහමේ හොඳ - නරක, යහපත - අයහපත,
කුසල - අකුසල, පින - පව ලෙස වර්ගීකරණය වීම දැකිය හැකි ය.
මනසෙහි ජනිත වන මානසික ස්වභාවය අනුව ධනාත්මක හෝ ඍණාත්මක හෝ වශයෙන් හැඟීම් වර්ග කළ
හැකි ය. ලෝභය හා ද්වේෂය පදනම් කරගත් ගැඹුරු මානසික ස්වභාවයක් හඳුනාගැනීම කෙරෙහි
බුදුසමය සුවිශේෂිත්ත්වයක් දක්වා තිබේ. එසේම පුද්ගලයා තුළ දුක ජනිත කෙරෙන අකුසල සහගත
හැඟීම් ඉතා සියුම් ලෙස විග්‍රහ කර තිබේ. හැඟීම් පිළිබඳ බෞද්ධ විග්‍රහයෙහි දක්නට
ලැබෙන සුවිශේෂත්වය වන්නේ ඒවා ප්‍රායෝගික හා සදාචාරාත්මක පදනමකින් විග්‍රහ කර තිබීම
නිසයි. බෞද්ධ විග්‍රහයට අනුව ඇතැම් හැඟීම් පුද්ගලයා තුළ තෘෂ්ණාව වර්ධනය කිරීමටත්,
එසේම තෘෂ්ණාව නිසා නොයෙක් උපද්‍රවයන්ට පත්වීමටත් සිදු වන බවත් පැහැදිලි වේ.
“යථා
අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ඣති
එවං අභාවිතං චිත්තං
රාගෝ සමති විජ්ඣති”
(ධම්ම පදය යමක වග්ගය 13 ගාථාව)
මනාව සෙවිළි නො කළ ගෙය වැසි ධාරාවන්ගෙන් තෙමී යන්නේ ද, එලෙසින් නො වැඩූ සිත රාගාදී
ක්ලේශ ධර්මයන්ගේ වසඟයට පත් වේ. එනම් අභාවිත සිත ඇත්තා නිතර ම කෙලෙස් වසඟයට පත්ව
දුකට හා පසු තැවීමට පත් වේ. “එවං සුභාවිතං චිත්තං”(ධම්ම පදය යමක වග්ගය 13 ගාථාව)
ඉන්ද්‍රීය ධර්ම සංවර කළ තැන මනා සෙවිලි කළ ගෙයක් වැසි දහරින් විනිවිද නොයේ ද,
තමාටත් සෙස්න්ටත් එය පිහිට පිළිසරණ ව පවතියි. එදිනදා ජීවිතාභ්‍යන්තරයට පැමිණෙන
හැඟීම් තදංග වශයෙන් හා සහමුලින් ම උපුටා දැමීමට හා ප්‍රහාණය කිරීමට ඇවැසි මඟ හා
වැවඩපිළිවෙළ දේශනාව තුළ පැහැදිලි කරයි.
අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් හැඟීම් තේරුම් නො ගැනීම පදනම් කර ගෙන මරණයෙන් කෙළවර
වන අවස්ථා නිතර දකින්නට හා කතා කරන්නට පුළුවන් අවකාශයක් විවර වී ඇත. මක් නිසාද යත්
සෑම සිදුවීමක් සමඟ ම හැඟීම් අනුබද්ධ ව පැවතීමයි. එනම් තීරණ ගැනීමේ දී, දෛනික
කටයුත්තක නිරත වීමේ දී මෙන් ම අපගේ ශරීර සංජානන ම ය හැසිරීම් යනාදි සියල්ල ම හැඟීම්
මත ම රඳා පවතියි. මේ තුළම සත්ත්වයා පඹගාලක පැටලී එය ම පිහිට කොට ජීවත් වෙති. එයින්
මිදීමට මඟ පෙන්වන බුදු දහම වඩාත් අගයන්නේ “සතිය- සිහිය” පදනම් කොටගත් හැඟීම් විශ්වය
තුළට මුදාහැරිම තුළ විවිධ ගැටුම්කාරි හා විෂමචාරි පරිසරයක් නිර්මාණය නො වෙන වගයි.
එයට සදූපදේශ ලෙස “චුල්ලපන්ථක තෙරුන්ගේ” කථාව දැක්විය හැකි ය. මහාපන්ථක, චුල්ලපන්ථක
යනුවෙන් භික්ෂූන් දෙනමක් සිටිය හ. ඉන් චුල්ලපන්ථක හිමියන්ට පෙර කළ කර්ම විපාකයක්
නිසා එක් ගාථාවක් සාරමසක් පාඩම් කළත් එය මතකයේ තබා ගැනීමට නො හැකි විය. ගාථාවේ මුල්
පදය පාඩම් කොට දෙවැනි පදය පාඩම් කිරීමට ගිය කල මුල් පදය අමතක වෙයි. දෙවැනි පදය
පාඩම් කොට තුන් වැනි පදයට ගිය කල දෙවැනි පදය අමතක වෙයි. හතර වැනි පදයට ගිය කළ තුන්
වැනි පදය අමතක වෙයි. මේ ගැන කළකිරුණු වැඩිමහල් සොහොයුරු මහාපන්ථක තෙරණුවෝ “එක්
ගාථාව සාර මසකින් උගත නො හෙන ඔබ ලක්ෂ ගණන් පමණ ව තෙවළා බුදු වදන් කොතෙක් කලිනුත්
උගත හෙව් ද? එබැවින් සිවුරු හැර යව”යි කී හ. එහි දී දැක්වෙන කතා ප්‍රවෘත්තියේ දී
මෙසේ දැක්වේ.
භගවා තත්ථ ආගඤ්ජි -
සීසං මය්හං පරාමසී
බාහාය මං ගහෙත්වාන -
සංඝාරාමං පවෙසයී
“භගවත් තෙමෙ එහි පැමිණියහ. මගේ හිස අත ගෑහ. මගේ අතින් අල්ලා සංඝාරාමයට එක් කරගෙන
ගියහ.”
මේ ගාථාව චුල්ලපන්ථක තෙරුන්ගේ ප්‍රකාශයකි. මෙම කතා ප්‍රවෘත්තිය වත්මන් සමාජයට වඩාත්
උචිත බව හැඟවෙයි මක් නිසාද යත් සමූහයක් වශයෙන් ජීවත් වන අප යම් තරමකින් හෝ
අන්‍යයන්ගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහවත් කරවන සාර්ථක අවස්ථාවකි. බුදුරජාණන්
වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට දැක්වූ කරුණාවේ මහිමය හා චුල්ලපන්ථක තෙරුන්ට ලබා දුන්
ක්‍රියාකාරකමෙහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ රහත් බවට පත් වූහ. ඒ අනුව පුද්ගල
චර්යාවන්වල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව අනෙකාගේ මානසික පීඩනය හෝ සුවතාව හෝ ඇති
කිරීමට හැකියාව ලැබේ.
තව ද බුදුන් වහන්සේ දීඝ නිකායේ උදුම්බරික සූත්‍රයේ දී පුද්ගල චිත්තාභ්‍යන්තරයේ ඇති
වන හැඟීම් ක්‍රියාත්මක කිරීමේ දී කරුණු හයක් නිසා මානසික ගැටුම්වලට මුහුණපාන බව
සඳහන් වේ.
ක්‍රෝධ කරන සුළු බව, ගුණමකුකම, උතුමන් තමන් හා සමාන කොට සිතීම, සඟවන මායා ඇති බව,
බැහැර කරවිය නො හැකි දෘෂ්ටිගත බව ( දී. නි. 3., පාථීක වග්ගො, උදුම්බරික සීහනාද
සූත්‍රය, බුද්ධ ජයන්ති මුද්‍රණය 2005), 58 පිටුව.)
මෙම සුත්‍රාගත කරුණු මඟින් පෙන්නුම් කරනු ලබන්නේ හැඟීම්වල විවිධ ස්වරූපයන් ය.
ක්‍රෝධය, ගුණමකුකම, තමන්ට වඩා උසස් පිරිස් තමා හා සමාන කොට සැලකීම, තමා තුළ සඟවාගත්
මායාදී ලක්ෂණ තිබීම හා දැඩි දෘෂ්ටි ග්‍රහණය වැනි කරුණු පුද්ගලයෙක් සතු ව ඇති
ඍණාත්මක සිතිවිලි වන අතර, එම සිතිවිලි හරහා පුද්ගලයාට හා ඔහු සමඟ ගැටෙන පිරිස්
දුෂ්කරතාවට පත් වන අතර, ඒ හරහා නොයෙක් සමාජ ගැටලු ඇතිවීම ද සිදු වේ. වැරැදි සහගත
හැඟීම් නිසා තවත් වැරැදි සහගත චිත්තාවේග රාශියක් නිර්මාණය වීම සිදු වේ. ඒ හේතුවෙන්
බෞද්ධ මූලාශ්‍රගත චිත්තාවේගීය ස්වරූපයන් නිවැරැදි ව හඳුනාගෙන ඒ හරහා චිත්තාවේග
කළමනාකරණය නිවැරැදිව සිදුකරගත හැකි ය. උදුම්බරික සූත්‍රයෙහි දක්වා ඇති මෙම කරුණු
කිහිපය ඒ සඳහා කදිම නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය.
තව ද සැවත්නුවර ජේතවනාරාමයේ වැඩසිටිය දී ලකුණ්ටකභද්දිය තෙරුන් නිමිති කරගත් දේශනාව
මෙයට වඩාත් යෝග්‍ය වෙයි. එක් දිනක් බොහෝ ආගන්තුක භික්ෂුහු බුදුන් දිවා කල සිටින
තැනට එළඹ වැඳ එකත් පසෙක සිටියාහු ය. මේ අවස්ථාවේ දී ලකුණ්ටකභද්දිය තෙරුන් බුදුරදුන්
නොදුරෙන් වැඩම කළහ. ධර්ම සභා මණ්ඩපයේ වැඩසිටි භික්ෂූන් උසුළු විසුළු කරමින් ක්‍රියා
කළහ. බුදුහු එම භික්ෂූන් වහන්සේගේ සිත් තුළ ඇති වුණු අදහස් දැනගෙන බලන්න මහණෙනි, මේ
භික්ෂුව මවුපියන් මරා යන්නේ යැයි පැවසීය. එම භික්ෂූන් විසින් බුදුරජාණන් වහන්සේ
කුමක් කියන්නේදැ,යි එකිනෙකාගේ මුහුණ බලා සැක සහිත ව මේ කුමක් කියන්නේදැ,යි විමසූ
විට ඔවුන්ට ධර්මය දේශනා කරමින් වදාළහ. තණ්හාව මව මෙනි, මම ය, මගේ හැඟුම පිතු මෙනි,
මිසදිටු රජුන් වැනි නැසුම වේවා යනුවෙන් භික්ෂූන්ට උන්වහන්සේ සව්කෙලෙසුන් නැසූ
මහරහත් වහන්සේ නමක් බව ආදාර්ශයෙන් ම පෙන් වූ සේක.
උන්වහන්සේ විහාරයේ වැඩ සිටිය දී අනෙක් භික්ෂූන් වහන්සේට වඩා ගොඩක් මිටි (කුරු) නිසා
ටොකු ඇනීම්, කනෙන් ඇදීම්, නහය මිරිකිම්, විහිලු කිරීම් ආදි වූ තාඩන පීඩන හමුවේ
කිසිදා සිතට තරහා නො ගෙන එකිනෙකාගේ පුහුදුන් හැඟීම් තෙරුම් ගෙන කම්පා නොවී දිවිය
ගෙවු අවස්ථා අපට මුණ ගැසේ.
හැඟීම් පාලනය කළ හැකි ය. ඒවාට සාර්ථක ව මුහුණ දීමට කායික මානසික සමබරතාව ඉතා වැදගත්
වෙයි. ඒ සඳහා වැදගත් වන ක්‍රමෝපායන් දැන ගැනීම වැදගත් වේ. සුව නින්ද, සමබර ආහාර
රටාවක්, විවේකය, සෞඛ්‍යය, විනෝදාංශ හා යහපත් පුද්ගල සබඳතා ඉන් කිහියකි. මීට අමතරව
සමාව දීම, විවේචනයකින් තොරව ඇගයීම, පරාර්ථකාමිත්වය හා කෘතඥතාව වැනි යහපත් ගුණාංග
හැඟීම් කළමනාකරණය සඳහා ඉවහල් වේ. ගෘහස්ථ දිවියේ ප්‍රචණ්ඩත්වය සඳහා මඟ පාදන්නේ අන්‍ය
මත නො ඉවසීම හා වචන භාවිතය යි. දැඩි සේ අනෙකා පෙළීම තුළ ගැටුම්කාරි පරිසරයක්
නිර්මාණය වෙයි. අප මුවින් පිටකරන වචනයක් ඇතුන් සියයක බලයෙන්වත් නැවත මුවට දැමිය
නොහැකි ය. එතරම් ම වචනය ප්‍රබල බව නිතර සිහිගැන්විය යුතු ය. දිය සෙවෙල්වලින්
ග්‍රහණයට නතු වූ විලෙක සූර්යයා උදාවු කල පිපීමට වෙර දරන නෙළුමක් මෙන් අප ද බොහෝ
කාලයක් සසර සැරිසරන්නේ ලාමක ධර්මයන්ගෙන් එතී, බැඳී පවතින නිසාවෙනි. මෙය නුවණින්
වටහාගත් පුද්ගලයා මෙලොව, පරලොව සුබවාදී කර ගනියි.
හැඟීම් තෙරුම් ගැනීම තුළ පුද්ගලයා අත්විඳීන ප්‍රතිඵල ගැටලු සහ තර්ක අඩුවීම, ගෞරව
කිරීම, ඇගයීම්ශීලි බව, විවේචනයෙන් තොර බව, හොද සම්බන්ධතා ඇතිවීම, සමාජ කුසලතා
වර්ධනය,මානසික සැනසීම, නායකත්ව ගුණාංග වර්ධනය, ආත්ම පරිශීලනය වැඩිවීම, කණ්ඩායම්
එකමුතුව වැඩිවීම/තීරණ ගැනීමේ ගුණාත්මක භාවය ඇති වේ.
“සෑම සත්ත්වයෙක් ම හැඟීම් මත පදනම් ව ජීවිතය අත්විඳීති. අවබෝධ කර ගත යුත්තේ
හැඟීම්වලට ඔබ ව පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතු බවයි. අධිපති විය යුත්තේ ඔබ බවයි.
හැඟීම්වලට අරුතක් මෙන් ම වටිනාකමක් එක්වන්නේ එවිට යි.” |